Thursday, January 19, 2012

රිප්ලයි ත්‍රෙඩ්..

දැන් අලුත්ම  ත්‍රෙඩ් එක තමා ඔය බ්ලොගර් වල රිප්ලයි බට්න් එක..
            එක දවසක් උදේක නිකං කල්පනා උනා බ්ලොග් එකේ රිප්ලයි කරන්න ලේසි ක්‍රමයක් තිබ්බා නම්
wordpress.org වල වගේ කියලා.. ඉතිං එහෙම කල්පනා කරද්දි නිකං ගූගල් කරලා බැලුවා.. මෙන්න තියෙනවා එළ එකක්..  ඉතිං දාලා බැලුවා.. මරු ඒක.. හැබැයි කමෙන්ට් එකකට රිප්ලයි කරාම.. ආයෙ රීලොඩ් වෙලා එන කොට නම් එපා වෙනවා.. :-/ නමුත් වරදකුත් නැ.. ටිකක් ෆන් ගත්තැහැකි රිප්ලයි වලදි ;)
මෙන්න හවස් වෙද්දි සෝරොවා කියනවා උගෙ බ්ලොග් එකට ඉබේම ඇවිල්ලාලු ඔය රිප්ලයි බට්න් එක.. මේකා බොරුවක් කිවාවත්ද ? එත් 2-3 ක් බලද්දි බ්ලොග් වලට මෙක ඇවිල්ලා O_o
Google ලා මගේ ස්ටේට්‍ එක කියෙව්වා වත්ද ?  :D
ඒ වෙනකොටත් මම 3-4 දෙනෙක්ගෙම බ්ලොග් වලට ඕක දාලා දීලා තිබ්බෙ..(දාලා දුන්නා කියන්නෙ තිං ලිංක් එක දුන්නා ;)

නිකං වාදබයිල මොකටද දාන විදිය එකින් එක පිලිවෙලට බලමු



01:මුලින්ම ඔයා මේකට යන්න


http://www.bloggertrix.com/2011/11/how-to-add-reply-option-to-blogger.html

02: ඒකේ කියලා දීලා තියෙන විදියට කරන්න

දැන් හරිනෙ
මෙහෙම තමා දාන්නෙ.. :D

ඒ හැටි අමාරුවක් නැනේ.. බලන්ඩකො කරලා .. ලේසි වැඩක්.. :D



බොහොම අමාරුවෙන් ලිපිය ටයිප් කලේ.. කෝඩ් එක දාන්න එහෙම හෙන කට්ටක් කැවා :P
ලයික් කරලා කමෙන්ට් කරලා ශෙයාර් කරලා යන්ඩ ඇ.. :D
අවුලක් උනොත් වහාම හාවා අමතන්න..!! :D


Wednesday, January 18, 2012

ඩීජෙපාල නොහොත් ධර්මපාල


මේ මං අදුරන බුවී කෙනෙක්ගෙ ගෙදර උන සීං එකක් මේක.. අර කලිං තාත්තියා කතාව කිවෙත් එයාම තමා..ඉතිං මේ කතා සෙට් එක කිවෙත් එයාමයි.. මේකෙ ලියලා දාන්න හිතුවා :D

එයාගෙ වචනෙන්ම මේක ලියන්නම්.. :) නැනැ copy, past කරන්නම් :D

ඔන්න අපේ ගෙදර මනුස්සයෙක් ඉන්නවා ධර්මපාල කියලා
ඉස්සර මිනිස්ට්‍රි එකේ හිටියා දැන් පත්වීම ගෙදරට
මේ මනුස්සයා හෙන පණ්ඩිතයි
ඒවගේම අලි මෝඩයි
හොර වයිෆ් කෙනෙක් ඉන්නවා
එයාගේ නම ජෝති
ඒ නිසා මේ මනුස්සයට කියන්නේ ඩීජේපාල කියලා
ඔන්න ඉතින් දැන් කතාව
------------------------------------------------

ඔන්න 2012 ලෝක විනාසෙ ගැන එක දවසක් කොහෙන් හරි දැකලා මෙහෙ කතා උනා ඕක
මේ මනුස්සයත් කොහොන්දෝ ඕක අහන් ඉදලා පැන්න මැදට
අම්මාගෙයි මෙයාගෙයි කතාවක් මේ

ඇත්තට මැඩම් දැන් ඔය ලෝක විනාසෙ කියන එක වෙන්නෙ කොහොමද?
අර ග්‍රහවස්තු ගැටීමකින් වෙනවා කියලා කියන්නෙ දර්මපාල
එතකොට මැඩම් ඕක වදිනවද පෘථිවියේ?
එහෙම තමා කියන්නෙ නම්..
ඉතින් මැඩම් ඒකට මෙහෙම කලා නම් හරිනෙ
කොහොමද ධර්මපාල?
මෙහෙමනෙ මැඩම්
මිනිස්සු කෝටි ගානක් ඕක වදින තැනට එකතු වෙලා තල්ලු කලා නම් ඉවරනේ එකටම එතකොට වදින් නෑනේ ?

:D :D (දසත සිනා රැලි හූ හඩවල් නැගෙන්නට විය )
අපේ අම්ම කිව්ව අපෝ ධර්මපාල කාටවත් ඇහෙන්න ඕක කියන්නෙපා සර්ට ඇහුනොත් යන්න කියයි ඔය ගොං කතා නොකිය කියලා

----------------------------------
ඉතිං ඔය කතා අහං ඉදලා මං මගේ ගොන් මොලේට ආපු ප්‍රශ්ණයක් ඇහුවා

මං: මොකක් ? ඔය මනුස්සයා මිනිස්ට්‍රියේ නේද වැඩ කලා කීවෙ ? එහෙම එකෙක් ඒ වගේ තැනක රස්සාව කලේ කොහොමද ?

