Thursday, December 30, 2010

ඇය..

   අප සැම සිත් සතන් සතුටු කරමිං SBU get together අවසං කෙරී සියල්ලෝම ගෙවල් බලා පිටත් විය.. මාත් මාගේ මිතුරු කැල සමගින් කොච්චියට නැග ගත්තේ ගෙවල් බලා පැමිනීම සඳහාය.. වාසනාවකට අප සියල්ලන්ටම වාඩිවී යැමට ඉඩ තිබිනි.. මාත් කල්ප අයියා හා ඩැනියාත් වාඩි උවේ එකලඟය...

අරුමයකි.. අප වාඩී ඌ සිටි තැනට අල්ලපු පේලියේ උන්නෙ, අම්මා කෙනෙක් හා ඇගේ ළමයිං යැයි සිතිය හැකි කෙල්ලන් දෙදෙනෙක් හා කුඩා කොලුපැටියෙකි.. තුන්දෙනාම දඟමල්ලන් යැයි බනියාට සිතිනි.. ලොකු දැරිවී අවුරුදු 18 ක් යැයි සිතිය හැක..
බනියා අසා ඇතිපරිදි තම නෝනා සමග වාහනේක ගියත් කහඉර මාරු වෙන කෙල්ලන් දිහා එම පුරුශයා බලන එක නැවැත්විය නොහැක්කක් බවය.. සුංඳර දසුං දකින කල්හී අහක බලාගන්නෙ කිනම් තුංහිතකින් දැයි බනියාට කල්පනා විය. එබැවින් එම දැරිවී දෙස බනියා බැලැවෙමි.. බැලුවෙමි නොව බැලින..
ලස්සනය.. සුදුය.. සැලලිහිනියේ හිදි තොටගමුවේ රාහුල හිමියන් 13 වැනි කවියෙන් කියන්නා පරිද්දෙන්  "සිසි වන වුවන ඉඟ සුඟ ගතහැකි මිටින". ය
(නමුත් බනියා නම් මිටින් තියා අත් දෙකෙන්  වත් අල්ලා වඩා ගත්තොත් පුදුමයකි..)

මෙදෙස බලා සිට බනියාට එම වැඩිමහල් කෙල්ල විසින් රෝන්ග් හිනාවක් දැමිනි..එය බනියාට ඇල්ලුවේ නැත.. මායම් වලට අසුවීමට බනියාට හිතක් නැත.. මම නැවතත් කවුලුව දෙස හැරනි..

මුං තිදෙනාට පුදුම දාංඟලයකි.. කොච්චිය පෙරලෙතැයි බනියාට සිතිනි.. එකෙක් සෙරෙප්පුවෙන් අදියි.. අනිකා ෆොන් එකෙන් අදියි.. නමුත් මුංගේ අම්මා නම් ගානක් වත් නැති සේයකි.. ඇය පොතක් බලමින් ගියෙමී.. ඇයට මුංගේ දාංගලය පුරුදු සේයකි..

ඕනැම කොල්ලෙක්ගේ රේඩාර් පද්දතියේ දෝශයක් නැත්නම් ඒ කෙල්ල දිහා බැලෙන එක නැවැත්විය නොහැක.. එතරම් ඇය ලස්සනය.. ලස්සන යනු පිට ඔපයකි.. ලේ පිරිසිදු ඇත්තන්ගේ මූන සුදුය.. එනම් ඇය ආඩම්බර නැතැයි බනියාට සිතිනි.. මූනේ රැදිච්චි සිහිං සිනාව සැමටම සම සමව බෙදිනි.... කොලු සිත් වසගයට පත්කිරිමට ඇය සමත්ය...

බනියාද සුසුම් හෙලමිං ගමනාන්තයට පැමිනියෙමි..

හුටාය.. කොච්චි පිවිසුම් පත්‍රය නොහොත් ටිකට් එක නැති වී ඇත.. කල්ප අයියා, වත් අක්කා, ඇගේ නංගි හා ගයාන්ට ටිකට් තිබිනි.. ටිකට් බෙදා දුන් බනියාට ටිකට් එකක් නැති විය.. ඕනැම ගැටලුවකට විසදුමක් ඇති පරිද්දෙන් ශෝර්ට් කට් එකකිං පැනීමට ගයාන් විසිං යෝජනා කෙරිනි.. ශෝර්ට් කට් එකක් උවත් එය ටිකක් දුරය..

