Thursday, December 30, 2010

ඇය..

   අප සැම සිත් සතන් සතුටු කරමිං SBU get together අවසං කෙරී සියල්ලෝම ගෙවල් බලා පිටත් විය.. මාත් මාගේ මිතුරු කැල සමගින් කොච්චියට නැග ගත්තේ ගෙවල් බලා පැමිනීම සඳහාය.. වාසනාවකට අප සියල්ලන්ටම වාඩිවී යැමට ඉඩ තිබිනි.. මාත් කල්ප අයියා හා ඩැනියාත් වාඩි උවේ එකලඟය...

අරුමයකි.. අප වාඩී ඌ සිටි තැනට අල්ලපු පේලියේ උන්නෙ, අම්මා කෙනෙක් හා ඇගේ ළමයිං යැයි සිතිය හැකි කෙල්ලන් දෙදෙනෙක් හා කුඩා කොලුපැටියෙකි.. තුන්දෙනාම දඟමල්ලන් යැයි බනියාට සිතිනි.. ලොකු දැරිවී අවුරුදු 18 ක් යැයි සිතිය හැක..
බනියා අසා ඇතිපරිදි තම නෝනා සමග වාහනේක ගියත් කහඉර මාරු වෙන කෙල්ලන් දිහා එම පුරුශයා බලන එක නැවැත්විය නොහැක්කක් බවය.. සුංඳර දසුං දකින කල්හී අහක බලාගන්නෙ කිනම් තුංහිතකින් දැයි බනියාට කල්පනා විය. එබැවින් එම දැරිවී දෙස බනියා බැලැවෙමි.. බැලුවෙමි නොව බැලින..
ලස්සනය.. සුදුය.. සැලලිහිනියේ හිදි තොටගමුවේ රාහුල හිමියන් 13 වැනි කවියෙන් කියන්නා පරිද්දෙන්  "සිසි වන වුවන ඉඟ සුඟ ගතහැකි මිටින". ය
(නමුත් බනියා නම් මිටින් තියා අත් දෙකෙන්  වත් අල්ලා වඩා ගත්තොත් පුදුමයකි..)

මෙදෙස බලා සිට බනියාට එම වැඩිමහල් කෙල්ල විසින් රෝන්ග් හිනාවක් දැමිනි..එය බනියාට ඇල්ලුවේ නැත.. මායම් වලට අසුවීමට බනියාට හිතක් නැත.. මම නැවතත් කවුලුව දෙස හැරනි..

මුං තිදෙනාට පුදුම දාංඟලයකි.. කොච්චිය පෙරලෙතැයි බනියාට සිතිනි.. එකෙක් සෙරෙප්පුවෙන් අදියි.. අනිකා ෆොන් එකෙන් අදියි.. නමුත් මුංගේ අම්මා නම් ගානක් වත් නැති සේයකි.. ඇය පොතක් බලමින් ගියෙමී.. ඇයට මුංගේ දාංගලය පුරුදු සේයකි..

ඕනැම කොල්ලෙක්ගේ රේඩාර් පද්දතියේ දෝශයක් නැත්නම් ඒ කෙල්ල දිහා බැලෙන එක නැවැත්විය නොහැක.. එතරම් ඇය ලස්සනය.. ලස්සන යනු පිට ඔපයකි.. ලේ පිරිසිදු ඇත්තන්ගේ මූන සුදුය.. එනම් ඇය ආඩම්බර නැතැයි බනියාට සිතිනි.. මූනේ රැදිච්චි සිහිං සිනාව සැමටම සම සමව බෙදිනි.... කොලු සිත් වසගයට පත්කිරිමට ඇය සමත්ය...

බනියාද සුසුම් හෙලමිං ගමනාන්තයට පැමිනියෙමි..

හුටාය.. කොච්චි පිවිසුම් පත්‍රය නොහොත් ටිකට් එක නැති වී ඇත.. කල්ප අයියා, වත් අක්කා, ඇගේ නංගි හා ගයාන්ට ටිකට් තිබිනි.. ටිකට් බෙදා දුන් බනියාට ටිකට් එකක් නැති විය.. ඕනැම ගැටලුවකට විසදුමක් ඇති පරිද්දෙන් ශෝර්ට් කට් එකකිං පැනීමට ගයාන් විසිං යෝජනා කෙරිනි.. ශෝර්ට් කට් එකක් උවත් එය ටිකක් දුරය..

කෙලෙසක හෝ අපි නැවතත් බස්ටැන්ඩ් එක කරා පැමිනියෙමි.. අහඹුවකි.. "ඇය" මාගේ මූන ඉදිරියේය.. sbu gtg හී දි ගත් පොටෝස් FB දැමීමේ බලවත් ආශාවක් තිබූ නිසා ඇය සමග සිනාසීමට නොහැකි විය.. ඒ ඇයගේ මව්තුමී සිටි නිසාය.. මව් තුමී අතේ කුඩයක් තියෙන ආකාරය බනියා දුටුවෙමි..

ඉක්බිති අපි නිවෙස් කරා පිටත් වී ගියෙමී..

කාලය මෙලෙස ගෙවී ගියෙමි..

    ඊයේ හැංදැවේ  බනියා උඩුමහලට වී පාර දිහා බලාසිටියෙමි.. දැකපුරුදු රුවක් පාරේ ගමන් කරනවා දුටුවෙමී..
කිරිඅප්පට බව්වෝ පැනිපී කිවාලු..

කොච්චි කෙල්ල... ඇය ඇගේ අම්මා සමඟ පාරදිගේ පැමිණ අප නිවසට ඇතුල් විය..
ඇය මාදෙස බලා ඇගේ ගමන් දිශාවට හැරී බලා නැවතත් මදෙස බලා හිනාවිය.. බනියාට හීන් දාඩිය දැමිය.. මේ මොන විනාසයක්ද වෙන්න යන්නෙ.. ? මෙන්න අපේ අම්මයි ඇගේ අම්මයි සතුටු සාමිච්චියේ ? ඇයත් එබස් අසමින් ඉන්නා ආකාරය බනියා දුටුවෙමි.. කොච්චියේදි පැනිහැලීම සම්බන්දයෙන් කම්ප්ලේන් කලාදැයි බනියාට සැකසිතිනි.. එබැවින් කතාවට ඇහුම් කන් දීමට බනියාට සිතිනි.. හිහ් හිහ් හිහ්.. එවන් මගුලක් නොවේය.. අම්මාගෙන් මැහුම් පොතක් ඉල්ලා ගැනීමට පැමිනි ගමනකි..

බනියාට ඉස්පාසුවක් නැත.. කොච්චියෙදි හමූ ඌ බව පැවසීමට බනියාට සිතිනි.. 
චටාස්... 

මොකෝ ඕයි පස්ස පැත්තට එලිය වැටෙන කම් නිදාගන්නෙ ?
නැගිටිනවා.. ඕයි... අයියේ නැගිටිනවා..

 පලයංකෝ මොන මගුලක්ද මේ ? මෙච්චර ලස්සන හීනයක් කැවේ මොන හිතකිංද ? අනේ අම්මපා මෙහෙම මල්ලිලා නම් ඔනේ නැ...

සත්‍ය හා හීනයක අතරමං ඌ මම
Bugs Bunny~

.