අපේ බුවී: ඔව් එයා ක්ලීනර් කෙනෙක් :D
..................................
හොදි ඕන්නැ :D

..................................
මේ මනුස්සයා ඉරිදට තමා හොර එක්කෙනා බලන්න යන්නෙ
නෝනා තෙල්දෙනියෙ
යන් නෑ නෝන බලන්න
ලමයි බැදලා
ඉතින් සෙනසුරාද හවසට මේ මනුස්සයා හොඳට කොන්ඩෙ කපල එනවා ඩයි පාරක් එහෙම දාගෙන
:D
එතකොට අපේ අම්මිට මීටර් වැඩේ
හවසට ඇවිල්ලා මැඩම් හෙට මං නිවාඩුවක් ගන්නද?
ඇයි ධර්මපාල කොහෙ හරි යන්නද?
නෑ... මැඩම් මේ... නෑ... ඔව් මේ හෙට පොඩි වැඩක්..
අනේ දර්මපාල මං නොදන්න ඔයාගේ වැඩේ දැන් 66ක්ද කොහෙද නේද ? ඔය වයසට මනුස්සයෙක් සංවර වෙන්න ඕන නේද ?
ආයේ ඒකෙ දෙයක් නෑ මැඩම් මං තව මේ හොද ෆිට් එකේ ඉන්නෙ....!!!
:D

අපේ බුවී: ඒ මනුස්සයගෙ තව කතා කෝටියක් තියනවා
මම: ආ කියන්න බලන්න..

අපේ බුවී: ඔන්න මේකත් එදාම එකක්

මැඩම් කියන්න බලන්න මොකටද පොල්කටු එකතු කරන්නෙ කියලා
විසිතුරු බඩු හදන්න, පොල් කටු අඟුරු වලටනෙ දර්මපාල
නෑ මැඩම් නෑ
එහෙනම් මොනාටද ?
නෑ මැඩම් ඕවා එකතු කරන්නෙ පිට රට යවන්න ඕවගෙන් සීඩි තැටි හදනවා
:D :D
----------------------------------

එහෙනම් හා මැඩම් කියන්න පොල් ඉරටු මොකටද?
ඉදල් වලටනෙ මනුස්සයො..
තව ඒවගෙනුත් ඔය එකේක ඒවා හදනවා
නෑ මැඩම් නෑ ආයෙත් මැඩම් වැරදිනෙ
එහෙනම් මොනාටද?
මැඩම් ඉරටු පිට රට යවන්නෙ තෙල් ගන්න
අපේ අම්මා හයියෙන් හිනා උනා
[:D]
මොන රටේද දර්මපාල?
රට නම් මතක නෑ මැඩම්
අනේ මනුස්සයෝ මම අහල තියෙනවා පොල් තෙල්, බඩඉරිඟු තෙල් අනන් මනන් හැබැයි අදමයි ඇහුවේ ඉරටු තෙල් ගැන

..
අපේ බුවී: ඉරටු කතා වලින් පස්සෙ අපෙ අම්ම කිව්වා මෙහෙම........

දැන් දර්මපාලට අලුත් කෙනෙක් නේද ඉන්නෙ ඇයි ඒ මනුස්සයා සයන්ස් ටීචර් කෙනෙක්ද කියලා ඔය බක පණ්ඩිතකම් කියන්නෙ ?
---------------------------------
 
මම: එයාට ඩිජේපාල කියන්නෙ ඇයි ?
අපේ බුවී: ජෝති එකෙන් ජේ දර්මපාල ඩී කම්බයින්ඩ් කරලා ඩීජේ පාල :D


ගිහින් එන්නම්
ද බනී.. ;)

...

Tuesday, January 17, 2012

හොරු ඇල්ලීමෙ මන්තරය..

    එකල සුංදර ගමක් ඌ තෙල්දෙණිය ගැන තාත්තා කියද්දි මට මතක් වෙන්නෙ ලස්සනට උස ගස්වල දම් පාට මල් පිපිලා, ඒ මල් පාර පුරාම වැටිලා ලස්සන රෙදි පාපිස්සක් වගේ, රූස්ස අතු මුලු නගරයම හෙවන කරනවා සිසිල් කරනවා.. තාත්තා කියන විට මට ඒක දැනෙන විදිය මේ බ්ලොග් එකේ අකුරු කරන්න මට තේරෙන්නෙ නැ.. ඒ තරම්ම සුංදරත්වයක් ඒ නගරයේ තිබිලා තියෙනවා.. ඒ මල් පාපිසි උඩින් සිසිල් සුවය විදිමින් යන්න අපි පිංකරලා නැති හැටි.. 
                  සම්පත්  අතින් ඉහලම අගයක ඒ නගරෙ මිනිස්සු ඉදලා තියෙනවා..ඒ වගේම සහෝදරත්වය.. දෙමල සිංහල කිසිම භේදයක් තිබිලා නැ..  හැමදාම උදේ ඉදන් රැ වෙනකම් එහා මෙහා දුවන මිනිස්සු කිසිම කම්මැලි කමක් නැතිව තම තමන්ගෙ රාජකාරි කරගන්න පුලුවන් වටපිටාවක් තිබිලා තියෙනවා..
පිරිසිදු හුලං, මල් පිපිච්ච ගහ කොල.. කුරුල්ලො.. සත්තු.. මට මැවිලා පේනවා..
ඉතිං මේ කතාවත් ඒ නගරෙ කොණක සිද්ද වෙච්චි කතාවක්

වර්ශය: මතක නැ
ගම:  නුවර,තෙල්දෙණිය..
ස්ථාණය: වික්ටෝරියා ඩෑම් එක හදන හරිය..
        අපේ තාත්තා ගෙදරින් ගිහින් නුවර පදිංචි වෙලා තියෙන්නෙ ඔය තෙල්දෙණිය කියන ගමේ.. වැඩි කලක් යන්න මත්තෙන් යාලුවො රොත්තක් තාත්තාට ඉදලා තියෙනවා. තාත්තා ජිවත් වෙන්න කරලා තියෙන්නෙ ලී වෙළදාමම තමා..
ඒ කාලෙ තාත්තා ලග සේවකයෝ 80 විතර වැඩ කරාලු.. වික්ටොරියා ජලාශෙ හදන නිසා ගොඩක් වැඩ තිබිලා.. ඒ ප්‍රජෙක්ට්‍ එකට කැපෙන ගස් අයින් කරන වැඩ එහෙම..
ඉතිං ලොකු ලී මඩුවක් තිබිලා තියෙනවා.. දවසක් උදේ තාත්තා නැගිටිලා බලද්දි ලොකු කොස් ලෑල්ලක් අඩුයිලු..
දැනට උනත් තාත්තාට මරු මතකයක් තියෙනවා, දෙයක් තිබ්බෙ කොතැනද ඒක හරියටම මතකයි.. ඉතිං තරුණකාලෙ ඕක මහ කජ්ජක්ද
තාත්තා ඒකාලෙ උන්න විශ්වාශම ගෝලයා උණු සිරිපාලට කතා කරාල...

