Saturday, November 13, 2010

වචන ගැඹුරු නැති මගේ විකාර..

ඕං බනියා කාලෙකින් ආවා මේ පැත්තේ....


මේ දවස් වල බ්ලොග් ලියනවා තියා කියවන්නවත් වෙලාවක් නැ... :-(
(ඕකාගෙ බොරු..!! වෙන මොකවත් නෙවේ කම්මැලි කම, කම්මැලි කම....)

ඒත් මේ ගිරියට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ සිංඩිකේටර් බර ගානක් තීයෙනවා නෙවැ... ඔව්වාගෙන් එලෙව්වට පස්සෙ ආයෙමත් ඒ මහත්තුරුංටමනේ කරදරේ.... ඒක නිසා මොනා හරි ලියන්ට ඔනී කියලා හිතුනා...

ඒත් කොච්චර කල්පනා කලත් කිසිම දෙයක් මීටර් වෙන්නෑ නෙවැ :-/
(මිටර් වෙන්නෑ නෙවේ, කල්පනා කලේ නැ.. අම්මේ මේකා කියන බොරු.....) 
ඉතිං ඔන්න හිතුවා, FaceBook එකේ නිකං ඉන්න වෙලාවට ලියපු අනම් මනම් note කැලි බ්ලොග් එකේ දාන්න...

(මේකත් හරි සිම්පල් වැඩක් Ctrl + c , Ctrl + v නේ) :D :D

.............................................................................................


නංගි

මෙන්න මෙහෙමයි පැතුවේ...
මම මොකද මෙච්චර එයා ගැන හිතන්නෙ ?
එයාගෙ මොකක්ද විශේෂත්වය ?
වැඩිය ලස්සනත් නැ...
ඒත්....
අනේ මන්දා...
මම එයාට ආදරෙද ?..
එක අතකින් නම් මහ විකාරයක්..
පුදුම වදයක් නේ දෙන්නෙ..
මට එයා ගැන බලාගන්නලු..
මේ විකාර කාරි මම කොහොමද බලා ගන්නෙ ?
මෙයා එක්ක මගෙ සම්බන්දෙ මොකක්ද ?
දෙවියනේ...
ඒ මගේ නංගි නේ....??


කරදර කාර නංගියෙක් නොලැබ, ඇනයක් වෙන මලයෙක් ලැබුන මම

                                                         බග්ස් Bunny

.............................................................................................

(පට්ට)

ඊයේ මට පට්ට නිදි මතයි.
නිදා ගන්න හදන කොටම ..
පට්ට තඩි මදුරුවෙක්...
මගේ කන ගාව පට්ට වෙට්ටු ටිකක් දාලා...
පට්ට කුන් කුන් සද්දෙකුත් දැම්මා...
මම හිතන්නෙ පට්ට මැර ඩෙංගුවෙක්
මේ පට්ට කරදරේ ඉවසන්ට බැරි කොට
මම මගේ  පට්ට දිග, අත කරකවලා
පට්ට කනේ පාරක් දිලා ඇරියා...
පට්ට විදියට ඉස්ටිකර් උනානේ...
අම්මොහ්..
මගේ කණ පට්ට විදියට රිදෙන්න ගත්තා...
මොනා කරන්නද...
පට්ට දුක තමා....!!

පට්ට පිස්සු මම....
                         බග්ස් Bunny

   මම මෙහෙම දෙයක් බ්ලොග් එකේ දාපු පලමු වතාව...මේවා නිසදැස් කියලා මම නම් හිතුවෙ....ඒත් එහෙම පෙන්නෙ නැ වගේ...ඔයාලා කැමති නමක් දාන්න...දාලා මටත් කියන්න :D

තව note 3 ක් විතර තියෙනවා...එව්වත් දාන්නම්කෝ...එතකං අපි කැපෙනවා... හැමෝටම සුභ ________   (කැමති එකක් දාගන්ටැ) :D


.   <--- මෙන්න මෙතන තිතක් පේනවද ? ඒක මම පාවිච්චි කරන්නෙ පොස්ට් එක උඩට ගන්න.. ඔයාලත් අත්හදා බලන්නකෝ :D