කෙලෙසක හෝ අපි නැවතත් බස්ටැන්ඩ් එක කරා පැමිනියෙමි.. අහඹුවකි.. "ඇය" මාගේ මූන ඉදිරියේය.. sbu gtg හී දි ගත් පොටෝස් FB දැමීමේ බලවත් ආශාවක් තිබූ නිසා ඇය සමග සිනාසීමට නොහැකි විය.. ඒ ඇයගේ මව්තුමී සිටි නිසාය.. මව් තුමී අතේ කුඩයක් තියෙන ආකාරය බනියා දුටුවෙමි..

ඉක්බිති අපි නිවෙස් කරා පිටත් වී ගියෙමී..

කාලය මෙලෙස ගෙවී ගියෙමි..

    ඊයේ හැංදැවේ  බනියා උඩුමහලට වී පාර දිහා බලාසිටියෙමි.. දැකපුරුදු රුවක් පාරේ ගමන් කරනවා දුටුවෙමී..
කිරිඅප්පට බව්වෝ පැනිපී කිවාලු..

කොච්චි කෙල්ල... ඇය ඇගේ අම්මා සමඟ පාරදිගේ පැමිණ අප නිවසට ඇතුල් විය..
ඇය මාදෙස බලා ඇගේ ගමන් දිශාවට හැරී බලා නැවතත් මදෙස බලා හිනාවිය.. බනියාට හීන් දාඩිය දැමිය.. මේ මොන විනාසයක්ද වෙන්න යන්නෙ.. ? මෙන්න අපේ අම්මයි ඇගේ අම්මයි සතුටු සාමිච්චියේ ? ඇයත් එබස් අසමින් ඉන්නා ආකාරය බනියා දුටුවෙමි.. කොච්චියේදි පැනිහැලීම සම්බන්දයෙන් කම්ප්ලේන් කලාදැයි බනියාට සැකසිතිනි.. එබැවින් කතාවට ඇහුම් කන් දීමට බනියාට සිතිනි.. හිහ් හිහ් හිහ්.. එවන් මගුලක් නොවේය.. අම්මාගෙන් මැහුම් පොතක් ඉල්ලා ගැනීමට පැමිනි ගමනකි..

බනියාට ඉස්පාසුවක් නැත.. කොච්චියෙදි හමූ ඌ බව පැවසීමට බනියාට සිතිනි.. 
චටාස්... 

මොකෝ ඕයි පස්ස පැත්තට එලිය වැටෙන කම් නිදාගන්නෙ ?
නැගිටිනවා.. ඕයි... අයියේ නැගිටිනවා..

 පලයංකෝ මොන මගුලක්ද මේ ? මෙච්චර ලස්සන හීනයක් කැවේ මොන හිතකිංද ? අනේ අම්මපා මෙහෙම මල්ලිලා නම් ඔනේ නැ...

සත්‍ය හා හීනයක අතරමං ඌ මම
Bugs Bunny~

.

Friday, December 24, 2010

උණ වර්ග.

    කලින් ලිපියේ සඳහන් කල, දෙවැනි පොලිස් කතා ඊලග ලිපියට ඇදදැමිනි.. හේතුව මේය මට මේ අවස්ථාවේ මතක් ඌවක් නිසාය.. නැතිනම් අමතක විය හැක..

උණ වර්ග කීපයක් ඇත.. මට සෑදී ඇති උණ වර්ග කිපයක් මෙසේ සටහන් කරමි...!

වයස අවුරුදු 10 දී පමන මට මෝටර් උණක් හැදිනි.. එනම් මෝටරයක් අරන් දෙන තුරු උණ ගෙන සිටීමයි.. එලෙස ගත් කල මම "ඒබ්‍රහම් කෝවුර්" මෙන් දක්ශය, කොවුර් මහතා කගෙදෝ ගැජමැටික් එකක් නිශ්ප්‍රභ කිරීම සදහා විනාඩී කීපයකට නාඩී වැටීම නවතා ඇත.. (උණ සැදුනේ කෙලසදැයි මම නොදනිමි)
 
