Friday, January 28, 2011

කුමාරි නැන්දා..

හලෝව්..  (ඔව් ඔව් බනියා තමා මේ..)

කලින් පොස්ට් එකේදි බනියා ඉල්ලන්  මඩ නැමක් කරගෙන වගේ දැනුන නිසා ඒ පොස්ට් එක යටට යන්න මේක දානවා හිහ් හිහ් හිහ් :P 

         ඔන්න බනියාට මතක් උණා  කිතිකාවාගෙන සිරාවටම හිනා වෙතැහැකි කතා පිංචක්.. 
ඔන්න මෙදා පාර නම් කතාව දික් කරන්න වැල් වටාරම් ගහන්නැ, මේක පොඩි කතාවක්..

  මේක වෙලා තිබ්බෙ අපේ අයියන්ඩිට... (අයියන්ඩි = මස්සිනා) ඉතිං අයියයි අපේ අක්කයි ගියාලු පාර්ටියකට.. පාර්ටියක් කිවාට ඒක ගෙදර අයට සංවිදානය කල එකක්ලු, ඒ ඇන්ටියි ඇන්ටිගේ මහත්තයායි ඒ අයගේ පවුලේ අයටයි විතරමලු.. පිට අය කියලා ගිහින් තියෙන්නෙ අපේ අයියයි අක්කයි විතරයිලු.. ඇන්ටිගේ නම කුමාරි ලු.. නුවර ප්‍රසිද්ද ඉස්කෝලෙක ටිචැර් කෙනෙක් ලු..

ඕං ඉතිං මේ පාර්ටිය අස්සේ හිනියට පිරිමි සැට් එක මදුවිත තොල ගානවාලු (ඔව් බොල අරක්කු තමා) මේ ගෙදර අංකල්ට සතුට වැඩිකමටමද මංදන්නැලු ඩිංගක් අනික් අයට වඩා වෙරිලු..  ඔහොම ඔහොම සෙට් එක බොන අතරේ ගෑනු පරාන ටික කුස්සියට සෙට් වෙලා එළවලු කපනවාලු, උයනවාලු.. එක විකාරයක්ලු..අපෙ අක්කත් ඉතිං ගිහින් ඒ පැත්තට.. ඕං මොකක්දෝ එකකට අයියත් ගිහින් කුස්සිය පැත්තට.. මේං යන කොට කුමාරි ඇන්ටියි තව ඇන්ටි කෙනෙකුයි, ගලවලා දාපු වාහන ශීට් එකක් උඩට වෙලා කතා කර කර ඉන්නවාලු.. ඔන්න ඔතන්ට ඇවිල්ලා අර අංකලුත්.. අංකල්ට බඩ ගිනි වෙලා දැන් හම්බානෙක කනවාලු.. ඔය කන අතරේ එක වරම අර ශීට් එකේ කෙලවර උන්න ඇන්ටි නැගිට්ටාලු..

ඔය අතරේ දිඩීං ගාල කැබිනට් එකක් පෙරලෙන සද්දයක් එක්ක බුදු අම්මෝ ගාන සද්දයක් ඇහුනලු..

හුටා....

වාඩි වෙලා උන්න වාහන ශීට් එක උඩ ගිහින්, කුමාරි ඇන්ටි කැබිනට් එකත් පෙරලන් වැටිලා..අතත් වීදුරුවකට කැපිලා...

මෙන්න මේකයි රසම හරිය..

තමන්ගේ ගෑනි වැටුනාම වෙන පිරිමියෙක් නම් නැගිට්ටවන්න හරි යනවානේ.. 

අර අංකල් හැරිලා බලලා මෙහෙම කිවාලු


කුමාරි.. ! මම බිව්වෙ. ඔයා මොකද වැටෙන්නෙ ?

ඒ පාර අපේ අයියයි අක්කයි ඇන්ටිව නැගිට්ටවලා බෙහෙත් දාන්න එක්කං ගියාලු.. එතකනුත් අර අංකල් කෑම කනවාලු :-D

 ...............
හෙනම් ඔය ඔරලුසුවේ කට්ට ඩිංගක් ආපස්සට කරකවා ගන්ට..ගිය කාලය ගතැහැකිනේ :P

බොලාලාගේ කාලය කැ මම
bunny

.

12 comments:

  1. අංකල් එල කොල්ලෙක් නේ...!!!

    ReplyDelete
  2. හික්ස් මරු අන්කල් :D

    ReplyDelete
  3. ඇත්තනෙ ඉතින් කියල තියෙන්නෙ. බිව්වෙ අංකල් නම් ඇන්ටි වැටුනෙ මොකටෙයි.

    ReplyDelete
  4. හෙහ් හෙහ්.... එල අංකල්කෙනෙක්නෙ බනියො !. ඇන්ටිත් ඉතිං ජෝඩු දාගෙනනෙ වැටිල තියෙන්නෙ.

    ReplyDelete
  5. මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නෙ?

    (ඥාති වෙන්න ඇති නේද?)

    ReplyDelete
  6. අන්න නියම ස්වාමිපුරුෂයෝ.....

    මේ බනියෝ....උඹ කියන හැමකතාවකම බුදු අම්මෝ ති‍බේය...එයට විශේෂ හේතුවක් තිබේද?

    උඹ ඉපදුනේ බුදු අම්මෝ කියාගෙනද යැයි මසිතට සැකයක් කඩාපාත්විය....

    ReplyDelete
  7. බනියටම හරියන අංකල් කෙනෙක් :P

    ReplyDelete
  8. බනියෝ බොලත් අර මොකක්දවිත් තොලගැවම ඔහමලු නේද ? හෙහ් හෙහ් හෙහ් ;)

    ReplyDelete
  9. අයියෙ ඔයානම් නියමෙට කාලෙකන්න දන්නව.. අතිවිශිශ්ටයි. මේ ඇයි ඔය ලු ලු ගන්නෙ? :P

    ReplyDelete
  10. @තිස්ස අයියා.. ඔව්ව ඇහ් :D

    @හසී.. යායා :D

    @පිණිබිඳු.. ඒක නෙවැ..

    @nawammawatha.. හිකිස්.. :D

    @Gayan Kalhara.. ඒ මොන කුණුහරුපයක්ද බං ?

    ReplyDelete
  11. @හසියා෴ අනේ මංදා බං.. කලොත් කරන්නෙ බුදු අම්මෝ ඇවෙන වැඩක් නම් තමා :-\

    @Ranga.. හිහ් හිහ් හිහ්.. මම අමත්‍යපද රංගයියේ :D

    @ජේ.ඩී. අඩා මං බොන්නැ බොල..

    @පවිත්‍ර.. යකෝ හේම කාලේ කැවේ නැත්නම් බ්ලොග් එකේ මොකවත් ලියවිලා නැනේ.. :D
    ලූ ලූ ගාන්නෙ මට මේක කෙනෙක් කීව එකක් නිසාලු..මම එතන උන්නෙ නැලු..

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.