තාත්තා: සිරි පාල කෝ මෙතැන තිබ්බ කොස් ලෑල්ල ?
සිරිපාල: අනේ දන්නැ ගාලු (තාත්තාට ඒ කාලෙ හැමොම කීයලා තිබ්බෙ ගාලු කියලා, ඒ ගාල්ලෙන් ආපු නිසා)
තාත්තා: වෙන්න බැහැනේ.. මට හොදටම මතකයි මෙතැන ලෑල්ලක් තිබ්බා කියලා..
සිරිපාල: ඉතින් කවුද ඕක ගත්තෙ?
තාත්තා: ම්ම් මම දන්නෙත් නැහැ.. බලමු අපි අල්ලගමු හොරා.. උඹ ඕක කාටවත් කියන්නෙ එහෙම නෑ ඕං..!
සිරිපාල: එහෙමයි..

ඉතිං තාත්තා කල්පනා කරාලු හොරා අල්ල ගන්න විදියක්.. ටිකක් දවල් වෙලා සිරිපාලට කතා කරලා කිවාලු, හවසට ඔය වැඩ කරන හැමෝම වගේ සෙට් වෙන කඩ මංඩියට ගිහින්, හීං අඩියක් ගහලා ඉන්න කියලා.. ඒ වගෙම කරන්න ඔනී දේත් කිවාලු.. මූත් බොස් කියපු දෙනේ.. හරි බොස් කියලා සිරිපාල අඩිය ගහන තැනට ගිහින්..
ඔන්න දැන් හවස් වෙලා.. කට්ටියම හීනියට අඩියක් ගහන්න අරං...

තාත්තා ඔතැනට ඇවිත්..
       සිරිපාල..තමුසෙ මොකද මෙතැන කරන්නෙ ? කෝ මම කීව ඉරටු 3 සුද්ද කරලා තෙල් ගෑවද ?
ඔහොම බීලා ඉන්න උන් එක්ක මේ මතුරන වැඩ කරන්න බැ මනුස්සයෝ.. පොඩ්ඩක් පේ වෙලා කරන්න ඔනි.. මුං දන්නැ මයේ හැටි.. මම ඔය හොරාව ලේසියෙන් යවන්නැ.. ඔන්න බලපංකො අද හවස වෙද්දි.. ඕකා කටින් ලේ දාගෙන ගම වටේම ගිහින් තමා ඔය කොස් ලෑල්ල අරන් එන්නෙ...! මුං දන්නෙ නැ ගාල්ලෙ උංගෙ හැටි..!!
එහෙම කියලා තාත්තා එන්න ඇවිත්.. පැයක් යන්න කලිං ඔන්න වැඩ කරන එකෙක් එනවාලු ඔලුව කහ කහ..
අනේ මුදලාලි.. අර වැඩේ කරන්න එපා.. මමයි ලෑල්ල ගත්තෙ.. මම ආයෙ ඒක ගෙනැල්ලා තියන්නම්.. අනේ මුදලාලි.. වදින්නම්.. මතුරන්න නම් එපා..

තාත්තටත් ඉතින් හරි සතුටුයි.. වැඩේ හරි ගියානේ.. ඉතිං සමාව දීලා.. ඔය ලෑල්ල නැති උන එක ලොකු පාඩුවක් නොවුනත්.. අනික් උන් කරන එක නවත්තන්නයි තාත්තට ඔනි වෙලා තිබිලා තියෙන්නෙ..

බාප්පා කියපු විදියට නම් තාත්තා ලග ඉදලා තියෙන්නෙ  ලෝක අංඩපාලයෝ ටිකක්.. ඒත් ඔය සීමාවේ හොරකමක් නම් වෙලා නැහැ කවදාවත්.. ඒ වගේම උන් තාත්තාට පන දෙන්න උනත් ඉදලා තියෙන්නෙ.. තාත්තාගෙ කකුල කැඩිලා ඉන්න වෙලාවේ අතට පයට එක එක මිනිස්සු උදව් කරලා.. අපේ මස්සිනා.. නැත්නම් අපේ ලොකු අක්කාගෙ මහත්තයා, උන්දැත් පොඩි කාලේ තාත්තා ලගට එනවාලු බලලා යන්න.. ඒ මොකටවත් නෙවේ තාත්තාට ලැබෙන මිදි ඇපල් ටික කාලා යන්න :D

ඒත් පස්සෙ ඔය ගම වික්ටොරියා ජලාශෙට වැහිලා ගිහින්.. මිනිස්සු ඇඩුවාලු එදා.. ඒත් කරන්න දෙයක් නැති නිසා මහවැලියෙන් දීපු ඉඩම් වලට ඇවිල්ලා.. තාත්තටත් එතැනින් ඉඩමක් ලැබිලා..  ඒක අදටත් ප්‍රසිද්ද ගාලු වාඩිය කියලා.. ඔය ගාලු වාඩියෙත් හරි අපූරු කතා සෙට් එකක්ම තියෙනවා..
ඉඩ තියෙන හැටියට ලියලා දාන්නම් ...

 එහෙනම් අපි ගියා
 ද bunny.... ;-)




.

Saturday, January 14, 2012

ගියර් ඔයිල් ??