    එකල්හී බනියාට දෙයක් ඔනැයැයි කී කල ඔනැමමය.. ඒ බනියාගේ හැටිය.. තාත්තාටද කරගත දෙයක් නොමැත.. බාප්පා ගෙදර පැමිණ තිබිනි.. "මල්ලි මෙන්න මූට මෝටරයක් අරන් දෙන්න කොහේ හරි ලෝකෙකින්" යැයි අපේ තාත්තා කියන්නාක් මෙන් මට මතකයක් ඇත..
මමද බාප්පාද වාහනේ නැග රට පුරා මෝටරයක් සොයා කරක් ගැහුවෙමි... එදා පෝය දවසකි.. කඩවල්ද වසා ඇත... බනියාගෙ ඉල්ලිමද ඉටුකර දියයුතුයැයි දැඩි අදිටනිකින් බාප්පා සිටියැයි සිතිය හැක.. ටවුමට කිට්ටුවෙන කල්හී කඩ කීපයක් ඇරතිබිනි.. ඒම කඩේ තිබුනේ වෙසක් කාලයට බුදුරැස්වලලු හදන්න ගන්නා වර්ගයේ කුඩා මෝටර්ය.. බනියාට මෙන්ම බාප්පාටද ඒ මෝටර් සැටිස් නැත.. සිංහලෙන්ම කීවොත් ඒවා මෙලෝ රහක් නැත.. වේගය පමණි කාර්යක්ශමතාවද මොක්දෝ මගුල ගන්න දෙයක් නැතැයි බාප්පා කඩේ මුදලාලිට විද්‍යාව පාඩමක් උගන්වනවා බනියාට යන්තමට මතකය..
 බනියාට ඕවා තෙරෙන්නෙ නැත.. ඌ පොඩි එකාය..
       ඔය මගුල් ගැන විස්තර දැනගන්න ඔනීනම් කනියා අමතන්න.. ඌද මොකක්දෝ ඇටමගුලක් අටවාගෙන ඕවාගේ RPM අගය CC හා මවුන්ට් කතා හා වෙනත් ජිල්බිරිස් ගැන කතා කරනවා මීට සති කීපයකට කලින් බනියා දුටුවෙමි.. එය දුට බනියාට තවත් උණක් සැදිනි එනම් Hovercraft උණකි.. එයටද බනියාට එන්ජිමක් ලැබිනි.. නමුත් එය වැඩකරන්නෙ නැත.. බනියා එන්ජින් ගැන හරිහැටි දන්නෙ නැත.. එය ගැලෙව්වොත් කැලී වැඩීවිය හැක.. SBU හමුවේදී කනියා මාව මුණ ගැසීමට පැමිනියේ කෝ බොල අර එන්ජිමයැයි කියාගෙනය.. මම උඩ ගියෙමි..  පසුව මතක් උන ආකාරයට කනියායි මමයි කතාකරගෙන සිටියේ SBU හමුවේදි ඒ එන්ජිම මස් කිරිමටය.. කාගේද පිනකට මට එය අමතක විය..

 බාප්පෙ මෝටරයක් යැයි බනියාට නැවතත් කියවිය..
             බනියාගේ නැත්නම් බාප්පාගේ පෙර පිනකට හෝ සෙඩ් එකේ අයිතිකාරයාගේ කරුමයකට TV හදන කඩයක් දුටිමි.. TV කීවාට එහි කැසට් හා තවත් දැ හදන බව පුවරුවක සඳහන් කර තිබිනි.. එහි අයිතිකරුට බාප්පා මාට වැලදී ඇති උණ ගැන පැවසුවෙමි.. එවිට තඩි කාඩ්බෝඩ් පෙට්ටියක් අවුස්සා මෝටර් කීපයක් එලියට ඇදගත්තෙමී.. කැමති එකක් තෝර ගන්නයැයි කඩ හිමියා පැවසුවෙමි.. බනියාට ඉවසිල්ලක් නැති විය සියල්ලම බදාගන්න සිතුනත් එකක් තෝරගන්නයැයි බාප්පාගෙන් නියෝගයක් ද ලැබිනි..!!
මෝටර තෝරාගැනිමට එතරම් දැනීමක් බනියාට නැත.. 10- 20 ගනන් කරත් තෙරෙන්නෙ පොඩී මෝටරයකි.. නැවතත් එහි තැන මාරු කර ගනන් කෙරිනි.. ඔන්න දැන් 100 එන්නෙ ලොකු මෝටරයටය.. පැනපු ගමන් එය තෝරාගතිමි..  හොදම දේ තේරීමට 10- 20 හොද ක්‍රමයකි බනියා විභාග වලදීද එය කල වාර එමට ඇත.. බොලාලා ඒවා කර මට බනිනවා හේම නෝවේ..!!!

