Saturday, May 26, 2012

නිවන්සුව..


මේක මේ මට අමතක වෙලා තිබ්බ රසකතාවක්.. අද තාත්තා මතක් කරලා දුන්නෙ.. ඉතිං ලියන්ඩ හිතුනා..

අපෙ අත්තම්මා.. අම්මාගෙ අම්මා.. නැති වෙලා.. අපි ගියා මල ගෙදර.. මං ටිකක් විතර පුංචී.. මට ඒ හැටි ගානකුත් තිබ්බෙ නැහැ.. අපෙ අම්මා නම් අඩාගත්තු ගමන්මයි.. එත් මට නම් ඒක ට්‍රිප් එකක සතුටක් ගෙනාවේ. ඒ ඇයිද මං දන්නැ.. සමහර විට අම්මාගෙ පවුලෙ ඔක්කොම නෑ දැයො එකතු වෙන නිසායි.. ඒ අයගෙ ළමයි එක්ක හොද හැටි නටන්නයි පුලුවන් වෙන නිසා වෙන්ඩැති..

බීම බොන්න.. ගඟේ පීන පීන නටන්න. බෝට්ටු පදින්න.. මාලු අල්ලන්න. තව මං ආසම කරන වැලි පොලවේ බොරු වලවල් හාරලා.. කවුරු හරි චුටි ළමයෙක් ගෙනැල්ලා ඒ වලට දාන්න.. මැංගුස් කඩන්න.. කන්නෙලියෙ යන්න.. කැලේ ඇතුලෙ රවුන් ගහන්න.. කොච්චර සුංදර පරිසරයක්ද ඒක.. ?

අත්තම්මාගේ මරණෙ මුල් දවස් වල වැඩකටයුතු සාමකාමීව උනා.. අපේ ගමේ අයත් අත්තම්මලාගෙ ගමට ඇවිල්ලා තිබ්බා.. ඒ අපෙ තාත්තා වෙනුවෙන්..
ඉතිං ඒ අතරෙ.. වැඩි හිටි කෙනෙක් වෙන.. අපි ආදරෙට කියන රාලහාමි සීයත් ඇවිල්ලා උන්නෙ..
ඒ සීයා තමා පංසලේ දහම්පාසලේ ප්‍රදාණ ආචාර්ය..
            ඔනම වැඩකදි පැනලා දෙන්න සීයා මාර දක්ශයි.. ඉතිං ඒ වෙලා වල හීනියට කොර වෙච්ච වෙලාවලුත් නැත්තෙම නැ..

දවසක් දහම් පාසලේ සමිතිය වෙලාවේ.. සියාට කතාවක් තිබ්බා.. සීයා නොදන්නා සංගීතයක් ගැන කියලා මාර චාටර් එකක් කැවේ.. ගත්තා මයික් එක..


අකුරු මැකි නැ කොල ගැලවී නැ බොද වී නැ සිතුවම්..
ඉස්සර වාගේ.. තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්.. //

මේ ඊරී.. බිම සීරි.. කුන්ඩුමනී හිස පීරි..
දෝසිය පුරාවා දීසි දමා ලා.. හුටා!!

ඊට පස්සෙ මොනාදෝ බයිලා වගයක් කියලා ශේප් උනා..

එත් අද කතාව ඕක නෙවෙ...! මල ගෙදර.. සීයටත් ගමෙන් ගිය අයගෙන් කතා කරන්න කතාවක් දුන්නා.. ශෝකය ප්‍රකාශ කිරීම!

ඇත්තටම අද ඉතා සෝචනීය දවසක්.. අපේ මේ උපාසක මහතාගෙ (අපෙ තාත්තා) ප්‍රිය බිරිද ගේ ආදරණීය මවු තුමිය අද අප දමා යන්නට සැරසී ඇත.. මේ උපාසක මහතා (අපේ තාත්තා) ඉතා අගනා සේවයක් ගමට කරමින් නම දිනාගෙන සිටින මනුස්සයෙක්.. ඔහුට නිතැනින්ම උදව් උපකාර කරන්නෙ ඔහුගේ ප්‍රිය බිරිද.. එවන් දුවෙක් ලබන්න මේ අද අපෙන් සමුගන්න මවු තුමිය වාසනාවන්ත වී ඇත.. ඉතිං ඒ මහතාට (අපෙ තාත්තාට) අපි නිවන්සුව ප්‍රාර්ථණා කරමු..!!

මලා..! අහන් උන්න මිනිස්සු කොහොම හිනාව තදකර ගෙන හිටියද කියන එක මාර ප්‍රශ්ණයක්!!


ද බනී..෴


..

Thursday, May 10, 2012

මාමංඩී

මෙහෙම ඉදලා බැ අයියෙ.. ඉක්මනට ගෙදර ඇවිල්ලා අපෙ අප්පච්චිට කියන්නකො..
ගෙදර කවුරු හරි මෙහෙම ඉන්නවා අපිව දැක්කොත් ?