මේ කතාව ඇවිල්ලා අපේ ගෙදර වැඩ කරන සේවක මහත්තයෙක් කරපු මගෝඩි වැඩක් ගැන කතාවක්..
මේ පොරගේ නම ඇවිල්ලා රත්නපාල.. හැබයි ඔය නම කීවට කවුරුවත් වැඩිය දන්න නමක් නෙවේ. ප්‍රසිද්ද වෙලා තිබ්බෙ "මැණිකා" කියන නමින්.. මැණිකා කිවාට මේකා කෙල්ලෙක් නෙවෙ.. ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්..
අපේ ගෙදර අවු 7 තිස්සෙ වැඩ කරනවා.. ඔය රත්ණපාල කියන නම දැනගත්තෙ මම මීට මාස 10 විතර උඩදි තමා.. ඒ කලිං වැඩ කරපු තැන මහත්තයෙක් ඇවිල්ලා රත්ණපාල කියලා ඇමතුව නිසා.. මං බැලුවා කවුද මේ රත්ණපාල කියන්නෙ කියලා.. මේං එනවා ඔලුව කහා කහා මැණිකා :D

ඔය නම කොච්චර ප්‍රසිද්ධ කිවෝත්, ඔන්න මේ මනුස්සයාගෙ ලොකු පුතා.. 1ක වසරට බාර දෙන්න ඉන්ටර්වීව් එකට ගියාලු, ලොකු සර් අහනවාලු පුතා.. පුතාගෙ තාත්තාගේ නම මොකක්ද කියලා.. කොල්ලා ගත් කටටම කිවාලු මැණිකා කියලා :D

කොච්චර මගෝඩි වැඩ කලත් හරිම හොද මනුස්සයෙක්.. හැබැයි බිව්වාම නම් ගන්න දෙයක් නැ අපි එවෙලෙට කියන්නෙ පෙත්තප්පු කියලා.. ඇගිල්ලෙන් ඇන ඇන කතා කරන්න එන්නෙ..
ඒ වගේම තමා ඔනි දෙයක් ටික් ගාලා ඉගෙන ගන්න දක්ශ කමක් තිබ්බා.. රටපුරාම ගිහිල්ලත් තිබ්බා.. එක එක ආයතන වල වැඩ කරලත් තිබ්බා

කොළඹ පේමන්ට් එකේ
බංඩාරවෙල කඩේක
අපේ ගමේ ලයිට් කණු හදන කෙනෙක් ලග
මිණී පෙට්ටි සාප්පුවක
ජර්මන් ටෙක් එකේ කැන්ටිමේ
හලාවත පැත්තෙ කඩේක
ලයිට් කණු ගෙනියන 10 වීල් ක්‍රේන් එකක
මැලිබන් බිස්කට් ඒජන්සියක
ගමේ ලැන්ඩ් මාස්ටරයක
ආයෙ කොළඹ බේකරියක
දැන් ඔය අන්තිමට ඇවිල්ලා ඉන්නෙ අපේ ගෙදර..

ඉතිං පුදුම අත්දැකීම් සම්බාරයක් තියෙන මනුස්සයෙක්..  ඉතිං මෙහෙම කටු කාපු මනුස්සයා මීට මාස කීපයකට කලිං ගෙනවා ත්‍රීවීල් එකක්, ඒ තමංගේ නෝනාගෙ මොකක්දෝ පඩියකින් මොනා හරි ජිල්මාට් එකකුක් දාලා ෆිනැන්ස් එකකුත් දාලා වාරික වශයෙන් ගෙවන්න තමා අරන් තිබ්බෙ.. ඉතිං මේක ගෙනැල්ලා ඉන්ශුවරන්ස් කරපු දවසට පස්සෙ දවසේ කඩේකට යන්න ඇවිත්, ගිහින් එන ගමන් වාහනේ වංගුවකදි අනික් පැත්ත ගහලා,, සයිඩ් එක චප්ප වෙලා තිබ්බා..
ආයෙ මාසෙකින් විතර ගල් වැටක හප්ප ගත්තා.. ආයේ තව ත්‍රීවිල් එකක මජ්ගාඩ් එකේ හප්ප ගෙන ගිහින් තිබ්බා.. පිටි පස්ස තලාගෙන ගෙදර ගැරජ් එකට දාන දාන හැම පාරකම... ඉන්ශුවරන්ස් එකේ උන්ටත් එපා වෙලා බනිනවාලු :D
මේ ඔක්කොම බේබදුකම නිසා, මොකද ඔය හැම එකක්ම වෙලා තියෙන්නෙ බීලා ඉන්න වෙලාවක..

ඉතිං මේ ලගදි මම ගියා මේ මනුස්සයලාගෙ ගෙවල් පත්තෙ.. ගෙවල් පැත්ත කියන්නෙ අපේ තාත්තාගෙ ගම ඉතිං ඒක.. මං බාප්පලාහාට ගිහින් එන ගමං මැණිකලහාටත් ගොඩ උනා.. ගියපු ගමං මේකා කියාපි.. පුතෙ බලන්නකො ත්‍රීවිල් එකෙන් අමුතු සද්දයක් එනවා.. මට නිකං අමුත්තක් දැනෙනවා කියලා.. මං කිවා එහෙනම් තෙල් අඩු ඇති බලන්න කියලා මං ගෙදර ආවා. ඒත් මේකා තෙල් බලලා නැ. ඊට පහු වෙනිදාම ටොකොස් ගාලා සද්දයක් අවාලු , වාහනේ නැවතිලා.. කොම හරි තල්ලු කරං ඇවිල්ලා ගැරජ් එකකටම දාලා.. ගලවද්දි වාහනේ එන්ජින් oil කලදක් නැලූ.. පිස්ටන් rings ඔක්කොම කැඩිලා.. බොර් එකත් කපාගෙන ගිහිල්ලා.. ලොකු වියදමක් කරලා හදලා.. ඊට පස්සෙ ක්ලච් ප්ලෙට් එහෙම දාලා, පිස්ටන් දාලා වාහනේ හදනවාලු, දැන් මේකට මාර කම්මැලි කමක් ඇවිල්ලා කොහොම හරි බොන්න යන්න ඔනිලු.. ඒත් සල්ලිත් නැලු.. වාහනේ හැම කෑල්ලකටම වියදම් කරන්නෙ නෝනාගෙ සල්ලි වලින්ලු..
බැරිම තැන මෙයා වාහනෙ හදන පොරට කියලා මල්ලි ගෙදර ගිහින් එන්නම්.. උඹ ඕක හදපං කියලා.. ගෙදර ඇවිත් නොනාට කියනවාලු

මැණිකා: මේ ඒයි.. වාහනේට ගියර් ඔයිල් ගේන්න අමතක උනානේ
ඒයි: ආ දැන් අර මං ඔයිල් අරන් දීලා ආවෙ ?
මැණිකා: ඒ මොනදා ඒ.. ඒ එන්ජිං ඔයිල්නෙ.. දැන් ඔනි ගියර් ඔයිල්
ඒයි: හරි දැන් කියක් යනවද ?
මැණිකා: 350 ක් වත් යයි ඉතිං..
ඒයි: මොනා කරන්නද ආ අරන් ගිහින් දාන්න..