බාප්පා විසින් කඩ හිමියාට රු100 දෙනවා බනියාට මතකය.. නැවතත් කඩහිමියා දෙස හැරී බනියා ඇසුවේ මෙම මෝටර් වැඩක් නැති ඒවාදැයි ලෙසය... කඩ හිමියා පැවසුවේ පාවිච්චියට ගතහැකි හා වැඩක් නැති ඒවාද ඇතිබවයය.. එලෙස බැලූ කල මෙකා කරන්නෙ කැසට් හදනවාට වඩා කැඩීමක් බව බනියාගෙ සූටි මොලයට කල්පනා විය..

මෝටරය ගෙන ගෙදර පැමිනියේ පුදුම සතුටකිනි.. හවස් වෙද්දීම උණ ගතියද පහලව ගොස් ඇත.. දොස්තර මාමාට රු300 - 400 දෙනවාට වඩා තාත්තා රු 100කින් බේරිනි.. පසුව එම මෝටරය වැඩ කීපයකටම යොදාගතිනි.. බනියා හා පොඩී මාමා එක්ක එකතු වී දොඹකරයක් සෑදුවෙමි.. එය නැවත ගලවා ඉස්කෝලෙ ගොස් එකලස් කර අත් වැඩ සදහා ලකුණු 100 ක්ද.. පංතියේ මැකෑනික් සම්මානයද ලබාගතිමි..! එදා තාත්තා සතුටුවෙන්න ඇතැයි බනියාට දැන් මතක් විය...
    මෙය කියවන ඔබ වැඩිහිටියෙක් නම් ඔබට අපේ බාප්පා ගේ චරිතය හෝ තාත්තාගෙ චරිතයෙන් ඔවදනක් ගත හැක.. ළමයින්ට අවශ්‍ය දේවල් ලබාදෙන්න.. ඒවාගෙන් පාඩුවක් වෙන එකක් නැතැයි බනියාටද සිතිනි.. (වැඩිහිටියා යනු පොඩිහිටියන්ට උපදෙස්දෙන්නාටය)

 අලියන්ටයි ළමයින්ටයි තියෙන්නෙ එකම දාංගලයක්ලූ.. අපේ අම්මා කියන විදියට මම තවම ළමයෙකි.. විසේය.. දගඟය.. දඟ වැඩ කරන්නෙ ලොකු ලොකු දේවල් වලින්ය..ඒවා උණ ලෙස සඳහන් කල හැක..

බනියාට තව උණක් තිබිනි එනම් වාහනය..
11 වසර සිංහල පොතේ සියදෝරිස්ටද බයිසිකල් උණක් තිබිනි.. එලෙසම මටද සැදුනේ කාර් උණකි...  ඇලියොන් හෝ කොරොල්ලා වර්ගයේ කාර් එකක් දුටු විට අතගාබැලීමට තරම් ඒ උණ දරුණුය.. තවද ප්‍රයිම්මූවර් වැනී තඩී වාහන දුටු විට කලන්ත ස්වභාවයක් හා ඉන්න තැන අමතක වීම වැනී රෝග ලක්ශනද ඇත...
            කලක සිට හයිස්පීඩ් යැමේ යම් උණක් ඇත.. (අසහණයක් ලෙසත් සැලකිය හැක) පොලීසියේ සිට අපේ තාත්තා කීවාත් අහන්නෙ නැති මේ උණ කෙලවර වන්නෙ අතක් හෝ පයක් නැතිනම් ජීවිතයම කඩා ගැනිමෙකින් යැයි බනියාට තේරී ඇත... නමුදු මේ උණ හොදවන්නේම නැත..
     මරණය බනියාට මෙන්ම ඔබටද පොදුය.. මැරෙන දවස මාරයා විසින් ඉන්ඩීකෙට් කල දවසට යා යුතුමය.. පස්ස ගසා පලක් නැත.. බනියාගෙ තියරිය නම් හෙට මලත් අද සතුටින් යන්නයි... කවදා හරි දිනක බනියා මැරිලා හෝ අන්න ඌ ඉස්පිරිතාලේ යැයි කවුරුන් හෝ ඉස්ටෙට් එකක් දමා තිබුනොත් හොල්මනක් වී ඇවිත් මැසිමේ අන්තර්ජාල සේවාවට යම් යම් බාදා ඇතිකරමි..!!  සනීප උවහොත් හොද බැනුමක් ඇසීමට සූදානම්ව සිටිනු..!!

