Showing posts with label trip. Show all posts
Showing posts with label trip. Show all posts

Thursday, March 29, 2012

නඩයකට සෙට් විය..!!

පටන් ගන්නෙ කොහෙන්ද මංදා.. දවස් 3 ක් කරපු හරිය මේකෙ ලියන්නත් බැ.. කෙටියෙන් ලියලා දාන්නම්..
        හුගක් කාලෙකට පස්සෙ අපේ ගෙදර කට්ටිය සමඟ පිට බස් එකක ට්‍රිප් එකක් යන්න දාගත්තා.. අපෙ ගෙවල් කිට්ටුව අදුරන ඇන්ටි කෙනෙක් තමා මේක සංවිදාණය කරලා තිබ්බෙ.. ඉතිං අපේ තාත්තත් යං කියලා අපිත් ලැස්තිකරව ගත්තා.. අපේ බාප්පලයි ගෙදර අයත් සෙට් උනා.. ගමන තිබ්බෙ මෙහෙම..

කන්දෙවිහාරය > කළුතර බෝධිය > කැළණිය විහාරය > මහනුවර දළදාමාලිගාව > සිරිපාදය..

ඉතිං උදේ පාන්දර 4 ට විතර ගමන පිටත් වෙලා කන්දෙවිහාරෙත් වැදගත්තා.. උදෙම්ම නැගිට්ටාම පැයක් ඇතුලත කන්න බඩගිනි වෙන ලෙඩක් මට තියෙන නිසා මං තිං කැ ගහන්න ගත්තා බඩ ගිනී කියලා :D  අනේ ඉතිං මං නිසා මුලු නඩේම උදෙපාන්දර කනවා :P
කන්දෙවිහාරෙ ඒවට පහසුකම් හදලා තියෙනවා කිසි කරදරයක් නැ..

එතැන වැඩකටයුතු ඉවර කරලා අපි ආවෙ කළුතර බෝදියට.. නමුත් එතැන නවතින්නෙ නැතිව දිගටම යන්න යෝජනා උන නිසා, පඬුරු දාලා කෙලින්ම කැළණියට ගීයා.. කෙලින්ම කීවට ඉතිං වංගුත් තිබ්බා :D
 අපේ ඩ්‍රයිවර් උන්නැහෙත් ට්‍රිප් වලට කියාපු උංදැ.. ගෝලයත් ඒ හා සමානයි.. ගෝලයා කිවට ඒ මනුස්සයාටත් ඩ්‍රයිවින් හැකි.. ඔන්න ගාල්ලෙ අය ට්‍රිප් යනවා නම් කියන්න එ බස් එක සෙට් කරලා දෙන්නම්.. ගානත් අඩුයි.. ගාල්ල මහනගර සභාවේ ඉන්ජිනෙරු ඒකකයේ බස් එක :D අපේ බාප්පාලාගෙ වර්ක්ශොප් එකෙ බස් එක නිසා තමා අරන් ආවේ ඒක..හැබැයි ඉදිරියට නම් ගනන් වැඩි කරන කතාවක් කිවා..!

එව්වා වැඩක් නැ.. ට්‍රිප් එකෙ රසමුසු තැන් හා දුක හිතෙන දේවල් තමා මට මේකෙ ලියන්න ඔනේ උනේ..

අපි 3 වැනියට ආවේ කැළණියට,  එතැන ගිහින් බාප්පත් එක්ක තර්ක කර කර වටේ ඇවිද්දා.. තර්කය තිබ්බෙ කැළනිය විහාරය වටේ තියෙන අමුතු කහපාට පාශාණය හා ඒක කරපු කාලසීමා.. ඉතිං ඇවිදලා කරලා අපි ගියා විහාරය ඇතුලට.. ඇතුලට ගියාම මගේ කැමරාව දැක්ක හාමුදුරු නමක් පැනලා කියාපි හාහා පුතා පොටොස් නම් ගන්න එපා කියලා.. මං එහෙමයි හාමුදුරුවනේ කියලා මාරු උනා.. අහන්නත් තිබ්බා පොටොස් දිය වෙනවද ෆ්ලැශර් එලියට කියලා.. එත් මයේ මොකො කියලා මං ඇතුල බලලා එලියට එන්න ආවා..
ඒත් මට ප්‍රශ්ණ කොටියයි.. විහාර ගෙයි මැද චිත්‍ර හරිම සරලයි.. වටේ ඒවා සංකීර්ණයි.. 
මං බාප්පාගෙ කනට කරලා ඇහුවා.. මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා.. බාප්පා.. මං දන්නෙ කොහොමද දරුවො ඔව්වා.. අන්න අර හාමුදුරුවන්ගෙන් අහන්න..
මල සේකයි.. අර මට ෆොටො ගන්න එපා කිව හාමුදුරුවො.. ඒත් ඉතිං ප්‍රශ්ණයක් තියාගෙන එතැනින් යන්න හොද නැති නිසා මං ගියා අහන්ඩ.. හෆ්ෆෙ කියන්න දෙයක් නැ හරිම හොද හාමුදුරු නමක්..

මහත්තයෝ මේක කොටස් දෙකකට හදලා තියෙන්නෙ.. එකක් නුවර යුගයේ චිත්‍ර.. ඒවා අවුරුදු 1800 ගානක් පරණයි.. මේ එළියෙ තියෙන ඒවා ඊට අවුරුදු 100 කට පස්සෙ කරපුවා.. ඒකයි ඒවා සංකිර්ණ හා කලාත්මක අතින් උසස්..

කිවත් වගේ කතාව ඇත්ත..
ඔන්න කොහෙන්දෝ ඉදන් අපෙ බාප්පත් පාත් වෙලා.. මගේ කතාවට බාදා කරලා..

බාප්පා: හාමුදුරුවනේ අර ටිවි එකෙ රෙඩියෝ එකේ එහෙම කිව අර අලුතින් කරපු මැණික් පුටුව කොයි?

හාමුදුරුවො: මැණික් පුටුව ? හොහ්.. ඒක හොද මැණික් පුටුව.. අනේ මහත්තයෝ මහත්තයාලත් මේ මාධ්‍යයෙන් ලොකුවට පෙන්නන දේවල් වලට රැවටෙනවානේ.. එකත් අතකින් මහත්තයා සාදාරණයි.. ඕකෙ පෙන්නන්නෙ ඇත්ත වගේනෙ.. ඒක මහත්තයෝ කොන්ක්‍රට් පුටුවක්.. මේ ඉමිටෙශන් ගල් වගයක් අල්ලලා.. මං කිවා ඒක ගෙනාපු හාමුදුරුවන්ට.. වහාම අරන් යන්න කියලා.. මහත්තයෝ මේක පූජනීය තැනක්.. බුදුන් වැඩිය තැනක්.. මෙතැන්ට ඔනි කොන්ක්‍රිට් පුටෘවක් නෙවේ.. එක්කො ඔන්න ඕක හදපං කලුවර ලීයෙන්.. එක්කො මොනා හරි වටින දේකින්.. එහෙමනෙ වෙන්න ඔනි.. කොන්ක්‍රිට් කියන්නෙ වටින දෙයක් නෙවෙ..

බාප්පා: ඒක ඇත්ත හාමුදුරුවනේ.. සමාජේ දැන් මිනිස්සුන්ව මුලා කරලා.. පුජනීය දේවල් විකුණලා.. රට මොන පැත්තට යනවද මංදා..

හාමුදුරුවො: මහත්තයෝ මේක අපේ රටේ ප්‍රදාණ උන්ගෙ වැරදි.. උන් කියන්නෙ මොකක්ද අපෙ උන් කරනවා.. දැන් මේ පුතා හැදුනේ පන්සලේ.. ගුණ ධර්ම දන්නවා.. හොදට හැදිලා තියෙනවා.. මූ දන්නවා සමාජේ ඉන්න ඔනි හැටි.. මූට පෙනවා සමාජෙ වැරදි .. ඒත් නරකට හැදිච්ච එකා නරකමයි.. ඌට බලය ලැබුනු තැන .. ඒක විනාස කරලා.. රටත් විනාස කරලා.. තමනුත් විනාස වෙනවා..

බාප්පා: එහෙයි.. එතකොට හාමුදුරුවනේ තියෙනවා කියන ඇත්ත මැණික් පුටුව ?

හාමුදුරුවෝ.. ඒක මහත්තයො බලන්න ඔන්නම් වෙහෙර වහන්සෙ කඩාගෙන ඇතුලට යන්න.. එක්කො ඒක ඉස්කැන් කරලා බලන්න..

අපි ටක් ගාලා හාමුදුරුවන්ට වැදලා එතැනින් මාරු උනා.. 

බාප්පා: එයාගෙ පුතාලා දෙන්නා පැත්තට හැරිලා ඔන්න තෙරුනානෙ.. කොමද එදා මතකද.. අම්මා ටිවි එක දාගෙන.. අපිට මැච් එක බලන්න දුන්නෙත් නැනෙ? ලොකුවට අහන් හිටියා පුටුව බලන්න.. ඔය කරලා තියෙන්නෙ.. අම්මපා මේක හාමුදුරුවො ලව්වම පැහැදිලි කරන්න ඔනි.. අන්න ගිහින් කියන්න අම්මට පුටුව පෙන්නනවා කියලා හාමුදුරුවන්ට කිවාම..

ඉතිං අපේ බාප්පාගෙ පුතා මේක කිවාම ඇඹරෙනවා.. ඌට යන්න කම්මැලි කමට.. නඩෙ ගාව ඕක කියන්නත් එපැයැ.. ඉතිං මං වැඩෙ බාර ගත්තා.. මං හෙමිට ගිහින් පුංචි අම්මටයි අපේ අම්මටයි කිවා. අන්න ගිහින් බලන්න මැණික් පුටුව පෙන්නනවා කියලා.. මේක ඇහුනා විතරයි නඩේ හිටය ඔක්කොම ගෑණු කට්ටිය .. මෙන්න යනවා පුටුව බලන්න.. මං හෙන ගේමක් දීලා හිනාව තද කර ගත්තෙ.. කට්ටියම ගිහින් මූන පුම්බගෙන ඔරව ඔරව එනවා..

මැණික් පුටුව දැක්කයි?
පැය 2-3 ක් යනකන් මාත් එක්ක කවුරුවත් කතා කලේ නම් නැ :D

සත්‍ය අවබෝද කරන්න පුජා භුමියේ ඉදන් බොරුවක් කිවට ඒක පවක් නෙවෙ කියලයි මගේ මතය නම්..!!
................
එතැනින් ඇවිල්ලා අපි නුවරත් ගිහින්.. කෙලින්ම සිරිපාදෙට ගියා..

ඔතැන ඉදන් තමා මට කලකිරෙන දේවල් ටික වෙන්න ගත්තෙ..

