Tuesday, December 29, 2009

රියදුරු බලපත්‍ර / චාරිකා සහ වෙනත් අතුරු කතා.

ඔන්න ඉතින් කාලෙකින් බනී අවා blog එක පැත්තෙ. බනීට කොහෙද යන පිස්සුවක් හැදිලා ඩ්‍රයිවින් ලැයිසොන් ගන්න හිතුනනෙ නුවරටම ගිහිල්ලා. (ඒකනම් මාර පිස්සුවක් තමා :D)කොහොමින් කොහොම හරි ඔන්න දැන් බනීට ශ්‍රි ලංකාවේ ඔනැම හතර දිග්බාගේ ගිහින් රවුම් ගහල එන්න පුලුවන්. ඒ උනාට ඒකට කාපු කට්ට මතක් වෙනකොටනම් තරු විසිවෙනවා. ඒකත් හරි අපුරු කතාවක්.
බනී ලැයිසොන් අරගත්තෙ බනීගේ අක්ක ලැයිසොන් ගත්ත තැනින්මයි. කොහොම හරි මට දවස් පහක් විතර වාහනේ අරගෙන යන්න දුන්නා. කිසිම දෙයක් කියලනම් දුන්නෙ නැ.මොකද බනී කලින්ම ඒවට ලැස්ති වෙලානේ හිටියේ. (ආ එකක් කියලා දුන්නා වාහනේ නවත්වනකොට මතක ඇතිව සිග්නල් දාපන් කියලා සර් ටොක්කක් අනින්න හැදුවනෙ :P) කොහොමින් කොහොම හරි ඔන්න ටික ටික ට්‍රයල් පෙන්වන දවසත් කිට්ටු උනා. මේ අතරෙ තමා බනීට මතක් උනේ මෝට බයික් එකටත් ලැයිසොන් ගන් දැම්මා නේද කියලා. අප්පොච්චියේ මට අමතක උනා ලැයිසන් එක ඔනනම් 8 ගහන්න ඔනැලු. මාර වැඩේ මම මීට කලින් කවදාවත් අට ගහල කොහොම හරි අපේ සර් කිව්වා එහෙනම් 8 ගහන්න පුරුදු වෙන්න කියලා. ඒපාර තවත් කට්ටියක් එක්ක බයික් එකකුත් අරගෙන ගියා පිට්ටනියකට. අප්පා ඒක පිට්ටනියක් නෙවේ කැලයක් ඇඩි දෙකක් විතර තන කොල හැදිලා(මෙච්චර හරක් ඉන්නවා ඒ තනකොල ටික කාලා නැනේ). කොහොම හරි ඒ පිට්ටනියෙ තිබුනා අත ඇරලා දාපු වොලිබෝල් කෝඩ් එක හයි කරන කනු දෙකක්. ඒක වටේ තමයි 8 ගහන්න පුරුදු වෙන්න කිව්වෙ. ඔය අතරෙ වැන් 1ක ඉගන ගන්න අපු කොල්ලො සෙට් එකක් නහයෙන් අඩනවා පුරුදු කරන්න කියලා. ඒපාර සර් අපිට බයික් එක දීලා යන්න ගියා. අප්පා ඉතින් නරි රැලට කුකුල් කොටුව දුන්න වගේ. අපි ඉතින් දන්න කියන වැඩ කැලි දදා 8 ගහනවා :D ඔය අතරෙ හිටියා බයිසිකලේ බ්‍රේක් එක තියෙන තැනවත් දන්නෙ නැති කොල්ලො සෙට් එකක් උන් නිකන් කන්න වගේ අපි 8 ගහන විදිය බලන් ඉන්නවා. ඒපාර ඉතින් අපිට දුකයි වැඩේට මොකද තව දවස් 2යි තිබුනෙ ට්‍රයල් පෙන්වන්න. ඒපාර අපි උන්ට පුරුදු කරන්න ගත්තා කොහොම හරි සර් එන කොට උන්ට හොදට බයික් එක හසුරවන්න පුලුවන් වෙලා තිබුනා.කොහොමත් ඉතින් සර් ගේ නම අපේ හම තමා. මේ වැඩෙන් තවත් එක හොද දෙයක් වෙලා තිබුනා අපි එතනින් යන කොට පිට්ටනිය ගල් රෝලකින් තලලා වගේ ලස්සනට තිබුනා :D
ඔන්න ඉතින් අපේ ට්‍රයල් පෙන්වන දවසත් අවා එදා උදේ පන්දරම කච්චේරියට ගිහින් පැය 3 විතර පෝලිමේ ඉදලා අත්සන් වගේකුත් අරගෙන ට්‍රයල් ඒරියා එකට ගියා.යන අතරෙ නුවර කඩේකින් කන්න අමතක කලේ නැ. මේ වෙන කොට මට යාලුවො 12 විතර හම්බ වෙලා හිටියා මේ අයගෙන් හත් දෙනෙක් මාත් එක්ක කන්න අවා. අප්පා කනවයෙ කියලා සීමාවක් නැ කාගේන කාගේන යනවා.කාල මදි වෙලාද මන්දා ඩෙසට් එකත් ඔඩර් කලා. කොහොම හරි ඉතින් එවටත් වග කියලා වේටර් අයියට කියලා බිල ගෙන්න ගත්තා අප්පා බිල දැක්කම කැමත් නොකැව වගේ 1600 ගානක් මට මතක හැටියට. මොනව කරන්නද පිගන් හොදන්නයැ ඔක්කොම එකතු වෙලා සල්ලි දාලා බිල බේරුවා. එපාර ට්‍රයල් ඒරියා එකට ගියාම තමයි කිව්වෙ පැය 4 විතර ඉන්න ඔනලු එක්සැමිනර් මහත්තයා එනකම්. මොනව කරන්නද ඔන්න ඔහේ හිටියා. මේ අතරේ අපි 8 ගහන්න පුරුදු උනා කොහෙද අට නෙවේ එතන ගහන් පුලුවන්. මහ මඩවලක් ඒක.බයෙන් බයෙන් කොහොම හරි 8 ගහ ගත්තා. අපිට ලොකු චාන්ස් වැදුනා රිවස් එක් එහෙම බැලුවෙ හරිම ලේසි තැනක පොඩි දුරයි ගෙනියන්න දුන්නෙ. ඒ වගේමයි 8 ගැහුවෙත් 2පාරයි. කොහොම හරි ඔන්න දැන් බනීට ලැයිසොන් තියෙනවා. :)

