Monday, January 9, 2012

තාත්තියා.. ඔයාට අද බයෝ ක්ලාස් නේද ?

මිනිස්සු හැටියට අපිට ආදරෙ ඔනිනේ නේද ? ඉතිං ඔය ආදරෙ ප්‍රකාශ කරන්න, පෙන්නන්න මිනිස්සු 1ක 1ක ක්‍රම යොදා ගන්නවානේ.. අද කතා දෙක ඔය ආදරෙ පෙන්නන්න භාවිතා කරන වචන සම්බන්දව..

මම නුවර ඉදං ඇවිල්ලා ගාල්ලට එන්න කොළඹින් බස් එකක් ගන්න යනකොට දැක්කා අකුරැස්ස කොළඹ A/C බස් එකක්.. ලේසියෙන්ම ගේ ගාවින් බැහැ ගන්න පුලුවන් නිසාත්, සෙනග අඩු නිසාත්, බස් දෙකක චාටර් කන්න ඔනි නැති නිසාත්.. ඩික් ගාලා ගිහින් වාඩි උනා..
         බස් එක නම් ඒ හැටි නරකක් නැ.. ටීවි එකකුත් තිබ්බා හැබැයි වැඩ කරන පාටක් නම් නැ.. ඔනි මගුලක් කියලා මාත් හෙඩ් සෙට් එක ගහගෙන සිංදුවක් අහන්න හදන කොටම ස්වීට් කෙල්ලෙක් ඇවිල්ලා වාඩි උනා මගේ ශීට් එකට අල්ලපු ශීට් එකෙ.. (අපි කලුයිනේ)
අෆෝ ටික වෙලාවක් යද්දි තමා මීටර් උනේ.. මෙයා ගිය ආත්මෙ ලවුඩ්ස්පිකර්, බෆල් රෙන්ට් කරපු කෙනෙක් හරි පිනට දීපු කෙනෙක් හරි විත්තිය..
මගේ හෙඩ් සෙට් එක කැලේ.. මරු වොයිස් එක.. අපේ පංසලේ අලි ඝාංඨාරේ පරාදයි.. ටිකක් එහා මෙහා කැරකිලා මගේ පැත්ත බලලා කියනවා..

අයියායායායා.... මේ බස් එක අද්දන්නෙ කීයටද අයියායායායා...?
(අනෙ මගේ යෞවුවන කාලේ.. මගේ කන.. සික්..)

ආ කොමද දන්නැ නංගි, 5.45 වගේ වෙද්දි යාවී..

වෙලාවට ලාවට හිනා වෙලා මොකක්දෝ මල්ලෙන් ඇදලා ගත්තා.. කෙලියා තාප්පෙටම හැන්ඩ් ෆොන් එකක්.. එන පොට නම් හොද නැ.. මල් කැඩිල්ලක් වගේ.. මම තව ටිකක් හෙඩ් සෙට් එක තදකර ගත්තා..

වයධම්මා සංඛාරා කිවාලු, අරකිගේ සුඛිත මුදිත කංකලු මිහිරි ස්වරයෙන් මගේ කන පිනා යන්න වැඩි වෙලා ගියේ නැ..

මං කිවානේ.. මං මේ බස් එකේ ඉන්නෙ..
ඔයාට විශ්වාශ නැත්නම් මට කරන්න දෙයක් නැ..
ආආආ..
බ්ලා බ්ලා බ්ලා... 
අනේ මහත්තයෝ මාව අමාරුවේ නම් දාන්න එපා..
මට බැ තනියෙම එන්න.. අනේ හරියටම ඇවිල්ලා ඉන්න හොදේ..
ආ පොඩ්ඩක් ඉන්නවාකො..

මෙන්න මට කවුද අනිනවා.. මං හැරිලා බැලුවා.. අෆ්ෆට සිරි.. අර ලවුඩ්ස්පීකරේ.. මම් ඔලුවෙන් මොකද ඇහුවා..

අනී අයියායායායා.. මේ ෆොන් එක කොන්දා අයියාට දෙන්නකෝඕඕඔ...

නොදොකිං අම්මපා මෙහෙමත් වදයක්..
මං අරූ බොහොම අමාරුවෙන් හොයලා ෆොන් එක දුන්නා.. සිකේ මෙහෙමත් වදයක්.. ඌත් මොනාදෝ මොනාදෝ කියලා ෆොන් එක දුන්නා. මං ආයෙ අර ලවුඩ්ස්පිකරේට ෆොන් එක දුන්නා..

ආ දැන් හරිනේ ? දැන් විශ්වාශයිනෙ මම් බස් එකේ ඉන්නෙ කියලා ??

තව මොනාදෝ මොනාදෝ කිවා මට මතකත් නැ..පුදුම කටේ සද්දයක්.. එතැන හිටපු ආච්චිටත් බකස් ගාලා හිනා ගියා.. මම් බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් උන්නෙ..
        මං හිතන්නෙ ඒ කෙල්ලගෙ අයියා කතා කලේ.. කෙල්ල කිවාට ඇන්ටි ටයිප්.. ගාල්ල කිට්ටු වෙද්දි එතැන හිටිය කොල්ලො දෙන්නත් එක්ක කදේ දාගෙන උන්නෙ.. අනේ මංදා මේ කෙල්ලන්ට මොනා වෙලාදෝ කියලා..

ඒ කරදරෙන් ඉවර වෙලා ආයෙ මගේ සිංදුව අහන්න හද්දි මට ලාවට ඇහෙනවා පිටි පස්සෙන්.. මෙහෙම

නෝනේ..
පාලුයි ?
මං කතාකරනවානෙ අම්මා..
වැඩි කල් ඔහොම ඉන්න දෙන්නැ රත්තරං..
...
ඉතිං කියන්න අම්මා
මේකෙ සල්ලිත් කැපෙනවානේ..
ආ තමුසෙ හිතන්නෙ මං කොළඹ ඉදං වෙන ගෑණු එක්ක යනවා කියලද ?
තමුසෙ හිතන්න එපා මං එහෙම මිනිහෙක් කියලා..
නැ අම්මා මං තමුසෙ ගැන විතරයි හිතන්නෙ. . .
ඉතිං මොනා හරි කියන්න අම්මා..
කතා කරන්න බැරි නම් තියන්න
...
ටික වෙලාවක් යන කම් සද්ද නැ.. මං හිතන්නෙ කට් කරන්න ඇති..
ආයෙ සිංදුව අහන්න හදනකොටම..

තරහද අම්මා ?
මං හිතුවා තරහ උනයි කියලා
මට තමුසෙ ගැන විතරමයි හිතෙන්නෙ..
මං ඉක්මනට තමුසෙ ලගට එන්න වැඩ පිලිවෙලක් යොදලයි තියෙන්නෙ
ලොක්කා කිවා එහෙම හදලා දෙන්නම් කියලා.. බය නැතිව ඉන්න අම්මා..
මං තියන්නම් එහෙනම්.. ජේසු පිහිටයි..

ඕක මේ km බර ගානක් දුර කතාවක්.. කෙටියෙන්ම කීවේ..

තව අපි ගොඩක් කට්ටිය අහලා තියෙන කතාවක් තමා මේක
............
ඔන්න පිටිසර ගමක කොල්ලෙකුයි, තවත් පිටිසර ගමක කොල්ලෙකුයි දැකලා දැන හදුන ගත්තාලු.. ටිකක් වෙලා යද්දි කෙල්ලත් කතා නැලු..කොල්ලත් කතා නෑලු
බැරිම තැන කෙල්ලා ඇහුවාලු..

ඇයි අයියා දොඩං නැත්තෙ ?

කොල්ලා කියාපි..

අවාරෙනේ නංගී.. කියලා
.............

මේක වෙලා තිබ්බෙ නුවර පැත්තෙ ක්ලාස් එකක.. මේ ගැණු ළමයට හොදට සිංහල ලියන්න පුලුවන් උනාට බ්ලොග් එකක් ලියන්න පුදුම කම්මැලි කමක් තියෙන්නෙ.. :D
ඉතිං මට කිවා මේක මගේ බ්ලොග් එකේ ලියන්න කියලා..

ඒ විශන් එකේ ක්ලාස්
ඔන්න අපි පහලට ගියා අත හෝදන්න
ඉතිං
ගර්ල් කෙනෙක් ෆෝන් එකෙන් කතාව
හයියෙන්
ආහ් තාත්ති කොහෙද ඉන්නේ
නෑ නෑ මම ක්ලාස් එකේ
විශන් එකේ අනේ...

ඔව් මේ කෑවා
"තාත්තියා ඔයාට අද බයෝ ක්ලාස් නේද"
හා පන හා මීට් වෙමු හවසට


...