නඩේ කට්ටිය එකි නෙකාගෙ අදහස් වලට විරුද්ද වෙමින් හිතෙ හැටියට වැඩ කරන්න ගත්තා.. නඩේ ගුරාට කැ ගහලා කන්ඩායම සෙට් කරගන්න ඒ හැටි හැකියාවක් තිබ්බෙ නැ.. උන්දැත් වයසයි..
ඉතිං තාත්තා කිවා.. අපේ ගෙදර අයයි.. බාප්පලාගෙ ගෙදර අයයි.. එකට යමු කියලා.. එහෙම කියලා අපි 4 ට විතර නගින්න ගත්තා..
අපි එක්ක ඔය ට්‍රිප් එකට කට්ටිය එකතු කරපු අත්තම්මාගෙ පොඩි දුවයි.. එයාගෙ දුවයි ආවා.. ඉතිං අපි කට්ටිය හෙමින් හෙමින් කරුනාකරනවා.. මොකද අපේ අම්මට හා පුංචි අම්මට ඒ හැටි ඉක්මනට යන්න අමාරුනිසා... කොහොම කොහොම හරි කරුණාකරා..
ටිකක් දුර ගියාම.. පාර 2ට බෙදෙන තැනක් හම්බෙනවා.. එතැන එක මිනිහෙක් ඉදන් කියනවා.. මේ පැත්තෙන් යන්න.. සමන් දෙවියන්ගෙන් ආරක්ශාව අරගෙන යන්න කියලා.. අපේ අම්මලා තාත්තලත් යන නිසා.. මාත් ගියා ඒ පැත්තෙන්.. පාට පාට රෙදි වලින් හදාපු පොඩි පංසලක්..
හාමුදුරුවො 3 නමක්.. ඒ හාමුදුරුවෝද නැත්නම් නිකං සිවුර පෙරව ගත්ත උන්ද මංදන්නැ.. එකෙක්ගෙ මූනෙන් කපටි කම වැහෙනවා.. ඒ කතාකරපු විලාසෙට මට දෙන්න තිබ්බා දත් ඇන්ද ගැලවෙන්න..
"පිංවතුනී.. මෙතැන අපි කරන්න යන්නෙ සිරිපාදේ වාර කාලයට හා අවාර කාලය කියන දෙකටම විවෘතව තිබෙන පංසලක් හදන්න.. ඒකට ඔබලාගේ ආදාරය අවශ්‍යයි.. ඒ සඳහා මේ ජිවන් කරපු නූලක් ගැට ගසා ගන්න.."
අම්මපා ඉතිං මගේ ඇගේ මාලු නටනවා.. මුං සමන් දෙවියන්ගෙ ආරක්ශාව කියලා මොකක්දො මගුලක් ගැටගහන්න හදනවා.. ඒකත් නිකං කඩේ රු 20 නූල.. මුං ලග රු 100 යි.. 
ඒකත් හා කියමුකො තව එකෙක් නිකං කිංඩියට වගේ කියනවා.. ඔය පඩුරු දැම්මා නොදැම්මාට කා එක්කවත් අපේ අමනාපයක් නැ කියලා.. අනේ මංදා මට යක්ශ කෙන්තියි..

ඇත්ටම ඒක පංසල් කඩයක්.. පංසලුත් තියෙනවා පංසල් කඩත් තියෙනවා..  මිනිස්සු සල්ලි මත්තෙ නැහෙනවා.. තමන් දෙන ආදාරයක් ගන්නවා මිස.. ඉල්ලන සිරිතක් බුදුහාමුදුරුවොවත් දේශණාකරලා නැහැ.. අනික සිරිපාදෙ කියන්නෙ ලංකාවේ උසම පූජනීය ස්ථාණය.. ඕකට  රජයෙන් ආදාර දෙන්න බැරිද පංසලක් හදන්න ?


ඉතිං එතැනටත් බැන බැන ආවා ඉස්සරහාට... සිරිපාදේ හරියටම නගින්න පටන් ගන්නෙ මකර තොරණ ගාවින්.. එතැන ටිකක් ඉස්සරහාට ගියාම සැතපෙන පිලිමෙ.. එතැනට තමා හැමෝම බාරහාර වෙලා යන්නෙ.. මෙන්න එතැනත් හාමුදුරුවො කෙනෙක්.. හැමෝටම අඩගහල වැදගන්න කිවා.. ඒ වගේම හැමොටම බිම වාඩි වෙන්නත් කිවා.. දැන් ගාතාවගයකුත් කියලා කියලා දේශණ වගේකුත් දීලා.. එක පාරට කියාපි.. මේ සමන්දෙවියන්ගෙ අඩවිය.. බාරහාර වෙලා ගියෙ නැති 11 දෙනෙක් මේ වාරෙ බිලිගත්තා.. ඒක නිසා හැමොම බාර වෙලා යන්න කියලා.. මිනිස්සුත් සූ ගානවා..
ඒක කිව විදියට හිත පොඩ්ඩක් හරි ගැස්සෙන් නැත්නම් ඒක පුදුමයක්.. මට දැන් හරිම අමාරුයි දණගහගෙන ඉදලා.. කකුල් දෙක රිදෙනවා.. ඒ අස්සෙ හාමුදුරුවො කැ ගහනවා නැගිටින්න එපා එක්කෙන්ක් වත් කියලා.. අපි බන අහන්න හරි ගාතා කියන්න හරි තමන්ට පහසු ඉරියව්වකින් ඉන්න ඔනි.. නැතිව හාමුදුරවන්ට ඔනි ඉරියව්වෙන් නෙවෙ.. එහෙම එක විදියකට ඉන්න ඔනි කියලා නීතියක් නැ කොහෙවත්.. අනික තමන්ට ඉන්න විදිය අපහසු නම් ඒ ගාතා වලට හිත යන්නෙත් නැ.. හිතන්නෙ නැගිටින්නෙ කොයි වෙලෙද කියලා.. මටත් උනේ ඒ ටකමයි.. ඔනි මගුලක් කියලා දඩස් ගාලා මං නගිට්ටා.. මිනිස්සු මගේ දිහා බලනවා.. මටත් ලැජ්ජයි.. මං එහෙන්ම නැගිටලා වැද ගත්තා.. මෙන්න 2-3 දෙනා නැගිටිනවා..
ඊට පස්සෙ හාමුදුරුවො කියාපි .ඔය හැමොම පඩුරු දාලා යන්න කියලා.. රු 20 ට වඩා පඩුරු දාන හැමොටම සමන්දෙවියන්ගෙ මුද්‍රත වර්ණ ඡායාරූපයක් නොමිලේ කියලත් මට කියනවා ඇහුනා.. අනේ ඉතිං මිනිස්සු ඒකත් අරගත්තා..
සාසනේට ගිය කලක්..!!

(අනේ දෙයියනේ කියලා මට හීරිම් තුවාලයක් වත් නැතිව මං ශ්‍රීපාදෙ වැදගෙන ගෙදර ආවා.. පලවෙනි පාර ගියා වගේ කකුල් රිදෙන්න ගත්තෙත් නෑ..)

 එතැනිනුත් ගැලවිලා
සීත ගඟුලේ කෝඩු කාරයෝ ටික බස්වලා.. එතැන කරන්න ඔනි දේවල් කරලා.. අපි උඩට එන්න ආවා.. ටිකක් දුර ඇවිත් මහන්සි නිසා කඩේකින් තේ එකක් බොන්න ගියා.. තේ බීලා ඉවර උනාම අපේ ගෙදර අයට විතරක් රු 250 තේ 5 ට.. 1ක් 50 යි..
ඒක හරිම අසාදාරණ මිලක්.. හේතුව ඇහුවාම කිවේ වතුර අදින්න අමාරුයි සීනි තේ කොල ගෙන්න අමාරුයි කියලා.. ඒත් එක කොප්පෙකට වැටෙන වතුර සීනි තේ කොල ප්‍රමාණෙ අනුව.. රු 50 කියන්නෙ අන්තිම අසාදාරණ මිලක්.. දැන් බීප දේ දෙන්න බැරි නිසා අපි සල්ලි දීලා ආවා..  ටිකක් දුර ඇවිල්ලා බලද්දි බාප්පලා කට්ටිය මිසින්.. ඒක කොහොම උනාද කියලා කියන්න අපිට තෙරෙන්නෙත් නැ..
ඒකට විද්‍යාත්මක හේතුවක් ඇති.. මිනිස්සු නම් කියන්නෙ සමන් දෙවියො තම තමන්ගෙ කට්ටිය එහෙම වෙන් කරනවා කියලා.. ඇත්තටම ඒක ගමනටත් පහසුයි.. මං හිතන විදියට නම් එතැන වෙන්නෙ අපි වැඩිපුරුම හොයන්නෙ අපේ ලඟම අය ගැන නිසා.. මට අම්මා තාත්තා යද්දි බාප්පලා එක්ක යන්න බැහැනේ.. අන්න ඒ වගේ.. මං වැඩි පුර බලන්නෙ අම්මා තාත්තා හා අක්කයි මල්ලියි ගැන.. ඉතිං අපි ඒ කට්ටිය එක්ක යනවා.. අනික් අයත් එහෙම හිතනවා.. ඉතින් කන්ඩායම 2 ට කැඩෙනවා..

ඔහොම තවත් ටිකක් දුර නැග්ගාම අර අපි එක්ක ආපු නැන්දයි එයාගෙ දූයිත් අපෙන් වෙන් වෙලා.. දැන් කොහෙන් කියලා හොයන්නද.. අපි 5 දෙනා ආවා උඩටම.. එතැනට ආවාම තව තැනක මල් විකුණනවා..
ආ ගන්න ගන්න මල්.. මෙතැන තමා අවසාන කඩේ.. මෙතැනින් අරන් යන්න.. අර මැලවිච්ච මල් වගයක් විකුණනවා.. මලක් රු 20 ද කොහෙද.. අපිත් ඉතිං අවසන් කඩේනෙ.. මල් අරගෙන ගියා.. මෙන්න තව ටිකක් උඩට යද්දි ඔනි තරම් මල් කඩ තියෙනවා.. අරු කියලා තියෙන්නෙ අමූලික බොරු..
ඔච්චර පූජනීය තැනක ඉදන්.. එහෙම කරන්න තරම් ඒ මිනිස්සු පිරිහිලා..

ඉතිං අපි මල් තියලා වැදලා කියලා ආවා.. එතැන උඩ ඉන්න දෙන්නැ මිනිස්සුන්ට බහින්න කියනවා.. සෙනග වැඩි නිසා.. අපි ශ්‍රීපාද පද්මයට නමස්කාර කරන්න ගියාම පොලිසියෙන් කිවා අනික් පැත්තෙන් යන්න කියලා.. ඒ කියන්නෙ පිට පස්ස පැත්තෙන් ගිහින් නමස්කාර කරන්න.. මාත් ඉතිං කලින් ගියෙ ඉස්සරහින් නිසා වෙනසකට කියලා අනික් පැත්තෙන් ගියා.. පිරිමි අයට විතරයි එන්න දෙන්නෙ.. මමයි මල්ලිය තාත්තයි.. එතැනින් ගිහින් වදින්න හදන කොට බහින්න තියෙන පැත්තෙන් මිනිස්සු කලබලේ ඇවිල්ලා වදිනවා.. අපිට වදින්නත් නැ බහින්නත් නැ.. ඒ අස්සෙ ගෑනු අයත් ඇවිත්.. මිනිස්සු හරිම ආර්ත්මාර්තකාමි වෙලා..
අනික් මිනිස්සු දුක් විදගෙන පෝලිමෙ ඇවිත් වදින්න හදනවා.. මේ මිනිස්සු ලෙසිවට බහින පැත්තෙන් නගිනවා..