මේ අතරේ බනීලගේ පවුලෙ අනික් කට්ටියත් නුවර එන්න ආවා. ත්‍රිකුණාමලේ පැත්තෙ ගිහින් එන්න හිතාගේන ඒපාර අපි ඔක්කොම කට්ටිය එකතුවෙලා පිටත් උනා හරි අපූරු ට්‍රිප් එක. කියලා වැඩක් නැ මරේ මරු. මේ ඔක්කොම තැන්වල රවුම් ගහලා රවුම් ගහලා කන්න කියලා කඩේකට ගියා. අප්පා අපි යනවත් එක්කම එතන්ට හමුදා මාධ්‍ය ප්‍රකාශකත් ඇවිල්ලා මට නමනම් මතක නැ. කොහොම උනත් හරි හොද කට්ටියක් කියල තමයි තේරුනේ. කිසිම ආරක්ශාවක් නෑ නිකන්ම ඇවිල්ලා. අපි කාලා බීලා එලියට එද්දි මෙන් බොලේ හමුදාවේ මෝට බයික් 3කින් විතර ඇවිල්ලා හෙන සෙට් එකක්. ඒකේ ඇවිත් තියෙන්නෙ කිලිනොච්චියෙ ගුවන් හමුදාව බාරව ඉන්න කැප්ටන්. එයා අපෙ අයියගෙ යාලුවෙක් හරිම පුදුම වැඩක් තමා. එයා අපිව හොයාගෙන ඇවිත්. කොහොමින් කොහොම හරි අපි ඔන්න එන්න පිටත් උනා මේ අතරෙ තමා බනීලගෙ තාත්තට මතක් වෙලා තියෙන්නෙ බනීට ලැයිසොන් තියෙනවා නේද කියලා :D හප්පච්චියේ ඔන්න ඒපාර මට කියනවා වාහනේ අරන් යන්නලු. එලකිරි තමා මමත් ඇගිලි ගැන ගැන හිටියෙ වාහනේ නිත්‍යානුකුලව අරගෙන යන්න (මොකද මෙච්චර කල් වහනේ පැද්දෙ හොරෙන් නොවැ ;D )අනේ ඉතින් ඔහොම අරගෙන එද්දි පොලිස් මාමා කෙනෙක් අත දැම්මනෙ වාහනේට හප්පා මට තරු විසික්කා උනා. කොහොම හරි මායි අයියයි බැහැල ගියා මොකද බලන්න. ඔන් කියනවා ඉස්සරහට අපු ත්‍රිවීල් එකකට ලයිට් ඩිම් කරල නැතිලු. මොනව කරන්නද දැන් ඉතින් ඔන්න දඩකොලයක් දෙන්න ලැස්තිය.කොහොම හරි අයියා හෙන බොරුවක් දාලා මාව බේර ගත්තා. ඒපාර විනඩි 10 විතර අවවාදටික් අහගෙන යන්න කිව්වා. හොද කම කියන්නෙ පුතා අනික් දවසෙ පරිස්සමට යන්න කියලා ඔලුවත් අතගෑවා :). ඔහොම ඉතින් ගාට ගාට (ගාට ගාට කියන්නෙ පැයට 70km විතර වේගයක් තමා ඉතින්) ඇවිත් රෑ 11 විතර වෙන කොට නුවරට අවා.

කොහොමින් කොහොම හරි ඔන්න සති 2ට විතර පස්සෙ යහතින් ගෙදර අවා තවත් මේවගේ කතාවකින් හමුවෙමුකෝ ! අදට ඉතින් ඇති.

.

Tuesday, December 8, 2009

අලූත්ම විස්තර !

ඕන්න ඉතින් අයෙමත් බනි බලොග් එක පැත්තෙ අවා. මේදවස් වලනම් බනිට ගොඩක් දෙවල් සිද්ද උනා. කොහෙද ඉතින් බලොග් එකක් ලියා ගන්න තරම් කාලයක් නැ නොවැ අපිට. තවත් දෙයක් තමා බනිට මේ කොහෙදයන උණකුත් හැදුනනෙ. දොස්තර මාමනම් කිව්වෙ ඇදටම වෙලා දොයිය ගන්න කියලා. මොනපිස්සුද එයානම් කියයි.දැන්නම් බනිට ටිකක් සනිපයි.