ඉතිං මැණිකා රු 350 අරන් ඇවිල්ලා ඒකෙන් හොදට බීලා :D

ඊට අල්ලපු ගෙදර ඉන්නෙ වම්බොට්ටා කියලා කොල්ලෙක්.. මූ අවාලු මැණිකා හොයාගෙන.. අර නැන්දාගෙන් ඇහවාලු කෝ මැණිකා කියලා.. අන්න ගියර් ඔයිල් ගේන්න ගියා කිවාලු
වම්බොට්ටා අහලා මොකටද ගියර් ඔයිල් කියලා.. ඉතිං විස්තරෙ කිවාම නැන්දට පස්සෙ තමා සීන් එක තෙරිලා තියෙන්නෙ.. ත්‍රීවිල් වලට ගියර් ඔයිල් දාන්නෙ නැහැනෙ.. ඉතිං ගෙදර ආවාම හොදට දෙහි කපලා.. :D

මේ මනුස්සයාගෙ කතා ලියනවා නම් මට වෙනම "මැණිකා" කියලා බ්ලොග් එකක් පටන් ගෙන ලියතැහැකි :D ඒ තරමට රස කතා තියෙන මනුස්සයෙක්.. මේ කතාවත් මට අද කීවෙ.. කොච්චර මගෝඩි වැඩ කලත් ලැජ්ජ නැතිව එව්වා කියන අපූරුව තමා මරු :D


.............


මේ කතාව ඇවිල්ලා අපේ අයියා කීවේ.. අයියාගෙ ශොප් එකට ආවාලු මනුස්සයෙක්.. අනේ මල්ලි මට ජොබ් එකක් හොයලා දෙන්ටකෝ කියලා.. ඉතිං හා අයියා මම් බලන්නම් කියලා අයියත් පොරොන්ද උනාලු.. ඉතිං ඔන්න අයියාගෙ යාලු ඩොකෙක්ට කතා කරලා.. ඩොකා කැමති වෙලා වාහනේ ඩ්‍රයිවර් හැටියට ගන්න.. ඉතිං අර පොරට කිවාම හෙන හැෆීලු.. ඉතිං ජොබ් එකට ගිහින් පලවෙනි දවසේම.. ඩොකා ඇහුවාලු ඩ්‍රයිවර් උන්නැහැහේ වාහනෙ තෙල් වතුර බැලුවද කියලා.. මේ මනුස්සයා ඔව් කියලා..
ඔහොම දවස් 2-3 ක්ම ඇහුවාලු.. හරි මහත්තයා ඔක්කොම හරී කියනවාලු.. එත් කවදාවත් ඩොක්ටර් දැකලා නැලු තෙල් බලනවා.. දවසක් ඩොක්ට උදේ වැඩට යන්න එන්න කලිං උදේ කිවාලු අරින්න බලන්න බොනට් එක කියලා, ඉතිං මෙයා ඇරලා දොර.. ඩොක්ටර් කිවාලු ගන්නවා බලන්න oil කූර කියලා..
ඉතිං අර අංකල් ටිකක් වෙලා ඔලුව කසලා.. ඩොක්ටර්ගෙන් හෙමීට අහනවාලු.. ඩොක්ටර්.. කොහෙද මේකෙ ඔයිල් කූර තියෙන්නෙ කියලා..
*&#(*@^#*@&@#)@#@*&#^@%#

ඩොක්ටර් කියපු ටික අයියා මට කීවෙ නැලු :D

පස්සෙ ඔය ඩොකා ඇවිල්ලා අපේ අයියට කැ ගහලා.. බලපං උඹ කල වැඩේ මරු පොරක් තමා මට එව්වෙ කියලා..
එදායින් පස්සෙ අයියා කාටවත් ජොබ් නම් හොයලා දුන්නැලු..
..........


එහෙනම් ගිහින් එන්නම්
Bunny...෴



.

Thursday, January 12, 2012

තෙල් ඉතිරියට අමතරව හයිබ්‍රිඩ් එකකට ජීවිතයේ ලොකු වෙනසක් කල හැක :)

"තෙල් ඉතිරියට අමතරව හයිබ්‍රිඩ් එකකට ජීවිතයේ ලොකු වෙනසක් කල හැක" :)

මෙන්න මෙහෙම මම ස්ටෙට් එකක් දාලා තිබ්බා අද.. ඕක දැකපු මහත්මයෙක් මෙහෙම ඇහුවා (චැට් එක) හිනා වෙන්නෙ එහෙම නැ ඕං, ඒ මහත්මයා මට වඩා දැනුම  අතිං පොරක්.. (කාර් ගැන දන්නැති උනාට) :D
සාහිත්‍යට, බ්ලොග් කරණයට ලැදි කෙනෙක්.. එයාලා තමා සිංඩී කියන දේ හදුන්වලා දුන්නෙත්.. සමහරු නම් දන්නවා ඇති.. එත් නම කියන්නැ මම පුලුවන් නම් හොයා ගන්න.. :D

.............

(ඔහු)

ආ බනී
මොකද්ද හැබෑට හයිබ්‍රිඩ් එකක් කියන්නෙ

(මම)


hybrid car
:D

(ඔහු)
කාරෙකක්ද
ඔහ්
:D
හ්ම්හ්ම්

(මම)

ow ow :D
http://automobiles.honda.com/insight-hybrid/price.aspx?Model=ZE2H7CEW
මෙන්න මේකක්

(ඔහු)
ohh
i see
:D

(මම)
:D

(ඔහු)
මං හිතුව නිකං සාස්පානක් වගේ දෙයක් කියල තෙල් ඉතුරු කරනව කිව්වම
:D

(මම)
ROFL :D :D
හාහාහාහා :D

(ඔහු)
මම මේ උය උය ඉඳල ආපු ගමන්
anyways
I have no idea about cars
:D

Monday, January 9, 2012

තාත්තියා.. ඔයාට අද බයෝ ක්ලාස් නේද ?

