හලෝ ළමයි.. ඕං කාලෙකිං මේ පැත්තෙ හාවා ආවා .. :D අද නම් වැල් වටාරම් කියන්නැ.. මේක මට වැටිච්චි බකට් එකක් ගැන කතා පිංචක්..
මේක උනේ මං වැරදිලා ඉස්කොලේ ගිය දවසක.. එදා අනේ මගේ කරුමෙටද මංදා ෆිරියඩ් දෙකක් තියෙනවා ඒ දෙකටම ටිචර්ස්ලා නැති දවසක්...
ඉතිං කලාස් එක දෙවන ලෝක යුද්දෙ වගේ.. එහාට මිසයිල යනවා මෙහාට යනවා.. එක එක ජාතියේ හෙලිකොප්ටර් කෆිර්.. හැබැටම දෙවන ලොක යුද්ද කාලේ එච්චර තාක්සනේ දියුනු වෙලා තිබ්බා නම්.. අනිවා ඔව්වා කරපු උං මේ ලොකේ පලුවයි ඉතිරි කොරන්නෙ.. ඒකත් අර කාන්තාර කොටස් ටික වෙන්ටෝන..!!
ඉතිං මේ විගඩම් බලන් ඉන්න බැරි තැන බනියායි බනියාගේ ගැන්සියේ උන්න නුවන් කොලුයි සෙට් වෙලා පොඩි පහේ මඩ වියාපාරයක් දියත් කොලා.. ඒ තමා අපිට ගේම දෙන්න උන්න එකෙක්ට මරණ පොස්ටර් ගහන්න :D (කොච්චර කිවත් ඇහැව්වෙ නැ කාඹරයක් ඇති කියලා මේකා ගේමමනේ දෙන්න හදන්නෙ)
කෝමත් අපේ සැටැර් එකෙන් ගුටි කනවා කියන්නෙ.. ඌට මරණපොස්ටර් අනිවාර්යයි නෙවැ.. හිහ් හිහ් හිහ් :D (අනේ මං නම් නැ ඔව්වාට මං හෙනම අහිසංකයා.. ඊටත් පොඩ්ඩක් එහා අහිංසකද කොහෙද)
මට තියෙන්නෙ තිං ඔය කලා කටයුතු බාරව වැඩ කොරන්න තමා.. කොඩි වැල්, තොරන්, බැනර්, තව සැරසිලි හා මරණපොස්ටර්.. ඔව්වාට තිං ගමේ ගොඩේත් බනියාව ඕනිමයි.. බනියා නැති මලගෙදර හරියට මල ගෙයක් වගේ :D :D
ඉතිං මේ ගමෙන් ලැබුනු ආභාශය බනියා උපරිමෙන්ම ඉස්කොලෙදිත් පාචිච්චි කොලා..
ඉතිං ඕං දැන් බනියයි බනියාගේ යාලුවායි උපරිමෙන්ම හො ගාලා වැඩ.. පොටෝ එක අදිනවා.. ඒකේ දිනේ දානවා.. අනම් මනම් වැඩ..
හනේ ඔය අතරෙ තමා බනියාටයි නුවන් කොලූටයි කණ කොකා අඩන්නෙ..
ඕං බනියාට දැනෙනවා.. මගේ මේ සියුමැලි දිග කන් දෙක අපාය සයිඩ් එකටම ඇදෙන ගතියක්.. අනේ අපායේ නිල රථයේ යතුර ස්විච් එක කැරකැවෙනවා..
හෆොයි.. ප්‍රින්සිපල්... O_O
ආයේ හන්ගන්න දෙයක් නැ.. වැඩේ අතේ මාට්ටු..
ප්‍රින්සිපල්. : නැගිටපියව්..
B-N : නැගිටියි.
ප්‍රින්සිපල් : මොකක්ද තොපිලා මේ අදින්නෙ ?
බනී : සැ සැ සැ සෑර්.. ම ම ම මරණ පොස්ටරයක් (මුගෙ කන් පොට්ටද කොහෙද. අච්චර ලස්සනට ඇන්ද එක පෙන්නැත්තෙ අනිවා මෙකාගෙ කන් පොට්ටයි..)