ඔහොම යනකොට බනිට තවත් උණක් හැදුනනෙ. ඒක ඇවිල්ලා ලැප්ටොප් උණක්. අප්පා!! ඒක තමා හොද කරගන්න බැරිම උනේ. කොහොමින් කොහොම හරි දන්න කියන කඩේකට කියලා එකක් ගෙන්නව ගත්තා. අපරාදෙ ගෙන්නව ගත්තාමනෙ කියන්නෙ ඒක හරි නැ කියලා. ඒකට ඉස්තුතිවන්ත වෙන්න ඔනෙ කට්ටිය ගොඩක් ඉන්නවා විසේශයෙන්ම අපේ ගයාන් මලයයි,ඩනිශ්ක අයියවයි මතක් කරන්න ඔනෙ. එයාල තමයි ඒ ලැප් එකේ අඩු පඩු හොයල බලල මට විස්තර කරේ. ඒක මේ cq61 කියලා ලැපක්නෙ ඒවගෙ ලිඩ් එක ඉක්මනටම යනවලු. හැබැයි මැසිමනම් සිරා. මොනව කරන්නද කොහොමින් කොහොම හරි අදහස අතැරල දාල ඒ තිබුනු උණත් හොද කරගත්තා.

මේ අතරේ බනිගෙ තාත්තා ගත්තනෙ වැන් එකක්. හික්..හික්..හරි ලස්සනයි ඒක. නිවාඩු කාලෙට හැමොම එකතුවෙලා යාපනේ පැත්තෙ අයෙමත් පොඩි ට්‍රිප් එකක් යන්න තමා කට්ටියගෙම අදහස. හපොයි ඒකටත් හෙන හුරෙක් කඩාගෙන පැන්නනෙ. කොහෙද යන පිස්සෙක් ගෙදරටම ඇවිල්ලා ගැහුවනෙ තඩි කලු ගලකින් වැන් එකේ පිටි පස්සට. පිටිපස්සෙ දොරේ විදුරුව කුඩේ කුඩු. තහඩුවත් ටිකක් විතර තැලිලා. කොහොම හරි එලවගෙන ගිහිල්ලා පිස්සව අල්ලගත්තා. අල්ලලා අත්දෙක ගැට ගැහුවා. මේන් මෙකා අත්දෙක ගැට ගහලම ඉන්දැන්නිද් කොහොම හරි ලිස්සලා දුවන්න ගත්තනෙ දුවල ගිහින් වැටුනෙ පින් ළිදට. ඒපාර ඒකෙනුත් ගොඩ අරගෙන කකුල් දෙකත් ගැට ගහල අරගෙන අවා. ඇවිත් කෝල් කලා පොලිසියට.
ඔන් ඉතින් ඔය වෙලාවට තමයි හොද හොද දෙවල් මතක් වෙන්නෙ කොල් කලාම කියනවනෙ එවන්න කෙනෙක් නැ කියලා. ඔහොම පැයක් විතර ඉදලා අයෙමත් ගත්තා කොල් එකක්. ඒපාර කියනවා එවන්න වාහනයක් නැතිලු. අනෙ මෙහෙමත් පෝලීසි ! මොනව කරන්නද පිස්සෙක්ට උනත් මෙහෙම වද දෙන්න පුලුවන්ද? පැය 6ක් විතර බලන් ඉදලා අන්තිමට කකුල් දෙක විතරක් ලිහලා දාලා යන්න ඇරියා. කොහොමින් කොහොම හරි පිස්සත් යන්ට ගියා. ඔන්න ඊයෙ තමා වැන් එක පේන්ට් කරලා අයෙමත් යතා තත්වයට ගත්තෙ. දැන් ඔන්න ආයෙමත් ගෙනාව වගේම තියෙනවා. හික් හික්.. මාර පිස්සෙක් !.
දැන්නම් ඔන්න නිදිමතයි. අදට ඇති අයෙත් හම්බ වෙමුකෝ එතකම් බායී..!

Friday, November 13, 2009

මා හැදු පාසැල් මව්නි දයාදර.........

පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපාවාරු නැත ඔබ හැර යන්නට..//

නිල් තණ පලසේහි ගැටුනු දෙපාවයි
කෝල හැගුම් කෙලි කවට සිනාවයි..//
මල් නැටුමයි කලගෙඩි නැටුමයි
මගේ දැස තුල යලිත් ඇදේවිද..//

පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපාවාරු නැත ඔබ හැර යන්නට..//

නෙත කදුලින් හසකෙමින් මුවාකල
සොදුරු පැතුම් පුරවා මනමත්කල..//
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි..
මා හැදු පාසල් මවුනි දයාදර..//


පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපාවාරු නැත ඔබ හැර යන්නට..//

ගායනය:- සෝමතිලක ජයමහා -නිලා වික්‍රමසිංහ
ගැහැනූකෙනාගෙ නම නම් දන්නැ :D

මේ සිංදුව මට ඊයේ ලැබුනෙ. ඇත්තටම මේ සිංදුව මගේ හිතට තදින්ම ඇල්ලුවා ඇත්තම කිව්වෙත් මේක මම දැනට 8 පාරක් විතර ඇහුව දැන්නම් කට පාඩම්. මේ සිංදුවේ තේරුම ඔයාලට හිතා ගන්න පුලුවන්නෙ. කොහොම හරි ඉස්කෝලේ යන කාලේ පිස්සු කෙලිය හැටි මතක් වෙනකොට නම් දැන් ඇත්තටම දුක හිතෙනවා. මම මේ සිංදුව ඊයේ අහන කොට ඇස්දෙකට කදුලු අවා. අයෙමත් මට ඉස්කෝලේ යන්න පුලුවන්නම් කියලා හිතුනා.