ඒකෙන් මං බලන්නම හිටපු දෙයක් මට අමතක උනා.. ශ්‍රීපාද පද්මය ඉස්සරහින් ගිහින් එතැන බිත්තියේ තියෙනවාලු වීදුරු කැල්ලක් දාලා හදාපු පොඩි සිදුරක්.. එකෙන් ඇහැ තියලා බැලුවාම මැණික් ගල් වගයක් පේනවා.. බාප්පා නම් කීවේ ඒක තමා ඇත්ත ශ්‍රීපාදය කියලා.. මීට අවු 20 කට විතර කලින් බාප්පා එතැන බැලුවාම මැණික් ගල් 6 කට වඩා තිබිලා තියෙනවා..
නමුත් මේ පාර බලද්දි 1කම 1ක මැණිකයිලු පෙනුනේ.. ලාවට LED බල්බ් එකක් වගේ.. එළියක්..
 අපේ දේශප්‍රේමී මහත්හොරු ටික ඒ මැණික් ගල් ටිකත් අරගෙනද දන්නෙ නැහැ.. :)
ශ්‍රීපාදයේ යන්න ඉන්න කෙනෙක් නොවරදාවම එතැන බලන්න.. ඒක හරි වටිනවා.. මට 2පාරක් ගිහිල්ලත් බලා ගන්න බැරි උන එක නම් හරිම අපරාදයක් :-/

ඉතිං එතැනින් පහලට ඇවිත් අපි නැවතත් පල්ලම් බහින්න උනා.. යනවා යනවා යනවා.. හරිම හෙමින්..  එක අතකින් හෙමින් යන එකත් හොදයි.. මොකද අපෙ අම්මට පඩි බහින්න හරියට අමාරු උනා.. ටිකක් පහලට බැහැලා බලද්දි තමා වැඩෙ තෙරුනේ..
නගින පැත්තෙ එකට 3-4 දෙනා.. බහින පැත්තෙ අයට ඉඩ නැහැ.. ඉතිං උඩ මිනිස්සු බහින්න ප්‍රමාද වෙනවා කියන්නෙ අරගොල්ලා නගින්න හිටගෙන ඉන්න එපැයි..  3-4 දෙනෙක් මෝඩ වැඩ කලාම.. අනික් අයත් ඒකට පට් ගාලා අනුවර්තණය වෙනවා.. අනේ මංදා ලංකාවෙ උන්දැලාගෙ හැටිය.. කොච්චර කිවත් කවුරුවත් තෙරුම් ගත්තෙ නැ.. එත් ඔය සීතලේ ගුලිවෙලා හිටය කපල් වලට නම් ලොකු පල්ලම ඒක.. හික් හික් .. :D


තව තැනකදි අපි පඩි ටිකක් පලල් තැනක් බලලා එක්කෙනා එක්කෙනා උඩට වෙන්න පඩි පෙලෙ වාඩි උනා අමාරුම නිසා.. කාලකන්න පොලිස්කාරයො දෙන්නෙක් ඇවිල්ලා කැ ගහන්න ගත්තා.. ඔතනින් නැගිටනවා.. ඔතැන හිටියාම අනික් මිනිස්සු යන්නෙ කොහොමද කියලා.. තිරිසන්නු..!!



අපි පාංදර 5.30 ට විතර වගේ ඉරසේවයත් බලාකියා ගත්තා.. අපේ නඩේ අනික් අය උඩට නැගලා .. රෑම බැහැගෙන.. එහෙම යන ගමනේ තෙරුමක් නැ.. කොහොම හරි අපේ ගෙදර අයයි බාප්පලාගෙ ගෙදර අයයි තමා ඉරසේවය දැක්කෙ.. අනික් අය දැකලා තිබ්බෙ නැහැ...

බස් එකට ඇවිල්ලා බැලුවාම අර නැන්දයි දූයි ඉන්නවා.. ඒ නැන්දාගෙ දූට උඩදි බඩගින්නක් ඇවිල්ලා.. ඉතිං අතේ සතයක් වත් තිබිලා නැහැ.. (හරිම දුප්පත මිනිස්සු දළුකඩලා තමා ජිවත් වෙන්නෙ.. මනුස්සයත් දාලා ගිහිල්ලා)
ඉතිං අර දූ අඩනවාලු අනේ මගේ අම්මෙ මට වතුර ටිකක් හරි අරන් දෙන්න කියලා.. ඉතිං මේ නැන්දා කඩේකට ගිහින් වතුර ටිකක් ඉල්ලලා.. කඩේ උන් වතුර දෙන්න බැහැ කියලා.. ඒකටත් සල්ලි ඉල්ලලා..
මේ මිනිස්සුන්ගෙ මනුස්සකම් වලට මොනා වෙලාද?
අර නැන්දා අඩ අඩ දූවත් වඩාගෙන  පහලට බැහැලා.. බස් එකට ඇවිල්ලා තමා වතුර දීලා තියෙන්නෙ..
මට ඔය කතාව කියද්දිත් හිත මොකදෝ වෙලා ගියා.. එත් අර තිරිසන් මිනිස්සුන්ට එහෙම හැගීමක් ආපු නැති එක ගැනයි පුදුමේ.. උන්ගෙ හිත් ගල්වෙලා සීතලට..

මේ හැම දේකින්ම මට එක දෙයයි තෙරුනේ.. චූටිම චූටි කඩදාසි කැල්ලක් පස්සෙ මිනිස්සු දුවන දිවිල්ල.. කවදාවත් හතිවැටෙන්නෙ නම් නැ.. අන්තිමේ මැරුනාම අරන් යන්න දේකුත් නැහැ.. !!

................

කතාව දිග වැඩී.. ගන්න යමක් ඇති කියලා හිතනවා...
සිරිපාදෙ ගැන කලින් පාරක් ලියලා ඒකට තාම බැනුම් අහනවා.. මේ පාර කුණුහරුප තිබ්බොත් නම් ඒවා ඩිලිට් කරනවා :)

සසර කලකිරුනු මම
ද බනී...


..

Saturday, January 7, 2012

මල වෙඩිමයි.. අවු 3 යි.. O_o

ජය වේවා bunny.. ඔල්ද බෙස්ට් වල් හාවා..!!මයි කන්ගඩුලෙශන් බනියා..
අම්මට හුඩු #@*% බනියා.. එළ ඇ..

ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි..

අද ඇත්තටම සතුටු දවසක්.. මං ඉතිං ඒක සැමරුවා.. පාටියකුත් දුන්නා.. රු 200 ගත්තෙ වතුර එක දෙන්න, ඒක වෙනම කතාවක්..  :D :D
අද සතුටු වෙන්න හෙතුව.. මයේ බ්ලොග් එකට අවු 3 ක් පිරෙන්නෙ අදට.. මේ අවුරුද්දෙ කිසිම පොස්ට් එකක් නොදා නලිය නලිය උන්නෙ මේක දාන්න ඔනී නිසාමයි..
අද තිබ්බ gtg එක ගැන දැම්මෙ නැත්තෙත් ඒක නිසාමයි :D එහෙම බැලුවාම නිකං ආර්ත්මාර්තකාමි වගේ.. ඒත් තිං මොනා කරන්නද නේද ? :D

      බ්ලොග් එක ගැන කවදා ලියන්න බැරිද.. ඒ වගේද අද දවස.. 7 වෙනිදා. අම්මේ අමතක වෙන්නැ ජිවිතෙට.. මයේ කකුලෙ තාම වැලි අෆ්ෆා.. හෝද ගන්නත් ලෝබයි :D




 ඇත්තට අද ගහන්න තරම් මඩ නැ (මගේ ගිණුමට බර ගානක් පගාව ඇවිල්ලා තියෙන්නෙ ::D:D)

උදේ පාංදර අලි ජංජාලෙ.. මම් කුකුලා කරේ තියාන හරියට 8 වෙද්දි ගාල්ලෙ බස්ටැන්ඩ් එකේපාලම උඩට අවා.. සෙට් එකක් උන්නා.. කොම කොම හරි දවල් වෙද්දි ඔක්කොම වගේ අවා.. මායි පොඩි මැනුයි ගියා කෑම ඔඩර් එක බාර දෙන්න.. ගිහිං එද්දි පාලම උඩ උන්න අපේ ඇවුන් ටික පොලිසියෙන් එලවනවා..
අනේ බුදු පුතේ වදින්නම්.. පාලම අලවලා වගේ තියෙන්නෙ.. වැඩිය ඕක උඩ ඉන්න එපා.. කඩා වැටුනොත් අපරාදෙනේ කියලා..
මට තිං මේක දැක්කාම මලේ මල.. මම් පොලිස්කාරයාට ගහන්නත් ගියා.. ඔය නලිං කාරියවසම් තමා පැනලා අල්ල ගත්තෙ එපා බං එපා.. පවු අරුං කියන කතාව ඇත්ත තමා කියලා.. නලියා නැත්නම් අරූ අද දැඩිසත්කාරේ.. ඉතිං අපි පහලට බැස්සා..

උදෙන්ම ආපු සෙට් එක.. :D
ඊට පස්සෙ ආපු උංගේ නම් ටික ගන්න ඔනි නිසා.. මම් හදපු ඩොක් එකේ ප්‍රින්ට‍ අවුට් එකක් ගන්න කියලා කඩවල් 2-3 කට ගියා.. කොහෙද.. එකක් වත් ඇරලා නැ.. අන්තිමේ ඇතැරලා දාලා අවා එන්න.. ඇවිල්ලා නිකමට වගේ ලැප් එක අදින්න බෑග් එක ඇරියා.. අම්මට සිරි.. ලැප ගෙනැල්ලා නැනේ O_o
අයියේ මෙන්න මේකෙ තියෙන එක ප්‍රින්ට් කරග්න ඔනි කියලා එතැන කඩේ ලැප අදින්න ගියා නම් කොන්ක්‍රිට් කියලා බලන්නැ එතැන පලං යනවා අනිවා :D
අපේ ගැණු ළමයි උන්න නිසා තිං අතිං ලියව්වා අන්තිමේ :D
 
නොකියා ඉන්න බැරි කතා ටිකකුත් තියෙනවා..

වෙනි අයියා අලි පාර්සලයක් දුන්නා.. දීලා කියනවා.. මචං හාවා.. උඹ අර x අදුරනවද ? ඔව් බං අයියෙ මොකද සීං එක? අඩෝ මේ ලවු ලෙටර් එක දියං බං..
අඩෝ මෙච්චර අලි පාර්සලයක් ? ඔව් බං පොතක් ඇතුලෙ දාලා තියෙන්නෙ ගෙදරිං දැක්කොත් හරි නැනෙ.. :D

.........
ඔක්කොම නටලා ෆන් අරන් කාපු බීපු තැන් අස් කරලා දාලා, ගෙදර එන්න එන කොට තමා මාරම අප්සට් එක :-/

අඩෝ අසෙලයා ගියේ නැනේ ?
ඌ පල්ලෙහා බං.. නැ බං ඌ පාගලා ගියා උඩ ඇත්තෙ..
පල ඩෝ ඌ උඩ කියක් ඔට්ටුද..
1000 ක් ඔට්ටුයි.. ඌ පහල..
නැ යකෝ ඌ උඩ ගියා දැක්කෙ නැද්ද ඌ ඉස්සර වෙලා ගියා..
හරි හරි යමල්ලා ගිහින් බලමු..
 .. අම්මට සිරි හාවා..  අපි මෙච්චර බැස්සද බං?
ඒක තමා මේ මාත් කල්පනා කලේ..
ටිකක් දුර ශොට් කට් එකෙන් පැමිණි.. වෙනි, බුල්ටො, හාවා etc :D
යනවා යනවා පඩිපෙලේ ඉවරයක් නැ.. එන කොට මතකයි මුල්ම හරියෙ තිබ්බෙ කලුගල්.. එක තැනකවත් කලු ගල් නැනෙ.. ඔක්කොම පඩිපෙල් ? මගුලයි මේං අලි ගේට්ටුවක්..?
අම්මට උඩු.. මෙතැනට කොහෙන්ද යකෝ ගේට්ටුවක් අවේ ? O_O
යකෝ  උදේ ආ ඩිංගට පඩි පෙලකුත් දාලා ගේට්ටුවකුත් දාලද ?
නැ යකෝ තොට එච්චර වෙරිද ? නොදොකිං මුසලයා.. මේ බලහං මේ පඩි දිය සෙවෙල් කාලා..