අම්මා මම ළමයෙක්යැයි සැලකුවාද මම ඉලන්දාරියෙක්කැයි කිව හැක.. ඉලන්දාරින්ට සැදෙන උණවල් හුගක් ඇත.. ඒවා මේ බ්ලොග් අවකාශය පීරිමෙන් තොග වශයෙන් හොයා ගත හැක...

තව උණ වර්ග ඔනැ තරම් ඇත.. ඒවා ලීවොතින් ඔබට කරණ පාඩුවකි.. එනම් මෙම පිස්සු කතා අසා කා ගන්නා කාලයය.. කාලය රන් වලට වඩා මිල යැයි කියන්නෙ බොරුවක්ය ඔරලෝසුවක් හා බැටරියක් වැඩි ගානක් වන්නෙ නැත.. නමුත් කාලය නැවත ගත නොහැක.. කාලයට රිවස් ගියර් එකක් නැත.. කාලයට රිවස් ගියර් එකක් තිබ්බා නම්...... කියා හූල්ලපු අවස්තා බනියාට එමට ඇත....

අදට මේ ඇත.. මෙම කතාව හුදෙක් ඔබට අවවාද කීපයක් ගැනීමට හා මාගෙ last will එක නොහොත් අන්තිම කැමති පත්‍රයේ කොටසක් විය හැක...
 ඔබට සෑදී ඇති උණ වර්ග එක එක කමෙන්ටු වල කිව හැක..

පාලී: කමෙන්ට්ටු දැමීමේදි පට්ට, එළ මචං, මැක්සා බං අනම් මනම් තනිවචන දැම්මෙ නැතිවාට තරහා නැත.. අද සිට කමෙන්ට් කරන විට බනියාද කම්මැලි කම නැතිව බනින්න හරි දිගට කමෙන්ට්ටු ටයිප් කරමි.. ඔබද එලෙස කරන්න...

කියන්න අමතක උනානෙ... ඔබ සැමට සුභම සුභ නත්තලක් වේවා.. ඒ වගේම සුභ නව වසරකට ආසිරි වේවා.. !!

.                                                                               Bugs Bunny

Wednesday, December 15, 2010

පොලිස් කතා..

    න්නා මැල්වෙයාර්, අර වෙයාර්, මගේ වෙයාර්.. ඔක්කොම කරදර වලින් ගැලවිලා අයේ නැවුම් සිතින් සාදු කාරයක් දෙන්න පිංවතුනී...

මේ මොන මගුලක්දැ ? :S මූට විකාරද මංදා....

මේ පේනවද බනියා ඇවිල්ලා... මේ මේ ? මේ ඉන්නෙ.. අන්න ඌ තමා..

මාත්තුරුකාව දැක්ක ගමන් පේනවානේ බකට් එකක් කියලා ? ඔව්වොව් බකට් එකක් තමා..
එකක් නම් මදැ. 2-3 ක්ම... මෙන්න මේකයි සිද්දිය හරියේ..

කතා අංක 1 ක..

           බනියාලාගේ තාත්තායි බනියයි දවසක් වැඩක් කර කර ඉන්න ගමන් කෝල් එකක් ආවා...ම්ම්ම් ආවේ එසේමෙසේ කෙනෙක් ගෙන් නෙවේ... කවුද දන්නවද ? පොලිසියේ OIC මහත්තයාගෙන්... (හෝව් හෝව් දුවන්න එපා... අල්ලන්න ආවේ නැ ඔයාව :P)


තාත්තා : හෙලෝව්....


