Tuesday, June 28, 2011

blog එකේ හිට්ස් වැඩිකරගැනීමේ ක්‍රම සහ විධි

මේක මගේ ඔලුවට ආවේ.. අර මලින්තයාගේ කතාවක් එක්ක.. මායි සුදාරක මලයයි (අර චූටි එකා) එක්ක ටිවිටර් එකේ පොඩි සද්දයක් දාගෙන ඉන්න කොට..

වැඩේ උනේ මෙහෙමයි.. සුදාරක ගේ ටිවිට් එකකටයි මගේ ටිවිට් එකකටයි.. මලින්ත දාලා තිබ්බා..
මෙන්න මෙහෙම..
Malinthe Samarakoon

අපි 1ක ඉදන් යං...

01. බ්ලොග් එකක් අටව ගතයුතුය.. ටෙම්ප්ලට් එක බලන එකා අංඤකොරොස් වෙලා යන්න තියෙන්ටොන

02. මෙකේ ඇඩ් 100-200 දැම්මට අවුලක් නැත. (කියක් හරි එනවා නම් මොකද නේද ? ) :D

03. පොස්ට් වල නම් එච්චර ගුණාත්මක බවක් ඇවැසි නැත.. (අලුත්ම ක්‍රමේ ඔය බයිලා ගහපු බ්ලොග් එකකිං සුරුස් ගාලා හොරකම් කරලා දාන්නත් පුලුවන්..නැත්නම් google කරලා, එක්කෝ yahoo සර්ච් පාරක් දාලා මොකක් හරි සොෆ්ට්වෙයාර් කැල්ලක විස්තර එක්ක තඩී පොටො එකක් දැම්මාම මදැ.. ඔන්න පොස්ට්)

(වැදගත්ම ටික)

04. කාගේ හරි බ්ලොග් එකක් අල්ලලා හොදට බැනලා පෝස්ට් එකක් දාන්න..

05. බ්ලොග් ලියන උන්ගේ, අඩුපාඩු, සොශල් මිඩියා වල අඩුපාඩු දාලා පොස්ට් එකක් දාන්න

06. බ්ලොග් ලියන උන්ට ඇනෙන්න පොස්ට් එකක් දාන්න (මෙක නම් සුදාරකයාගේ ප්‍රර්්‍යේශණත්මක වචනයක් :D )

07. තමන්ගේ ආගමේ තියෙන අඩුපාඩුවක්.. හෝ මොකක් හරි ජනප්‍රිය කතාවක වචනයක් දෙකක් සැරට ලියලා.. දාන්න..

08. තමන්ගේ දුක කියලා ඇඩෙන පොස්ට් එකක් දාන්නත් පුලුවන්. Eg: අනේ මට ලියුකේමියාව වගේ ලු මං මැරේලු :'( (අන්න ඒ වගේ)

09. නිලියකගේ මොකක් හරි ඕප දූපයක් හොයලා දාන්න, ඔය කවුරු හරී ජනප්‍රිය නිලියක් ඔඩෙල් බැග් එකක් අරන් පාරේ ගියා කියලා කිවත් ඇති..  (උඩ කියපු සියල්ලට වැඩියෙන් හිට්ස් එනවා ඒකට)

10. වැදගත්ම දේ මාතෘකාව.. මාතෘකා වලට උදාහරණ ටිකක් දෙන්නම් එවාගෙන් ඉගෙන ගන්න

 i  ආදරය   (ඔබමයි මගේ ජීවේ දාලා යන්නැ වස්තුවේ)
 ii  බුට්      (ඔබට හොද නම් මට මොකද)
 iii  රාගය   (ගැනියෙක් සමග සංසර්ගයේ යෙදිනි) 
 iv හැකින්     (ආතල් එකේ හැක් කරමු) (හැක් කිරිල්ල හෙවත් මරාගෙන කෑම)

11. තියෙන හැම බ්ලොග් එකකම කමෙන්ට් එකකිං ඔයාගේ බ්ලොග් එකේ URL එක දාගෙන යන්න (මරා ගන්නවා බලන්න මේ පැත්තට එන්න) අන්න ඒ වගේ

12. අල්ලපු ගෙදර එකා හරි කමක් නැ සුරුට්ටුවක්, බීඩියක්, ගන්ජා etc.. බොනවා දැක්කොත්.. සුරුස් ගාලා ඔයා කැරැක්ටර් එක මාරු කර ගන්න......
ඒ කියන්නෙ           අල්ලපු ගෙදර "මිනිහා = ඔයා" වෙන්න ඔනේ... ඔන්න දාන්න පොස්ට් එකක්.. මේක බීවා.. අරක බීවා කියලා.. හිට්ස් ඒවි නාන්න...

