Thursday, September 22, 2011

කැමරා අංකල්

මේ කතාවට පවුන්ඩේශන් එක වැටෙන්නෙ (සිමෙන්ති මිල කාලේ නෙවේ) මගේ අර දුප්පත් කැමරාව ගත්තු කාලේ.. ඒකෙන් ගත්තුවා බලන්න ඔනි නම් මෙතැනට යන්න (not for sale "ණයට") :D

ඉතිං අපේ අක්කලාගෙ ගෙදර තිබුනා පිරිතක්.. ඔකේ ඡායාරූප වැඩ බාර දුන්නෙ මට.. පොටෝ ටික අල වෙලා තිබ්බොත් බෙල්ල මිරිකන සයිස් එකට තමා අපේ අක්කා උන්නෙ.. ඉතිං මාත් ගානට වැඩේ කරලා දුන්නා..! අල උනත් ඉතිං edit  කරන්නෙ මං නේ... (සැයූ: edit = delete) හික් හික් :P

 ඉතිං ඔන්න මං කැමරාව එල්ලගෙන ඒකට මේකට හරව හරව කර කව කව පොටෝ ගන්නවා.. මෙන්න එනවා අංකල් කෙනෙකුයි එයාගෙ අල්ලපු ගෙදර කොල්ලයි හති දදා.. අංකල් එක්සසයිසස් කරන්න ගිහින්..
         හෆ්ෆච්චියේ අපේ තාත්තාගෙ යාලුවෙක්ලු.. දැක්ක කල්ලු.. අවුරුදු 18 විතර පස්සෙලු දැක්කෙත්.. ඇදිලා ගිහින්ලු.. අදුර ගන්නත් බැරි උනාලු.. ඉවෙන් වගෙලු අල්ල ගත්තෙ.. (අම්මපා ඒ අංකල් පිටරට බලු කම්පැණියකද දන්නැ උන්නෙ)

ඉතිං මං ඔය වැඩිහිටයන්ගෙ කතාවලට හොට දාලා හොට කොට කර ගන්නෙ මොකටද නේද ? ඔයාලා දන්නාවනේ මං කොච්චර හොද අහිංසක හාවෙක්ද කියලා නෙද ? (මොකො නිකං) :D
    මං ඉතිං ගියා වත්ත පහලට.. මල් ගස් වල පිංටූල ටිකක් ගන්න.. අර ඉතිං හාවාට වදුරා අහු උනා වගේ තමා.. කැමරාව ලැබුනාම :D

මෙන්න ටිකක් වෙලා යද්දි අර අංකල් එනවා වත්ත පහලට.. අම්මියෝ... මගේ හාට් පල්ස් එක ඩබ්ලබ් සවුන්ඩ් එක වෙනුවට ටක ටකස්... ටක ටකස්... වොයිස් එකකට ශිෆ්ට් වෙලා වගේ..   අංකල්ට ටිකක් ප්‍රොපෙශනල් ලුක් එකක් තිබ්බෙ.. කවුද දන්නෙ අතවරයක් කරාවිද කියලා.. හම්මෙහ්.. කෝකටත් කියල මං උඩ පැත්තට ආවා.. දැන් මල් වල පොටෝ ගන්නවා හෝ ගාලා..


ඕං අංකල් කතාවට ආවා.. 



අංකල්: පුතාට මතකද මාව ? 

මං:  නෑ අංකල් (අනේ මගේ කට.. මූ මං ඉපදුනු දවස් වල සූප්පුවක් ගෙනැල්ලා දීලා එකෙන් කුක්කු බීවාද ඇහුවා වගේ කතාවක්නේ)

අංකල්: ආ ඒක තමා.. මං තාත්තා දැක්කෙත් අවුරුදු 18 විතර පස්සෙනේ..

මං: ඒකනෙ අංකල්.. මං ඉතිං ඉපදිලත් අවුරුදු 2 යිනේ..!!

අංකල්: අෆ්ෆච්චියේ චූටි කොල්ලෙක් නෙවැ..

මං: කොහෙන්ද අංකල් ?

අංකල්:
ඒක නෙවෙ පුතා.. ඔය කැමරාව කීයක් උනාද ?