OIC: #$^%$#$@%$^&*^%%&#


තාත්තා : ආ හරි හරි


OIC: %$#%*&&@%$*%@*@


තාත්තා : හරි හරි මම එවන්නම්.. 

මේ මොන මගුලක්දැ.. මට ඇහෙන්නෙ නැ කවුද කතාකරන්නෙ කියලා....

දන්නවානේ වැඩිහිටියන්ගේ කතා පොඩිහිටියෝ අහන් ඉන්නේ නැහැ නෙවැ.. (අනේ මුගේ පොඩි)

ඉතිං බනියාට මාර කුතුහලේ.. අහම්දෝ නොහාම්දෝ..

"ඉබ්බා ගඟට දාද්දි, අනේ දාපං කොල්ලො කීවාලු"..

තාත්තා කියාපි පොලීසියට ගිහින් වරෙන් කියලා.. හුටා..මේ මොන වෙඩිං එක්ද කඩා පාත් උනේ .. මම උඩ ගියා..
ඔයාලා දන්නවානේ මේ බනියා අංතෙටත් තච චුට්ටක් එහා අහිංසකයා (මම කියන්නැ)

බනී: ඒ මොකද තාත්තෙ ඒ ?

තාත්තා: අන්න පොලිස් මාමා කෙනෙක් මැරිලාලු..

බනී: නියමයිනේ :D

තාත්තා: අනේ කට වහාගනින්

බනී: කට වහගෙන කොහොමද කතාකරන්නෙ ?

තාත්තා: උබට පංඩිත කම් ඔනේ නැ.. අන්න OIC මහත්තයයි තව පොලිසියේ 2-3
දෙනෙකුයි ඒ මල ගෙදර එක්ක යන්න වාහනේ එවන්න පුලුවන්ද ඇහුවා.. මම හා කිවා

බනී: (කවදා කාපු ඇස්බැස්ටෝස් ශීට්ද) දැන් මමද යන්න ඔනේ ?

තාත්තා: එහෙනම් උබ මේ වැඩේ කරපං මම යන්නම්

බනී: හෝව් හෝව් හෝව්... එපා තාත්තේ දුර ගමනක්නේ, මම යන්නම් ;-)

තාත්තා: එහෙනම් ගිහින් වරෙන්.. පොලීසියට ගිහිල්ල අහන්න OIC මහත්තයා කොහෙද කියලා..

බනී: අනේ තාත්තෙ මම ඔය මගුල ඇතුලට වැස්සකටවත් ගිහිල්ලා නැනෙ...

තාත්තා: ඉතිං අද යනවාකෝ..

බනී: අර මෑන්ස්ට.. නෑ නෑ මේ OIC මහත්තයාට  එන්න බැරි වේද එළියට..

තාත්තා: ආ එහෙනම් මම කියන්නම් එළියට එන්න කියලා..

බනී: හරි හරි මම යන්නම්...

ඔන්න බනියා නමෝ විත්තියෙන් ගියා පොලීසියේ ගෙට්ටුව ගාවටම.. කොල්ලා නිකන් පොර වගේ නැවැත්තුවා ගෙට්ටුව ඉස්සරහාම.. (වෙනදා ඔතන අහලකිංවත් වාහනේ තියන්නැ :D )
ඔන්න එනවා බනියා විතර වගේ 3 යි කාලක් විතර ඇති මනුස්සයෙක්...

ම්ම්ම්ම් මේ බනියාද ?

බනියා: ඔව් ඔව් මම තමා බනියා..

ආ මම තමා OIC

බනියා.. ආ මාමේ මට මේ තාත්තා එන්න කිවා කොහෙද යන්න ඔනේ කියලා..         (මාමා හිහ්හ් හිහ්හ් ;-)

OIC : ඔව් ඔව් පුතේ මේ මලගෙදරකට යන්න ඕනේ බද්දෙගමට එහා..

බනියා: හුටා.. හේමද.. මම පාරවල් දන්නැනෙ ?

OIC : අවුලක් නැ පුතේ මම කියන්නම්..

බනියා: එළකිරි.. හෙනම් යං..

ඔං ඉතිං OIC මහත්තයි පොලිසියෙ දෙවනි මහත්තයයි.. ඒ මහත්තයාලාගේ සේනාවයි. සේනාව කීවෙ ඔක්කොම 4 දෙනයි ගියේ... හිහ්හිහ්හ්හිහ් :D

ඔන්න දැන් අර පාරෙන් මේ පාරෙන් අර වංගුවෙන් මේ වංගුවෙන් හැරි හැරි යනවා...