13. මංත්‍රී මාමා කෙනෙක් හරි රටේ ලොක්කෙක් හරි කරපු හොද දෙයක් ගැන දාන්නත්

14. කුණුහරුපෙන් තමන් හරි ඇනෝනිමස් කමෙන්ට් එකක් දාගන්න..


ඉතිං මේ ටික මදැ.. මේවා කරලා බලන්න.. ආයේ කියන්න දෙයක් නැ.. අවුරුදු ගානක පලපුරුද්ද මත ලියපුවා මෙවා..  හිට්ස් ඒවි එපා කියන්න..  :D


මේවා ලිවා වගේ නෙවේ.. බනියාට මරණ තර්ජනත් එන්න තියෙන මෙව්වා එක වැඩියි.. මොකද මං දැක්කා සුදාරක මලයා අර මලින්තගේ ටීවිට් එකෙන් පස්සෙ මෙන්න මෙහෙම දාලා තිබ්බා.. :D


Supun Sudaraka
අම්මටහුඩු වෙනව. මගේ ඊළඟ පෝස්ට් 10 ඇතුළත ඒ වගේ එකකුත් ලියනව. ;)
 
 
PirateBunny..෴ 
 
.

Saturday, June 25, 2011

බනියාගේ අල වුනු හීනය..

මේක මේ නින්දෙදි දැක්ක හීනයක් නෙවේ.. හැබැහින් දැක්ක එකක්..  කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැහැ .. එත් කියලා දාන්ටොන.. පොඩි හිත් කලකිරිමක් එක්ක තමා මෙක ලියන්නෙ..

ඔන්න බනියා දැක්කා FB එකේ කොකා කොලා සමාගමෙන් කරණ තරගයක්.. ඔකේ දිනුවාම දෙනවා කිවේ සැම්සුං කම්පැණි එකේ ගැලැක්සි ටැබ් කියන අලුත්ම ෆොන් එකක්ද සාක්කු මැසිමක්ද මොකක්ද මංදා තඩි ගැජට් එකක් :D ඔවා ඉතිං බනියාට මැජික් හා හීන නිසා.. ආසාවේ බැරි උනා..

ඉතිං තරගෙත් හරිම ලේසි එකක් වගේ දැක්ක නිසා බනියත් එන්ටර්ද සීං... ඉතිං බනියාට ඔනේ උනේ කවුරුවත් නොකරපු දෙයක් කරන්න.. තරගෙට අනුව ඔනේ කොකාකෝලා එකක් බීවාම Brrrrr වෙන දර්ශණයක් පොඩි කාලයක් ඇතුලත.. ඉතිං හැමෝම කරලා තිබ්බෙ ඇත්ත මිනිස්සු දාලා බර්ර්ර් ගාපු එක..

මං ඉතිං තියෙන පන්ඩිත කමට කල්පනා කරලා කල්පනා කරලා හිතුවා මේක කරන්න ඔනේ ස්ටොප් මොශන් වලින් කියලා.. ඔය ගැන ලිපියක් කලින් අනුරාද අයියා දාලා තිබ්බ නිසා ඔකේ ආශාව තවත් වැඩි වෙලා තිබ්බෙ :D

ඉතිං ඔන්න ඊලගට පොඩි අවුලක්.. ස්ක්‍රිප්ට් එකක් නැ.. ඒ සිංහලෙන් කිවේ කතාවක් නැ කියන එකටමයි :P

ඉතිං අයියන්ඩිට කිවාම ඌ කිවා මෙහෙම කරමු කියලා.. කොහොමද..