ඔයාලටත් මේක අහන්න ඔනේ නම් මෙතනින් බාගන්න පියමන් කෙරුවෙමු
```````````````````````````````````````````````````````

Monday, November 9, 2009

Maya install කරමු.

   ගොඩක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි Maya මෘදුකාංගය  install කර ගන්න එක. මේක ගොඩක් අයනම් දන්නවා ඒ උනාට Maya පලමුවෙම්ම පටන්ගන්න කට්ටියට නම් මේක ටිකක් අමාරුයි. අමාරුයි කිව්වාම බය වෙන්න එපා. පොඩි වැඩක් කරන්න තියෙන්නෙ. ඉතින් කතාව ඇති අපි බලමු කොහොමද මේක හරියට install කරගන්නෙ කියලා.



01.  පලමුව ඔයා  Maya DVD හො CD එක ආදාරයෙන් ඔයාගෙ පරිගනකයේ windows තිබෙන partition එක මතට ස්ථාපනය කරගන්න. 

(මෙම මායා මෘදුකාංගය ස්‍ථාපනය වෙන්නේ ඔබගේ C:\ එනම් වින්ඩෝස් ඇති partition එකටයි. ඔබට පරිගනකයේ ඉඩ පිලිබද ගැටලුවක් පැනනැගුනහොත් වෙනත් partition එකක් තෝරාගත හැක. මම මෙය සකසා ඇත්තේ windows ඇති partition එකට ස්ථාපනය කරන ආකාරයටය. ) 

02. ඉන්පසු එම windows partition එකේ FLEXLM යනුවෙන් Folder එකක් නිර්මාණය කරගන්. ( C:\FLEXLM )





03.   පසුව ඔයාගෙ Maya  CD හෝ DVD එක ඇතුලෙ තියෙන crack folder එක open කර ඒකෙ තියෙන  aw හා awkeygen කියන File දෙක copy කරගෙන ඔයා නිර්මාණය කරපු FLEXLM නම් Folder එකට Paste කරගන්න.








04.  ඉන්පසු ඔබ Start > Autodesk > Common Utilities > FlexLM License Utilities කියන මෘදුකාංගය open කරගන්න. (මෙය මායා සමග ස්ථාපනය වේ)


05. එහි System Settings යටතේ ඇති Ethernet Address කියන එක තුල ඇති අකුරු ටික Copy කරගන්



06.  නැවතත් ඔබ FLEXLM යනුවෙන් නිර්මාණය කරගත් Folder එක තුලට ගොස් එහි ඇති aw File එක right click කර open with ගොස් එය notepad එකකින් open කරගන්න.
 



    එවිට ඔබට මෙසේ දිස්වේවි..
 



07. මෙහි ඇති your_host කියන කොටස ඉවත් කර ඔයා copy කරගත් Ethernet Address එක past කරගන්න. පසුව එය save කර close කරන්න.
   

08. ඉන්පසු එම aw file එක awkeygen කියන file එක උඩට ඇදගෙනවිත් අතහරින්න 





එවිට ඔබට දිස්වේවි කලුපාට command line එකක් ඇවිත් නැතිවී යන ආකාරය



    දැන් ඔයා Maya  Open කරලා බලන්න එය Open විය යුතුය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Saturday, October 31, 2009

මම දැන් හාවෙක් !

ඔයාල හිතයි මට පිස්සු කියලා. ඇත්තටම මට පිස්සු හැදිලනම් නැ  ඒ උනාට මම දැන් හාවෙක් නම් වෙලා.  අපොයි...! අරමොකෝ.  මම වත් දන්නැ මම කොහොමද හාවෙක් උනේ කියලා. ආ හරි මේක උනේ මෙහෙමයි.
     අපේ මේ පිස්සා දන්නවනේ අන්න මෑන් එක්ක මම ගියා මාතර එයාගෙ වැඩ වගයකට. අනේ ඉතින් අපි එනගමන්  කතා කර කර එන කොට මෙන් මේකා මට කියාපි  Bunny කියලා.. "හික්" අනේ ඉතින් එනගමනුත් මට කතා කරන්නෙ  Bunny.. Bunny.. කියලා.. අපොයි  අනේ මම ගෙදර එනකොට නිකන්ම හාවෙක් වෙලා. ඉතින් මට හිතුනා බනී කෙනෙක් උන එක හොදයි කියලා. ඔන්න  ඉතින් මම මගේ blog අඩවිය  බනී අඩවියක් කලා  :D   ආ යේ ඉතින් මේකේ තින්ත පාරක් ගාලා අලුත් කරගත්තා. ලොකු වෙනසක් වෙලා නේ...
ඉතින් හොදයිනේ  ඔයාල මට කියන්න මම හාවෙක් උන එක හොදයිද ?

අද ඉදන් මම හාවෙක්....(හොදටම පිස්සු)

Monday, October 5, 2009

ඔබේ පරිගණකයත් මන්දගාමීද ?

