Sunday, December 5, 2010

Bunny යා නැවතත් කරලියේ...

    කාලෙකිං පොස්ට් එකක් දාන්න උනේ... මේ දවස් වල ලොකු ලොකු අකර තැබ්බ..
ලොකුම අවුල තමා මගෙ බ්ලොග් එකට මැල්වෙයාර් එකක් ආපු එක..

ඉතිං දන්න සෙල්ලම් හැම එකක්ම දැම්ම..කොහෙද මේක හරියන්නෙම නැ.. තව මගේ බ්ලොග් එක නිසා අනික් බ්ලොග් වලටත් මැල්වෙයාර් එක පැතිරිලා කියලා පැමිණිලි එන්න ගත්තා.. ඉතිං මොනා කරන්නද දුකෙන් හරි බ්ලොග් එක මකලා දානවා කියලා හිත හදා ගත්තා.. ඒ අස්සේ ගයාන් තාරක අයියත් මේක හදන්න උත්සාහයක් ගත්තා...ඒත් හරිගියේ නැ..

ඩොමෙන් එකක් අරගෙන ඒකට බ්ලොගර් වල තිබ්බ පොස්ට් අප්ලෝඩ් කරලා තිබ්බ නිසා එච්චර ගානක් තිබ්බෙත් නැ .. ඒත් අවුරුදු 2 ක් තිස්සෙ පෝස්ට් දාපු තැන දාලා යන්නත් දුකයී... මොනා කරන්නද හිත හදාගෙන ඉන්න තැන එක පාරටම ජේඩී ශේඩ් අයියා කියාපි මගේ ඩොමෙන් එක තියෙන සයිට් එකෙත් මැල්වෙයාර් එකක්ලු..

මගුලයි...!

දැන් මොනවා කරන්නද.. හිතාගන්න බැ.... ඔන්න එතකොට තමා මලින්තයාව මතක් උනේ.. මැන්ස්ගේ සවර් එකට පිංසිද්ද වෙන්න තමා මගේ ඩොමෙන් එක හොස්ට් කරගත්තෙ (ඒකට ස්තුතියි කියන්නත් ඔනී) :-D ඉතිං මලින්තට කියලා සවර් එක ඉස්කැන් කරා.. ඔන්න තියෙනවා බාන්ඩේ...
       මොකක්ද දන්නවද ? පොටෝ එකක් :D මතකද ඔයාලට මම ලැප්ටොප් එක ගත්ත දවස් වල දැම්මා බ්ලොග් පොස්ට් එකක්.. බනීටත් හාවියක් කියලා..
ඔන්න ඕකට මම ලැප් එකේ පොටෝ එකක් ගත්තා කොහෙන්දෝ සයිට් එකකිං..
අන්න ඒ සයිට් එකේ තමා ඔය කියන ප්‍රශ්නය වෙලා තියෙන්නෙ.. ඉතිං ඒකට ලින්ක් කරපු නිසා මගේ එකටත් ඒ ප්‍රශ්නෙම ඇවිල්ලා...



මේ උඩිං තියෙන්නෙ ඔය කියන පොටෝ එක.. ඉතිං ඒක මකලා දාලා දවසක් බලාගෙන උන්නා..දැන් ඔන්න බනීයා යතාතත්වෙට ඇවිල්ලා :-)

ඉතිං මේක ගොඩ දාගන්න මට උදව් කල හැමෝටම ස්තූති කරන්න ඔනී ඒ අතරිං
මලින්තේ
ගයාන් තාරක
ජේඩී ශේඩ්
ඩැනි නොහොත් ඩනිශ්ක නවින්
ගයාන් කල්හාර
ගයාන් කනිශ්ක
මට බලවත් ලෙස පැමිණිල කර මේක හදා ගන්න උනන්දු කල කකා නොහොත් කතංදර කාරයා හා වත් අක්කා ... අනේ මන්දා තව ඉන්නවා :D

ආ අමතකම උනා.. මුලිංම සයිට් එකෙ වයිරස් එකක්  කියලා මට කීවේ හසිත පවුලේ ලොකුම හසියා හසිත හේමරත්න අයියා ඉතිං මේ හැමෝටම නැවතත් ස්තූතියි...

 ඉතින් මේ වගේ බ්ලොග් පවුලක් එක්ක ජීවත් වෙන්න ලැබෙන එක නම් පුදුමම සතුටක්.. 


ඉතින් මේකෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා..ලොකුම දේ තමා වෙන සයිට් වලින් පොටොස් ගද්දි පරිස්සමින්.. හොදම දෙ තමා එක මැශින් එකට ඩවුන්ලෝඩ් කරගෙන නැවතත් අප්ලෝඩ් කරන්න.. එහෙම කලාම මේ වගෙ කරදර වලින් මිදෙන්න පුලුවන්..

පාලී:
    ඒ අස්සෙ පොර වෙන්න දගලපු උදවියත් ඉන්නවා..
මට කරගන්නම දෙයක් නැති වෙලා ඉන්න කොට මම සයිට් එක මකනවා කියලා පොස්ට් එකක් දැම්මා ඒකට HERO කියලා කොන්දක් නැති හිරෝ කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා..  මෙන්න මෙහෙම....



ඉතින් මේ විහිලු තහාලු අස්සෙ අපේ ගමන අපි යනවා... මතක තියා ගන්න හැමෝටම උදව් කරන්න.. කවදා හරි අපිට ඒ දේගැන හිතලා සතුටු වෙන්න පුලුවන්.. නැතිව මේ උඩ කාඩ්බෝඩ් හිරෝ වගේ පොර වෙන්න දගලන්න එපා..

.