ඔන්න කාන්තාරයක් වගේ පැත්තක.. මනුස්සයෙක් යනවා වාහනයක් තල්ලු කරන්.. තල්ලු කරන් යන්නෙ වාහනේ කැඩිලා නිසා නේ.. ඉතිං මැන්ස්ට හරි මහන්සියි.. දැන් මෙකාට පෙනවා ලොරියක් එනවා.. එකට අත දැම්මාට.... බ්ලා බ්ලා බ්ලා.. විඩියෝ එක තියෙනවා කියලා අමතක උනානේ :D එකෙන් බලලා කතාව තිරණය කරන්න...

මං කියන්නම් ඔය මගුල හදපු විදිය..

අවශ්‍ය ද්‍රව්‍ය :

01. කම්බී  (හොදට නැවෙන එවා වෙන්ටොන, ගෙදරට කරන්ට් එක එන වයර් එකේ ඔය කම්බි තියෙනවා.. එහෙම කියලා ඒ වයර් එක ගලවන්න යන්න එපා.. අර හැමෝම බනින "ලංවීමේ" ලොරිය අවාම කැල්ලක් ඉල්ල ගන්න.. :D

02. රෙදි සෙලෝටෙප් (ප්ලාස්ටර්)

03. කතුරක් (කම්බි කතුරෙන් කපලා ගුටි කැවාට මං නම් නැ ඔන්න)

04. අඩුවක් (උල් අඩුවක් නම් වටිනවා)

මෙවා තමා ක්ලේ කියන්නෙ ;)
05. ක්ලේ   (අර මොන්ටිසෝරි යන කාලේ අපි නයි හදන්නෙ :P අන්න එව්වා)

ක්ලේ වලට හඩැ වැඩ දාන්න කුරු කැලි (ඔක ක්ලෙ පෙට්ටියටත් ලැබෙනවා, මං ගත්තෙ ඉස්කුරුප්පු නියනක්)

මෙහෙමයි හදන්නෙ.......

        මුලින්ම කම්බී කැලි අරන් මනුස්සයාගේ ඇටසැකිල්ල හදාගන්න ඔනේ.. ඊ ලගට ඕක සෙලොටෙප් වලින් මහත් වෙන්න ඔතා ගන්නවා.. මං ගත්තෙ ඒකට අර තුවාල උනාම ගොස් තියලා අලවන සෙලොටෙප් ජාතිය.. එව්වා රෙදි නිසා ක්ලේ හොදට අහු වෙනවා.. (කතුරෙන් අර සෙලොට්ප් කැලි කපා ගන්න ;-)

දැන් කටු බොඩි එක හරි



ඊ ලගට කරන්න ඔනේ ක්ලෙ වලින් සියුම්ව අපිට ඔනි කරන මනුස්සයාව ගොඩ නගා ගන්න එක..










මගේ රූම් එක :D



චරිත ටිකේ ඔක්කොම වැඩ අවසං කල පසු..
ආලෝක පද්දතිය


ඊ ලගට අපි හොද බැග්‍රවුන්ඩ් එකක් හදාගන්න ඔනේ.. මං නම් ගත්තෙ ස්ටුල් එකක්.. ඊලගට ක්ලේ වලින්ම ගහක් හැදුවා.. අතු හොලවන්න ලේසි නිසා.. ;-)  තව වලාකුළු දෙකකුත් හැදුවා ක්ලේ වලින්ම..

ආයේ හොද ආලොකයක් ඔනේ නැත්නම් මෙලෝ රහක් නැහැනේ :P මං ඒකට ගත්තෙ පොඩි අක්කාගේ ටෙබල් ලෑම්ප් එක :D (ඔයත් සහොදරයෙක් ගෙන් ඒක දවස් කීපයකට හොරකම් කරලා බලන්න... මං වගේ ගුටි කන එකක් නම් නැහැ :P)

දැන් හරි ඔක්කොම. ඊ ලගට කරන්න තියෙන්නෙ.. අපේ  ත්‍රීපාදෙට කඩ්ඩෙන් කිවොත් ට්‍රයිපොඩ් එකට.. අපේ කැමරාව සෙට් කරගෙන.. සෙට් කරලා.. අර අපි හදා ගත්තු රූකඩ.. පොඩ්ඩ පොඩ්ඩ චලණය කරමින්.. පොටො එක බැගින් ගන්න..