ඔයාගෙ computer එක ලගකදි ඉදල ටිකක් විතර slow වෙලා වගේ හිතෙනවනම් මෙන්න පොඩි උපක්‍රමයක් වේගෙ වැඩිකරගන්.

   ඔයා දන්නව ඇති windows වල වැඩ කරන කොට temporary file , ඒ වගේම අන්තර්ජාලයට යන කොට එන cookis වගේ දෙවල් නිකන්ම එකතු වෙනව. මේව අනවශ්‍ය විදියට එකතු උනාම  ඔයාගෙ කොම්පියුටර් එක slow වෙනව. ඉතින් මේ සියලුම අනවශ්‍ය file  එක වර මෘදුකාංගයක් නොමැතිව ඉවත්කරගන්න විදියක් අපි බලමු.

 මුලින්ම Notepad එකක මෙන්න මේ coding එක copy past කරගන්න.
---------------------------------------------------------------------------------------------------------------  
    @echo off
    del /s /q "%userprofile%\cookis\*.*

    del /f /q %windir%\prefetch\*.*

    del /f /q %windir%\temp\*.*
    del /f /q %userprofile%\local settings\temp\*.*
    del /f /q %userprofile%\local settings\temporary internet files\*.*


 --------------------------------------------------------------------------------------------------------------
ඊට පස්සෙ file name එකට කැමති නමක් දීල ".bat" file එකක් විදියට කැමති තැනක  save  කරගන්න
    e.g. :  delete all temp file.bat


එවිට ඔයා save කරගත්ත තැන මෙන්න මෙහෙම icon එකක් නිර්මණය වේවි.


ඊට පස්සෙ මේක උඩ ඩබල් click කරන්න
දැන් හරි. එවිට ඔයාට පෙනෙවි DOS වලින් ඔපන්වෙලා නැතිවෙලා යන හැටි.
ඔන්න දැන් ඔයාගෙ Computer එක වේගවත් වේවි

මෘදුකාංග නොමැතිව ‌Website එකක් Block කරමු.

     මට හිතුන පොඩ්ඩක් වින්ඩෝස්වල තියෙන පොඩි trix   එකක් ඔය ගොල්ලන්ට කියන්න.
වෙබ් අඩවියක් Block කරමු කිව්වෙ මෙහෙමයි. සමහර විට අපේ computer එක වෙන කෙනෙක් පාවිච්චි කරන කොට අනවශ්‍ය වෙබ් අඩවි වලට පවිසෙන්න පුලුවන්.  එක නවත්තන්න සරල ක්‍රමයක් තමයි මේ.
  
         වැඩේ සිම්පල්

   මුලින්ම   " C:\Windows\system32\drivers\etc "   කියන Folder එක ඇතුලට යන්න.
ඒකේ තියෙනව "hosts" කියල file එකක්. ඔයා එක notepad එකක open කරගන්න



"hosts" කියන එක notepad එකක open කරාම මේහෙම එකක් ඒවි.



ඒකෙ ඔය ඉතලය තියෙන තැනින් යටට වෙන්න අපිට Block කරන්න ඔන Website එකේ Link එක දෙන්න. එක දෙන්න ඔන මෙහෙමයි
Eg :-          

          127.0.0.2 www.youtube.com

තව එකක් Block කරන්න ඔනනම්. නැවත
           
          127.0.0.3  www.site name.com   or other

ඔය නිල්පාට කරපු ඉලක්කම මතක ඇතුව නිවැරදිව යොදන්න



දැන් ඔයා ගිහින් බලන්න ඒ website එක වැඩ කරනවද කියල.

ආ මතක ඇතුව ඔයාගේ web browser එකේ history එක clear කරල දාන්න. ඔයා පාවිච්චි කරන්නෙ firefox නම්  ctrl+shift+delete යතුරු තද කරහමත් හරි.

ඇත්තටම මේක ඉස්කෝලෙකට නම් නියමයි
මේ වගේ තව website block කරන විදියක් දන්නවනම් මටත් කියන්න

Monday, September 28, 2009

සිතුල් පව්ව විනෝද චාරිකාව

 කාලෙකින් අක්කයි අයියයි අපෙ ගෙදර ආවට පස්සෙ අපි හිතුව පොඩි චාරිකාවක් යන්න. ඒකට අපි තොරගත්තෙ සිතුල් පව්ව. මේ දවස්වල එහෙට තදින් පායන නිසා හරිම දුෂ්කරයි. අපි ගියේ තිස්ස මාහාරාමය පැත්තෙන් නිසා 30km පමන දුර තාර නොදාපු පාරක් දිගේ තමයි යන්න උනේ. පාර අයිනේ තියෙන්නෙ වියලිල ගියපු ගස් විතරයි.