මිනිස්සු හැටියට අපිට ආදරෙ ඔනිනේ නේද ? ඉතිං ඔය ආදරෙ ප්‍රකාශ කරන්න, පෙන්නන්න මිනිස්සු 1ක 1ක ක්‍රම යොදා ගන්නවානේ.. අද කතා දෙක ඔය ආදරෙ පෙන්නන්න භාවිතා කරන වචන සම්බන්දව..

මම නුවර ඉදං ඇවිල්ලා ගාල්ලට එන්න කොළඹින් බස් එකක් ගන්න යනකොට දැක්කා අකුරැස්ස කොළඹ A/C බස් එකක්.. ලේසියෙන්ම ගේ ගාවින් බැහැ ගන්න පුලුවන් නිසාත්, සෙනග අඩු නිසාත්, බස් දෙකක චාටර් කන්න ඔනි නැති නිසාත්.. ඩික් ගාලා ගිහින් වාඩි උනා..
         බස් එක නම් ඒ හැටි නරකක් නැ.. ටීවි එකකුත් තිබ්බා හැබැයි වැඩ කරන පාටක් නම් නැ.. ඔනි මගුලක් කියලා මාත් හෙඩ් සෙට් එක ගහගෙන සිංදුවක් අහන්න හදන කොටම ස්වීට් කෙල්ලෙක් ඇවිල්ලා වාඩි උනා මගේ ශීට් එකට අල්ලපු ශීට් එකෙ.. (අපි කලුයිනේ)
අෆෝ ටික වෙලාවක් යද්දි තමා මීටර් උනේ.. මෙයා ගිය ආත්මෙ ලවුඩ්ස්පිකර්, බෆල් රෙන්ට් කරපු කෙනෙක් හරි පිනට දීපු කෙනෙක් හරි විත්තිය..
මගේ හෙඩ් සෙට් එක කැලේ.. මරු වොයිස් එක.. අපේ පංසලේ අලි ඝාංඨාරේ පරාදයි.. ටිකක් එහා මෙහා කැරකිලා මගේ පැත්ත බලලා කියනවා..

අයියායායායා.... මේ බස් එක අද්දන්නෙ කීයටද අයියායායායා...?
(අනෙ මගේ යෞවුවන කාලේ.. මගේ කන.. සික්..)

ආ කොමද දන්නැ නංගි, 5.45 වගේ වෙද්දි යාවී..

වෙලාවට ලාවට හිනා වෙලා මොකක්දෝ මල්ලෙන් ඇදලා ගත්තා.. කෙලියා තාප්පෙටම හැන්ඩ් ෆොන් එකක්.. එන පොට නම් හොද නැ.. මල් කැඩිල්ලක් වගේ.. මම තව ටිකක් හෙඩ් සෙට් එක තදකර ගත්තා..

වයධම්මා සංඛාරා කිවාලු, අරකිගේ සුඛිත මුදිත කංකලු මිහිරි ස්වරයෙන් මගේ කන පිනා යන්න වැඩි වෙලා ගියේ නැ..

මං කිවානේ.. මං මේ බස් එකේ ඉන්නෙ..
ඔයාට විශ්වාශ නැත්නම් මට කරන්න දෙයක් නැ..
ආආආ..
බ්ලා බ්ලා බ්ලා... 
අනේ මහත්තයෝ මාව අමාරුවේ නම් දාන්න එපා..
මට බැ තනියෙම එන්න.. අනේ හරියටම ඇවිල්ලා ඉන්න හොදේ..
ආ පොඩ්ඩක් ඉන්නවාකො..

මෙන්න මට කවුද අනිනවා.. මං හැරිලා බැලුවා.. අෆ්ෆට සිරි.. අර ලවුඩ්ස්පීකරේ.. මම් ඔලුවෙන් මොකද ඇහුවා..

අනී අයියායායායා.. මේ ෆොන් එක කොන්දා අයියාට දෙන්නකෝඕඕඔ...

නොදොකිං අම්මපා මෙහෙමත් වදයක්..
මං අරූ බොහොම අමාරුවෙන් හොයලා ෆොන් එක දුන්නා.. සිකේ මෙහෙමත් වදයක්.. ඌත් මොනාදෝ මොනාදෝ කියලා ෆොන් එක දුන්නා. මං ආයෙ අර ලවුඩ්ස්පිකරේට ෆොන් එක දුන්නා..

ආ දැන් හරිනේ ? දැන් විශ්වාශයිනෙ මම් බස් එකේ ඉන්නෙ කියලා ??

තව මොනාදෝ මොනාදෝ කිවා මට මතකත් නැ..පුදුම කටේ සද්දයක්.. එතැන හිටපු ආච්චිටත් බකස් ගාලා හිනා ගියා.. මම් බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් උන්නෙ..
        මං හිතන්නෙ ඒ කෙල්ලගෙ අයියා කතා කලේ.. කෙල්ල කිවාට ඇන්ටි ටයිප්.. ගාල්ල කිට්ටු වෙද්දි එතැන හිටිය කොල්ලො දෙන්නත් එක්ක කදේ දාගෙන උන්නෙ.. අනේ මංදා මේ කෙල්ලන්ට මොනා වෙලාදෝ කියලා..