දැන් හරියට කරන්න නම්, ඒ කිවේ තත්පර 30 ක විඩියොවකට නම් පොටොස් 500 ක් වත් ගන්න ඔනේ..  (මම 600 කට වඩා ගත්තා)

ඊ ලගට කරන්න තියෙන්නෙ පොටොස් ටික මැශින් එකට අරගෙන එකට එකතු කරලා විඩියොවක් විදියට හදලා.. අවශ්‍ය නම් සවුන්ඩ් කැලිත් දාලා.. එළට හදා ගන්න එක තමා.. :D
මෙකට මං ගත්තෙ ඇඩෝබී ප්‍රිමියර් කියන එක.. ඔයලාට පුලුවන් ජනෙල් වල එන වින්ඩොස් මුවි මෙකර් උනත් පාවිච්චි කරන්න.. (මට නම් එක දිරවන්නැ වැඩිය)
 නැත්නම් සිනෙරෙල්ලා කියලා නිකං දෙන එකක් තියෙනවා.. 

දැන් ඔක්කොම වැඩ අවසං.. මෙන්න ප්‍රතිඵළය.... ටරා... :D



ඉතිං මං මෙකට සති දෙකක් විතර නැහුනා.. :D කොම හරි අප්ලොඩ් කාරිය කරලා තරගයට තිබ්බා.. අෆොයි.. ජිවිතේ එපා කියවුනා.. මෙල් එකක් එනවා.. මෙක තරගයට ගන්න බැහැ කියලා, මොකද තරගයේ රුල්ස් වලට අනුව මිනිස්සු දාලා කරන්න ඔනිලු,... හෆොයි.. ගිය නුවන ක්‍රෙන් එක්ක දාලා අදින්නයැ..  :-/

මොනා කරන්නද බොම අමාරුවෙන් හිත හදාගෙන නිකං උන්නා.. ඉතිං අද තරගයේ ජයග්‍රාහකයින් තොරලා තිබ්බා.. හොද විඩියෝ එකට මුල් තැන ළැබිලා තිබ්බා.. ඒ ගැන සතුටු වෙනවා මං.. :D

මොනා උනත් කොකාකොලා එකට පිංසිද්ද වෙන්න මට මේක කරන්න ආස හිතුනානේ :D

ඉතිං මට සතුටුයි (ඔය කිවාට පොඩ්ඩක් දුකයි අර ගැජට් එක නැති උන එක ගැන) :P :D

ඉතිං ඔයාලත් කරලා බලන්න.. අමාරුනැ වැඩේ.. :D අවුලක් ගැටලුවක් නම් අමතන්න.. ජය වේවා..!!



BugsBunny..෴

..

Saturday, June 11, 2011

නුවර බස් එකෙ හිරවී ලියමි...(සෙන්චරි බාගෙයි හැපිබර්ත්ඩේ එකයි සැමරීම පිනිස ලියමි. )

පට්ට අමාරුවෙන් ගුලි ගැහී සිටිමි..ඒත් ලිවිය යුතුමය.. අද බනියාට ස්පෙසල් ඩේ එකකි..එනම් බනියා මෙලොවට ආපු දවසය..

සමහරුන්ගේ වාසනාවටත්.. සමහරුන්ගේ අවාසනාවටත්.. සමහරුන්ගේ කරුමයටත් අද වැනි දිනයක බනියා ඉපදුනේය.. මට කරන්න දෙයක් නැත..මං ඉපදී අවසානය.. අද ඉපදුනාමයැයි මට හරියකට ශුවර් එකක් නැත.. මොකද මං ඉපදෙන කොට කලේ මොනාද මතක නැත.. කෙසේ හෝ ඉපදී දැන් නාකිවෙමින් පවති.. එනම් බනියාට දැන් 20 කි.. අම්මාට නම් මං තාම පොඩි එකෙකි..