එහෙනම් අද ඉදං මේ පොස්ට් එක ආදර්ශයට අරගෙන තමංගෙ ආදරණීය නෝනට, වෙන්ඩ වයිෆ්ට, ගැණුළමයට.. ආදරෙන් කතා කරන්න ඔනි හරිද :D

පාලී: කෙල්ලො නම් කොල්ලාට තාත්තී නොකීවට කමක් නැ :D



....

Saturday, January 7, 2012

මල වෙඩිමයි.. අවු 3 යි.. O_o

ජය වේවා bunny.. ඔල්ද බෙස්ට් වල් හාවා..!!මයි කන්ගඩුලෙශන් බනියා..
අම්මට හුඩු #@*% බනියා.. එළ ඇ..

ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි..

අද ඇත්තටම සතුටු දවසක්.. මං ඉතිං ඒක සැමරුවා.. පාටියකුත් දුන්නා.. රු 200 ගත්තෙ වතුර එක දෙන්න, ඒක වෙනම කතාවක්..  :D :D
අද සතුටු වෙන්න හෙතුව.. මයේ බ්ලොග් එකට අවු 3 ක් පිරෙන්නෙ අදට.. මේ අවුරුද්දෙ කිසිම පොස්ට් එකක් නොදා නලිය නලිය උන්නෙ මේක දාන්න ඔනී නිසාමයි..
අද තිබ්බ gtg එක ගැන දැම්මෙ නැත්තෙත් ඒක නිසාමයි :D එහෙම බැලුවාම නිකං ආර්ත්මාර්තකාමි වගේ.. ඒත් තිං මොනා කරන්නද නේද ? :D

      බ්ලොග් එක ගැන කවදා ලියන්න බැරිද.. ඒ වගේද අද දවස.. 7 වෙනිදා. අම්මේ අමතක වෙන්නැ ජිවිතෙට.. මයේ කකුලෙ තාම වැලි අෆ්ෆා.. හෝද ගන්නත් ලෝබයි :D




 ඇත්තට අද ගහන්න තරම් මඩ නැ (මගේ ගිණුමට බර ගානක් පගාව ඇවිල්ලා තියෙන්නෙ ::D:D)

උදේ පාංදර අලි ජංජාලෙ.. මම් කුකුලා කරේ තියාන හරියට 8 වෙද්දි ගාල්ලෙ බස්ටැන්ඩ් එකේපාලම උඩට අවා.. සෙට් එකක් උන්නා.. කොම කොම හරි දවල් වෙද්දි ඔක්කොම වගේ අවා.. මායි පොඩි මැනුයි ගියා කෑම ඔඩර් එක බාර දෙන්න.. ගිහිං එද්දි පාලම උඩ උන්න අපේ ඇවුන් ටික පොලිසියෙන් එලවනවා..
අනේ බුදු පුතේ වදින්නම්.. පාලම අලවලා වගේ තියෙන්නෙ.. වැඩිය ඕක උඩ ඉන්න එපා.. කඩා වැටුනොත් අපරාදෙනේ කියලා..
මට තිං මේක දැක්කාම මලේ මල.. මම් පොලිස්කාරයාට ගහන්නත් ගියා.. ඔය නලිං කාරියවසම් තමා පැනලා අල්ල ගත්තෙ එපා බං එපා.. පවු අරුං කියන කතාව ඇත්ත තමා කියලා.. නලියා නැත්නම් අරූ අද දැඩිසත්කාරේ.. ඉතිං අපි පහලට බැස්සා..

උදෙන්ම ආපු සෙට් එක.. :D
ඊට පස්සෙ ආපු උංගේ නම් ටික ගන්න ඔනි නිසා.. මම් හදපු ඩොක් එකේ ප්‍රින්ට‍ අවුට් එකක් ගන්න කියලා කඩවල් 2-3 කට ගියා.. කොහෙද.. එකක් වත් ඇරලා නැ.. අන්තිමේ ඇතැරලා දාලා අවා එන්න.. ඇවිල්ලා නිකමට වගේ ලැප් එක අදින්න බෑග් එක ඇරියා.. අම්මට සිරි.. ලැප ගෙනැල්ලා නැනේ O_o
අයියේ මෙන්න මේකෙ තියෙන එක ප්‍රින්ට් කරග්න ඔනි කියලා එතැන කඩේ ලැප අදින්න ගියා නම් කොන්ක්‍රිට් කියලා බලන්නැ එතැන පලං යනවා අනිවා :D
අපේ ගැණු ළමයි උන්න නිසා තිං අතිං ලියව්වා අන්තිමේ :D
 
නොකියා ඉන්න බැරි කතා ටිකකුත් තියෙනවා..

වෙනි අයියා අලි පාර්සලයක් දුන්නා.. දීලා කියනවා.. මචං හාවා.. උඹ අර x අදුරනවද ? ඔව් බං අයියෙ මොකද සීං එක? අඩෝ මේ ලවු ලෙටර් එක දියං බං..
අඩෝ මෙච්චර අලි පාර්සලයක් ? ඔව් බං පොතක් ඇතුලෙ දාලා තියෙන්නෙ ගෙදරිං දැක්කොත් හරි නැනෙ.. :D

.........
ඔක්කොම නටලා ෆන් අරන් කාපු බීපු තැන් අස් කරලා දාලා, ගෙදර එන්න එන කොට තමා මාරම අප්සට් එක :-/

අඩෝ අසෙලයා ගියේ නැනේ ?
ඌ පල්ලෙහා බං.. නැ බං ඌ පාගලා ගියා උඩ ඇත්තෙ..
පල ඩෝ ඌ උඩ කියක් ඔට්ටුද..
1000 ක් ඔට්ටුයි.. ඌ පහල..
නැ යකෝ ඌ උඩ ගියා දැක්කෙ නැද්ද ඌ ඉස්සර වෙලා ගියා..
හරි හරි යමල්ලා ගිහින් බලමු..
 .. අම්මට සිරි හාවා..  අපි මෙච්චර බැස්සද බං?
ඒක තමා මේ මාත් කල්පනා කලේ..
ටිකක් දුර ශොට් කට් එකෙන් පැමිණි.. වෙනි, බුල්ටො, හාවා etc :D
යනවා යනවා පඩිපෙලේ ඉවරයක් නැ.. එන කොට මතකයි මුල්ම හරියෙ තිබ්බෙ කලුගල්.. එක තැනකවත් කලු ගල් නැනෙ.. ඔක්කොම පඩිපෙල් ? මගුලයි මේං අලි ගේට්ටුවක්..?
අම්මට උඩු.. මෙතැනට කොහෙන්ද යකෝ ගේට්ටුවක් අවේ ? O_O
යකෝ  උදේ ආ ඩිංගට පඩි පෙලකුත් දාලා ගේට්ටුවකුත් දාලද ?
නැ යකෝ තොට එච්චර වෙරිද ? නොදොකිං මුසලයා.. මේ බලහං මේ පඩි දිය සෙවෙල් කාලා..

අම්මට සිරි ඔව් නේන්නන්..
අඩෝ පාර වැරදිලා ඩෝ .. මගුලයි.. කමක් නැ ඕම පැනපං ගෙට්ටුවෙන්.. 
අනේ ඉතිං දන්න සියල්ල වැඩ දාලා ගෙට්ටුවෙන් පැන්නා මාත්.. (අඩෝ වැටෙන් පැන්නා කියලා කියලා තිබ්බොත් මරනවා හරියේ) :D :D
.........

අද අවාසනාවන්තම සිද්දිය උනේ අපේ කිඩෝ මලයට.. ඇත්තම කිවොත් ඌ තමා හැමදේම හොයලා බලලා කෙරුවේ.. ඌට ඉතිං ගෙදරින් එන්න දුන්නැනෙ.. :-/

පසු විපරම් වලිං හොයා ගත්ත විදියට කේස් එක මේකයි.. කිඩොට එන්න එපා කියලා කේස් එක දාලා තිබ්බත් තව ටිකක් නාහෙන් ඇඩුවා නම් එන්න දෙනවා.. ඒත් මේ අපේ අභිතයා වැඩේ කාලානේ..

ඇන්ටි.. කිඩෝ පුතා එවන්න අපි පරිස්සම් කරගන්නම්..
අනේ පුතේ ඒක නම් කරන්න අමාරුයි..
බය වෙන්න එපා ඇන්ටි "සිහිනයත්" එනවා කිවානේ..

ආ සිහින පුතා එනවද ? ඒ පුතාට ටිකක් විසේ නේද ? එහෙනම් එවන්න බැ කොමත්..

.......


ඉතිං අද දවසේ සුපිරිම ෆන් එකක් ගත්තා.. ආපු හැමෝටම ස්තූතියි..
ආයේ අපි සෙට් වෙමු..!