ඉතිං බනියා නෝර්මල් එකෙ 40 ට වගේ තමා පාගලා ගියේ.. කියන්න බැනේ.. නීතිගරුක මහත්තයෙක් ඉස්සරහා තියාගෙන 40 ට යන පාරේ 60 ට පාගලා නිකං අනම් මනම් අහගන්නෙ මොකටද නේ ?

අනේ මංදා OIC මහත්තයා ගේ මූණ බෙරි වෙලා.. ඉවසලා ඉවසලා බැරිම තැනද කොහෙද කියාපී සාජන් මේ පුතා එක්ක කොළඹ ගියොත් නම් දවස් 2 ක් වත් යාවී නේද ?..
(හුටා.. මේ මොන විලිලැජ්ජාවක්ද උනේ... 80-100 ට පාගන කොල්ලාට ඔහෙම කතා කියන එක වැරදියිනේවැ.)

OIC: හැබැටම පුතේ මීට වඩා වේගෙන් යන්නම බැරිදැ ?

ඊට පස්සෙ උණ දේ කියන්න ඔනේ නැනේ ?

සම්පූර්ණ ගමණට ගියේ පැය 1.30 යි... අපි ආයේ ගාල්ලෙ..

පිටි පස්සෙ ආපු සාජන් මහත්තයා නම් පොලිසිය ගාවට ගෙනැල්ලා බැස්සුවාම කීවේ..
පුතේ පරිස්සමින් යන්න හොදේ... :P

පා:ලී   හැබැටම අපි දවසක් යන්න ගන්න දුර ගමනකට OIC මහත්තයෙක්ව දාගෙන ගියොත් වරුවෙන් යන්න පුලුවන්නෙ ? ඉතිං වදේ ලංකාවේ පාරවල් දියුනු කරන්නෙ මක්කටැ ? හැම වාහනේකටම OIC මහත්තයෙක් ගානේ පත්කරානම් ඉවරනේ :P

නැ.පා.ලී: මේ ගිය ගමනේදි බනියයි OIC මහත්තයායි එක්ක වගුරු බිම් ගොඩකරගැනීම පිලිබදව පොඩි උණසුම් වලියක් යන්න ගියා.. ඒකයි... ඊලග පොලිස් කතා 2 කුයි එක්ක බනියා ආයේ එනවා හොදේ... දන්නවානේ මම පොරොන්දුවක් දුන්නොත් දුන්නා තමා :D :D (අනේ පල බොරු නොකිය, කලිනුත් ඔහොම තමා කිවේ..)


                                                    හැමදාම බකට් පෙරලගන්න 
මම 
         Bugs Bunny


.

Sunday, December 5, 2010

Bunny යා නැවතත් කරලියේ...

    කාලෙකිං පොස්ට් එකක් දාන්න උනේ... මේ දවස් වල ලොකු ලොකු අකර තැබ්බ..
ලොකුම අවුල තමා මගෙ බ්ලොග් එකට මැල්වෙයාර් එකක් ආපු එක..

ඉතිං දන්න සෙල්ලම් හැම එකක්ම දැම්ම..කොහෙද මේක හරියන්නෙම නැ.. තව මගේ බ්ලොග් එක නිසා අනික් බ්ලොග් වලටත් මැල්වෙයාර් එක පැතිරිලා කියලා පැමිණිලි එන්න ගත්තා.. ඉතිං මොනා කරන්නද දුකෙන් හරි බ්ලොග් එක මකලා දානවා කියලා හිත හදා ගත්තා.. ඒ අස්සේ ගයාන් තාරක අයියත් මේක හදන්න උත්සාහයක් ගත්තා...ඒත් හරිගියේ නැ..

ඩොමෙන් එකක් අරගෙන ඒකට බ්ලොගර් වල තිබ්බ පොස්ට් අප්ලෝඩ් කරලා තිබ්බ නිසා එච්චර ගානක් තිබ්බෙත් නැ .. ඒත් අවුරුදු 2 ක් තිස්සෙ පෝස්ට් දාපු තැන දාලා යන්නත් දුකයී... මොනා කරන්නද හිත හදාගෙන ඉන්න තැන එක පාරටම ජේඩී ශේඩ් අයියා කියාපි මගේ ඩොමෙන් එක තියෙන සයිට් එකෙත් මැල්වෙයාර් එකක්ලු..