මේ ලියන අතර තුරත් FB හී වෝල් එක පිරී ඉතිරී යමින් ඇත.. එලෙසම SMS කෝල් හෝ ගාමින් පැමිනේ..  මට හෙන සතුටුය..ඒ මක්නිසාදයත්, මට යාලුවෝ රොත්තක් ඇත.. කිසි කලෙක දැක නැති උනුත් විශ් කර ඇත.. යාලුකම් වලට මූනු දැකීමක් ඇවැසි නැත.. එලෙස මං පෙම් කරද ඇත.. එව්වානම් දිග කතාය :D:D තවද ගැණු ළමයින්ගෙන් උම්මා 2-3 ක් ලැබි ඇත..එව්වා ෆේක් උම්මායැයි මට සැකය.. එත් අවුලකුත් නැත :D

ශිට් එකට අල්ලපු ශිට් එකේ එකා මට හෙත්තු වී හොද නින්දක් දා ඇත.. මට දැන් මලවිකසිත වෙමින් පවතී.. හිරවී තදවී යන එකට මට අරහංය.. ඒ අස්සේ මේ යකා මට හේත්තුවක් දමා ඇත.. කෙල්ලෙක් නම් ඉවසිය හැක.. එත් මූ මුස්ලිම් එකෙකි.. වැලමිටෙන් ඇන්නත් මූට ගානක් නැත.. ඔනිමගුලක් කියා මාත් ලියමි..
  ලියන එකත් මහ කම්මැලි වැඩකි.. බස් එකේ සිට ලියන්නෙ පළමු වතාවටය..
මේක හරියන මගුලක් නොවේය.. තවත් උන් කන්න වගේ ලැප් එක දිහා බලමින් කෙල හලති.. ලැප්ටොප් එකට ඇස්වහා කටවහා වැදී හාඩ් එකවත් පිච්චුනොත් මට ඉදලා වැඩක් නැත.. මක්නිසාදයත් ෆිල්ම් බරගානක් ඇත.. හන්ගපු ෆොල්ඩර 2-3 කුත් ඇත.. ඒ මොනාදැයි මගෙන් ඇහුවේ නැතුවාට කමක් නැත.. ;-) තව පොටොස් ටිකත් මට මාරම වටිති.. බැක්ප් ගන්න එකත් මරන්නා හා = වැඩකි..

මට දැන් එපා වී ඇත.. ඉතිරි ටික ගෙදර ගොස් ලියමි..

...............................................................................................................................
Home Sweet Home ය
මම දැන් නුවර ගෙදරට සැපැත් විය.. මොබිටෙල් එකේ මාමලා නැන්දලාගේ අම්මලා තාත්තලාද මට මතක් විය.. ඒ අයියා කිව් දෙයක් හරියකට පැහැදිලි නැති ඌ නිසාය.. අයියා ටවුමේය.. මං ගෙදරට ඇවිත් ඇත..වස කම්මැලිය.. මං ප්ව්මන්ට් එකේ සිට නැවත ලියන්න පටන් ගත්තෙමි..

නැවත කිසි දවසක බස් වල සිට බ්ලොග් නොලියමි...

..........................

ලියන්න කතා 2-3 ක් තිබ්බත් මං ඉවසන් උන්නෙ අද විශේෂ දවසක් කරගැනිමේ බලවත් ආසාව මතය.. එනම් අද මේ ලියන්නෙ 50 වැනි ලිපියයි.. බ්ලොග් ලියන්න අරන් අවුරුදු 3 ක් උනත්. තාම ලියා ඇත්තේ ලිපි 49 කි.. මෙකත් එක්ක 50 කි.. එව්වාට හේතුද මං දන්නෙ නැත.. හිතෙන විදියට කම්මැලි කමටය...
මේ අවස්තාවෙදි විශේෂ ස්තුතිය පල කරයුතු කෙනෙක් ඇත.. එනම් ඩැනී අයියාය..
බනියාව බ්ලොග් ලිවිමට යොමුකලේ ඩැනි අයියාය..  ඔහුට හෙනට ස්තුතිය මෙම අවස්තාවේ පුදකර සිටිමි..

එලෙසම ගයාන් කල්හාර මල්ලීටද ස්තුතිය.. ඒ මක්නිසාදයත් බනී කියා නම දැම්මේ ඌය..! ඌට හෙන ගැහුවත් අවුලක් නැත..   :D:D:D:D
එලෙසම කමෙන්ට් කරමින් මාව දිරිමත් කල සැමටත් ස්තූතිය මෙලස පුදකරමි..!

දැනට මේ ඇතිය.. මට හෙන නිදිමතය.. මම නිදාගන්නට යමි..
මට සුභ උපංදිනයක් වේවාය..

විශ් කල හැමෝටමත් ස්තූතියි..!

..