Friday, February 26, 2010

බනීට රජකම ලැබුනොත් !

         

ඔන් ඉතින් මේක අමුතු තාලේ මාතෘකාවක් වේවි. මේ කියන්ට යන්නෙ බනියාට හිතිච්ච තවත් සිතුවිල්ලක් ගැන.
             බනියා කැරට් අලයක් හප හප ඉන්නකොට නිකමට හිතුනා රජකම ලැබුනොත් මොකැ කරන්නෙ කියලා. මඩ හොදා ගත් කල ගොවියා රජකමට සුදුසුයි කියනවනම් හාවෙක් කැලෙන් එලියට ඇවිත් රජ කමට එන්ටර් වෙන එක කජ්ජක්ද කියලා හිතුනා.
අප්පා... මේන් එනවා අයිඩියාස්. ඔන්න මට හිතුන දේවල්...


1. මුලින්ම කරන්නෙ වල් හාවෝ අල්ලලා දානවා හිරේ. (ඔය අහිංසක සිල්වා වගේ ඉන්න හාවෝ)
2. හොද වැඩක් කරන හාවෝ මගේ ඇමතිමණ්ඩලය කරගන්නවා. (ඇමතිලා 20ක් පමනි!)

ඔන්න දැන් වැඩ පටා....න් ගන්නවා..

3. සියලුම පාරවල් අයිනෙන් තියෙන නිවාස, පේමන්ට් කඩ, කැතයි කියලා හිතෙන ඔනම දෙයක් පාරෙන් 100m වෙන්න ඇතුලට ගෙනියනවා.

4.පාරවල් දෙපැත්තෙ ගස්, වැල්, මල්,  හිටවලා. උද්‍යාන හදලා පිස්සු නටනවා :P

5. මුහුදු අයිනෙ නිදහසේ ඇවිදින්න තැන්, BBQ, කුඩාරම්, රෝද සපත්තු පදින්න තැන්, බොට්‍ටු පදින්න ඔනේනම් බෝට්ටු, නිසි කසල ප්‍රතිචක්රීකරණ වැඩ සටහන් ( Eg: කුණු කුඩ,etc)

6. සියලුම ධිවරයින්ට අදි ආරක්ෂිත විශේෂිත හාබර්.

7. කාර්පට්‍ කර මන්මාවත්.(අදිවේගි මාර්ග අවශ්‍ය නැත.)

8. අදිවේගී දුම්රිය මාර්ග. සියලුම ශිට් එකක් යටම 230V විදුලි සැපයුමක් හා WiFi Zone,
     Coin laptops :D ,  A/C


9. පරිගණක උපාංග රටවල් වලින් ගෙන්වීම තහනම්! සියලුම දෑ ලංකාව තුල සාදා ගත යුතුයි. (පිටරට සමාගම් වල වැඩ කරන ලාංකිකයින් වහාම ලංකාවට පැමිණිය යුතුයි.) අවශ්‍ය  අමු ද්‍රවය සදහා ණය සහන.

10. භාවිතා කල  වාහන ගෙන්වීම තාහනම්! බ්‍රැන්ඩ් නිව් වාහන අවශ්‍යනම් පමණයි! සියලුම වාහන Made In Sri lanka :D

11. අභ්‍යාවකාශ මද්‍යස්ථානයක්. නාසාහි වැඩ කරන සියලුම ශ්‍රි ලාංකිකයින් වහාම පැමින වැඩ පටන් ගත යුතුය.

12. අදි වේගී අන්තර් ජාල සේවාවන් ( ලිමිටඩ් සේවාවන් තහනම්.!  එම අයතන විසින්  ලබා දෙන  වේගය 20Mbps වලට වඩා අඩුනම් වහාම ඉවත් කරගතයුතුය.!)  විශේශයෙන්ම නුවරට :D @Malinthe :P

13. සියලුම ආහාර ලංකාවේ ඒවා පමණි! (කැරට් සදහා මුල් තැන :P )

14. CTB බස් (සිලෝන් ටකරන් බස්) ඉවතට. (සියලුම බස් A/C විය යුතුය.)

15. සියලුම පාසල් සදහා එකම සැලකිල්ල. (එකක්වත් ලොකු නැත) අවම සිසුන් ගනන 1500 යි.
      එක එක ගාස්තු එකතු කිරිම තහනම්. ළමයින් පාසලට ගැනිම සදහා කඩදාසි පෝරමයක් පිරවීම සෑහේ. ඇවැසිනම් අන්තර්ජාලයෙන් ඉල්ලුම් කල හැක :D (පගාව ගැනිම සපුරා තහනම්)  :)

16. සියලුම පරිගණක මෘදුකාංග රටවල් වලින් ගෙන්වීම තහනම්. ලංකාවේම නිපදවා ගත යුතුය.
     ( නිල OS  එක ලිනක්ස් පාදක කරගත් එකක් විය යුතුය.) හොර එවා තහනම් !