ඒ කරදරෙන් ඉවර වෙලා ආයෙ මගේ සිංදුව අහන්න හද්දි මට ලාවට ඇහෙනවා පිටි පස්සෙන්.. මෙහෙම

නෝනේ..
පාලුයි ?
මං කතාකරනවානෙ අම්මා..
වැඩි කල් ඔහොම ඉන්න දෙන්නැ රත්තරං..
...
ඉතිං කියන්න අම්මා
මේකෙ සල්ලිත් කැපෙනවානේ..
ආ තමුසෙ හිතන්නෙ මං කොළඹ ඉදං වෙන ගෑණු එක්ක යනවා කියලද ?
තමුසෙ හිතන්න එපා මං එහෙම මිනිහෙක් කියලා..
නැ අම්මා මං තමුසෙ ගැන විතරයි හිතන්නෙ. . .
ඉතිං මොනා හරි කියන්න අම්මා..
කතා කරන්න බැරි නම් තියන්න
...
ටික වෙලාවක් යන කම් සද්ද නැ.. මං හිතන්නෙ කට් කරන්න ඇති..
ආයෙ සිංදුව අහන්න හදනකොටම..

තරහද අම්මා ?
මං හිතුවා තරහ උනයි කියලා
මට තමුසෙ ගැන විතරමයි හිතෙන්නෙ..
මං ඉක්මනට තමුසෙ ලගට එන්න වැඩ පිලිවෙලක් යොදලයි තියෙන්නෙ
ලොක්කා කිවා එහෙම හදලා දෙන්නම් කියලා.. බය නැතිව ඉන්න අම්මා..
මං තියන්නම් එහෙනම්.. ජේසු පිහිටයි..

ඕක මේ km බර ගානක් දුර කතාවක්.. කෙටියෙන්ම කීවේ..

තව අපි ගොඩක් කට්ටිය අහලා තියෙන කතාවක් තමා මේක
............
ඔන්න පිටිසර ගමක කොල්ලෙකුයි, තවත් පිටිසර ගමක කොල්ලෙකුයි දැකලා දැන හදුන ගත්තාලු.. ටිකක් වෙලා යද්දි කෙල්ලත් කතා නැලු..කොල්ලත් කතා නෑලු
බැරිම තැන කෙල්ලා ඇහුවාලු..

ඇයි අයියා දොඩං නැත්තෙ ?

කොල්ලා කියාපි..

අවාරෙනේ නංගී.. කියලා
.............

මේක වෙලා තිබ්බෙ නුවර පැත්තෙ ක්ලාස් එකක.. මේ ගැණු ළමයට හොදට සිංහල ලියන්න පුලුවන් උනාට බ්ලොග් එකක් ලියන්න පුදුම කම්මැලි කමක් තියෙන්නෙ.. :D
ඉතිං මට කිවා මේක මගේ බ්ලොග් එකේ ලියන්න කියලා..

ඒ විශන් එකේ ක්ලාස්
ඔන්න අපි පහලට ගියා අත හෝදන්න
ඉතිං
ගර්ල් කෙනෙක් ෆෝන් එකෙන් කතාව
හයියෙන්
ආහ් තාත්ති කොහෙද ඉන්නේ
නෑ නෑ මම ක්ලාස් එකේ
විශන් එකේ අනේ...

ඔව් මේ කෑවා
"තාත්තියා ඔයාට අද බයෝ ක්ලාස් නේද"
හා පන හා මීට් වෙමු හවසට


...

එහෙනම් අද ඉදං මේ පොස්ට් එක ආදර්ශයට අරගෙන තමංගෙ ආදරණීය නෝනට, වෙන්ඩ වයිෆ්ට, ගැණුළමයට.. ආදරෙන් කතා කරන්න ඔනි හරිද :D

පාලී: කෙල්ලො නම් කොල්ලාට තාත්තී නොකීවට කමක් නැ :D



....

Saturday, January 7, 2012

මල වෙඩිමයි.. අවු 3 යි.. O_o

ජය වේවා bunny.. ඔල්ද බෙස්ට් වල් හාවා..!!මයි කන්ගඩුලෙශන් බනියා..
අම්මට හුඩු #@*% බනියා.. එළ ඇ..

ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි..

අද ඇත්තටම සතුටු දවසක්.. මං ඉතිං ඒක සැමරුවා.. පාටියකුත් දුන්නා.. රු 200 ගත්තෙ වතුර එක දෙන්න, ඒක වෙනම කතාවක්..  :D :D
අද සතුටු වෙන්න හෙතුව.. මයේ බ්ලොග් එකට අවු 3 ක් පිරෙන්නෙ අදට.. මේ අවුරුද්දෙ කිසිම පොස්ට් එකක් නොදා නලිය නලිය උන්නෙ මේක දාන්න ඔනී නිසාමයි..
අද තිබ්බ gtg එක ගැන දැම්මෙ නැත්තෙත් ඒක නිසාමයි :D එහෙම බැලුවාම නිකං ආර්ත්මාර්තකාමි වගේ.. ඒත් තිං මොනා කරන්නද නේද ? :D

      බ්ලොග් එක ගැන කවදා ලියන්න බැරිද.. ඒ වගේද අද දවස.. 7 වෙනිදා. අම්මේ අමතක වෙන්නැ ජිවිතෙට.. මයේ කකුලෙ තාම වැලි අෆ්ෆා.. හෝද ගන්නත් ලෝබයි :D




 ඇත්තට අද ගහන්න තරම් මඩ නැ (මගේ ගිණුමට බර ගානක් පගාව ඇවිල්ලා තියෙන්නෙ ::D:D)

උදේ පාංදර අලි ජංජාලෙ.. මම් කුකුලා කරේ තියාන හරියට 8 වෙද්දි ගාල්ලෙ බස්ටැන්ඩ් එකේපාලම උඩට අවා.. සෙට් එකක් උන්නා.. කොම කොම හරි දවල් වෙද්දි ඔක්කොම වගේ අවා.. මායි පොඩි මැනුයි ගියා කෑම ඔඩර් එක බාර දෙන්න.. ගිහිං එද්දි පාලම උඩ උන්න අපේ ඇවුන් ටික පොලිසියෙන් එලවනවා..
අනේ බුදු පුතේ වදින්නම්.. පාලම අලවලා වගේ තියෙන්නෙ.. වැඩිය ඕක උඩ ඉන්න එපා.. කඩා වැටුනොත් අපරාදෙනේ කියලා..
මට තිං මේක දැක්කාම මලේ මල.. මම් පොලිස්කාරයාට ගහන්නත් ගියා.. ඔය නලිං කාරියවසම් තමා පැනලා අල්ල ගත්තෙ එපා බං එපා.. පවු අරුං කියන කතාව ඇත්ත තමා කියලා.. නලියා නැත්නම් අරූ අද දැඩිසත්කාරේ.. ඉතිං අපි පහලට බැස්සා..