  මේ තියෙන්නෙ අපි ගියපු පාරේ ගත්ත Photos ටිකක්







                                                     මේ අලි වැට

                                     වතුර පාරවල් ඔක්කොම හිදිල ගිහිල්ල






 තව මම ගත්ත photos තියෙනව. මෙතනින් බලන්න  Flicker :

ආ මට කියන්න බැරි උනා. මේ ඔක්කොම photos ගත්තෙ මගේ  Nokia 6120 classic   ජන්ගමයෙන්.

Friday, September 25, 2009

මොකටද Vista Gadgets..! මෙන්න Fedora වලටත් Gadget !

මේක මට අහම්බෙන් හම්බවෙව්ව දෙයක්. ඉතින් ඔයාලටත් කියන්න ඔන කියල හිතුන.

මුලින්ම බලන්නකො මේක....


කොහොමද හොදද?. නියමයි නේ....

ම්..ම්... මුනෙ හිනාව
අපි බලමු කොහොමද මේක ඔයාගෙ Fedora තියෙන computer එකට දාගන්නෙ කියල.
මුලින්ම Terminal එකට යන්නකෝ.
ඉට පස්සෙ මෙහෙම දෙන්න

   su -

ඊලගට

  yum install google*


දැන් හරි..

ඊට පස්සෙ
         Applications > Internet > Google Gadgets (Qt)

         මෙන්න Gadget
ඔයාට ඔන්නම් මේකට වෙනත් ගැජට් දාගන්න පුලුවන්.

ඒක කරන්නෙ මෙහෙමයි
මේ රතුපාට කරපු icon එක write click කරන්න
 

එකෙන් Add Gadgets.. click කරන්න


                                              කොහොමද ගැජට් තොගේ

ඔයාට ඔන ගැජ්‍ට් එකක් add කරගන්න

ඒ වගේමයි ඔයාට ගැජට් එකක් නිර්මණය කරගන්නත් පුලුවන්. ඒක කරන්නෙ මෙහෙමයි

Application > programming > Google Gadget Designer

මරු නේද..

ඔයාලත් උත්සාහකරල බලන්න.

අපිට ගැජට් බලන්න විස්ටම ඔනිද? විස්ට දේවිද ආ පුතේ ගැජට් එකක් හදන්න පුරුදු වෙන්න කියල Design Software එකක්. ? ඒක්‍ට Google

මේ වගේ තවත් Linux ගැජට් තියෙනවනම් මටත් කියන්න

Sunday, September 20, 2009

අහිතකර අධිශබ්ද ඔබේ මොළයත් කනත් විනාශ කරයි

මිනිසාගේ බාහිර කන,මැද කන හා අභය්‍යන්තර කන යනුවෙන් ඉතා පැහැදිලිව හදුනාගත හැකි ප්‍රධාන කොටස් තුනකි. අප බොහො විට කන යනුවෙන් හදුන් වන්නේ පිටතට නෙරා ඇති කර්ණිකාවෙන් හා ධ්වනි තරංග මැද කන වෙතට යොමු කරන බාහිර ශ්‍රවන නාලයෙනි.
ශ්‍රවන නාලයේ සිදුර මදක් ආවරණය කරන පේශිමය තැල්ල ට්‍රගසය (Tragus) නම් වේ. කර්ණිකාවේ පහත කොටසට අනුඛණ්ඩිකාව යයි කියති. බාහිර ශ්‍රවන නාලය (External Auditory Meatus ) අඟල් 1 1/4ක් පමණ දිගය. නාලයේ පිටත 1/3ක් සියුම් කෙස්වලින් අස්තරණය වී ඇත. එම කොටසේ ස්වේද ග්‍රන්ට්‍ ඉටි වැනි කලාඳුරු නම් නම් ශ්‍රරාවයක් හටගනි.මේ සියුම් කේස් හා කලඳුරු මගින් දුවිලි,ක්ෂුද්‍ර ජීවීන් වැනි දේ කන තුළට පිවිසිම වැළකේ. අධික වශයෙන් කලාඳුරු එක්රැස් වීමෙන් කන්බෙරය (Tympanic Membrance ) තෙරපෙයි. එවිට වෛද්‍යවරයකු ලවා එම කලාඳුරු ඉවත් කරවාගත යුතුය. මැද කනේ පියස්ස සෑදි ඇත්තෙ ඉතා සියුම් අස්ථි තහඩුවකිනි. මැද කන හරහා කුඩා ශ්‍රවණ අස්ථිකා (auditory Ossicles) පිහිටා ඇත.
ඒවා මුද්ගාරිකාව (Malleus ),නිඝාතිය (Incus) හා ධරණකය (Stapes) යන නම් වලින් හැදින්වේ.
මුද්ගාරිකාව කන් බෙරයේ ඇතුලු පැත්තට සවි වී තිබේ. එතැනින් පටන් ගන්නා අස්ථිකා දාමය කර්ණ පටහ කුහරය හරහා විරුද්ධ පැත්තේ බිත්තිය දෙසට යයි. මෙම බිත්තියේ කුඩා කවුළුවක් තිබෙන තිබෙන අතර එය අණ්‍ඩාකාර ගවාක්ෂයයි. මෙම කවුළුව තුළින්. අණ්ඩාකාර ගවාක්ෂයට ඇතුළතින් ආලින්දය (Vestbule) නම් වු මාධ්‍ය කුහරයක් තිබේ. මෙය උඩ පැත්තෙන් අර්ධ චක්‍රාකාර නාල තුනක් සමග සම්බන්ධ වේ.