මගුලයි...!

දැන් මොනවා කරන්නද.. හිතාගන්න බැ.... ඔන්න එතකොට තමා මලින්තයාව මතක් උනේ.. මැන්ස්ගේ සවර් එකට පිංසිද්ද වෙන්න තමා මගේ ඩොමෙන් එක හොස්ට් කරගත්තෙ (ඒකට ස්තුතියි කියන්නත් ඔනී) :-D ඉතිං මලින්තට කියලා සවර් එක ඉස්කැන් කරා.. ඔන්න තියෙනවා බාන්ඩේ...
       මොකක්ද දන්නවද ? පොටෝ එකක් :D මතකද ඔයාලට මම ලැප්ටොප් එක ගත්ත දවස් වල දැම්මා බ්ලොග් පොස්ට් එකක්.. බනීටත් හාවියක් කියලා..
ඔන්න ඕකට මම ලැප් එකේ පොටෝ එකක් ගත්තා කොහෙන්දෝ සයිට් එකකිං..
අන්න ඒ සයිට් එකේ තමා ඔය කියන ප්‍රශ්නය වෙලා තියෙන්නෙ.. ඉතිං ඒකට ලින්ක් කරපු නිසා මගේ එකටත් ඒ ප්‍රශ්නෙම ඇවිල්ලා...



මේ උඩිං තියෙන්නෙ ඔය කියන පොටෝ එක.. ඉතිං ඒක මකලා දාලා දවසක් බලාගෙන උන්නා..දැන් ඔන්න බනීයා යතාතත්වෙට ඇවිල්ලා :-)

ඉතිං මේක ගොඩ දාගන්න මට උදව් කල හැමෝටම ස්තූති කරන්න ඔනී ඒ අතරිං
මලින්තේ
ගයාන් තාරක
ජේඩී ශේඩ්
ඩැනි නොහොත් ඩනිශ්ක නවින්
ගයාන් කල්හාර
ගයාන් කනිශ්ක
මට බලවත් ලෙස පැමිණිල කර මේක හදා ගන්න උනන්දු කල කකා නොහොත් කතංදර කාරයා හා වත් අක්කා ... අනේ මන්දා තව ඉන්නවා :D

ආ අමතකම උනා.. මුලිංම සයිට් එකෙ වයිරස් එකක්  කියලා මට කීවේ හසිත පවුලේ ලොකුම හසියා හසිත හේමරත්න අයියා ඉතිං මේ හැමෝටම නැවතත් ස්තූතියි...

 ඉතින් මේ වගේ බ්ලොග් පවුලක් එක්ක ජීවත් වෙන්න ලැබෙන එක නම් පුදුමම සතුටක්.. 


ඉතින් මේකෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා..ලොකුම දේ තමා වෙන සයිට් වලින් පොටොස් ගද්දි පරිස්සමින්.. හොදම දෙ තමා එක මැශින් එකට ඩවුන්ලෝඩ් කරගෙන නැවතත් අප්ලෝඩ් කරන්න.. එහෙම කලාම මේ වගෙ කරදර වලින් මිදෙන්න පුලුවන්..

පාලී:
    ඒ අස්සෙ පොර වෙන්න දගලපු උදවියත් ඉන්නවා..
මට කරගන්නම දෙයක් නැති වෙලා ඉන්න කොට මම සයිට් එක මකනවා කියලා පොස්ට් එකක් දැම්මා ඒකට HERO කියලා කොන්දක් නැති හිරෝ කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා..  මෙන්න මෙහෙම....



ඉතින් මේ විහිලු තහාලු අස්සෙ අපේ ගමන අපි යනවා... මතක තියා ගන්න හැමෝටම උදව් කරන්න.. කවදා හරි අපිට ඒ දේගැන හිතලා සතුටු වෙන්න පුලුවන්.. නැතිව මේ උඩ කාඩ්බෝඩ් හිරෝ වගේ පොර වෙන්න දගලන්න එපා..

.