--
එක කුසයක උපන් නැතත්
තිබ්බෙ එක උස මහතක්..
උන්නෙ අයියා මල්ලි වාගේ..
ගාල්ලෙ අපේ ගම හොල්ලං
පල්සර් බයික්කයක් අරන්
දුන්නා උඹේ මහ එකා..
හිතන් නැතිව ඉන්නට ඇති..
ඒ උඹේ අවසන් වාහනේ කියා..
කාල කන්නි දොර දෙකේ බසයේ
මැද්දෙ හිර උන පල්සරෙට
හිතක් තිබ්බෙ නැහැ හිතන්ට...
උඹ අහු වෙයි රෝදෙට කියා..
කකුල උඩිං අතක් උඩිං..
බස් එකෙ රෝදය ගියා..
දොස්තර වරු ඇදක් උඩක
පැය ගානක සටනක් කලා.
කාල කන්නි මාරයා විත්
උඹේ හුස්මත් ගෙන ගියා..
අපිට තිබ්බ එළ බොක්කක්..
නැති වී තුන් මසකුත් ගියා..
තුන් මාසේ බන තිබ්බාලු
අද හැන්දැ වරුවේ හතට..
මං ගියේ නැහැ ඒ පැත්තට..
දුක දරන්න බැරි හින්දම..
මට හැකි නම් මගේ පන කද..
දෙන්නට තිබ්බා උඹ හට..
අපේ අම්මාට මල්ලී ඇත..
ඒක හින්දා අවුලක් නැත..
උඹට උන්නෙ නංගී විතරයි..
අම්මත් දැන් ලෙඩ ගානේය..
නංගීට හැකි වේවිද හෙට..
රැක ගන්නට ඒ පිං කඳ..
මට කල හැකි එකම මගුල..
බැද ගන්නවා නුඹෙ නංගිව..
රැක ගන්නට දෙමා පියං..
මගේ ඇහැක් ලෙසට යසට..!!
තනි ඇහැට අඩන
PirateBunny
.