අම්මට සිරි ඔව් නේන්නන්..
අඩෝ පාර වැරදිලා ඩෝ .. මගුලයි.. කමක් නැ ඕම පැනපං ගෙට්ටුවෙන්.. 
අනේ ඉතිං දන්න සියල්ල වැඩ දාලා ගෙට්ටුවෙන් පැන්නා මාත්.. (අඩෝ වැටෙන් පැන්නා කියලා කියලා තිබ්බොත් මරනවා හරියේ) :D :D
.........

අද අවාසනාවන්තම සිද්දිය උනේ අපේ කිඩෝ මලයට.. ඇත්තම කිවොත් ඌ තමා හැමදේම හොයලා බලලා කෙරුවේ.. ඌට ඉතිං ගෙදරින් එන්න දුන්නැනෙ.. :-/

පසු විපරම් වලිං හොයා ගත්ත විදියට කේස් එක මේකයි.. කිඩොට එන්න එපා කියලා කේස් එක දාලා තිබ්බත් තව ටිකක් නාහෙන් ඇඩුවා නම් එන්න දෙනවා.. ඒත් මේ අපේ අභිතයා වැඩේ කාලානේ..

ඇන්ටි.. කිඩෝ පුතා එවන්න අපි පරිස්සම් කරගන්නම්..
අනේ පුතේ ඒක නම් කරන්න අමාරුයි..
බය වෙන්න එපා ඇන්ටි "සිහිනයත්" එනවා කිවානේ..

ආ සිහින පුතා එනවද ? ඒ පුතාට ටිකක් විසේ නේද ? එහෙනම් එවන්න බැ කොමත්..

.......


ඉතිං අද දවසේ සුපිරිම ෆන් එකක් ගත්තා.. ආපු හැමෝටම ස්තූතියි..
ආයේ අපි සෙට් වෙමු..!

ආයෙ කියන්න ඔනි.. මගේ බ්ලොග් එක හදන්න උදව් කරපු ඩැනියාට එහෙම ස්තුතී කරන්න ඔනි.. ඌ නිසා තමා මම් බ්ලොග් ලියන්නෙ..
තව මේක බලන, මට කමෙන්ට් කරන "උඹ" . "උඹ" නිසා තමා මං මේක ලියන්නෙ..!! :)

එහෙනම් මට ජය වේවා.. !! ලෝක විනාසේ උනේ නැතෝත් තව අවු කිපයක් මේක අදින්න ඔනි :D


..

Sunday, December 25, 2011

හාවාගේ සුනාමි මතක සටහං..

මහ ලොකු දෙයක් කියන්න නැති උනත් සුනාමියෙන් මට තියෙන අත්දැකීම කියලා දාන්න හිතුනා.. ඒ ඔක්කොටම හේතුව පොඩි මෑන්ගෙ ලිපිය දැකලා ආපු අදහසට..


ඊයෙ ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වැනිදා තිබ්බ "ඊයේ" .. අපේ පවුලේ අයයි, අයියාගෙ පවුලේ අයයි ගොඩක් සතුටෙන් උන්න දවසක්.. නැදැයෝ රොත්තක් එක්කාසු උනාම එන සතුට කියන්න ඔනි නැනේ..
ඉතිං අපි ඔක්කෝමලා එදා රෑ සාකච්ජා කරලා තිබ්බෙ අද වගේ දවසක ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වෙනිදට යන්න හිතාගෙන උන්නු ගමන ගැන, ඒ කොහෙවත් නෙවේ කලුතර බෝධිය වදින්න,
 අයියා ගවයින් නිදහස් කරගැනීමේ පිංකමකට ආදාර කරලා තිබ්බා ඉතිං ඒ ආදාර කල අයට එදාට එන්න කියලා ලියුම් ඇවිල්ලා තිබ්බා.. ඉතිං ඔන්න ඕකට තමා අපි යන්න ලැස්ති උනේ..

කතා කරගත්තා වගේම පාංදර 4 ට විතර නැගිට්ටෙ 5 ට වත් ගෙදරින් පිටත් වෙන්න ඔනී කියලා හිතා ගෙන.. කවුරු කවුරුත් ලකලැහැස්ති වෙද්දි 5 කෑලිවත් නැ ඔක්කොම සෙට් කරගත්තාම 6.30 විතර වෙලා.. පරක්කු උණ එක පරක්කු උණානේ කියලා අපේ තාත්තත් ගිහිල්ලා පංසලට.. තාත්තාගේ මොන දේ කලේ නැතත් ලොකුම රාජකාරිය පෝය දාට ගිහිං පංසලේ අඩු පාඩු බලන එක.. ප්‍රදාණ දායක මහත්තයා විදියට තාත්තට ලොකු වගකීමක් බැදිලා තිබ්බා.. තාත්තා ඒක දේව කාරියක් විදියට සැලකුවේ..  කවුරු කවුරුත් තාත්තට බනින්න උන්නා ප්‍රමාදය නිසා.. කොහොම කොහොම හරි ගොඩක්ම පරක්කුයි..
        මේං එනවා තාත්තා ඇවිල්ලා විස්තරේ කියන්නත් තව පැය භාගයක් විතර ගත්තා.. හයියෝ මාර කට්ටක් කාලා..
එදා සිල් ඇත්තන්ට උදේ දානේ නැහැලු, දෙන්න නියම වෙලා තිබ්බ කට‍ටියටත් මොකක්දෝ කරදරයක් වෙලා.. ඉතිං තාත්තා කඩේට ගිහින් අඩුම කුඩුම ගෙනැල්ලා, අයේ උයන්න අය හොයාගෙන ගිහින්, ගමේ ඔය උයන පිහන වැඩ වලට දක්ශ කට්ටියක් උන්නා ගමේ කෙලවරටම.. ඒ අය හොයන්න ගියාම කුකුලෙක් කොටන්න ඇවිල්ල තාත්තට, එතැන තිබ්බ කූඩයකින් තාත්තා කුකුලා වහලා තමා අර ගෙදරට ගිහින් ඒ කට්ටිය එක්කාසු කරගෙන ඇවිල්ලා උයලා දානේ දෙන්න කියලා ඔක්කෝම හදලා තමා තාත්තා ගෙදර ඇවිල්ලා තියෙන්නෙ..

 ඉතිං දැන් ඔක්කෝම හරි,  ඔන්න මමයි අයියයි ලොකු අක්කයි, අයියාගෙ තව යාලුවෙකුයි 4 දෙනා කාර් එකට නැගලා ඉස්සර වෙලා ආවා, අනික් කට්ටිය වෑන් එකේ එන්න හිටියේ.. අපි කොහොම හරි ගෙදර ඉදං 3km විතර ආවා.. පාර අයිනේ ලොකූ බෝගහක් තියෙනවා, එතැනදිම මාතර බස් එකක් ලයිට් ගහලා අපිව නවත්තලා කැ ගැහුවා යන්න එපා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා..

අපි හිතුවේ බොරු කියලා.. මාතර බස් එකක් අපේ පාරේ යන්න විදියකුත් නැ, බස් එකේ මිනිස්සුත් කියනවා යන්න එපා යන්න එපා කියලා, කාර් එකේ A/C අඩු උනාද මංදා.. මට ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තා.. කවදාවත් අහලා දැකලා තිබ්බ දෙයක්ද.. ? අපි දඩස් ගාලා බෝ ගහ ගාවින්ම හරවගෙන ආයෙ ගෙදර යන්න අවා.. අපි එන කොට ගෙදර අය අඩ අඩා ඉන්නවා, කෝල් ගන්නත් බෑ සිග්නල් නැති නිසා,

ඒ අයත් වාහනේ එළියට ගන්න හදන කොටම CEB එකේ කැබ් එකේ කට්ටියක් ඇවිල්ලා ගෙට්ටුව හරස් කරලා නවත්තලා කියලා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා, ඒ අයගේ කැබ් එකක් අතුරුදහන් වෙලා.. අර වොල්කි ටොල්කි එකට පනිවිඩ හෝ ගාලා එනවා.. මෙහෙන් ගහගෙන ගිහිල්ලයි අරහෙන් ගහගෙන ගිහිල්ලයි.. පනිවිඩ කෝටියියි..

කොහොම හරි අපි ඒ විදියට බේරුනා.. අර පාන්දර 5 ට ගමන යන්න පිටත් උනා නම්. අද මේක ලියන්න මම නැති වෙන්න පුලුවන්..  එදා දවසේ හරි අමුතු බාදක තොගයක් ආවා අපේ ගමනට..
මම් නම් හිතන්නෙ ඒ හැම දෙයක්ම ආගමානුකූලව ජීවත් වුනු නිසා වෙන්න ඇති..

      එදා හවස අපේ ගමනට යන්න ආපු මාමලාගේ ගෙදර නැන්දයි එයාගෙ පුතයි ගිහින් දාන්න අපි ආවා උඩුගම තිබ්බ ගමකට.. එයාලා දාලා එන කොටම ලයිට් ගහගෙන ආපු වෑන් එකක් නවත්තලා තිබ්බ බස් එක අස්සෙන් ඉස්සර කලා.. ආපු වේගෙට අපේ වාහනේ දොරත් ගලවගෙන දඩෝං ගාලා හැප්පුනා.. ඒ වාහනේ පැත්තම ඉවරයි.. අපේ ඉස්සරහා මූණයි දොරයි තැලිලා ගිහින් තිබ්බා.. තාත්තාගෙ අතෙන් ලේ ගලනවා හෝ ගාලා.. අපේ මල්ලි ගොඩක් චූටියි.. එයා විලාප තියලා අඩනවා..

බැහැලා ගිහින් අපි කතා කලා.. මොකක්ද මනුස්සයෝ කලේ වැරැද්ද තමුන්ගේ නේද ? අපේ මාමා පොලීසියේ කියලා මතක් උනේ ඒ වෙලාවේ.. ඒ මනුස්සයා වෙව්ලනවා..
තාත්තා ලේ බෙරෙන අතත් එහෙන්ම තියාගෙන කතා කලා.. ඇයි කලබලෙන් දැම්මෙ ?

අනේ මහත්තයෝ අපේ නංගිගේ දරුවා නැති වෙලා.. වතුර පාරට අහු වෙලා.. මේ හිනිදුම ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ආරංචියක් ආවා ඒ හොයන්න යන ගමං..

ඉතිං මනුස්සයෝ තමංගේ නංගිගේ දරුවා වෙනුවෙන් තමන්ගෙ ජිවිතෙත් නැති කරගෙන අනුන්ගෙ ජිවිතත් නැති කරන්නද හදන්නෙ ? අපේ තාත්තා පුදුම අනුකම්පාවකිං කතා කලේ..
එදා හැමෝටම විපතක් වෙලා තිබ්බ නිසාත්,, ජීවිත ගොඩක් නැති උන නිසත් තාත්තා කැ ගහන්න බනින්න ගියේ නැහැ.. 

කොහොම කොහොම හරි ගොඩක් පරක්කු වෙලා ඉන්ශුවරන්ස් එකෙනුත් ඇවිත් පොලිසියෙනුත් ඇවිත් මනින වැඩ එහෙම කරලා අපි එන්න ආවා.. රෑ වෙලා. පොලිසියේ ටිවී එකේ සුනාමියේ විඩියෝ පෙන්නනවා.. අර ගාල්ලෙ මනුස්සයා වීඩියෝ කල එක ITN එකේ පතුරු ගහනවා..
අන්තිමේ පොලිසියෙන් අර මනුස්සයාට කිවා අපේ වාහනේ හදා ගන්න සල්ලි දෙන්න කියලා.. එහෙම දෙන්න උනා නම් පනස්දාහක් වත් දෙන්න වෙන වෙනවා.. තාත්තා කිවා.. හරි මේ කලබල ඉවර උනාම අපි ඒක මොනා හරි කරගම්මු.. ඔයා අපේ ගෙදර ඇවිල්ලා යන්න කියලා ඇඩ්රස් එක දුන්නා.. හැමොටම කරදරයක් උණ වෙලාව නිසා තාත්තා අනුකම්පා කරලා කියන්න ඇති..