17. ...................

තව ගොඩා.........ක් තියෙනවා.. එවා ලියාගන්න වෙලාවක් නෑ :( අයේ පස්සෙ දවසක රජ කම ලැබුනොත් ඉතුරුවා දාන්නම් :P

ඉතින් යාලුවනේ මේවා කැරට් එහෙම නෙවේ දෙනවා කිවොත් අනිවා දෙනවා. :)

ඉතින් මගේ මේ විකාර අදහස් කියවලා ඔයාලගෙ වටිනා කාලය කාගත්තට බොහෝම ස්තුතියි! :D
  
කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා හොදේ :D

                                                                                                                    Bunny !

.

Wednesday, February 24, 2010

බනියට තවත් අකර තැබ්බයක් !

කොහොමද යාලුවනේ. ඔන්න මම කාලෙකින් මේපැත්තෙ අවා. අද මට මරු වැඩක් තමා උනේ මම ගියා අද අපේ ටවුමට මූසිකයක් ගන්න කියලා හිතාගෙන. තවත් යාලුවෙක් එක්ක ගියේ උගේ පෝන් එක කැඩිලා ඒක හදා ගන්නත් එක්ක. ඉතින් මගෙ යාලුවගෙ මොටෝ බයික් එකෙන් තමා ගියේ. ඉතින් මට ලැයිසොන් ලැබිච්ච හින්දා මම තමා අරන් ගියේ ඒක.  (ලයිශන් අරන් මාස 4ක් විතර උනා අද තමා බයික් එකක් ඇල්ලුවෙ)  ඔන්න ඉතින් ඔක්කොම රාජකාරි ටික කරගෙන ඉවර  වෙලා අපි එන්න කියලා හැරුනා. හපොයි වැඩි දුරක් යන්න උනේ නෑ නැවැත්තුවෙ නැතෑ සුදු ඉරි මාමා කෙනෙක් ;D. අපොයි  මම 61 km/h ට ගිහින්. දැන් මොනා කරන්නද. ඔන් ඉතින් පුජාව පටන් ගත්තා. මෙයා මගේ ඔක්කොම වැරදි කියන්න ගත්තා.

රාල හාමී:   මම බලන් හිටියෙ ඈත ඉදන්ම. මොකෑ මෙච්චර හදිස්සියක්. අනික අර බස් එකට ඉස්සර කරන කොට තොට මතක් උනාද සිග්නල් දාන්න ඔනේ කියලා ?. බලපන් තොගෙ මීටරේ කැඩිලද ? ඈබොල මොකද අර අස්ස කුලප්පුව හැදිච්ච එකා වගේ ඈ ? "

මම : ඉතින සැර් මේ පාරේ 80ට යන්ට ඇහැකි නේද ? අනික බස් එක කොට කොට නේ ගියේ !

යාලුවා : කකුලෙන් ගසයි!

රාල හාමී: ඈ බොල වල් හාවෝ තෝ හිතුවද මේක රේස් පදින තැනක් කියලා ?

මම : නෑ මාමේ මේ මම කීවේ.....

රාල හාමි:  ඈ ඒපාර තොට මම මාමා උනාද ?

මම : සොරි සර් මේකයි. මට කෙනෙක් කීවා මේ පාරේ 80ට යන්න ඇහැකි කියලා මම අදුරන කෙනෙක් කීවා. ඉතින් මම 60ට අවා. අනික තාම මේ පාරේ වේග සීමා දාලා නෑනේද ? ( රාල හාමිගේ මූන ඇබුල් වේ)

රාල හාමි : හා හා ගනින් ලැයිසන් ඉන්ශුරන්ස්,

මම: ආ මෙන්න

රාල හාමි: ඈ බොලන් උබට තාම ටෙම්පරියක් නේද තියෙන්නෙ ? ඒක තියාගෙනද මේ අශ්ව රේස් යන්නෙ ?..   ( මට කියන්න  හිතුනි මම හොරෙන් බයික් පැද්ද තරම) :D

මම :  :D (හැරි :P)

මම : සර් අදුරනවද,   ****රාල හාමිව ?

රාල හාමි:  ඔව් දන්නවා.

මම:  ඒ අපේ මාමා නෙ. (:O)

රාල හාමී:   ඇ ඈ මේ අර අපි කැර කෙන කූඩු තරගෙදි (ඒ කුඩුව ප්‍රථම ස්තානය හිමි කරගත්තා) මොටර් එහෙම හයි කරලා අපිට උදව් කරපු පුතා නේද ?(දැන් පුතා වී ඇත) අයියෝ බන් කලින් කියන්න එපැයැ මට මතක නැති උනානේ  හරි හරි පුතා. එහෙනම් පරිස්සමෙන් ගෙදර යන්න හොදේ. 