ආයෙ කියන්න ඔනි.. මගේ බ්ලොග් එක හදන්න උදව් කරපු ඩැනියාට එහෙම ස්තුතී කරන්න ඔනි.. ඌ නිසා තමා මම් බ්ලොග් ලියන්නෙ..
තව මේක බලන, මට කමෙන්ට් කරන "උඹ" . "උඹ" නිසා තමා මං මේක ලියන්නෙ..!! :)

එහෙනම් මට ජය වේවා.. !! ලෝක විනාසේ උනේ නැතෝත් තව අවු කිපයක් මේක අදින්න ඔනි :D


..

Sunday, December 25, 2011

හාවාගේ සුනාමි මතක සටහං..

මහ ලොකු දෙයක් කියන්න නැති උනත් සුනාමියෙන් මට තියෙන අත්දැකීම කියලා දාන්න හිතුනා.. ඒ ඔක්කොටම හේතුව පොඩි මෑන්ගෙ ලිපිය දැකලා ආපු අදහසට..


ඊයෙ ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වැනිදා තිබ්බ "ඊයේ" .. අපේ පවුලේ අයයි, අයියාගෙ පවුලේ අයයි ගොඩක් සතුටෙන් උන්න දවසක්.. නැදැයෝ රොත්තක් එක්කාසු උනාම එන සතුට කියන්න ඔනි නැනේ..
ඉතිං අපි ඔක්කෝමලා එදා රෑ සාකච්ජා කරලා තිබ්බෙ අද වගේ දවසක ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වෙනිදට යන්න හිතාගෙන උන්නු ගමන ගැන, ඒ කොහෙවත් නෙවේ කලුතර බෝධිය වදින්න,
 අයියා ගවයින් නිදහස් කරගැනීමේ පිංකමකට ආදාර කරලා තිබ්බා ඉතිං ඒ ආදාර කල අයට එදාට එන්න කියලා ලියුම් ඇවිල්ලා තිබ්බා.. ඉතිං ඔන්න ඕකට තමා අපි යන්න ලැස්ති උනේ..

කතා කරගත්තා වගේම පාංදර 4 ට විතර නැගිට්ටෙ 5 ට වත් ගෙදරින් පිටත් වෙන්න ඔනී කියලා හිතා ගෙන.. කවුරු කවුරුත් ලකලැහැස්ති වෙද්දි 5 කෑලිවත් නැ ඔක්කොම සෙට් කරගත්තාම 6.30 විතර වෙලා.. පරක්කු උණ එක පරක්කු උණානේ කියලා අපේ තාත්තත් ගිහිල්ලා පංසලට.. තාත්තාගේ මොන දේ කලේ නැතත් ලොකුම රාජකාරිය පෝය දාට ගිහිං පංසලේ අඩු පාඩු බලන එක.. ප්‍රදාණ දායක මහත්තයා විදියට තාත්තට ලොකු වගකීමක් බැදිලා තිබ්බා.. තාත්තා ඒක දේව කාරියක් විදියට සැලකුවේ..  කවුරු කවුරුත් තාත්තට බනින්න උන්නා ප්‍රමාදය නිසා.. කොහොම කොහොම හරි ගොඩක්ම පරක්කුයි..
        මේං එනවා තාත්තා ඇවිල්ලා විස්තරේ කියන්නත් තව පැය භාගයක් විතර ගත්තා.. හයියෝ මාර කට්ටක් කාලා..
එදා සිල් ඇත්තන්ට උදේ දානේ නැහැලු, දෙන්න නියම වෙලා තිබ්බ කට‍ටියටත් මොකක්දෝ කරදරයක් වෙලා.. ඉතිං තාත්තා කඩේට ගිහින් අඩුම කුඩුම ගෙනැල්ලා, අයේ උයන්න අය හොයාගෙන ගිහින්, ගමේ ඔය උයන පිහන වැඩ වලට දක්ශ කට්ටියක් උන්නා ගමේ කෙලවරටම.. ඒ අය හොයන්න ගියාම කුකුලෙක් කොටන්න ඇවිල්ල තාත්තට, එතැන තිබ්බ කූඩයකින් තාත්තා කුකුලා වහලා තමා අර ගෙදරට ගිහින් ඒ කට්ටිය එක්කාසු කරගෙන ඇවිල්ලා උයලා දානේ දෙන්න කියලා ඔක්කෝම හදලා තමා තාත්තා ගෙදර ඇවිල්ලා තියෙන්නෙ..

 ඉතිං දැන් ඔක්කෝම හරි,  ඔන්න මමයි අයියයි ලොකු අක්කයි, අයියාගෙ තව යාලුවෙකුයි 4 දෙනා කාර් එකට නැගලා ඉස්සර වෙලා ආවා, අනික් කට්ටිය වෑන් එකේ එන්න හිටියේ.. අපි කොහොම හරි ගෙදර ඉදං 3km විතර ආවා.. පාර අයිනේ ලොකූ බෝගහක් තියෙනවා, එතැනදිම මාතර බස් එකක් ලයිට් ගහලා අපිව නවත්තලා කැ ගැහුවා යන්න එපා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා..

අපි හිතුවේ බොරු කියලා.. මාතර බස් එකක් අපේ පාරේ යන්න විදියකුත් නැ, බස් එකේ මිනිස්සුත් කියනවා යන්න එපා යන්න එපා කියලා, කාර් එකේ A/C අඩු උනාද මංදා.. මට ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තා.. කවදාවත් අහලා දැකලා තිබ්බ දෙයක්ද.. ? අපි දඩස් ගාලා බෝ ගහ ගාවින්ම හරවගෙන ආයෙ ගෙදර යන්න අවා.. අපි එන කොට ගෙදර අය අඩ අඩා ඉන්නවා, කෝල් ගන්නත් බෑ සිග්නල් නැති නිසා,

ඒ අයත් වාහනේ එළියට ගන්න හදන කොටම CEB එකේ කැබ් එකේ කට්ටියක් ඇවිල්ලා ගෙට්ටුව හරස් කරලා නවත්තලා කියලා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා, ඒ අයගේ කැබ් එකක් අතුරුදහන් වෙලා.. අර වොල්කි ටොල්කි එකට පනිවිඩ හෝ ගාලා එනවා.. මෙහෙන් ගහගෙන ගිහිල්ලයි අරහෙන් ගහගෙන ගිහිල්ලයි.. පනිවිඩ කෝටියියි..

කොහොම හරි අපි ඒ විදියට බේරුනා.. අර පාන්දර 5 ට ගමන යන්න පිටත් උනා නම්. අද මේක ලියන්න මම නැති වෙන්න පුලුවන්..  එදා දවසේ හරි අමුතු බාදක තොගයක් ආවා අපේ ගමනට..
මම් නම් හිතන්නෙ ඒ හැම දෙයක්ම ආගමානුකූලව ජීවත් වුනු නිසා වෙන්න ඇති..

      එදා හවස අපේ ගමනට යන්න ආපු මාමලාගේ ගෙදර නැන්දයි එයාගෙ පුතයි ගිහින් දාන්න අපි ආවා උඩුගම තිබ්බ ගමකට.. එයාලා දාලා එන කොටම ලයිට් ගහගෙන ආපු වෑන් එකක් නවත්තලා තිබ්බ බස් එක අස්සෙන් ඉස්සර කලා.. ආපු වේගෙට අපේ වාහනේ දොරත් ගලවගෙන දඩෝං ගාලා හැප්පුනා.. ඒ වාහනේ පැත්තම ඉවරයි.. අපේ ඉස්සරහා මූණයි දොරයි තැලිලා ගිහින් තිබ්බා.. තාත්තාගෙ අතෙන් ලේ ගලනවා හෝ ගාලා.. අපේ මල්ලි ගොඩක් චූටියි.. එයා විලාප තියලා අඩනවා..

බැහැලා ගිහින් අපි කතා කලා.. මොකක්ද මනුස්සයෝ කලේ වැරැද්ද තමුන්ගේ නේද ? අපේ මාමා පොලීසියේ කියලා මතක් උනේ ඒ වෙලාවේ.. ඒ මනුස්සයා වෙව්ලනවා..
තාත්තා ලේ බෙරෙන අතත් එහෙන්ම තියාගෙන කතා කලා.. ඇයි කලබලෙන් දැම්මෙ ?

අනේ මහත්තයෝ අපේ නංගිගේ දරුවා නැති වෙලා.. වතුර පාරට අහු වෙලා.. මේ හිනිදුම ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ආරංචියක් ආවා ඒ හොයන්න යන ගමං..