ඒත් ගොඩක් කල් බැලුවා ඒ මනුස්සයා පලාතකවත් ආවෙ නෑ.. සල්ලි ගන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ.. ආයෙ පොලිසී ගිහින් ඒ මනුස්සයා හොයන්න උනන්දු උනෙත් නැ.. ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි දීලා තිබ්බා වාහනෙ හදන්න..

27 වෙනිදා තමා එපාම කරපු දවස.. මිනිස්සු හෝ ගාලා එනවා ලෑලි හොයන්න

අනේ මහත්තෝ අපේ නෝනා නැති වෙලා.. බොඩි එක දෙන්න පෙට්ටියක් ඉල්ලනවා.. පෙට්ටි නෑ කොහෙවත්. ලෑලි ගෙනියන්න ආවා පෙට්ටියක් හදාගන්න..
       ඔහොම 20 කට වැඩි පිරිසක් ආවා ලෑලි ගෙනියන්න.. ඒ එක්කෙනෙක්ගෙන් වත් සල්ලි ගන්නෙ නැතිව තාත්තා තිබ්බ තිබ්බ හැම ලෑලිකැලි හොය හොය දුන්නා..
ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ගෙ හිත් වල තිබ්බ දුක නැති කරන්න ගොඩක් වෙලා එක එක දේවල් කියලා හිත් හදන්න ගත්තා..
චූටි ළමයින්ට.. වයසක අයට.. තරුණ අයට.. එක එක සයිස් වලිං ලෑලි.. බොහොම කලකිරීමකිං දුකකිං අපි කරන්න පුලුවන් උදව් කලා..
පෙට්ටි නැති, අදුර ගන්න බැරි ගොඩක් අයගේ මිනී බැකෝ වලිං ලොකු වලවල් හාරලා සමූහ මිනී වලවල් වලට දාලා වහලා දාලා තිබ්බා...

දවස් ගානක් යන කම් කරන්ට් එක තිබ්බෙ නැ.. අයියලාගෙ ගෙදර අය පිටත් කෙරෙව්වා.. අයියයි අක්කයි දවස් 2-3 ක් ඉන්න නැවතුනා අපේ ගෙදර.. ඒ අයත් කොළඹ පාරින් යන්න බැරි නිසා ගොඩක් ලොකු රවුමක් ගහගෙන ගිහින් තිබුනේ.. යන කොට පංසලක් තිබිලා ඒකෙ අනාත වෙච්චි අය හුගක් උන්නාලු.. අක්කාගෙයි අයියාගෙයි බෑග් වල තිබ්බ හැම ඇදුමක්ම ඒ අයට බෙදලා දීලා තිබ්බා...

ඉතිං ඔන්න ඕවා තමා මගේ මතක සටහං.. ගොඩක් අයට සුනාමිය අමතක වෙලා ගිහින් ඇති.. ඒත් මගේ හිතේ තාමත් ඒවා චිත්‍රයක් වගේ ඇදිලා තියෙනවා...


bunny.෴

Monday, September 26, 2011

BMICH නාලා මාටකය..

 ඔන්න අද ලියන්න හදන්නෙ මටම මඩ ගහගන්න පොස්ට් එකක්...... ;-)
  
         රටෙ තොටේ හැම මනුස්සයෙක්ම යනවා වගේ මාත් ගියා BMICH වන්දනවේ.. ඒ සාහිත්‍ය මාසය වෙනුවෙන් තිබ්බ බුක්ෆෙයාර් 2011 ට.. හැබැටම ඉතිං ඕකට ගියපු නැති එකෙක් ඉන්නවා නම් මගෙන් ගුටි නොකා ලබන අවුරුද්දෙවත් යන්න කියලා කාරුණිකව ඉල්ලනවා... හැබැයි ඔන්න මේ මං ගියා වගෙ නෙවෙ ඕං..!!

මං ගත්තු පොත්..
මං bmich එකට දවස් 2 ක්ම ගියා.. මුල්ම ගමන ගියේ අක්ෂරය  බ්ලොග් එකේ ලියන සෙට් එකෙ උන්දැලා එක්ක.. උන්දැලා කිවාට බවලත් උදවිය ඔක්කොම අවෙ නැහැ.. ඕකට අප්සට් එකෙ එක මහත්තයයෙක් ඇඩුවත් එක්ක.. :D
        එදා නම් හරි අෆූරු දවසක් විය.. කෙසේ නමුත් සෙට් එකේ මහතුන් හා නොනාවරුන් පොත් ගන්න එක ගැන නම් ඒ හැටි උනන්දුවක් පෙන්නව්වෙ නොමැත..  අරූට මඩ ගහනවා .. මූට මඩ ගහනවා.. මඩ නාගෙන කියාගෙන එව්වා හෝද ගන්න ගියේ "ගෝල්පේස් හෝගාන පොකුන" පැත්තටය.. ඔය හෝගාන පොකුන දැක්කෙ නැ කිව නුවර පැත්තෙ මහත්තුරු දෙන්නෙක් පැමිණ සිටියෝහ...එවුන්ගෙ දැඩි ඉල්ලිම මත අපි 101 මොරටුව කොටපිටුව බසයකට එල්ලිනි..

     මේ යන අතර තුරේ අහිංසක හාවාට 101 බස් රිය තුලදී දරුණු අතවරයකට ලක් වෙන්න සිදු උනි..
එනම් කෙල්ලන් 10-15 අතරේ තනී වී සිටීමට සිදුවීමයි.. මෙය දුටු අප සමග ආ සටකපටි කුප්පයෙක් මාගෙ ජන්ගම දුක අංකය අර මා වටා උන් කැකුළු මල් අතර බෙදා හරින්න ගත්තාය.. එතැන සිටී තනි සිංහල ගැණු ළමයින්ට සබ්ටයිට්ල් නැතිව ඒක තෙරුණාදැයි මට හරියාකාරව නොතෙරේ..
       කෙසේ නමුත් බස් එකේ තහඩුව ලෑලි නොවේ නම්  එතැන ගැස් ලාම්පුවකිං කපා හාරාගෙන යන්න තරම් මාගේ හිරි ඕතප් බිදීගියෝය..!!

වැරදිලාවත් එසේ උවහොත් අර කැකුළු මලක් බසයෙන් වැටී රොදයට අහු ඌ ටොනික් පියනක් සේ හෝ එඩ්නා චොකලට් එකට පැමිණි දුස්රාව අත ගත් මුත්තයියා මුරලිදරන්ගෙ රුව ඇති ස්ටිකරයක් වෙනවා නොවනු මානය..!!

     කෙසේ නමුත් අපි ගොල්පෙස් පැමිනියෙමි.. ගෝල්පෙස් හෝගාන පොකුණ ලගදි අපේ මහත්තයෙක් තම 27 වෙනි කුළුදුල් පෙම්වතී සමග අති බිහිසුණු රොමැන්ටික් නර්තණයක් ඉදිරිපත් කරමිං අප සිත් එකාලොකමත් කලෝය...

මේ නර්තණ දැක බලා තම උප්පැත්තියෙන්ම මනාව පිහිටී තිබූ අතිශය කුරිරු කුප්ප කට ඇරගන්නෙ නැතිව ඉන්න අවශ්‍ය නිසා අපි සමග ආ මහතෙක් තම පළමු පෙම්වතී සමග වේලාසනම පැන ගත්හ..

කතාව පටන් ගන්නෙ දැන්ය.. ඉහත සඳහන් කැකුළියන්ට දුක අංකය දී හෝරා කාලක් යන්නට මත්තෙන් ඇස් ඇම් ඇස් පනිවිඩයක් මාගෙ ජන්ගම දුකට එන්න විය..  මා අතර සිටි කුප්පයන්ගෙ හැටි දන්නා නිසා මා දුව ගොස් එම පණිවිඩය හොර රහසේ කියවීමට සිත් විය.. අහෝ කරුමයක මහත.. ඒ පණිවිඩිය අතුරු දහන් වී ඇත.. ලෙසටම පටි රෝල්ය.. කෙලෙසක හෝ  අපි සියල්ලොම විසිරී ගියෝය..!

ඌ සියල්ල මට ලියා ගන්නට වස කම්මැලිය.. එය වෙනම කතාවකි..




දෙවැනි දවස

       දෙවැනි දවසේ කිසි සෙත්ම BMICH පැමිණිමට සිතක් නොතිබිනි..මා උන්නෙ නුවර ගොස්ය.. කෙසෙ නමුත් කල්හාර මලයාගෙ දැඩි ඉල්ලිම මත කොළඹට පැමිණියේ මොකක්දෝ මගුලක තිබූ හයිබ්‍රිඩ් කාර් රෙපෙයාර් කරගැනිමේ මුලික දැනුම සෙමිනා එකකට හා ඒ කලැ සියට සෙට් වීමට හිතාගෙනය.. ඒක තිබ්බෙ නුගේගොඩ පැත්තෙ නිසා නිකන් ගිහින් චා කරගන්නෙ මොකටදැ සිති කල්හාරයා ගාල්ලෙ සිට එන ගමන් බසයෙන් බැස ගොස් විසතර ගෙන තිබිනි..ඇත්ත වශයෙන් එම කලැසියට ඉල්ලා තිබූ මුදල පික්ස් ඩිපොසිට් එකක් දමා තිබ්බා නම් අවුරුදු 5 ක් තුල තව හයිබ්‍රිඩ් කාර් එකක් ගන්නට හැකි මුදලකි. එම නිසා ඒ ගැන හිතින් අත් ඇර ගත්තෙමි..  කෙසේ හෝ කොළඹ ආ එකෙන් පරයෝජනයක් ගතයුතු චින්තනයෙන් මා සිට බැවින් BMICH එකට යන්න තීරණය කලෙමි.. කල්හාරයාට එන්නටයැයි කියා මා තනියෙම පැමිණියෙමි.. ගෙට්ටුව ලගටම පැමිනෙන විටම නොදන්නා අංකයකින් කොල් පැමිණියුහය.. සැකෙන් මෙන් අරන් බැලුවෙමි..
  හුරු පුරුදු කට හඩකි.. හෙන ස්වීට්ය.. කෙල්ලෙකි :D
අයියා ඔයාට මාව මතකදැයි මාගෙන් විමසුවෙමි.. හරි මගුලකි.. මාගෙ ඇන්ඩ්‍රයිඩේ 3G නැත.. තිබුනිනේ නම් මූන බලලා ඔව් නංගි මතකයි කියන්න තිබිනි.. අයියා එදා අර බස් එකේදි නම්බර් එක දුන්නෙ.. ඒ ඔයාද ? ආ හුටා.. සොරි නංගි ඒ මං නෙවෙ.. මගේ යාලුවෙක්..
ආ ඇත්තද අයියා.. එහෙනම් ඔයා කවුද ? ආ මං අර අරුනේ.. ආ ඒ ඔයාද.. හරි අයියා කොහෙද ඉන්නෙ ? මං ඉන්නෙ bmich එක ඉස්සරහා ෆොන්ඩ් එක ලග..  ආ අයියා එහෙනම් ෆුඩ් කොට් එකට එන්නකො.. මං හා හරි නංගි කියා කියන විට බිප් බිප් හඩක් ඇසිනි.. ආ ඒකි ෆොන් එක තියලා..