මං: ලොකු ගානක් උනා අංකල්.. අහවල් රටේ අයියා ගෙනාපු කැමරාවක්නෙ.. මට නිකං වගේ දුන්නෙ.. පොඩි ගානකට.. :D


අංකල්: ශහ්.. උඩින්ම ලාබයි නෙවැ..


මං: ඔව් ඔව්..

අංකල්: මටත් තියෙනවා පුතා කැමරාවක්.. හැබැයි මේකට වඩා ලොකුයි..

මං: DSLR එකක්ද අංකල් ?

අංකල්:
නැනැ පුතා.. විඩියෝ කැමරාවක්.. බෙස්ට් කොලිටි.. ආයෙ උපරිමේටම තියෙනවා..

මං: ආ අංකල් මේක විඩියෝ කැමරාවක් නෙවෙ හැබැයි (අම්මපා මං මූව මරණවා)

අංකල්: ඒ උනාට පුතා අරකේ විඩීයෝ නම් මරු ඇ.. මං අහවල් රටේ ඉන්න කාලේ කැමරා ගැන අහවල් ඩිප්ලෝමා එකත් කලා.. අහවල් ක්ලාස් එකටත් ගියා.. අපිට ඒවා ඔක්කොම free ඉගැන්නුවේ..


මං: ශහ්.. මරුනෙ අංකල්.. මං නම් ක්ලාස් වලට ගිහින් නැ. හිතෙන විදියට තමා පින්තූර ගන්නෙ..


අංකල්: කමක් නැ පුතා.. තනියෙම තමා ඉගෙන ගන්ටොන.. කෝ පොඩ්ඩක් දෙන්න බලන්න ඔය කැමරාව..

මං ඉතිං කැමරාව දුන්නා.. අංකල් කැමරාව එහාට හරවනවා මෙහාට හරවනවා.. හැඩ බලනවද මංදා..

ටිකක් වෙලා ගිහින් අහනවා..

පුතා.. මේක කොතැනින්ද ON කරන්නෙ ? 


පාලි:
     මේ උඩ කතාව මතක් උනේ.. මගේ අහිංසක කැමරාවෙ චූටි අවුලක් ඇවිල්ලා.. ගන්න පොටෝ සුදු වෙනවා.. තව රොසුලොශන් අඩුයි වගේ හැම තැනම ඩොට් ඩොට්..  ඉතිං දන්න සියල්ල සිල්ප සතර දාලා බැලුවා බැලුවා.. හදා ගන්නම බැහැ.. අෆ්ෆච්චියේ නිකමට වගෙ බැලින් නම් ලෙන්ස් එක පුරාවට ඇගිලි පාරවල් :D :D


PirateBunny෴


.

Friday, September 16, 2011

අල්ලපු ගෙදර නගා..

  අල්ලපු ගෙදර නගා කීවේ අර දත් සුදුම සුදු කෙනා නෙවෙ.. අපේ ගේ ඉස්සරහා ඉන්න නංගිට.. මේක මේ fb එකේ ඉන්න හුගක් අයට ප්‍රශ්ණක් වෙච්ච මාතෘකාවක් නේ.. ඇත්තටම අල්ලපු ගෙදර නගා කුතුහලය දනවන සුලු මාතෘකාවක්.. :D
    ගොඩක් මේක කියවන අයගේ ගෙවල් ලඟ අල්ලපු ගෙදර නගාලා ඇති.. උන් එක්ක සෙල්ලම් කරලා ඇති.. කතා කරනවා ඇති.. අනම් මනම් නේ.. ඒත් මට මේ ලොකේ පේන්නම බැරි චරිතේ ඔය අල්ලපු ගෙදර නගා වෙන්ටැති..!!