ඉතිං මනුස්සයෝ තමංගේ නංගිගේ දරුවා වෙනුවෙන් තමන්ගෙ ජිවිතෙත් නැති කරගෙන අනුන්ගෙ ජිවිතත් නැති කරන්නද හදන්නෙ ? අපේ තාත්තා පුදුම අනුකම්පාවකිං කතා කලේ..
එදා හැමෝටම විපතක් වෙලා තිබ්බ නිසාත්,, ජීවිත ගොඩක් නැති උන නිසත් තාත්තා කැ ගහන්න බනින්න ගියේ නැහැ.. 

කොහොම කොහොම හරි ගොඩක් පරක්කු වෙලා ඉන්ශුවරන්ස් එකෙනුත් ඇවිත් පොලිසියෙනුත් ඇවිත් මනින වැඩ එහෙම කරලා අපි එන්න ආවා.. රෑ වෙලා. පොලිසියේ ටිවී එකේ සුනාමියේ විඩියෝ පෙන්නනවා.. අර ගාල්ලෙ මනුස්සයා වීඩියෝ කල එක ITN එකේ පතුරු ගහනවා..
අන්තිමේ පොලිසියෙන් අර මනුස්සයාට කිවා අපේ වාහනේ හදා ගන්න සල්ලි දෙන්න කියලා.. එහෙම දෙන්න උනා නම් පනස්දාහක් වත් දෙන්න වෙන වෙනවා.. තාත්තා කිවා.. හරි මේ කලබල ඉවර උනාම අපි ඒක මොනා හරි කරගම්මු.. ඔයා අපේ ගෙදර ඇවිල්ලා යන්න කියලා ඇඩ්රස් එක දුන්නා.. හැමොටම කරදරයක් උණ වෙලාව නිසා තාත්තා අනුකම්පා කරලා කියන්න ඇති..

ඒත් ගොඩක් කල් බැලුවා ඒ මනුස්සයා පලාතකවත් ආවෙ නෑ.. සල්ලි ගන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ.. ආයෙ පොලිසී ගිහින් ඒ මනුස්සයා හොයන්න උනන්දු උනෙත් නැ.. ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි දීලා තිබ්බා වාහනෙ හදන්න..

27 වෙනිදා තමා එපාම කරපු දවස.. මිනිස්සු හෝ ගාලා එනවා ලෑලි හොයන්න

අනේ මහත්තෝ අපේ නෝනා නැති වෙලා.. බොඩි එක දෙන්න පෙට්ටියක් ඉල්ලනවා.. පෙට්ටි නෑ කොහෙවත්. ලෑලි ගෙනියන්න ආවා පෙට්ටියක් හදාගන්න..
       ඔහොම 20 කට වැඩි පිරිසක් ආවා ලෑලි ගෙනියන්න.. ඒ එක්කෙනෙක්ගෙන් වත් සල්ලි ගන්නෙ නැතිව තාත්තා තිබ්බ තිබ්බ හැම ලෑලිකැලි හොය හොය දුන්නා..
ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ගෙ හිත් වල තිබ්බ දුක නැති කරන්න ගොඩක් වෙලා එක එක දේවල් කියලා හිත් හදන්න ගත්තා..
චූටි ළමයින්ට.. වයසක අයට.. තරුණ අයට.. එක එක සයිස් වලිං ලෑලි.. බොහොම කලකිරීමකිං දුකකිං අපි කරන්න පුලුවන් උදව් කලා..
පෙට්ටි නැති, අදුර ගන්න බැරි ගොඩක් අයගේ මිනී බැකෝ වලිං ලොකු වලවල් හාරලා සමූහ මිනී වලවල් වලට දාලා වහලා දාලා තිබ්බා...

දවස් ගානක් යන කම් කරන්ට් එක තිබ්බෙ නැ.. අයියලාගෙ ගෙදර අය පිටත් කෙරෙව්වා.. අයියයි අක්කයි දවස් 2-3 ක් ඉන්න නැවතුනා අපේ ගෙදර.. ඒ අයත් කොළඹ පාරින් යන්න බැරි නිසා ගොඩක් ලොකු රවුමක් ගහගෙන ගිහින් තිබුනේ.. යන කොට පංසලක් තිබිලා ඒකෙ අනාත වෙච්චි අය හුගක් උන්නාලු.. අක්කාගෙයි අයියාගෙයි බෑග් වල තිබ්බ හැම ඇදුමක්ම ඒ අයට බෙදලා දීලා තිබ්බා...

ඉතිං ඔන්න ඕවා තමා මගේ මතක සටහං.. ගොඩක් අයට සුනාමිය අමතක වෙලා ගිහින් ඇති.. ඒත් මගේ හිතේ තාමත් ඒවා චිත්‍රයක් වගේ ඇදිලා තියෙනවා...


bunny.෴

Wednesday, December 14, 2011

ඉන්සයිට් ප්‍රේමය..දෙවැනි කොටස (දික්කල කෙටිකතාවක්)

ගයියත් සමඟ මා යන විට ඩොක්ටර් තවත් කෙනෙකු සමඟ කතාවක පැටලී සිටි නිසා අපි බාදා නොකල බලා උන්නෙමු, ආ මහත්තයලා එන්න එන්න මාගෙ දැහැන බිදිමින් දොස්තර මහතා අපිට කතාකරන්නට විය.. මම ගයියත් ඇදගෙන ඔහු වෙත ඇදෙන්නට විය, එන්න අපි මගේ කාඹරේට ගිහින් කතාකරමු.. ඩොක්ටර් ගේ පසු පසින් ඉස්කෝල වත්තෙ හොරා තැඹිලි කඩා අහු ඌ ශිෂ්‍යනායකයින් දෙදෙනෙකු විලසින් අපි කාඹරේට ඇතුලු විය.. පිලිවෙලට බෙහෙත් ජාති ලිපිගොනු අසුරා, ගත හිත මනබදින ආකාරයට කාඹරය අලංකාරව තබා ඇත..
බලහංකො බං පුස්තකාලේයි ෆාමසියයි එකට දාපු සුෆර්මාර්කට් එකක් වගෙනෙ... එළෝලු විතරයි අඩු.. එලෝලු ගනන් ඇති බං, එක්කො මේකෙ වැඩ කරන නර්ස් සුප් එකක් වත් හදන්න ගෙනිච්චද දන්නැ.. ගයියාගේ සුපුරුදු වාචාල කට එළිබසින්නට විය.. කට වහගනින් යකෝ, තොට මෙතැනට ඇවිල්ලත් කට වහං ඉන්න බැනෙ..
එන්න මහත්තයා ඉදගන්න.. නැවතත් ඩොක්ටර්ගේ හඩ,
ලෙඩාට කොහොමද ඩොක්ටර් ?
දැන් එයා යතාත්වෙට පත්වෙමින් පවතිනවා.. ඒ හැටි අමාරුවක් නැහැ..මහත්තයා හිතලා තිබ්බ නේ අකුණක් වැදිලා කියලා ?
ඔව් ඩොක්ටර්
අකුණක් වැදිලා නැහැ.. එයා සීතලකට අහු වෙලා.. බඩ ගින්නත් එක්ක පන නැතිව වැටෙන්න ඇති..  මම හිතන්නෙ එයා ඒ හැටි නීරෝගිව ඉදලා නැ ඔය සිද්දිය වෙන වෙලාවේ... මහත්තයා වෙලාවට ඒ ළමයා එක්කගෙන ආවෙ.. නැත්නම් තත්වේ නරක අතට යන්න ගොඩක්ම ඉඩ වැඩීයි.. අපි සිහිය ආපු ගමන් තව විස්තර හොයලා බලමු.. ඒ ළමයාගෙ ගෙවල් වලට දන්වන්නත් එපැයැ..
හරි ඩොක්ටර් එහෙම හොදයි.. අපි එහෙමනම් ගිහින් එන්නම්..
හරි මහත්මයා.. බොහොම ස්තූතියි මේ ළමයා එක්ක ආවට..
ආ සුලු දෙයක් ඩොක්ටර්.. අනික ඔහොම වැටිලා ඉන්න කෙනෙක් දැක්කාම අහක බලං යතැහැකිද..
අපි ගිහින් එන්නම්... ඔනි වෙලාවක මට කෝල් කරන්න..
එහෙම අපි ඩොක්ටර්ගෙන් සමුගෙන නැවතත් කොරිඩෝව දිගේ එළියට ඇදෙන්නට විය..

