Thursday, March 22, 2012

පාවෙන රුපියල

ද බනියයි, අයියයි.. අයියා කිවේ මස්සිනා.. අපි දෙන්නා ගියා අද හවස computer බඩු තියෙන කඩේකට usb වයර් එකක් ගන්ඩ.. අර ඩොංගල් එක එහෙම ගහලා ජනෙලෙන් එළියට දාන්ඩ පුලුවන් ජාතියෙ වයර් එකක් ගන්න :D
ඉතිං ඕක අරන් එන ගමන් මං නිකමට ඇහුවා..

අයියේ.. අයියා ව්‍යාපාරිකයෙක් විදියට, අද රටේ මේ රුපියල පාවෙනවා කියන කතන්දරය ගැන මොකද හිතන්නෙ ? ඒකෙන් අයියට වෙන පාඩුව කොහොමද..?

අයියා : ඔව් ඇත්තටම මල්ලි කාලයකින් අහපු හොද ප්‍රශ්ණයක්.. ඕක පා උනා කියල මට ගැටලුවක් නැනෙ.. මොකද මං රුපියලේ කාසි වැඩි හරියක් භාවිතා කරන්නැනෙ.. අපි කොළ තමා පාවිච්චි කරන්නෙ.. ඉතිං මට ඕක පාවුනාට කිසි ගැටලුවක් නැහැ..
අනික ඔයාට කියන්න මල්ලි.. ඕක කවදාවත් වෙන්න බැරි වැඩක්නේ.. රුපියල කොහොමද පාවෙන්නෙ මල්ලි ? රුපියල කියන්නෙ බර දෙයක්නේ.. ඕක පාවෙන්නැනේ..?
නමුත් මේ රජයෙන් පොඩි මරිසි වැඩක් කලා.. රුපියලේ ඝණකම ටිකක් අඩු කලා.. අන්න ඒ කාසිය නම් ලොකු හුළගකට පාවෙන්න බැරි නැහැ..!!


මම : ඔව් ඇත්තටම අයියේ ඒ උත්තරය නිසා මට අයියාගෙ අධ්‍යාපනික මට්ටම ගැන හුගක් පැහැදීමකට ලක් උනා..

අයියා : ඒකනෙ මල්ලි.. මේ කාලින මාතෘකාව ගැන තව මොනාද දැන ගන්ඩොන ?


මම : නැ තව කිසි දෙයක් නැ අයියෙ.. ඕක තමා මට තිබ්බ ලොකුම ගැටලුව.. දැන් කිසි බයක් නැ..

අයියා: ඒකනෙ මල්ලි.. මල්ලිට කියන්නෙ මං ඒ කාලේ ෆැකලට්ටි ගියානේ..


මම : කොහෙද ?

අයියා : බලාගෙන මල්ලි ඉස්සරහා වංගුවක්...  පේරා පේරා..

මම: ආ අහ් පේරා පැකල්ටි ගියාද අයියා ?


අයියා : නැනැ මං කිවේ ෆැකල්ටිය ඇතුලට යන්න දුන්නෙ නැ මොකද ඒකෙ ගෙට්ටු දාලා තිබ්බානේ..
මං ගියේ ෆැකල්ටි ඒක ඉස්සරහා තිබ්බ කඩේට.. තේ එකක් එහෙම බොන්ඩ..

මම : ආ අහ්..

අයියා : ඉතිං මල්ලි මං කල්පනා කරන්නෙ.. ෆැකල්ටි එක ඉස්සරහාට ගිහින් ඔහොම දැනුමක් ලැබුනා නම්.. ඇතුලට ගියා නම් මොනවයින් මොනවා වෙයිද..??


ද බනී෴



පාලි : අද උදේ ලියන්න ගත්තෙ වෙන දෙයක් ගැන.. එත් කලබලේ මේක ලියලා දැම්මා.. මට මේක අහද්දි හිනා ගියා.. ඉතිං හිනා යයි කියලා හිතනවා.. හිනා ගියෙ නැතොත් කිචි කවාගන්ඩ ඇ :D


සිරිපාද ගමන හා එහි සිදුවෙන අකටයුතුකම් ගැන පොස්ට් එක බලාපොරොත්තු වන්ඩ..!!