කෙසේ නමුත් තනියෙම ෆුඩ් කොට් එකට රිංගීම එතරම් සුභ නැත..නොදන්නා පලාතක එම කෙල්ලගේ වැඩිහිටියන් හෝ සිටි යේ නම් මං අද මේක ලියන්න වෙන්නෙ දැඩිසත්කාර ඒකකයේ සිටි හො හදිසි අනතුරු ඒකකයෙ විය යුතුය.. එබැවින් මම කල්හාරයාත් ඇදගෙන එන අදිඨනින් ගාල්ලෙ සිට පැමිණි සෙට් එක සොයා ඉදිරියට ගියෙමි..

මා යන විට හුරතල් දියනිය තම ඇකයේ හොවාගෙන අප්පච්චී කෙනෙක් සිටියෝය.. බැලින් නම් ඒ අයිස් නගාය.. ඒ සමගම තව ලවුඩ්ස්පීකරයක හඩ ඇති චාපා කෙල්ලද.. නගා කෙල්ලද සිටියෝය..
මා ආ පමණින් අනේ සුදු මල්ලියේ යැයි නගා කෙල්ල මාගෙ ඇග පුරා බටර් තට්ටුවක් ගැවෙ 7 අවුරුද්දක් කාන්තාරෙ කන්න නැතිව චාටර් වෙච්ච ඔටුවෙක් පාන් පෙත්තක් දුටු සේයකිනි.. බුදුන් ඉදිරියේ දමණය ඌ නාලාගිරි ඇත් කොල්ලා සේ මා දනින් නඔවැටී ලාවට ඇයි අක්කෙ යැයි ඇසුවෙමි.. මල්ලි අපිට බඩගිනියැයි කිවොය.. නොදොකිං මෙහෙමත් අක්කලා.. නුවර සිට පාන්දර ආපු එකාගෙන් බඩගිනිදැයි විමසන්නට මත්තෙන් තම ඔටු බඩ පුරවා ගන්න කෙල හලන මෙවන් අක්කලා නොපතන්.. !!
කෙසේ හො හාවාගෙ දුප්පත් පර්ස් එකේ ලොකු මුදලකට තට්ටු ඌයේය.. දණ්ත ඩොකෙක් ගාවට පැමිණ දත් සියල්ල ගලවා ගත් හාවෙක්ගෙ අසරණ දැසක් මා පෙන්නුම් කලද.. තව තවත් කෑම ජාති ඉල්ලා මා හිරිවට්ටන්නෙම නැතිව දත් ඇන්දම ගැලෙව්වොය.. කෙසේවුද මේ බඩගිනි ඔටු රැලට කන්න අරන් දී පොත් ගන්නට ඇදන් ගියෙමි.. අයිස් නගා හා කල්හාර මලයා සමග මම පොත් තෝරන අතර තුර නගා කෙල්ල හා ලවුඩ්ස්පිකර් චාපා තව සෙට් එක් පැමිණි ඇතයි කියා එළියට පැමිණියෝය..
         ස්ටෝල් අතර ඒ මේ අත කරකැවෙද්දි නැවතත් අර ස්විට් වොයිස් නොම්බරෙන් දුක ඇමතුමක් එන්නට විය.. අයියා අපි ගෙදර යන්න යදන්නෙ.. අයියා එනවද පොඩ්ඩක් එළියටයැයි ඇ විමසුවොය..
කෙසේ නමුත් කෙල්ලෙක් ගේ ඉල්ලිමක් අහක දාන්න මෙ හාවා සූදානම් නැත.. ඒලෙසේම වේලෙමින් උන් කල්හාරයාට මේ පොල් කැල්ල හපන්න සෙට් කරන අදිඨණින් මා ඌවත් ඇදගෙන එළියට පැමිණියෙමි මනුස්ස කමටමය.. නැවතත් අර කෙල්ල කොල් එකක් දුන්නෙමි.. අයියා කොතැනද ඉන්නෙ.. මං අහවල් තැන නංගි .. අපි යනවා අයියෙ යන්න.. තෝ මරනවා මං මොකක්ද යකෝ බයිට් කරන්නෙ.. ඈතින්  නගා කෙල්ලගෙ හා ලවුඩ්ස්පිකර් චාපාගෙ සිරික්කිය මාගෙ දැස මානයෙ පෙනෙන්නට විය..

කෙසේ හෝ පොත් 12 විතර අරගත්තෙමි.. ලවුඩ්ස්පිකර් චාපා මාගෙ තවත් දතක් ගලවා පොතක් ගත්තෙමි.. ඌට ඒක ගත්නිසා අහිසංක කෙල්ලෙක්ට ඉට්ටිකර් කාඩ් එකක් අරන් දෙන්න මට නොහැකි විය. . :-(

තව තවත් හෙන හෙන සීන් සිදුවිය.. යකඩ ඌණතාවයකින් පෙලෙන බැවින් මට එක දිගට ලිවීමට නොහැකිය.. එම නිසා මා මඩ වලින් ගැලවීමට මෙසේ ලියා තැබුවෙමි.. නගා කෙල්ල මඩක් ගහලා තිබ්බොත්.. බී කෙයාර්ෆුල් හරියෙ.. ඒලෙසින්ම මඩ ගැසු අයිස් හංසී ගේ බෙල්ල මිරීකීමට ඇත..

දැන් මං කැපෙමි.. සැමට මඩ තොර ජිවිතාන්තයක්...!!

Piratebunny෴


..

Wednesday, September 29, 2010

ebay ගණුදෙනුව හා අතුරු කථා...

ගිය පාර 3 වෙනි බකට් එකක් තිබ්බා කීවත් මට නම් එහෙම එකක් මතක නැ... ;-)


මොනා කරන්නද... මාව සින්ඩිකෙටර් සෙට් එකෙන් එලවන්න කලින් මොනා හරි ලියලා දාන්න ඔනේ කියලා ආවෙ....

මාත්තුරු කාවෙ විදියට බනියා ebay එකෙන් මොනාදෝ ගෙන්නලා...මැන්ස්ට පොඩි හුට්ටරක් පටයකුත් වෙලාලු... (යකො මමනෙ බනියා ?)

මෙන්න මේකයි උනේ අයියෝ මට කම්මැලියි :-(

කමක් නැ ලියනවා.....

ඇත්තටම මෙන්න මේකයි උනේ...
කොල්ලා ගියානේ නුවර, මතකනෙ තිබුනා පේරා පැකල්ටියෙ engex කියලා ප්‍රදර්ශණයක් ? අන්න ඒක බලන්න.. මැන්ස් ගියේ අපෙ පිස්සා මල්ලි එක්ක... දන් අය දන්නවා කවුද මැන්ස් කියලා... මිනිහා ඉස්සර බ්ලොග් ලිවා...දැන් නම් බ්ලොග් එකේ කෑලිවත් නැ... මෙන්න මට ඒකේ අෂ්ඨාවශේශ  ලැබුනා ගුගල් කරාම... (ඕකට ගියෙ නැතත් කාරි නැ) :P

ආ තව පැකල්ටියෙ ඉදලා අපිට හම්බුනානේ නාගයෙක්... :D 

මොනාද මන් කිය කිය උන්නෙ ? ආ හරි හරි

මෙකයි, මගෙ ජන්ගමයා දන්නවනේ ? (ලොකේ ඇති දුක්විදිනා ෆොන් අතරින් 2 වැනි තැන හිමිකරගෙන තියෙනවා ඒක..) පලමු තැන ඔය උඩ සඳහන් කර පිස්සා මලයගෙ එක ;-) hikz

ඉතින් ඔය ෆොන් එක ගෙනා දවසෙ ඉදන් බිම වැටෙන එකමයි වැඩෙ... ගෙනාපු දවසෙත් මෙසෙ උඩින් වැටුනා :-D  අනේ ඉතින් ඔහොම ඔහොම වැටි වැටි ඉදලා අන්තිමට ඩිස්ප්ලෙ එකේ කොටසක් කලු පාට උනානෙ :-( ගාල්ලෙ කඩෙකින් ඇහැව්වම 2500 ක් ඔනේ කිවා ඩිස්ප්ලේ එකට තව හයි කරන්න 400 කුත්...අනේ මගේ කට.. !!!
කෙසින් එකෙත් පතුරු ගැලවිලා ඒකට 1200 ක් ඔනෙලු :-( :-( දැන් නම් මට ඇඩෙන්න වගේ...
මොනා කරන්නද... ඔහොම ඉතින් මාස කීපයක් පාවිච්චි කලා ඒත් මේක මහ ඇනයක්... ඉතින්  මායි පිස්සයි ප්‍රදර්ශනෙත් බලලා කියලා නුවර සිරි බලන්න ආවා ටවුම පැත්තට... ම්ම්ම් KCC එක දැක්කෙ ඊට පස්සෙ :D

අපේ මලින්ත, ගයන්ත, ඩිප්ස්, ප්‍රභාශ්, එහෙම දන්නවා KCC එකේ පඩි පෙල ලග තියෙනවා වාඩි වෙන්න වගේ නිකන් පඩියක් ඕක උඩ නැගලා ඉද්දැද්දි පිස්සට මගෙ ජන්ගම කතාව කිවා... මෙන් මේකා කියාපි ebay එකෙන් ගම්මු කියලා.. දෙයියනේ ebay එක කියලා එකක් තියෙනවා නේද කියලා ඌ කිවමයි මට මතක් උනේ ;-) ....

ඉතින් ඔන්න බලලා බලලා අඩු ගානට ඩිස්ප්ලේ එකක් හෙව්වා... මේන් තියෙනවා ලංකා මුදලින් බලද්ද රු:1245.00 ගානක්, තව ඒ එක්කම ඒකට tool set එකකුත් නිකන් දෙනවලු... අඩෙ ඒ එක්කම ආසාවට වගේ කේසින් එකකුත් බැලුවා...700ය ගානක්.. ඒකටත් tool set එකක් නිකන් ලැබෙනවලු මැක්සා..!!! (මට ෆොන් කඩ කාරයගේ අත්තම්මා ට හැමනියන් කාලෙකම වතුර ලැබෙන්න ඔනේ කියලත් මතක් උනා)

කොල්ලට පිං සිද්ද වෙන්න උගෙ සල්ලි වලින් ඔය දෙකම ගත්තා... (ඕකා සල්ලි කාරයා;-) :P
දැන් නම් බනියට පුල් හැපී....!!
 ඔන්න ඉතින් පෙරිදා ඩිස්ප්ලේ එක ගෙදරට ආවා කියලා පිස්සා කියාපී.... හුරෙ...!!!
ගන්නකම් ඉවසිලි නැ... :D කොහොමින් කොහොම හරි ඊයෙ අරගත්තා.. ගෙනාපු ගමන්ම දාලා බැලුවා.. ශා... සෝක් එකට වැඩ... ම්ම්ම් පොඩි කේස් එකක්...ඩිස්ප්ලේ එක නිකන් නිල් පාටයි වගේ.. ඒ එක්කම තද නිල්පාටින් රවුමක "D" අකුරකුත් පේනවා...

    හුටා..!!

ඩිස්ප්ලේ එකේ අරක්ශාවට ගහන ඉස්ටිකරේ ගලවලා නැ... ආයි ගලවපියකො..... ඉතින් ගලවලා කියලා ආයෙමත් හයිකර දැන් තියෙනවා ටොප් එකට :D

පොඩි......ඊ කෙස් එකක් :-( තාම කේසින් එක නම් ආවෙ නැහැ..... කමක් නැ එනදවසක එන්නෙ නැතැ...


තව මොනාදෝ කියන්න ඔනේ කියලා මතකයක් තිබ්බා...එත්...
අනේ මන්දා මගෙ Random-access memory එකෙ පොඩි කේස් එකක් :-(


අප්පට සිරි අමතක වෙනවා තව ඩිංගෙන්... අපි ගියා book fair බලන්න... අපි කිවේ පිස්සා එක්කම තමා ඉතින්... ඉතින් අර පොත් කන්දරාව අතරින් පොත් 4 ක්ම අර ගත්තා ;-)

තව එක්කෙන්ක්ට එන්න කිවා... එයා අනම් මනම් කියලා එන්න බැ කිවනේ :-(
කමක් නැ... තරහම තරහයි කියලා මතක තියාගත්තොත් හොදා !!! :-D

වස කම්මැලයි...මම කැපෙන්නද එහෙනම් ?