බාහිර ශ්‍රවන නාලය ඔස්සේ ධ්‍‌වනි තරංග මැද කන වෙතට ළඟාවෙන අතර ඇතුළු කන වෙත ශබ්දය ගෙනයා හැකි ක්‍රම තුනක් තිබේ. ඉතා වැදගත් ක්‍රමය වන්නේ කන්බෙරය කම්‍පනය කිරීමයි. ජිවිත කාලය තළදි ශ්‍රවණ හැකියාව වටින් විට වෙනස් වේ. ස්නායු අන්ත උත්තේජනය (Enthusiam) වී ශ්‍රවණ ස්නායුව ඔස්සේ ස්නායු ආවේග (Neuro Impulse) මොලයට යයි. සාමාන්‍ය නීරෝගි කනකට තාරතාවේ (Pitch) වෙනස්කම් 1500ක් පමණ හදුනා ගත හැක. අධි ශබ්ද ප්‍රභේදයන්ට බලවේග (Power) යන්ත්‍ර, යානා හා ගුවන්යානා ශබ්ද, අධි සංගීත ශබ්ද යනාදිය ඇතුළත් වේ. කන් ඇසීම ආරක්ෂා කර ගනිමේ යෝග්‍යතම ක්‍රමය කන් ඇබ භාවිතා කරීමයි. සමහර සංගීත උත්සවවලදි Decibel එකක 100 ඉක්මවා යාම කර්ණ ආසාදනයට මුලික හේතුව වේ. මොළයේ සමහර කොටස්වලට හානි පැමිණිමෙන් සමතුලිකතාව නැතිවිමෙන් කෙලින් සිට ගැනිමේ හා ඇවිදීමේ හැකියා පරිහේ..

Tuesday, July 7, 2009

Ubuntu සමග windows දැම්මද ?

ඔන්න මට හිතුන අපි කටත් ubuntu පාවිච්චි කරනකොට එන ප්‍රශ්නයක් ගැන කතා කරන්න.
ඔයා සමහර විට Ubuntu සමග ‌Windows (ජනේලේ) දාගෙන ඉන්නවනම් ඔයාට සමහර විට මෙක වෙලත් ඇති.
ඔයා දන්නව Ubuntu ‌Grub එකත් එක්ක ‌windos තරහයි කියල. මොකද ubuntu තියෙද්දි windos දැම්මොත් ubuntu ලොඩ් වෙන්නැ
Grub boot erra වගේ (මට හරියට මතකනැ මොකක්ද වචනෙ කියල) Erra messeg එකක් එනව. අපි බලමු කොහොමද මෙක හදාගෙන යලි ubuntu යතාතත්වයට ගන්නෙ කොහොමද කියල.


මුලින්ම Ubuntu Live CD එකකින් boot වෙලා ඉට පස්සෙ Terminal එකට යන්න.

මොනව කරන්නත් කලින් ඔයාගේ root Partition එකෙ අංකය හොය ගන්න ඔන

ඔයාට root partition අංකය හොයාගන්න ඔනනම් මෙන්න මේ විධානය දෙන්න

df -h

එතකොට මෙන්න මේ වගෙ එකක් එවි. එකෙ "/" කියන්නෙ root තමයි. sda3 කියන්නෙ අංකය.


ඉට පස් මෙන්න මෙ විධානය දෙන්න

sudo grub

ඊලගට මහෙම දෙන්න

grub> find /boot/grub/stage1

ඉට පස්සෙ root partition එකෙ අංකය ලබා දෙන්න ඔන (අර ඉස්සෙල්ල හොයාගත්තෙ අන්න එක)

grub> root (hd__)

eg:
root (hd2)

ඉට පස්සෙ මෙහෙම දෙන්න

grub> setup (hd0)

අන්තිමට මෙහෙම දෙන්න

grub> quit

ඉට පස්සෙ computer එක restart කරන්න

Friday, May 1, 2009

නිදහසෙ වැඩකරන්න නිදහස් මෘදුකාංග


මම අද ඉදන් පොඩි වැඩක් කරන්න යන්නෙ

මුලින්ම බලන්න මෙම මිල සටහන


පොඩ්ඩක් අපැහැදිලියි වගේද ?
එහෙනම් මෙන්න මේක
Download කරගෙනම බලන්න


මෙවා ගන්න ඔයාට සල්ලි තියෙනවද ?
ප්‍රශ්නයක් නැහැ අවුලක් කරගන්න...

එකට තමයි ඔය නිදහස් මෘදුකාංග නිර්මාණය කරල තියෙන්නෙ.

අපි පොඩ්ක් Linux ගේ ඉතිහාසය ගැන බලමු

1991 පමන වන විට ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයෙ විශාල පෙරලියක් ඇති කළ ට්‍රාන්සිස්ටර හා සංගෘහිත පරිපථ වලින් උපරිම ප්‍රයෝජන ගැනිමට පටන් ගත් කාලයකි. මේ කාලයේ දි පරිගණක ක්ෂේත්‍රයේ ද විශාල පෙරලියක් ඇති කරමින් විවිධාකාර දියුනු දෘඞාංග කොටස් එලිදැක්විනි.

නමුත් යමක අඩුවක් දකින්නට ලැබුණි.

එය අනෙකක් නොව හොද පළක මෘදුකාංගයකි