ඒ ඇගේ හැමදාම play වෙන track එක.. මට ඕක හිසරදයක් වෙලා තියෙන්නෙ.. එත් වෙලාවකට හිතෙන්නෙ මගේ නොහැකියාවදෝ කියලත්..

හරි හරි නංගි.. මං ලඟදිම ඇවිත් අහන්නම්..

ඔයා හැමදාම ඔහොම කියල මගඅරිනවා.. මොකක්ද අයියෙ.. කතා කරන්න බයද ඔයා ?

බය ? පිස්සුද මං බය නැ.. මං එන්නම්..

හරි ඔයා ඉරිදා එන්ඩ ඔනි අපෙ ගෙදර.. අප්පච්චි ගෙදර ඉන්නවා..

හ්ම්.. හරි මං එන්නම්කො..
මම ඇගේ නලල් තලය සිපගන්නට විය.. එහි පහසට ඇගේ තොරතොංචියක් නැති කට වැහෙන බව මා හොදාකාරයෙන්ම දැනන් උනිමි...
.......

සුපුරුදු පරිදි රාත්‍රියේ මා facebook හි සැරි සරමින් උන්නෙමි.. එක එක අයගේ ලයික් කමෙන්ට් බල බලා කරන්නෙ කාලය කාදැමිමක් යැයි සිතුනත්.. එයට මා ඇබ්බැහි වී ඇත.. එහෙත් රාත්‍රියට කලයුත්තක්ද නැත..

මේ අතර වාරයේ මගේ chat box එකෙන් pop සද්දය ඇසි මම බැලිය..

#.හලෝ මල්ලියා.. කොමද ජිවිතේ ??

#.ආ රීරි යකා අයියේ.. :D කොහොමද ජිවිතේ ?

#.ඔන්න ඔහේ ඉන්නවා මල්ලියේ..

#.අයියා කාලෙකින් බ්ලොග් එක ලිවෙත් නැ නේ ?

#.ඔව් මල්ලි වැඩ වැඩි.. මේ ළමයින්ගෙ වැඩයි හැම මගුල්ම..

#.හික් හික් හික්.. එහෙම තමා අයියේ හිරෙ විලංගුවේ වැටුනා වගේ තමානෙහ් ?
අර කියන්නෙ විවාහය රස අඹයකි.. එය උරන්නා අමු මෝඩයෙකි කියලත් :D

#.ඒක හෑබව.. හික් හික්.. මල්ලි මම යන්ඩ කියලා..වැඩ වගයක් තියෙනවා.. අපේ ගෙදර එක්කෙනත් කතා කරනවා.. මං ගිහින් බලලා එන්නම්..

#. හරි හරි අයියේ පස්සෙ සෙට් වෙමු.. මාත් හෙට ගමනක් යන්න ඔනි.. වැඩ වගේකට.. හෙනම් ගුඩ් නයිට් ඇ.. ටටා බායි..!!

#. හරි මලේ ටටා බායි..!!

...............
හිතෙ කවදාවත් නැති චකිතයක්.. වෙනදට ඉරිදා මෙහෙම නැහැනෙ.. ෆන් එකේ ඉන්න දවස.. හ්ම්ම් ලොකු පිම්මක් පනින දවසක්..

මම හෙමින් හෙමින් ඇගේ ගෙදරට පියනැගුවෙමි.. ඒ ඇගේ ඉල්ලිම ඉටුකිරීමටය..
අද හොද උවහොත් අපිට කිසි කරදරයක් නැතිව එක් විය හැක..!!

ගෙට්ටුව විවෘත්තව ඇති බැවින් මම දොරකොඩටම ගොස්.. ගෙදර කවුදැයි සංවරව ඇසිය..
අද ෆුල් ඩීසන් වියයුතුමය.. නැත්නම් ලකුණු කැපෙනවා ශුවර්ය..

ඉක්බිති මැදිවියේ කාන්තාවක් පැමිණ ඇයි පුතා යැයි ඇසිය..
මාගේ කකුල් දෙක මැඩ්ලින් ගහන්නට විය. දැකලා පුරුදු මුහුණකි...
මේ මේ ඇන්ටි.. අංකල් ඉන්නවද..?
ආ ඉන්නවා.. ඔහොම ඉන්න මං එන්න කියන්නම්..
හ්ම්..
ගතඌයේ ස්වල්ප මොහොතකි..
මගේ හදවත නැවතී ගොස් ඇති සේයක් දැනිනි.. විශ්වයම මා වටා කැරකැවෙමින් ඇත.. මියගොස් ඇත්දැයි බැලිමට මම අත කොනිත්ත ගත්තෙමි.. එහෙත් මම ජිවතුන් අතරය.. මේ මා දකින්නෙ සිහිනයක්ද නොවෙය..
දෙයියනේ..
රීරි යකා අංකල්... ??



පාලි: ජිවිත කතාව නම් නෙවේ ඇ :D





ද බනී..෴

..