ආ මේ නිකමට වගේ මම බ්ලොග් එකේ දින වකවානු ගැන පොඩි රිසච් පාරක් දැම්මා.. මගෙ බ්ලොග් එකට අවුරුද්දයි මාස 6 ක් වෙලා...

බ්ලොග් එකේ හැපි බර්ත්ඩේ එක අමතක උනානෙ මට :-(

ගිහින් එන්නම් 
                                                  හැමදාමත් පිස්සු කෙලින මම බනි...

Thursday, July 22, 2010

ජීවිතේම බකට් එකක් විය....

තරාහා අවසර...!!

    කාලෙකින් අවා මෙ පැත්තේ.... මකුණු දැලුත් බැදිලද මන්දා :D කමෙන්ට දාන කොට පොඩ්ඩක් ඔවා කඩන්න ඈ :D


ගිය වර මතක ඇති මම බොරු පොරොන්දුවක් දුන්නා කෙටි කතාවක් ලියනවා කියලා...දුකෙන් උනත් කියන්ට ඔනේ එක මම හිතෙන් අතුගාලා මොප් කරලම දැම්ම..ඇත්තම කිවොත් මගෙ සිංහල වල පොඩි අලයක් තියෙනවා :D


ඔවා ඔක්කොටම හරියන්න මට වැටිච්ච බකට් 2-3 ක් ලියලා දාන්නම් :D


බකට් අංක 1ක :
  ඔන්න අපි හා හා පුරා කියලා පොසොන් වන්දනාවෙ ගියා...හරිම ශොක් ට්‍රිප් එක එකට ඉතින් ට්‍රිප් එකක්ම කියන්නත් බැ... අනෙ මන්දා ට්‍රිප් එක කියමුකො..මෙක ඉතින් ලංකාවෙ තියෙන ඉතා දුශ්කර මාර්ගයක් වෙන මහියන්ගනේ පාර ඒ කියන්නෙ 18 වංගුව බැහැගෙන බැහැගෙන තමා යන්ට ඔනෙ... ඉතින් අපිත් ගියා කියමුකො... පොලොන්නරුවට ගිහින් සොමාවති යටත් ගිහින් එහෙත් වැද පුදාගෙන ගෙදර ආවා...සොමාවතිය ගැනනම් වෙනම ලියන්න වටිනවා..එතන හරි අරුම පුදුම දෙවල් නෙවැ වෙන්නෙ. ඒක යතා කාලෙ බ්ලොග් පිටුවකට පෙරලන්නම්කො...

 ඉතින් මෙකයි කතාව ඔන්න අපි ඔය හැම තැනම කරක් ගහලා ගෙදර එන්න පිටත් උනා..අනෙ පාරවල් දන්නෙත් නැ හරියකට අපිට යන්න ඔනේ හසලකට... තුන්මන් හන්දියක උන්න  තිරිවිල් මල්ලි කෙනෙක් ගෙන් ඇහැව්වා යන්ට ඔනෙ පාර.. ආ අයියේ හරි හරි ඔය පාරෙ කෙලින්ම යන්න.... අනෙ ඉතින් අපිත් සැදැහැ සිතින් ඒ මල්ලිට පිං අනුමෝදනා කරලා ඔන්න යනවා යනවා යනවා යනවා යනවා...... කෝ යකෝ හසලක ?? මෙන්න අපි දිඹුලාගලට ඇවිල්ලා...මලල සේකරයි තිරිවිල් මල්ලි පාර වරද්දලා...ඉතින් තිරිවිල් මල්ලිගෙ නැදැයින්ටත් පිංඅනූමොදනා කරලා අයේ හරවගෙන ආවෙ නැතැ... අනෙ ඉතින් කියලා වැඩක් නැ මම දකුණු පැත්තට සිග්නල් එක දා ගත්ත ගමන්මයි...
 අරමොකො ?

නැ මෙකයි ඒ පැත්ත ගොඩක් දුශ්කර පැත්තක් නෙවැ ඉතින්  එහෙ මිනිස්සුන්ට තියෙන ලොකුම වාහනෙ තමා ලැන්ඩ්මාස්ටරේ,,, අනෙ මිනිස්සු ඒවගෙ නැගලා වංදනාවෙ යනවා...මට නිකන් එවා පෙනුනෙ මෙරුන් වගේ කොහොම හරි 500 කට වඩා මම ඉස්සර කරගෙන ගියා :D :D

ඕන් ඔහොම යනකොට යනකොට පොලිස් මාමා කෙනෙක් දැම්මෙ නැතැ අත...හෆොයි මම ඉවරයි...!!
                       මම: ඇයි සර් ?

         පොලිස් මාමා : නැ පුතා අර ටැක්ටරෙට ලයිට් ඩිම් කලෙ නැ නෙද ?
                      මම : ඈ...මම ඩිම් කලානේ ?
         පොලිස් මාමා : කෝ දාන්න බලන්න ලයිට් එක... ආ මෙකෙ ඩිම් එකත් අහසටනෙ වදින්නෙ... ? ගෙදර ගියපු ගමන්ම ඔක හදා ගන්ට ඔනෙ හරිද ? හා දැන් යන්න...
                      මම : අනෙ ඔව් සර් මෙක හදා ගන්න ඔනේ... මම ගෙදර ගිය ගමන්ම කර ගන්නම් එහෙනම් ගිහින් එන්නම් ඈ :D (මම සුරුස් ගාලා ආවා)
යාන්තම් ඒ මනුස්සයට මොලේ තිබ්බ නිසා මම බෙරුනා.. වෙන එකෙක් නම් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව දඩකොලයක් ලියනවා ඒකට...


කොහොම හරි රැ 10 විතර වෙන කොට හසලකට ආවා...ඇවිල්ලා මහියන්ගනෙ නගිනවා...හරිම දුශ්කර පාරක්...ඒකෙ යන මිනිස්සුන්ගෙ විනීත කම ගැනනම් කියලා වැඩක් නැ..ඉස්සර මිනිස්සු වංගු වලදි වෙනමම තියරියක් පාවිච්චි කරලා.. දැන්නම් පාර අලුතැ වැඩියා කරන නිසා පාර පලල්...අනික මට ඒ අත්දැකිම ගන්න බැරිඋනා මොකද රැට ඒ පාරෙ වාහන වැඩිය නැති නිසා...

හොදම ගතිගුණය තමා සහයෝගිතාව..කන්ද නැගගෙන එන මනුස්සයට කන්ද බහින කෙනා ඉඩ දිලා බලාගෙන ඉන්නවා..එහෙම ඉදලා මුනට මුන හම්බවෙලා හොන් පාරක් එහෙම ගහලා සතුට ප්‍රකාශ කරාම දැනෙන හැගිමනම් කියලා නිම කරන්න බැ :-)


අනෙ ඉතින් කොහොම කොහොම හරි මැනික්හින්න කිට්ටු වෙන කොටම මේන් ඇස්දෙක පිය වෙනවා...1 ත් පහු වෙලා...නිදිමතයි ඉන්න බැ..තාත්තට කියන්නත් බැ නොන්ඩිය නිසා :D අනෙ මන්දා ගොඩක් දුර ඇවිල්ලා ඇස්දෙක පියාගෙන..ඒක උදෙ පාංදර තාත්තට කිවම මට පලු යන්න අහ ගන්න උනා :D :D අනේ වාසනාවක් කිසි කරදරයක් නැතිව ගෙදරට සෙංදු උනා....

 

බකට් අංක 2 :
     
         අර ඉහත සදහන් කල ට්‍රිප් එක අවසන් කරලා ඔන්න අපි ගෙදර එන්න පිටත් උනා... ඔය නුවර පැතතෙ උදවියනම් දන්නවා ඇති පෙරාදෙනිය හන්දියද මොකක්ද තැනක් තියෙනවා ඉස්කොලෙකුත් එක්ක...මට නිකන් වැන් එකෙන් කරගදක් එනවා එනවා වගෙ දැනුනා...ඔය කන්දත් එක්ක වංගුව ගන්න කොටම ඩකස් ගාලා ක්ලච්බැලැන්ස් එක නැති වෙලා වාහනෙ නැවතුනනෙ...මල මගුලයි ඉස්ටාට් කරනවා ඉස්ටාට් කරනවා ඉස්ටාට් වෙන්නෙ නැ... මෙන්න එක පාරටම වටෙ පිටෙ මිනිස්සු කැ ගහනවා වාහනෙන් බහින්න වාහනෙන් බහින්න කියලා... මට හින් දාඩිය දැම්ම...මම මොනා කරන්නද වැන් එකෙ හසාර්ඩ් එක (ඩබල් සිග්නල් එක) දාලා වැන් එකෙන් බැස්සා... අප්පච්චියේ... මෙන්න දුම් දානවා හෝ ගාලා...

      බොයිල් කරලා...!!!!!

 දැන් මොනා කරන්නද..මම හිතුවෙ එන්ජිම ඉවර තමා කියලා... මම ඉතින් හෙමිට ශිට් එක උස්සලා බැලුවා මොකද වෙලා තියෙන්න කියලා.. milk අප්පට Dog පැනපි කිවලු... රෙඩිරෙටරේ මුඩිය වහලා නැ, මුඩිය එතනම තියෙනවා... මට දුන් දැම්මා.. (වාහනේ දුමද මන්දා.) මගෙ මතකෙ අනුව නම් මම මුඩිය වැහැව්වා... මෙන්න තාත්තා හෙමිට කියනවා මම උදෙ වතුර බැලුවා මුඩිය දාන්න අමතක උනා කියලා....

හුරෙ.....!! මම බෙරුනා :D :D


දැන් ඉතින් මොනා කරන්නද...වාහනෙ ඔහොම උනාම එක පාරට වතුර දාන්න හොද නැ කියලා මගෙ හිත කොනෙන් කවුදෝ කිවා කිවා වගේ ඇහුනා... ආ නැ ඒ එතන්ට අපු බාස්සුන්නහෙ කෙනෙක් :D හ්ම් දැන් ඉදපල්ලකෝ පැය බාගයක් විතර නිවෙන කම්.... අඩේ දැන් තමා දැක්කෙ වාහනෙ ටයර් එකක අයිනක් ගලකට කැපිලා... ඔන්න ඉතින් එන්ජිම නිවෙනකම් වැඩක් තියෙනවා...හ්ම් ටයර් එකත් මාරු කලා..දැන්නම් ටිකක් නිවිලා වගේ..එතනම කඩේක ටැප් එකක් තිබ්බා එතනින් වතුර ගෙනැල්ලා දැම්මා...දානවා දානවා දානවා වතුර බොනවද මන්දා...
දැන් කවුදෝ කිවා ඔය වතුර දැම්මා ඇති ඉස්ටාට් කරන්න කියලා... මාත් ශෙප් එකේ ඉස්ටාට් කලා... Gooooogle.....   (yahoo වලට මම කැමති නැ :P) 
  
    එන්ජිම ඉස්ටාට්... ඒත් හිට් එක නැගලා...තව නිවෙන කම්ම වතුර දැම්මා... දැන්නම් ඔන්න ශේප් වගෙ... ඉතින් හෙමිට හෙමිට තර්ඩ් ගියර් එකේ අවා.. එන්ජිමට වැඩිය වද දෙන්න හොද නැති නිසා...