යාලුවා : බොහොම ස්තුතියි අන්කල්! :)  (රාල හාමි කෙනෙකුට අන්කල් කියන්න චැන්ස් එකක් අරන් දුන්නට ඌ මට හොදටම ස්තුති කලා :P )

ඉතින් අපි පරිස්සමෙන් 80km/h විතර ගෙදර ආවා :P
ඔන්න ඕකයි අන්තිමේ උනේ. මටයි යාලුවටයි හොදොටෝම හිනා..

ඉතින් ආයේ මේ වගේ කතාවකින් හම්භවෙමුකෝ එතකන් අයුබෝවන්!!

පා:ලි: 
          මම කලින්ම දැන ගත්තා රාල හාමි මවා අදුරනවා කියලා ඒකයි පොර ටෝක් දැම්මෙ. වෙන කෙනෙකුටනම් බනියාට මෙවන් දෙයක් කියා ගත නොහැක. එහෙම උනානම් ඉතින් කලිසමේම තමා යන්නෙ :P)

                                                                                                     bunny !!




.

Tuesday, February 9, 2010

Fedora හි තිරය මත සිදුකරන දේවල් රෙකෝඩ් කරගමු .!

            මෙන්න බනීට තවත් එළම එළ මෘදුකාංගයක් හම්බුනා. මේකෙන් පුලුවන් ඔයාලගෙ කම්පියුටර් එකේ තිරය මත පේන දෙවල් රෙකෝඩ් කරගන්න. මේකේ විශේෂත්වය තමයි සම්පුර්ණයෙන්ම නොමිලේ ඒ කියන්නෙ මේක GPL (GPL-General Public License) ඉතින් කිසි අවුලක් නැ ඔයාට. අනික මේක බොහොම කුඩා මෘදුකාංගයක්. (463 kb ) :D  
ඉතින් මේක පාවිච්චි කරලා ඔයාට එක එක වැඩ කරගන්න පුලුවන්. ඔන්නම් මොනව හරි මෘදුකාංගයක් ගැන පාඩමක් වගේ කරන්න පුලුවන්.

                                හරි හරි අපි මේක install කාරා ගාමුකෝ මුලින්ම.
ඔයා  Terminal  එක අරගෙන එකේ ඔය රතු පාට කල කොටස්  ටයිප් කරන්න


[anushka@Bunny ~]$ su -
Password:******

[root@Bunny ~]# yum install gtk-recordmydesktop


මම දන්න තරමින් මේක Ubuntu මත වැඩ කරනවා. 
එකට මේක දෙන්න

sudo apt-get install gtk-recordmydesktop

(Ubuntu පාවිච්චි කරන කෙනෙක් මේක කරලා බලලා කියන්න වැඩද කියලා හොදේ)


දැන් ඔක්කොම හරි ඊලගට මෙන්න මේකට යන්න..
          
                  Applications > Sound & > Video > gtk-recordMydesktop

ඉලගට මෙන්න මෙහෙම එකක් ඒවී..
 

මේකේන්  පුලුවන් දැන් ඔයාට ඔන දෙවල් රේකෝර්ඩ් කරගන්න. එකට කරන්න ඔන මේකේ තියෙන ඔය Record කියන බොත්තම ඔබන එක විතරයි. ඊට පස්සෙ ඔය තිරය නැති වෙලා යනවා ඔන්න දැන් රෙකෝඩ් වෙනවා.. දැන් ඉතින් මේක නවත්වන්නත් ඔනනෙ.  ඒකට කරන් ඔන ඔයාගේ උඩ තියෙන panel එකේ බලන්න පොඩි Button  එකක් ඇති. අන්න එක උඩ click කරන්


ඊලගට මෙන්න මෙහෙම එකක් ඇවිත් නැති වෙලා යාවී..


 ඊලගට එන එකෙන්   කැමති තැනකට Save කරගන්න.. 
ඔන්න දැන් ඔක්කොම හරි.. දැන් බලන්න සේව් කරපු තැන විඩියෝ එක තියෙනවද කියලා :)


මේකේ තව වැඩක් තියෙනවා. මෙන්න මේ පහල තියෙන කොටසේ මවුස් පොයින්ටර් එක තියලා පහලට අදින්න(මෙතන නෙවේ හොදේ ඔයාගේ මෘදුකාංගයෙ) එතකොට රතු පටින් ඇදේවි.