ඒ බං.. උඹ මොනාද අර කෙල්ලට ප්‍රථමාදාර විදියට දුන්නෙ ?
මං ඒ හැටි මගුලක් කලේ නැ බං.. පොඩ්ඩක් මසාජ් කලා. එච්චරයි..
අම්මපා උඹ වගේ පොරක් ඇ.. තෝ මෙතැන බොරු කියනවා මසාජ් කලා කියලා..  ඒකිගෙ ඇග අතගාලා.. තව මොන මොනා කලාද කවුද දන්නෙ.. උඹ තමා දවසකට හරි මිනිහා.. ආතල් ඇතිනේ ?
      මේ ගයියෝ.. මගෙන් කුණුහරුප දෙකක් නාහා යමංද ? නැත්නම් තෝ මේහේම ICU එකට යන්න තමයි ඔය දඟලන්නෙ.. කෝකටත් තොගේ කේන්දරෙ බලව්ව ගනින්.. මාරක අපල හදීසි අනතුරු, ඔය වගේ දේවල් තියෙද කියලා..!
හා හා යමං යමං මට අම්බානෙක බඩගිනියි.. ගුටි කාලා මැරෙන්න කලින් කාලා බීලා ඉන්ටොන..
හ්ම් යමං මං ඊයෙ රෑට කැවෙත් නැ..
....

හවස්වරුවේ නැවත අපි ඉස්පිරිතාලයට පැමිණෙන විට ICU එක ලඟ කාන්තාවං දෙදෙනෙකි.. මගේ මුහුන දෙස බලා බයාදූ බැල්මක් හෙලූ ඔහුන් නැවතත් ICU එකේ වීදුරුව දිහා බලන්නට විය..
ඒ අසලිං ඩොක්ටර් පැමිනෙන්නට විය.. ආ මහත්තයාල ඇවිල්ලානේ.. මං හිතුවේ නෑ ඒවි කියලා.. එන්න මහත්තයා.. මට මේ අයව අදුංවලා දෙන්න තියෙනවා..
අම්මා මේ ඉන්නෙ අර ඔයාලාගේ දූව වැටිලා ඉද්දි එක්ක ආපු මහත්තයා, ඩොක්ටර් මාව පෙන්වන්නට විය.. පුදුමයකි මා මෙතෙක් වෙලා බලං ඉද තිබෙන්නෙ අර ගෑණු ළමයාගේ අම්මා දිහා හා ඇයගේ අනික් ලඟ ඤාතී යැයි සිතිය හැකි අයකු සමඟය..
මේ අපේ patient ගේ අක්කා, එය කියූ සැනින් ඇයගේ අම්මා විලාප නගා හඩන්නට විය..
             අනේ බුදු මහත්තයෝ මහත්තයාට පිංසිද්ද වෙනවා මේ කල උදව්වට, මහත්තයාට මේ පිනම ඇති නිවන් දකින්න..
ඒ බං.. මේ ඇන්ටි හදන්නෙ උඹ දැන්ම මරා ගන්න ඔව්වට අහු වෙන්න එපා.. මේ දවස්වල මං අම්බානෙක බිසී මේ කට්ට කැවට.. එහෙම තියං නයිටක් ගහතැහැකිද බං ? ගයියා මට රහසිං කියන්න විය..
අනේ මේ යකෝ කටවහගනින් මගෙන් දෙකක් නාහා.. මම උගේ කකුලට ඇන්නෙමි..!
හරි හරි අම්මෙ දැන් අඩන්න එපා ඔක්කොම හරියාවි.. මං ඇයගේ හිත හදන්නට විය..
ඩොක්ටර් patient ගේ නම මොකක්ද ?
අහ් මට අමතක උනානේ කියන්න.. එයාගෙ නම "කසුනි"
කසුනි....?
 මගේ ගත සිත අඩපන වෙමින් පවතී.. කකුල් දෙක පන නැතිවී වැටේදෝ යන බියට මම අසල ඇති බිත්තියට වත්තම් විය.. මගේ හිත අතීතයේ එක් මූසල කාලාන්තයකට ඇදන් වැටිනි..
ඒ මොකෝ බං ගයියා මගේ පිටට අනින්නට විය.. නැ බං.. මුකුත් නැ..
බොරු කියන්න එපා අරකිගේ නම කිවාම උඹ මොකද අප්සට් ගැහැව්වෙ ?


හරි බං.. මං කියන්නම් නිදහසේ.. මෙතැන බැහැ.. හ්ම් එහෙනම් අපි යමං කොටුව පැත්තට.. මොනා හරි කාලා බීලා කතාකරමු..
මුහුදු හුලං වැදි වැදී නිදහසේ දෙයක් කතා කරන්න කියාපු තැන කොටු තාප්පෙ.. ගයියාගේ යොජනාව මං ස්තීර කරමින් මං කුඩා කල සිටම ආස තැනක් ඌ කොටුතාප්පෙ දිහාවට එන්නට අපි පිටත් විය..

මගේ සිත තවමත් විස්සෝපයෙන් කකියමින් ඇත.. කාලයක් හිතේ තදකරංඋන් බරක් නිදහස් කරගැනීමට මේ කාලයැයි මම සිතන්නට විය..


ඉතිරි කොටසින් නැවත හමුවෙමු...

Sunday, December 11, 2011

ඉන්සයිට් ප්‍රේමය.. (දික්කල කෙටිකතාවක්)

පාර පේන්නෙ නැති තරමට වැස්සය.. වතුර වලවල් වලිං හෙමීට කාර් එක ඉදිරියටම දාවනය කලේ පන ගැහි ගැහිය.. වෙන මොකටවත් නොව බැටරියට වතුර ගියොත් පුපුරයි යන සමාජයෙන් ගෙන ආ බියටමය..! මෙවන් වාහනයක් ගැනීම ගැන මම මටම හිතින් බැන බැන ඉදිරියට ඇදෙන්නට විය.. මා ගමන් ගත් දිශාවේ ඒ හැටි පාරවල් හුරු පුරුදු නොමැති මුත් කෙසේ හෝ වාහණය දාවණය කරවන්නට මම සමත් විය..
වැස්ස තවමත් අඩුවී නොමැත විදුලි කෙටිල්ලද ඒ හා සමානව හරි හරියේ අහස සමග ද්වංද සටනකට පෙලඹී ඇත.. සීතලද ඒහා සමානව මාගේ ඇටකටු හිල් කරමින් ඇගතුලට කාවදින්නට විය.. ජනේලය පහත්කර බැලුවේ මා දැන් ඉන්න ප්‍රදේශය ගැන හෝඩුවාවක් ලබාගැනිමේ අරමුණිනි.. මගේ යටිසිත සමග පොර බැදී මා ඉන්නෙ වෙල්යායක් මැද්දැවේ යැයි තීරණය කරගත්තෙමි.. විගැහින් ජනේලය උස්සා ඉදිරියට ඇදෙන්නට විය..
   ඉදිරියට ඇදෙන මා හට සුදු පැහැති යමක් ඉදිරිපස වීදුරුවෙන් පෙනෙන්නට විය. මගේ ඇස් අදහා ගතනොහැකි විය.. පාර අයිනේ වැටී උන්නෙ කුඩා ගැහැනු දැරිවියකි.. දෙවරක් කල්පනා නොකර මා විගසින් වාහනය නතර කර ඇය කරා ඇදෙන්නට විය, තත්පර කීපයක් යන්නට මත්තෙන් මා තෙමිච්ච කුකුලෙක් මෙන් කීරීමට වැස්ස සමත් විය..
කුඩා ළමයෙකුයි සිතූ මුත් ඇය වයස 18 ක පමණ වන තරමේ පෙනුමක් තිබිනි.. නිතැනින්ම මට වටහා ගත හැකි ඌවෙ ඇයට අකුණු සැර වැදී ඇති බවය.. අවශ්‍ය ප්‍රථමාදාර දී, වහා වහා මම ඇයව වත්තම් කරගෙන වුත් කාර් එකේ පිටි පස අසුනෙන් ඇලකර තබා දුව විත් රියදුරු අසුනේ වාඩී වී විගසින් ස්පිරිතාලය කරා එන්නට විය.. ලඟම ස්පිරිතාලය ඌ කරාපිටියට මම විනාඩි කීහිපයකින් අවේ වාහනේට තිබූ ආසාවන්ද ඇතැරමිනි.. මං උන්නෙ මේ යකඩ ගොඩකට වඩා ජිවිතයක් බේර ගැනීම වටිනවා යන සංකල්පය මතම පමණි..
වහ වහා රෝහල ඇතුලටම වාහනය ගෙනගොස් ලෙඩා බාරදී මගේ විස්තරද ලබාදුනි ඇයව වහාප්‍රතිකාර සඳහා දැඩිසත්කාර ඒකකය කරා රැගෙන යන ලදි....
...
රාත්‍රී 12 පසුකරමින් පවතී.. කුඩා ළමුන් හඩන හඩ වල්, රෑහැයි නාදය අතරිං මගේ හිත අද දවසේ සිදු ඌ දෑ මතක් කරමින් මනසට වදදෙමින් ඇත... ගැහැනියකගේ  විලාප හඩක් මා සිත හිරිවට්ටමින් ඇසෙන්නට විය,
ඈ කවුද ? ඇගේ දෙමාපියන් කවුද ? ඒ ගෙදර අයට මේ පණිවිඩය දෙන්නෙ කෙලෙසද ? අපේ ගෙදර අය මොනවා කල්පනා කරනවා ඇත්ද ?
එසැනින් මට මගේ ජන්ගම දුරකථනය සිහියට නැගිනි,  මගේ ඔනැම කුණුගොඩකට කරගහන්න කිසි විටෙක පසුනොබසින මගේ අතිජාත මිත්‍ර ගයියා සිහි විය, මාගෙ වයසේ නොවූවත් ඌ හා මා අතර ඇත්තෙ දැඩි මිත්‍රත්වයකි..! වහා වහා මම ඔහුගේ දුරකථනයට ඇමතුමක් ගත්තෙමි..
හින හෙන්නෙ මං
මේ විල් තීරේ පිය මැන්නෙ..
ඌ කිඹුලාගේ කැමතිම ගීතය ජංගමයට දමාගෙන ඇත.. මට සියල්ල අමතක වී බකස් ගා හිනායන්නට විය.. මා අසලින් මැදි වියේ නර්ස් නොනා කෙනෙකු මගේ දිහා බලා ඔරවමින් යන්නට ගියෝය..!
වහා හිනාව තදකර ගත් මා 989 වැනි විදුලි බුබුලත් පුපුරවා ගත් තෝමස් අල්වා එඩිසන්ගේ මුහුනත මවාගත්තෙමි..
මොකද යකෝ මේ මහ රෑ නිදා ගන්න දීපියව්කො #@(*#@*&#%@ ඒ ගයියාගෙ හඩ
අඩෝ බං පොඩි අවුලක් උනා.. මම ලාමක හඩින් කියන්නට විය..
     තොපිලත් මොනා හරි අවුලක් දාගන්නෙ අපි නිදාගන්න ගත්තාම... අම්මපා දවාලට නිකං ඉන්නවා ඒ වෙලාවට දාගන්න ලෙඩක් මගුලක්  ඔනි ඉස්කුරුප්පුවක් දාගනින්කො.. මේ මහරැම වදදෙන්නෙ
හරි හරි බං අහපංකො සීං එක.. මාර අප්සට් එක ඕයි.. මං සියලුම විස්තර කියන්නට විය..
අම්මට සිරි.. හිටපං මං ටක් ගාලා එන්න..
නැනැ උඹ දැන් එන්න ඔන්නැ බං, උදේට වරෙන් පොඩ්ඩක් උඹ එක්ක කතා කරන්න ඔනි..
හරි හරි මචං අවුලක් උනොත් කතා කරහං ටක් ගාලා..
හරි මචං සුභ රාත්‍රියක්.. ඔහුගෙ කතාව අවසං කර වහාම ගෙදරට කෝල් එකක් ගෙන සිදු වූ සියල්ලම ලොකු අක්කට පැවසුවේ ඔනැම මොහොතක කලබල නොවී විසදිය හැකි එකම කෙනා ඇය වීම නිසාවෙනි.. ඇයගේ එකම ඉල්ලිම ඌවෙ මට ඉක්මනින් ගෙදර එන ලෙස මුත්, මා ගෙනා රෝගියාගේ විස්තර සොයාගන්නා තෙක් රෝහලෙන් පිටනොඑන්නට මා ඉටා ගත්තෙමි..!