උදෙන්ම ආපු සෙට් එක.. :D
ඊට පස්සෙ ආපු උංගේ නම් ටික ගන්න ඔනි නිසා.. මම් හදපු ඩොක් එකේ ප්‍රින්ට‍ අවුට් එකක් ගන්න කියලා කඩවල් 2-3 කට ගියා.. කොහෙද.. එකක් වත් ඇරලා නැ.. අන්තිමේ ඇතැරලා දාලා අවා එන්න.. ඇවිල්ලා නිකමට වගේ ලැප් එක අදින්න බෑග් එක ඇරියා.. අම්මට සිරි.. ලැප ගෙනැල්ලා නැනේ O_o
අයියේ මෙන්න මේකෙ තියෙන එක ප්‍රින්ට් කරග්න ඔනි කියලා එතැන කඩේ ලැප අදින්න ගියා නම් කොන්ක්‍රිට් කියලා බලන්නැ එතැන පලං යනවා අනිවා :D
අපේ ගැණු ළමයි උන්න නිසා තිං අතිං ලියව්වා අන්තිමේ :D
 
නොකියා ඉන්න බැරි කතා ටිකකුත් තියෙනවා..

වෙනි අයියා අලි පාර්සලයක් දුන්නා.. දීලා කියනවා.. මචං හාවා.. උඹ අර x අදුරනවද ? ඔව් බං අයියෙ මොකද සීං එක? අඩෝ මේ ලවු ලෙටර් එක දියං බං..
අඩෝ මෙච්චර අලි පාර්සලයක් ? ඔව් බං පොතක් ඇතුලෙ දාලා තියෙන්නෙ ගෙදරිං දැක්කොත් හරි නැනෙ.. :D

.........
ඔක්කොම නටලා ෆන් අරන් කාපු බීපු තැන් අස් කරලා දාලා, ගෙදර එන්න එන කොට තමා මාරම අප්සට් එක :-/

අඩෝ අසෙලයා ගියේ නැනේ ?
ඌ පල්ලෙහා බං.. නැ බං ඌ පාගලා ගියා උඩ ඇත්තෙ..
පල ඩෝ ඌ උඩ කියක් ඔට්ටුද..
1000 ක් ඔට්ටුයි.. ඌ පහල..
නැ යකෝ ඌ උඩ ගියා දැක්කෙ නැද්ද ඌ ඉස්සර වෙලා ගියා..
හරි හරි යමල්ලා ගිහින් බලමු..
 .. අම්මට සිරි හාවා..  අපි මෙච්චර බැස්සද බං?
ඒක තමා මේ මාත් කල්පනා කලේ..
ටිකක් දුර ශොට් කට් එකෙන් පැමිණි.. වෙනි, බුල්ටො, හාවා etc :D
යනවා යනවා පඩිපෙලේ ඉවරයක් නැ.. එන කොට මතකයි මුල්ම හරියෙ තිබ්බෙ කලුගල්.. එක තැනකවත් කලු ගල් නැනෙ.. ඔක්කොම පඩිපෙල් ? මගුලයි මේං අලි ගේට්ටුවක්..?
අම්මට උඩු.. මෙතැනට කොහෙන්ද යකෝ ගේට්ටුවක් අවේ ? O_O
යකෝ  උදේ ආ ඩිංගට පඩි පෙලකුත් දාලා ගේට්ටුවකුත් දාලද ?
නැ යකෝ තොට එච්චර වෙරිද ? නොදොකිං මුසලයා.. මේ බලහං මේ පඩි දිය සෙවෙල් කාලා..

අම්මට සිරි ඔව් නේන්නන්..
අඩෝ පාර වැරදිලා ඩෝ .. මගුලයි.. කමක් නැ ඕම පැනපං ගෙට්ටුවෙන්.. 
අනේ ඉතිං දන්න සියල්ල වැඩ දාලා ගෙට්ටුවෙන් පැන්නා මාත්.. (අඩෝ වැටෙන් පැන්නා කියලා කියලා තිබ්බොත් මරනවා හරියේ) :D :D
.........

අද අවාසනාවන්තම සිද්දිය උනේ අපේ කිඩෝ මලයට.. ඇත්තම කිවොත් ඌ තමා හැමදේම හොයලා බලලා කෙරුවේ.. ඌට ඉතිං ගෙදරින් එන්න දුන්නැනෙ.. :-/

පසු විපරම් වලිං හොයා ගත්ත විදියට කේස් එක මේකයි.. කිඩොට එන්න එපා කියලා කේස් එක දාලා තිබ්බත් තව ටිකක් නාහෙන් ඇඩුවා නම් එන්න දෙනවා.. ඒත් මේ අපේ අභිතයා වැඩේ කාලානේ..

ඇන්ටි.. කිඩෝ පුතා එවන්න අපි පරිස්සම් කරගන්නම්..
අනේ පුතේ ඒක නම් කරන්න අමාරුයි..
බය වෙන්න එපා ඇන්ටි "සිහිනයත්" එනවා කිවානේ..

ආ සිහින පුතා එනවද ? ඒ පුතාට ටිකක් විසේ නේද ? එහෙනම් එවන්න බැ කොමත්..

.......


ඉතිං අද දවසේ සුපිරිම ෆන් එකක් ගත්තා.. ආපු හැමෝටම ස්තූතියි..
ආයේ අපි සෙට් වෙමු..!

ආයෙ කියන්න ඔනි.. මගේ බ්ලොග් එක හදන්න උදව් කරපු ඩැනියාට එහෙම ස්තුතී කරන්න ඔනි.. ඌ නිසා තමා මම් බ්ලොග් ලියන්නෙ..
තව මේක බලන, මට කමෙන්ට් කරන "උඹ" . "උඹ" නිසා තමා මං මේක ලියන්නෙ..!! :)

එහෙනම් මට ජය වේවා.. !! ලෝක විනාසේ උනේ නැතෝත් තව අවු කිපයක් මේක අදින්න ඔනි :D


..