ප්‍රින්සිපල් : කාටද තොපිලා මේක ඇන්දෙ ?
නුවන් : සර් ඩස්පියාට.. නැනැනැ මේ චතුරන්ගට..
ප්‍රින්සිපල් : ශා.. උබලාට හොදට චිත්‍ර අදින්ට පුලුවන් නේද ?
(අප්පට බොල මූ මොකාටද එන්නෙ ?)
B.N : (කුප්ප හිනාව මිශ්‍රව..) ඔව් සැර්.. අපි චිත්‍ර කොරන්නෙ :D
ප්‍රීන්සිපල් : ආ එහෙමද ? යමල්ලා ඔෆිස් එකට.. උබලාට වැඩක් තියෙනවා දෙන්න..
ඕං තිං බනියයි නුවනුයි ඔලුව කශ කශ ඔෆිස් එකට ගියා.. අපි නම් පශ්ශාත් භාගයේ උපතිං ආ නිමාව ගැන අදහස අතැරගෙනයි ගියේ... හුට්ටප්පරයයි, වේවැල නෑ.. ඒ වෙනුවට මේං ප්‍රින්සිපං ගේනවා A4 කොල මිටියක්..
ප්‍රින්සිපල්.. : මෙතනින් ගන්නවා ගනන් කරලා කොළ 100 ක්.. අරන් දෙන්නා 50 - 50 බෙදා ගන්නවා.. දැන් මෙතන පුටු දෙකෙන් වාඩි වෙලා, බනියාගේ මූන නුවන්.. නුවන්ගේ මූන බනියා ඇදපිය මේ කොළ වල.. ඇදලා බොලාලාගේ "විපත" කොටසට ඉඩ තියලා හදාපිය මරණ පොස්ටර්..!! උබලා අදින අදින පොස්ටර් මට ගෙනැල්ලා බාර දෙන්න ඔනි..! ආයේ උබලා ඉස්කොලෙන් අස් වෙන දවසට මං මෙව්වා බොලාලාගේ දෙමාපියන්ට බාර දෙන්නම්..!!
"අනිච්චාවත සංඛාරා" .. මෙවන් විපතක් කිසිවෙක්ටත් අත් නොවේවා..!
අනේ අම්මෙ ගුටි කැවා නම් මීට වඩා සතුටුයි.. මොන කරුමයක්ද දෙයියනේ චිත්‍ර අදිනවා කියන්නෙ මරන් කැවා හා = වැඩක් නේ :-/
ඉතිං කෝම කෝම හරි ඉස්කොලේ ඇරෙන්න මත්තෙන් අපි පොස්ටර් ටික බාර දුන්නා..
ඉතිං ප්‍රින්සිපල් සර් හිනා වෙලා කාරිය අපිට හොද ඔවදන් මාලාවක්ම දීලා අපි ගෙවල් වල පිටත් කෙරුවා..
එදා සර් අපිට ගහලා එලවලා දැම්මා නම්.. මීට වඩා දෙයක් ආයේ කරන්න ඉඩ තිබ්බා.. නමුත් මේ දඩුවම මතක් වෙද්දි නම් ඇග හිරි වැටිලා යන තරම් මට...
අද අපේ ප්‍රින්සිපල් සර් මොකක්දෝ වැඩක් තාත්තා එක්ක කතාකරන්න අපේ ගෙදර ආවා.. මට සර් දැක්කාම ඕක තමා මතක් උනේ.. ඉතිං මං තකහනියක්ම බ්ලොග් එකේ ලියලා දැම්මා.. නැතිව ඉතිං තව මාස 2-3 කිං නෙවැ බ්ලොග් එක පැත්තෙ පශ් පාගන්නෙ :D
ඉතිං කැම ඔතන් එන කොලේ පොලිතින් උණ පලියට ඒක ගිල්ලවන ප්‍රිංසිපල්ලා ඉන්න රටක.. අපේ සර් නම් ....... ?

මට වචන නැ සර්..
සර්ට දිර්ගායුශ..!
හැමදාමත් පික්ශු නටන මං
Bunny
.