කවුදෝ මගේ උරහිසට අනින්නට විය..
ඕයි නැගිටපං..!
ඒ ගයියාය.. මූ පාන්දරම රෝහලට ඇවිත් ඇත..
ලැජ්ජ නැද්ද යකෝ බංකු උඩ නිදාගන්න උඹට ? මූ මට දොස් නගන්නට විය.. එවිට සිහි ඌවෙ මට බංකුව උඩම නිංද ගොස් ඇතිබවය..
නින්ද ගියා බං මට මෙතැන..

පේනවා පේනවා.. තෝ මෙතන තව ටිකක් හිටියා නම් කක්කා ගියා කියාවි.. අනේ අම්මපා..!!
මලපෙරෙතයා පොලේ ගැහැව්වා වගේනෙ තෝ නිදාගෙන තියෙන්නෙ.. ලැජ්ජ නැද්ද මිනිහෝ ?

ඉතිං බං උඹ කියන්නෙ මෙතැන හොටෙල් එකක් කියලද ? එන එන එකාට රූම්ස් දෙන්න ? මගුලක් කියනවා..

හරි හරි මොකක්ද උනේ දැන් ? නැවතත් ගයියාගේ ලාමක හඩ..

ඇයි බං මං ඊයෙ රෑ කිවේ විස්තරේ.. ඊට එහා මං දෙයක් දන්නැ.. තාම ඩොකෙක් අවෙත් නැ..
වරෙන් යන්න ගිහින් විස්තරයක් අහං එමු.. ගයියා මාව අදින්නට විය..
හිටපං මං මූනට වතුර එකක් දාගෙන එන්න.. කබ කඩ කඩ ඩොකා ලගට යතැහැකිද.. අනික සීනිබෝල බෙහෙත් බඩුත් ඉන්න එකේ....
තෝ $@#@$@ මෙතැන ඇවිල්ල නර්ස් කෙනෙක්ටවත් ඉන්න දෙන්නැනෙ.. බලහං අපි වගේ විනීතව හැසිරියං..
අනේ මගෙන් මුකුත් නාහා ඉදිං.. මං දන්නැද්ද තොගේ හැටි..! හිටපං මං මූන හොදං එන්න.. මං විගහට ගොස් මූන හෝදන් ඩොක්ටර් හමුවීමට ගයියා සමග කොරිඩොව දිගේ ඇදෙන්නට විය..



ඉතිරි ටික පසුවට...෴


.

Sunday, December 4, 2011

1+2 = කීයද ?

මේ අපේ බාප්පා එක්ක චැට් එකක් දාගෙන ඉන්න ගමං බාප්පා කීව කතාවක්.. වැඩි වැල්වටාරම් නැතිව අපි කෙලින්ම බහිමු 89 ට.. ඒකිවේ භීශණ කාලෙ.. මතකද ? මට නම් මතක නැ.. මොකද මං ඉපදිලා තිබ්බෙ නැති නිසා..
      ඒ මගුල් වැඩක් නැ.. කතාව මේකයි.. ඒකාලෙ අපේ රට දැහැමින් මෙව්වා එකෙන් පාලණය කරන් උන්නෙ අතිගරු ජනාදිපති ම නැ ප්‍රේමදාස මහත්තයාලුනේ.. මං දන්නැ උන්නද නැද්ද කියලා මට ශුවරුත් නැ මොකද මං ඉපදිලා නැ.. හරිනෙ ඒ කතා වැඩක් නැ මේකයි කතාව, ඉතිං උන්දැට.. ආ සොරි, එතුමට ඔනි උනාලු  අගමැති කෙනෙක් පත්කොරගන්ට.. කාටද ? ප්‍රේමදාස මහත්තයාට.... ඉතිං ඒකාලෙ මොකක්දෝ කොරමයකට තිබ්බාලුනේ ජනාදිපතිටම අගමැති තෝර ගන්න පුලුවන් විදියෙ බලයක්..
    ඉතිං ඔන්න ඒ බලේ පොරයෝජනයට අරං ඒ කාලෙ මංත්‍රී පට්ටං තිබ්බ මහත්වරු 3 දෙනෙක් ගෙන්නව්වාලු ඉන්ටර්වීව් එකකට.. සිංහලෙන් කිවොත් සම්මුඛ සාකඡ්ඡාවකට.. හරිද.. ඉතිං ඕකට අවේ කවුද දන්නවද ? දන්නැනෙ ?
මුල්ම කෙනා විදියට ඒ කාලෙ අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත් මුදලි මහත්තයයි
මහවැලි සංවර්ධණ ඇමති ගාමිණී දිසානායක මහත්තයි
ඩී බී නොහොත් ඩිංගිරි බංඩා විජේතුංග මහත්තයයි මේ ඉන්ටර්වීව් එකට අවාලු..
ඔන්න දැන් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්ණ අහනවලු..

ප්‍රේමදාස: ලලිත්! කියනවා බලන්න 1+2 කීයද ?

ලලිත්:  3 නේ සර් ?

ප්‍රේමදාස: තමුසෙ හරියන්නැ.. යනවා යන්න..! ගාමිණී කියනවා බලන්න 1+2 කීයද ?