බකට් අංක 3:

  මේ පොස්ට් එක දිග වැඩියි නෙද?   තව පොස්ට් එකකින් මම අනික් බකට් එක ගැන දාන්නම්....


 ආ මෙ හොව් යන්න එපා...
             ඊලග පොස්ට් එක දානකම්  මෙ පොස්ට් එකෙන් ගත්ත ආදර්ශ ටිකක් පල්ලෙහා කමෙන්ට් කරන්න...වැඩියෙන්ම ලියන කෙනාට පොඩි තැග්ගක් දෙන්නම්(කාසි) ;-)
                                                               

                                                                   හැමදාමත් බකට් දාගන්න මම Bugs Bunny...

Tuesday, December 29, 2009

රියදුරු බලපත්‍ර / චාරිකා සහ වෙනත් අතුරු කතා.

ඔන්න ඉතින් කාලෙකින් බනී අවා blog එක පැත්තෙ. බනීට කොහෙද යන පිස්සුවක් හැදිලා ඩ්‍රයිවින් ලැයිසොන් ගන්න හිතුනනෙ නුවරටම ගිහිල්ලා. (ඒකනම් මාර පිස්සුවක් තමා :D)කොහොමින් කොහොම හරි ඔන්න දැන් බනීට ශ්‍රි ලංකාවේ ඔනැම හතර දිග්බාගේ ගිහින් රවුම් ගහල එන්න පුලුවන්. ඒ උනාට ඒකට කාපු කට්ට මතක් වෙනකොටනම් තරු විසිවෙනවා. ඒකත් හරි අපුරු කතාවක්.
බනී ලැයිසොන් අරගත්තෙ බනීගේ අක්ක ලැයිසොන් ගත්ත තැනින්මයි. කොහොම හරි මට දවස් පහක් විතර වාහනේ අරගෙන යන්න දුන්නා. කිසිම දෙයක් කියලනම් දුන්නෙ නැ.මොකද බනී කලින්ම ඒවට ලැස්ති වෙලානේ හිටියේ. (ආ එකක් කියලා දුන්නා වාහනේ නවත්වනකොට මතක ඇතිව සිග්නල් දාපන් කියලා සර් ටොක්කක් අනින්න හැදුවනෙ :P) කොහොමින් කොහොම හරි ඔන්න ටික ටික ට්‍රයල් පෙන්වන දවසත් කිට්ටු උනා. මේ අතරෙ තමා බනීට මතක් උනේ මෝට බයික් එකටත් ලැයිසොන් ගන් දැම්මා නේද කියලා. අප්පොච්චියේ මට අමතක උනා ලැයිසන් එක ඔනනම් 8 ගහන්න ඔනැලු. මාර වැඩේ මම මීට කලින් කවදාවත් අට ගහල කොහොම හරි අපේ සර් කිව්වා එහෙනම් 8 ගහන්න පුරුදු වෙන්න කියලා. ඒපාර තවත් කට්ටියක් එක්ක බයික් එකකුත් අරගෙන ගියා පිට්ටනියකට. අප්පා ඒක පිට්ටනියක් නෙවේ කැලයක් ඇඩි දෙකක් විතර තන කොල හැදිලා(මෙච්චර හරක් ඉන්නවා ඒ තනකොල ටික කාලා නැනේ). කොහොම හරි ඒ පිට්ටනියෙ තිබුනා අත ඇරලා දාපු වොලිබෝල් කෝඩ් එක හයි කරන කනු දෙකක්. ඒක වටේ තමයි 8 ගහන්න පුරුදු වෙන්න කිව්වෙ. ඔය අතරෙ වැන් 1ක ඉගන ගන්න අපු කොල්ලො සෙට් එකක් නහයෙන් අඩනවා පුරුදු කරන්න කියලා. ඒපාර සර් අපිට බයික් එක දීලා යන්න ගියා. අප්පා ඉතින් නරි රැලට කුකුල් කොටුව දුන්න වගේ. අපි ඉතින් දන්න කියන වැඩ කැලි දදා 8 ගහනවා :D ඔය අතරෙ හිටියා බයිසිකලේ බ්‍රේක් එක තියෙන තැනවත් දන්නෙ නැති කොල්ලො සෙට් එකක් උන් නිකන් කන්න වගේ අපි 8 ගහන විදිය බලන් ඉන්නවා. ඒපාර ඉතින් අපිට දුකයි වැඩේට මොකද තව දවස් 2යි තිබුනෙ ට්‍රයල් පෙන්වන්න. ඒපාර අපි උන්ට පුරුදු කරන්න ගත්තා කොහොම හරි සර් එන කොට උන්ට හොදට බයික් එක හසුරවන්න පුලුවන් වෙලා තිබුනා.කොහොමත් ඉතින් සර් ගේ නම අපේ හම තමා. මේ වැඩෙන් තවත් එක හොද දෙයක් වෙලා තිබුනා අපි එතනින් යන කොට පිට්ටනිය ගල් රෝලකින් තලලා වගේ ලස්සනට තිබුනා :D
ඔන්න ඉතින් අපේ ට්‍රයල් පෙන්වන දවසත් අවා එදා උදේ පන්දරම කච්චේරියට ගිහින් පැය 3 විතර පෝලිමේ ඉදලා අත්සන් වගේකුත් අරගෙන ට්‍රයල් ඒරියා එකට ගියා.යන අතරෙ නුවර කඩේකින් කන්න අමතක කලේ නැ. මේ වෙන කොට මට යාලුවො 12 විතර හම්බ වෙලා හිටියා මේ අයගෙන් හත් දෙනෙක් මාත් එක්ක කන්න අවා. අප්පා කනවයෙ කියලා සීමාවක් නැ කාගේන කාගේන යනවා.කාල මදි වෙලාද මන්දා ඩෙසට් එකත් ඔඩර් කලා. කොහොම හරි ඉතින් එවටත් වග කියලා වේටර් අයියට කියලා බිල ගෙන්න ගත්තා අප්පා බිල දැක්කම කැමත් නොකැව වගේ 1600 ගානක් මට මතක හැටියට. මොනව කරන්නද පිගන් හොදන්නයැ ඔක්කොම එකතු වෙලා සල්ලි දාලා බිල බේරුවා. එපාර ට්‍රයල් ඒරියා එකට ගියාම තමයි කිව්වෙ පැය 4 විතර ඉන්න ඔනලු එක්සැමිනර් මහත්තයා එනකම්. මොනව කරන්නද ඔන්න ඔහේ හිටියා. මේ අතරේ අපි 8 ගහන්න පුරුදු උනා කොහෙද අට නෙවේ එතන ගහන් පුලුවන්. මහ මඩවලක් ඒක.බයෙන් බයෙන් කොහොම හරි 8 ගහ ගත්තා. අපිට ලොකු චාන්ස් වැදුනා රිවස් එක් එහෙම බැලුවෙ හරිම ලේසි තැනක පොඩි දුරයි ගෙනියන්න දුන්නෙ. ඒ වගේමයි 8 ගැහුවෙත් 2පාරයි. කොහොම හරි ඔන්න දැන් බනීට ලැයිසොන් තියෙනවා. :)

මේ අතරේ බනීලගේ පවුලෙ අනික් කට්ටියත් නුවර එන්න ආවා. ත්‍රිකුණාමලේ පැත්තෙ ගිහින් එන්න හිතාගේන ඒපාර අපි ඔක්කොම කට්ටිය එකතුවෙලා පිටත් උනා හරි අපූරු ට්‍රිප් එක. කියලා වැඩක් නැ මරේ මරු. මේ ඔක්කොම තැන්වල රවුම් ගහලා රවුම් ගහලා කන්න කියලා කඩේකට ගියා. අප්පා අපි යනවත් එක්කම එතන්ට හමුදා මාධ්‍ය ප්‍රකාශකත් ඇවිල්ලා මට නමනම් මතක නැ. කොහොම උනත් හරි හොද කට්ටියක් කියල තමයි තේරුනේ. කිසිම ආරක්ශාවක් නෑ නිකන්ම ඇවිල්ලා. අපි කාලා බීලා එලියට එද්දි මෙන් බොලේ හමුදාවේ මෝට බයික් 3කින් විතර ඇවිල්ලා හෙන සෙට් එකක්. ඒකේ ඇවිත් තියෙන්නෙ කිලිනොච්චියෙ ගුවන් හමුදාව බාරව ඉන්න කැප්ටන්. එයා අපෙ අයියගෙ යාලුවෙක් හරිම පුදුම වැඩක් තමා. එයා අපිව හොයාගෙන ඇවිත්. කොහොමින් කොහොම හරි අපි ඔන්න එන්න පිටත් උනා මේ අතරෙ තමා බනීලගෙ තාත්තට මතක් වෙලා තියෙන්නෙ බනීට ලැයිසොන් තියෙනවා නේද කියලා :D හප්පච්චියේ ඔන්න ඒපාර මට කියනවා වාහනේ අරන් යන්නලු. එලකිරි තමා මමත් ඇගිලි ගැන ගැන හිටියෙ වාහනේ නිත්‍යානුකුලව අරගෙන යන්න (මොකද මෙච්චර කල් වහනේ පැද්දෙ හොරෙන් නොවැ ;D )අනේ ඉතින් ඔහොම අරගෙන එද්දි පොලිස් මාමා කෙනෙක් අත දැම්මනෙ වාහනේට හප්පා මට තරු විසික්කා උනා. කොහොම හරි මායි අයියයි බැහැල ගියා මොකද බලන්න. ඔන් කියනවා ඉස්සරහට අපු ත්‍රිවීල් එකකට ලයිට් ඩිම් කරල නැතිලු. මොනව කරන්නද දැන් ඉතින් ඔන්න දඩකොලයක් දෙන්න ලැස්තිය.කොහොම හරි අයියා හෙන බොරුවක් දාලා මාව බේර ගත්තා. ඒපාර විනඩි 10 විතර අවවාදටික් අහගෙන යන්න කිව්වා. හොද කම කියන්නෙ පුතා අනික් දවසෙ පරිස්සමට යන්න කියලා ඔලුවත් අතගෑවා :). ඔහොම ඉතින් ගාට ගාට (ගාට ගාට කියන්නෙ පැයට 70km විතර වේගයක් තමා ඉතින්) ඇවිත් රෑ 11 විතර වෙන කොට නුවරට අවා.

කොහොමින් කොහොම හරි ඔන්න සති 2ට විතර පස්සෙ යහතින් ගෙදර අවා තවත් මේවගේ කතාවකින් හමුවෙමුකෝ ! අදට ඉතින් ඇති.

.

Monday, September 28, 2009

සිතුල් පව්ව විනෝද චාරිකාව

 කාලෙකින් අක්කයි අයියයි අපෙ ගෙදර ආවට පස්සෙ අපි හිතුව පොඩි චාරිකාවක් යන්න. ඒකට අපි තොරගත්තෙ සිතුල් පව්ව. මේ දවස්වල එහෙට තදින් පායන නිසා හරිම දුෂ්කරයි. අපි ගියේ තිස්ස මාහාරාමය පැත්තෙන් නිසා 30km පමන දුර තාර නොදාපු පාරක් දිගේ තමයි යන්න උනේ. පාර අයිනේ තියෙන්නෙ වියලිල ගියපු ගස් විතරයි.


  මේ තියෙන්නෙ අපි ගියපු පාරේ ගත්ත Photos ටිකක්







                                                     මේ අලි වැට

                                     වතුර පාරවල් ඔක්කොම හිදිල ගිහිල්ල






 තව මම ගත්ත photos තියෙනව. මෙතනින් බලන්න  Flicker :

ආ මට කියන්න බැරි උනා. මේ ඔක්කොම photos ගත්තෙ මගේ  Nokia 6120 classic   ජන්ගමයෙන්.