අන්න දැන් බලන්න රෙකෝඩ් කරලා. මොකද වෙලා තියෙන්නෙ ? ඔයා අර ඇදපු කොටස විතරයි රෙකෝර්ඩ් වෙන්නෙ. 
මේකේ  Advanced කියන කොටසින්  වෙනස්කම් කිපයක් කරගන් පුලුවන්. ඉතින් ඔයාලම අත්හදා බලන්නකෝ...

කොහොමද මේක නියමයි නේද ?
ඉතින් මේ ගැන මොනවහරි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා හොදේ....
ගියපාරනම් කවුද හොද හාවෙක් මට බැනලා තිබ්බා මම අනුන්ගෙ ඒවා කොපි කරලා දානවා කියලා. ඉතින් මගේ මේ බලොග්  එක බලන ඔයාල දන්නවනෙ මම අනුන්ගෙන් කොපිකරලද නැද්ද කියලා.  ඉතින් මමනම් එවගෙන් සැලෙන්නෙ නෑ :) . හැමදාමත් ඔයාලට වටිනා දෙයක් දෙන්න තමා මම උත්සාහ කරන්නෙ.  අයෙමත් මේ වගේ දෙයක් ලැබුනොත් ඔයාලට අනිවා කියනවා... :) 
  
                        ඉතින් අදට අයුබෝවන්!

                                                                                                Bunny !


..

Tuesday, February 2, 2010

fedora මත පහසුවෙන් ඡායාරූප convert කරමු.

මෙන්න බනීට තවත් එළ මෘදුකාංගයක් හම්බඋනා. මේක ඡායාරුප අපිට කැමති කැමති ප්‍රමානයකට ලොකු පොඩි කරන්නයි,එහි දාරිතාව අඩුකරගන්නයි මේකෙන් පුලුවන්.මේකේ විශේෂත්වය මේකෙ ඔයාට ලැබෙන්නෙ සම්පුර්ණයෙන්ම නොමිලේ. (GPL-General Public License) ඉතින් කිසි  කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්.
අනික දාරිතාව අතින් ඉතාම කුඩා මෘදුකාංගයක් (17kb ද කොහෙද :D). මෘදුකාංගය පොඩි උනාට වැඩනම් පොඩි නෑ :) මේකෙන් එක වර පොටෝ 100ක් උනත් එක වර convert කරගන්නත් පුලුවන්.ඔය Flickr වගේ එකකට පොටෝ අප්ලෝඩ් කරනවනම් මේක බොහොම වැදගත් වෙන්න පුලුවන්. 
     වැඩි විස්තර ඔනනම් මෙන්න මෙතන්ට යන්න. 
                                     කතාව ඇති.
                      
     අපි මේක මුලින්ම install කරගමු. ඒ සදහා පහත විදානයන් terminal එකේ ලබා දෙන්න.

[anushka@Bunny ~]$ su -
 Password:
[root@Bunny ~]# yum install nautilus-image-converter



මේ තද නිල් පාට කරපු ටික විතරක් ඔයා terminal එකේ type කරන්න නැත්නම් copy past කරගන්න
(terminal එක මත  past කරනකොට ctrl+Shift+ v යන buttons තදකරන්න)
     

මේක ubuntu වගේ os තුලත් වැඩකරනවා ඇති මම නම් අත්හදා බැලුවෙ නෑ. මේ පහත විදානය Ubuntu පාවිච්චි කරන අයට
         
sudo aptitude install nautilus-image-converter


දැන් ඔන්න ඔක්කොම හරි. ඊලගට අපි අපේ ඡායාරූප තියෙන තැනට ගොස් ඒය මත Right click කරන්න. ඉන්පසු ඒකේ තියෙන Resize Image කියන එක Click කරන්න.



දැන් පහත අකාරයේ මෙවලම් ටිකක් දිස්වේචි.





මේකේන් අපිට කැමති ආකාරයට size එක හදාගෙන resize button එක click කරන්න එතකොට අපේ කලින් ඡායාරුපය තිබුනු තැනටම Resize වුනු ඡායාරුපයත් save වේවි.


මේකේ තියෙන Rotate Image කියන එකෙන් ඔයාට පුලුවන් ඡායාරූප Rotate කරගන්න.(පොඩි අවුලකට තියෙන්නෙ මේ Rotate Image මෘදුකාංගය Resize Image එකටම අපු එකක්ද කියලා මට මතක නැහැ :D ඉතින් කලබල වෙන්න ඔන්නැ අත්හදා බලන්න මම එකත් කොකටත් කියලම තමා දැම්මෙ.)


ඉතින් ආයේත් මේවගේ මොකක් හරි ගැජට් එකක් හම්බුනෝතින් කියන්නම්කෝ. එතකම් අයුබෝවන් !






.