ගාමිණීත් ඉතිං ඉගෙන ගත්ත පොරක්ලුනේ.. (මං නම් දන්නැ ඕං)

ගාමිණි: සර් 1 යි 2 යි 1කට තිබ්බාම  12 යි අනික් පැත්ත ගැහැව්වාම 21යි එකතු කලාම 3 යි අඩුකලාම 1 යි..

ප්‍රේමදාස.. නැනැනැ තමුසේ දන්නවා වැඩියි යනවා යන්න !!! ඩිබී තමුසේ කියනවා බලන්න 1+2 කීයද ?

ඩීබී: (රහසිං අහනවාලු) සර් කීයද කියන්න ඔනී ?

ප්‍රේමදාස: අන්න තමුසේ තමා නියම මිනිහා
කියලා අගමැති කරගත්තාලු..

හික් හික් මේක ඇත්ත කතාවක් කියලා තමා අපේ බාප්පා නම් කියන්නෙ.. හැබැයි මට කිසිම වගකීමක් ගන්න බැ මොකද මං ඉපදිලා උන්නෙ නැති නිසා..!!!

පාලි: මේ බ්ලොග් එක දේශපාලනේ පැත්තට යනවා වැඩිද මංදා.. :-/ ඒත් මෙව්වා විහිලු ඇ..!

එහෙනම් අපි කැපුනා
PirateBunny෴


(හසිත හා ඉන්දරේ සහොදරයන්ගේ කමෙන්ට් හමුවේ ටීබි ලෙස තිබූ නම ඩීබි ලෙස නිවැරැදි කරණ ලදි!)

Monday, November 21, 2011

මා දුටු "ගාමනී"

මුලින්ම කියන්ටොන අපේ තාත්තා මං දන්න විදියට ඒකාලේ ඡංදේ දුන්නෙ UNP එකට.. අපිත් පොඩි කාලේ ඉදන්ම නිකන්ම UNP උනා.. මොකද වැඩිපුරම දකින්නෙ කොළපාට කොඩි නිසා.. දේශපාලනය කියන්නෙ මොන මගුලක්ද කියලවත් දන්නැති අපි පාටක් අල්ලගෙන ඉස්කොලේ එවුන් එක්ක මරාගත්තා.. ඒ තාත්තලාගේ පැත්ත ගන්න ඔනි නිසා.. !!
    කාලය ඔහොම ගෙවිලා ගියා.. UNP කියන එකේ තෙරුම දැනෙන්න ගත්තා.. ඒ විතරක් නෙවේ.. අනික් පක්ශ, පාට මිනිස්සු ගැන එක එක කතා, කට කතා අහන්න දකින්න ලැබුනා.. නිල් පාට පැත්ත හරි රතු පාට පැත්ත හරි මොන පාට හරි උනත්.. මට කොළපාට තරම් එක පාටක් වත් අල්ලව්වෙ නැ.. ඒ තරමට මං තාත්තාව විශ්වාශ කරා.. දේශපාලණ පක්ශයකට මාව නිකන්ම තල්ලු වෙලා ගිහින් තිබ්බා.. මට ඒක නවත්ත ගන්න බැරි උනා.. මං කොළපාට උනා..! (නැනැ හම තළෙලුයි)

පසු කාලිනව වෙනසක් උනා.. යුද්දය ඉවර උනා.. අලුත් කෙනෙක් රජ කම ගන්න අවා.. මගේ දේශපාලණ උණ වැඩි උනා.. පාරෙ තියෙන පොස්ටර් එකක් නැර බැලුවා.. මට ඔහු වීරයෙක් වගේ පෙනුනා.. මං එයාගේ පැත්ත ගත්තා.. තාත්තත් එයාගෙ පැත්තට නිකන්ම ඇවිල්ලා තිබුනා..

ඉතිං මම ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයාගේ පැත්ත ගත්තා.. එතුමාගේ ගුණ වර්ණනා කලා.. අනික් පාටවල් වලින් සමාජයේ මිනිස්සු මිරිකේද්දි අපිට ෆොන්සේකා මහත්තයා වීරයෙක් වෙන්න ගත්තා.. ජීවිතෙට දැකලවත් තිබුනේ නැති මනුස්සයා මට වීරයෙක් වෙන්න වැඩි කාලයක් ගියේ නැ.. "යුද්දෙ ඉවරකලේ ඒ මනුස්සයා.." අන්න එහෙමයි අපි හැම තිස්සෙම ඒ මනුස්සයාගැන හිතාගත්තෙ..!

නමුත් ඔය සියල්ලම අවසං වී එතුමා හිරේට යනකම් වත් මට ඡංද බලය තිබුනේ නැ..! නමුත් මගේ ඡංදය සරත් මහත්තයාට වෙන්වෙලා තිබ්බා...!



ලොකු ටෝක්ස් නැති චේද තුන හතරකින් මට පෙන්නන්න උවමනා කලේ මං කැමති දේශපාලන පක්ශය ගැන..

+මචං බනියා උඹ ගාමනී බැලුවද ?
 

*නැ බං උඹ ලග තියෙනවද ?

+ඔව් ඕයි මේක අරන් පලයං සිරා කතාව..

*අඩේ මං ෆිල්ම් හෝල් එකේ බලන්න යන්න උන්නෙ බං.. මැක්සා ඇ..
මං පෙන් එක උදුරගෙන ගෙදර එන්න පිටත් උනා.. ..
      දඩිබිඩියේ ගෙනැල්ලා දාලා බැලුවා.. මගේ ලේ රත්වෙන්න වෙලා ගියේ නැ.. සදරු අයියාගෙ යාලුවාගෙ කතාව මට මතක් වෙන්න වැඩි වෙලා ගියේ නැහැ.. මගේ ඇගේ ලේ නලියලා ඇගේ මයිල් කෙලින් වෙලා තරහෙන් ෆෝවර්ඩ් කලේ බයටම.. මොකද මට ලේ හෙල්ලෙන එව්වා බලන්න බැරිකමට, ගැහැනුන්ගෙ පිරිමින්ගෙ බෙලිකපන එකට.. ඒ වගේම අර ළමයා පොලවේ ගහන සිද්දියට.. මගේ හිත සලිත වෙන්න මහ වෙලාවක් ගියේ නැ.. සඳරු අයියා කියන්න වගේ
          "මම මීට දින කීපයකට උඩදී අපේ එහා ගමේ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගාමනී චිත්‍රපටිය බැලුවා .ඒත් ඒ චිත්‍රපටිය තුළ තිබුණේ මගේ ගමට හුඟක්ම සමාන පරිසරයක් විතරයි . චිත්‍රපටියේ පළමු විනාඩි විස්ස නම් සියේට සීයක්ම ඇත්ත සිදුවීමක්. ඒත් අනික් ටික කතාවක්ම විතරයි"

ඇත්තටම මුල් විනාඩි 20 තුල කතාව සත්‍ය එකක් කියලා තෙරුම් ගත්තෙ සඳරු අයියාගෙ කතාවෙන්.. ෆිල්ම් එකේ දී ප්‍රේක්ශකයාගෙ හිරි ගඩු පිප්පෙන්න, මයිල් කෙලින් වෙන්න, ලේ රත් වෙන්න තියෙන එකම හරිය ඔය ටික විතරයි..
ඔය ටික බලද්දි අපිට මොකක්ද මතක් වෙන්නෙ ? "යුද්දය" නේ ? ඔනී පොඩි එකෙක්ට යුද්දය ගැන දැනෙන්න කරපු සාර්ථක නිර්මාණයක් විදියට මං ඕක දකිනවා.. ඒ වගේම අපේ මහ උන්ගේ හිත වෙනස් කරගන්න බලකරන චිත්‍රපටියක් විදියට මම දකිනවා..