කෙසේවෙතත් මේ වන විට DOS ඉතා හොදින් පරිගණක මත ක්‍රියාකරමින් තිබුනි. මෙය බිල් ගේට්ස් වසින් Hacker වරයකුගෙන් ඩොලර් 50,000 කට මිලදි ගත් එකකි. මෙම හදිසියේ ඇතිවුනු පළක මෘදුකාංගයක කූට අලෙවිකරන උපක්‍රම හා අඩු මිල මගින් සැමට නොදැනීම ලොකයේ සියඵ පරිගණක ආක්‍රමණය කරන ලදී. පරිගණක භවිතා කරන්නන්ට වෙනත්‍ විකල්පයක් නොතිබිණි. Apple MAC කොතරම් හොද වුවත් එය මිලෙන් ඉතා අධික වීම එහට හේතූව විය.

තවත් විකල්පයක් විය. එය UNIX නම් විය. එයද ඉතා අධික මිලකට අලෙවි විය. එසේ කරන ලද්දේ එය සාමාන්‍ය පරිගණක වලට නොයන පරිදි රැක ගැනිමටය. එසෙම එය හදුන්වා දුන් Bell Lab එහි Source Code පිටතට නොයන ලෙස දැඩි ලෙස ආරක්ෂා කරන ලදි. ඒ නිසාම UNIX මතට මෘදුකාංග නිපදවිමක් නොමැති තරම් විය.

එසේම තවත් විකල්පයක් විය. මෙය MINIX . මෙම පලක වැඩසටහන Andrew S. Tanenbaum නම් මහාචාර්ය වරය විසින තම ශිෂ්‍යයන්ට පාළක වැඩසටහනක ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරිම සදහා නිපද වුවකි. එසේම මෙය Intel 8086 Microprocessorයට ගැලපෙන ලෙස සකස් කරන ලද්දකි. MINIX ඉතා අගනා පාලක වැඩසටහනක් නොවිය. නමුත් එහි Source Code ඕනැම කෙනෙකුට නොමිලේ ලබාගත හැකි විය. MINIX, C හා Assembly පරිගණක භාෂා වලින් නිපදවා ඇත.

එසේම "Operating Systems: Design and Implementation” නම් පොත මගින් MINIX හි ඇති 12000 වන Code පිළිබද වෙන වෙනම හදුන්වා දෙන ලදි. එම නිසා ඉතා පහසුවෙන්ම Hackers වරැන්ට ප්‍රථම වතාවට පාළක මෘදුකාංගයක් කියවිය හැකි විය. එසේම ලොව පුරා පරිගණක භාවිතා කරන සිසුන්ට මෙම පොත මගින් තම පරිගණකයේ පාළක වැඩසටහන කෙසේ ක්‍රියාකරන්නේ දැයි හොද වැටහීමක් ලබාගත හැකි විය. මෙයින් එක් අයෙකු වුයේ Linus Torvalds .

1991 දි Linus Benedict Torvalds, Helsinki විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍ය අංශයේ දෙවන වසරේ සිසුවෙකි. මෙම කාලයේදිම Richard Stallman විසින් GNU නමින් සම්පුර්ණයෙන්ම නොමිලයේ (GPL - General Public License) වු පාළක වැඩසටහනක් ඉදිරිපත් කිරිය. මේ පිළිබද උනන්දුවක් ඇති වු ලිනස් හට MINIX මගින් GNU ආකාරයේ පාළක වැඩසටහනක් ඉදිරිපත් කිරිමේ දැඩි ආශාවක් ඇති විය . වසර 1991 සැප්තැම්බර් හිදි ඔහු විසින් ප්‍රථම වතාවට Linux 0.01 ලෙස ප්‍රථමයෙන්ම එලිදැක් විය. එතැන් සිට සියඵ අභියෝග ජයගනිමින් දියුනු වු Linux දැන් පරිගණක ලොව ජයග්‍රහනය තමන් සතු කරගනිමින් දිනෙන් දින ඉදිරිය වෙත පියමන් කරමින් සිටි.

සම්පුර්ණයෙන්ම නොමිලයේ භාවිතා කරිමට හැකි වු Linux හි Source Code ද ඕනැම කෙනෙකුට වෙනස් කළ හැකි ලෙසද ඉදිරිපත් වි තිබුනි. එමනිසා විවිධ ආයතන හා විශ්ව විද්‍්‍යාල මගින් Iinux වෙනස් කරමින් නවතම පාලක වැඩසටහනක් ඉදිරිපත් කරන ලදි. Caldera, red Hat, SuSE, Mandrake, Debian Fedora හා Ubuntu වැනි විවිධ පාළක වැඩසටහන් කිහිපයකි. දැනට ලොව හොදම Linux මත නිමැවුනු පාලක වැඩසටහන ලෙස මෙම Ubuntu පළිගැනේ. Ubnutu (උබුන්ටු) යනු අප්‍රිකානු වචනයකි. එය මනුෂ්‍යත්වය හා ප්‍රජාව යන අරුත් ගෙන දෙන්නකි.


(මෙම ලිපිය සඳහා තොරතුරු Ray සඟරාව මගින් ලබාගන්නා ලදි)





ඉතිරි ටික පසුව ලියමි


Wednesday, January 7, 2009

හාවාගේ මුල්ම ලිපිය.. :D

පහල කමෙන්ට්‍ කරන්න උන්ගෙ පහසුව තකා සිංහලෙන්ම දැම්මෙමි.. :D

මේ මගේ පලමු ලිපියයි :D