මට කතා කරන්න ඔනේ උනේ මේ චිත්‍රපටිය ෆිල්ම් හෝල් වල යද්දිත් අපි අතරට ආවේ කොහොමද ?
එක වෙබ් අඩවියක දැක්ක විදියට මෙකේ නිර්මාතෘ කියලා තිබ්බෙ පිටපත ලබාදෙද්දි ඒකෙ තව පිටපතක් හොරෙන් අරගෙන අන්තර්ජාලයට මුදා හැරලා කියලා.. එහෙම වෙන්න පුලුවන්ද ?
චිත්‍රපටියක අවසාන ෆිල්ම් රෝල.. එහෙම නැත්නම් DVD එකක් කියලා හිතමු.. නිශ්පාදක තුමා, ඔන්න මචං ඕක ෆිල්ම් හෝල් වල දාලා මට කීයක් හරි හොයලා දියං කියනවද ? නැහැනේ, වගකීමකින් ඊට වගකිවයුතු පාර්ශවයකට නෙ ලබාදෙන්නෙ චිත්‍රපටි ශාලා වලට බෙදන්න.. ඒ මනුස්සයාත් කීයක් හරි හොයාගන්න වැඩේ නැතිකරගෙන ෆිල්ම් එක එළියට දාවි කියලා හිතනවද ?
      ඔය බෙදාහරින්නා හැර චිත්‍රපටි ශාලා හිමිකාරයින්ට ඔවාගේ පිටපත් ගන්න නම් ගන්න තියෙන එකම ක්‍රමය මගේ දැනිමේ හැටියට චිත්‍රපටිය දාවණය වෙද්දි කැමරාවක් අල්ලං ඉදලා වීඩියෝ කරගන්න එක විතරයි.. (මීට අමතර ක්‍රමයක් තියෙනවා නම් මාව නිවැරදි කරන්න) නමුත් මං බලපු වීඩියෝව හොද තත්වයක තිබ්බා.. ඒක ටොරන්ට් එකකින් භාගත්ත එකක් කියලා සාක්ශි තිබ්බා.. එහෙනම් ඒක කැමරා කොපියක් නෙවෙ.. නමුත් මට දැනුනේ ඒක කැමරා කොපියක් බව අගවන්න බොරු අසාර්ථක උත්සාහයක යෙදිලා තිබ්බා..
      මෙන්න මට හිතෙන විදිය.. මේකට මුලුමනින්ම දේශපාලණික බලපැමක් මත හෝ දේශපාලකයින්ගෙ උවමනාව මත සිද්ද වෙච්ච චිත්‍රපටියක් විදියටයි මම දකින්නෙ, මං එහෙම කියන්න හේතුව මේකයි
        ජිවිතේට "ගෝනගල" ගම දැකලා නැති කොළඹ උන්ට තමා මුලින්ම මේ චිත්‍ර පටිය අහුවෙන්නෙ.. මොකද අන්තර්ජාලෙම ජිවත් වෙන මිනිස්සු වැඩි හරියක් ඉන්නෙ කොළඹ පැත්තෙ නිසා.. ඔබට මතක ඇති කාලයක රජයට කොළඹ නගර සභාව දිනාගන්න පුලුවන් උනාද ? නැහැනේ නේද ? ඒ මොකද යුද්දය කලේ කොහොමද ඒකට උර දුන්නෙ කවුද ඔය සියල්ලම ගැන හිතන්න මොලයක් තිබ්බ උන් ටිකක් උන්නෙ ඔය කොළඹ නිසා.. ඕකට සාක්ශියක් විදියට මට තියෙන්න මේ දවස්වල සෝශල් නෙට්වර්ක් වල වෙන කතා බහා FB, Twitter ඉන්න උදවියට ඕක මං පැහැදිලි කරන්න ඔන අරුමයක් නෙවේ.. තව රූපවාහිනි මාද්‍ය.. කොටින්ම අපේ ගමේ ඇන්ටනාව අඩි 40 උස්සව්වත් පෙනුන චැනල් දෙකයි ඒ රූපවාහිනි හා ITN  ඔය දෙකම කලේ මොකක්ද ? ආන්ඩුවේ වැරදි වහලා නිවැරදී දේම විතරක් මිනිස්සුන්ට පෙන්වන එක.. ඉතිං උතුරෙන් මෙහා ඉන්න මිනිස්සු රජයේ හොද විතරක් දකිමින් සිහින ලෝකයක තනිවෙනවා..  ඒ වගේම බිස්නස් කරන උදවිය.. බිස්නස් කරන අයට ලොකුම සහනයක් දීලා තිබ්බෙ UNP එකෙන්.. මේ දැන් ඉන්න රජතුමාගේ පක්ශයෙන් කවදාවත් සහනයක් තිබ්බෙ නැ.. හොයපල්ලා.. අපිට දියල්ලා කියන මතය උඩයි ඒ අය උන්නෙ.. අපේ තාත්තා UNP උනෙත් ඕක නිසා වෙන්නැති..ඒක නිසා කොළඹ බලප්‍රදේශය කවදාවත් රජතුමාගේ පක්ශයට දිනාගන්න බැරි උනා..

        ඉතිං මේ චිත්‍රපටිය යොදාගෙන අර කොළඹ උදවියගේ හිත වෙනස් කරන්න උණු කරන්න අපූරු විදියට දේශපාලණික උපක්‍රමයක් භාවිතා කලා,  "ගාමනී" එලියට දාලා එක.. රු 150 ට පෙව්මන්ට් එකේ විකුණන ෆිල්ම් එක ගන්න ටිවි එකේ ගාමනී ට්‍රේල එක දැක්ක ඔනි එකෙක්ට හිතෙනවා නිතැනින්ම..

      ඒ වගේම ටොරන්ට් එකක් අමාරුවෙන් බාගන්න එකා ඕක දන්න දන්න හැමොටම දීලා හෙන ආසාවෙන් පොර වෙනවානේ.. පෙන් එකෙන් ඕක වෙන එකෙක්ට දෙන එකේ එකම තෘප්තිය ඒක තමා..
ඉතිං ෆිල්ම් හෝල් වල ප්‍රදර්ශණය වෙද්දිත්, ගාමනී රට පුරා තියෙන ප්ලෙයර් වල.. කොම්පියුටර වල ප්ලේ වෙන්න වැඩි කාලයක් ගියේ නැ..

ඔය චිත්‍රපටියට ගිය වියදම කෝටි 3ක් කියලා හිතමු.. ඕක දේශපාලකයෙක්ට මහලොකු ගානක්ද ? මෝයකටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ ඕක.. ගාමනී අන්තර්ජාලෙට දාලා ඉවර වෙලා, ඔන්න මචංලා අපි ෆිල්ම් එක නෙට් එකට දැම්මා කියලා තව පබ්ලිසිටියක් දෙන්නත් එක්ක නඩුවකුත් දැම්මා.. චිත්‍රපටිය විකිණීම තහනම් කියලා.. අපි ඒක නිසානේ දන්නෙ අඩේ ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ඇති කියලා..
ඔය නඩුව දැම්මට ඕක එලියට දාපු උන්, විකුණපු උන් එකෙක් වත් පොලිසියෙන් අල්ල ගත්තද ?

දැන් ඔක්කොම හරි.. යුද්දය ඉවර කල එක නම් මාර පිනක්.. ගෝනගල ගමේ වගේම අනික් දුශ්කර ගම් වලත් මිනිස්සු ආයෙ අඩන එකක් නැ ඔන්න ඔහොමයි ඕක බලපු හුගක් අය හිතනවා ඇත්තෙ.. එතැනදි නිකන්ම මතක් වෙන්නෙ ගොඩක් අයට අපේ රජතුමා.. රජතුමනි මේ හාවාට නම් එහෙම හිතුනේ නෑ ඕං..!  යුද්දයෙන් අඩපු මිනිස්සු තාම අඩනවා.. ඒ බඩගින්නට.. අඩනවා නෙවේ ඇඩෙනවා..
      මට ඔනි ඔනි දේ මේකයි කියලා දෙපාරක් ඇඩුවාම දුක හිතිලා අරන් දීපු තාත්තට මට කැමරාව අරන් දෙන්න විදියක් නැ පුතෙ කිවාම මගේ පපුව හෝස් ගාලා ගියා.. ඒක කලේ ඔබයි රජතුමනි..!

      ඉතිං මේ ආන්ඩුව අර ගන්න බැරිවෙච්ච ඡංද කෑලි ටික ගන්න අසාර්ථක උත්සාහයක යෙදුනා කියලයි මේ හාවට හිතෙන්නෙ..

ආයෙ මතක් කරනවා මං සරත් ෆොන්සෙකාගේ පැත්ත ගත්තා කියලා උඩින්ම කියලා තියෙනවා.. ඒ වගෙම මේ ආන්ඩුව පිලිකුල් කරනවා කියලත් බය නැතිව කියනවා.. ඇයි මට මොනා කරන්නද ? වැඩිම උනොත් කොන්දක් නැති ඇනොනිමස් කෙනෙක් කුණුහරුපයක් දෙකක් කියලා දාවි.. ඒ උනා කියලා මාව මරන්නද ? මැරෙන්න උනත් මට කිසි බයක් නැ..

මට හිතුනන විදිය වැරදි සම්පුර්ණ අසත්‍ය විකාර කතාවක් වෙන්නැති.. ඒ ගැන බය නැතිව කමෙන්ට් කරන්න.. මොකද මේ අන්තර්ජාලෙ ඉන්නෙ අපි අපි විතරයි.. මට බැන්නට මං  තරහා නැ කා එක්කවත් :)

එහෙනම් ජය..!!
PirateBunny෴
...