ඉතිහාසය..
     ඇත්තටම මෙයා ඉපදුනේ කොහෙද අනම් මනම් මට මතකයක් නැ.. අපේ ගේ ඉස්සරහා ලස්සන ගෙයක් තිබ්බා.. කටු මැටි ගහපු.. හැමදාම අක්කලා දෙන්නයි මමයි පිටි පස්සෙ ගෙදර අක්කයි නංගියි ඔය ගෙදරට යනවා.. ඒ ගෙදර උන්නෙ දිග රැවුලක් තියෙන සීයා කෙනෙක්..
           ඒ සීයාගෙ නම මහතුන්. ගමේ අය කිවේ මහතුන් මාමා කියලා.. ඉතිං සීයා අඩියක් මඩියක් ගැහුවාම ලස්සනට සිංදු කියනවා.. ඒ වගේම අපිට මාරම ආදරෙයි.. ඔය සීයාගෙ තව යාලූ සීයා කෙනෙක් එනවා හැන්දැවට.. බට නලා ගහන්න පුලුවන් හෙන ලස්සනට.. ඉතිං අපි හැන්දැවට කරන්නෙ අර සීයලාගෙ ගේ ඉස්සරහා තියෙන ඇදේ වාඩි වෙලා සිංදු කියන එක..!
           දවසක් මං ඉස්කොලේ ඇරිලා එන කොට.. (ඉස්කොලේද, මොන්ටීසෝරිද මංදා) අනේ අර ගේ ඉස්සරහා ඩෝසර් කරලා දාලා.. ගෙදරත් බාගෙට කඩලා.. :'(

     මට දැන් ලොකූ ප්‍රශ්ණයක් මේක.. ඇයි එහෙම කලේ අනම් මනම්.. අපි හැමෝටම මාරම දුකයි.. අර සීයා පේන්න උන්නෙත් නැහැ.. ටික දවසක් යද්දි ඒ කඩපු ගෙට පස්සට වෙන්න අලුතින් ගෙයක් හැදෙන්න ගත්තා.. ඒක නම් මහ මෙලෝරහක් නැති ගෙයක්.. මූසල පාටයි.. අර මැටි ගහපු ගෙදර තිබ්බා ඊට වඩා ලස්සනක්..! කොහොම කොහොම හරි ගේ හදලා ඉවර උනා.. දැන් ගෙදර අය පදින්චිත් උනා.. අඩේ මෙන්න අර සීයා ඉන්නවා..
      ඒ එක්කම තව මට වඩා පුංචි කෙල්ලො දෙන්නෙක් ඉන්නවා..! අෆොයි.. සීයාගෙ ළමයින් වත්ද ? මට තව ඉරිසියා හිතුනා.. ඇයි යකෝ.. මෙච්චර කල් සීයා අපි එක්ක උන්නෙ.. තව දෙන්නෙක් ආවොත් අපිට ආදරෙ නැති වෙනවානේ..!! එහෙම වෙන්න දෙන්න පුලුවන්ද..!! ඉතිං ඕක දැන ගන්න මං ලොකු ප්ලැන් එකක් ගැහුවා..! ඔය ගේ ඉස්සරහා තිබ්බා ජම්බු ගහක්.. තාමත් ඕක තියෙනවා.. ඉතිං ඔය ගෙදරට පැන ගත්තා ජම්බු කඩන්න කියලා.. සීයා ගේ ඉස්සරහාට එන කොට ජම්බු ගහට නැගලා ඒක මහ හයියෙන් හොලවලා.. ජම්බු ටික බිමට කඩලා දැම්මා.. කාටවත් නැනේ :-D

 ඔන්න සීයා දුවගෙන ඇවිත්.. හා හා පුතේ ඔය මොනාද කරන්නෙ කියලා ඇහුවාම.. ඔන්න මගේ ප්‍රශ්ණය අහන්න වෙලාව.. කවුද සීයේ අර ආපු ගැණු දෙන්නා ? සීයාගෙ ළමයිද ?  සීයා මහ හයියෙන් හිනා වෙනවා.. ඇයි යකෝ අවුරුදු 80 විතර සීයා කෙනෙක් ගෙන් අවුරුදු 7-8 විතර කෙල්ලො දෙන්නෙක් ඉන්නවාද ඇහුවාම මොන මෝඩයාට හිනා යන්නෙ නැත්තෙ :D අපි ඉතිං ඔය කාලෙ දන්නෙ බබාලා ගෙන්නෙ රෝස කැලෙන් කියලානේ :D :D

ඔන්න සීයා ස්ටෝරිය දිග ඇරියා.. ඒ සියාගෙ පුතාගේ බබාලා දෙන්නාලු.. ඔය ගේ හදලා තියෙන්නෙ සීයාගෙ පුතාට.. කලින් ඉදලා තියෙන්නෙ මහ ගෙදර.. සීයා තමා අර මං කීව කටු මැටි ගහපු ගෙදර තනියෙම උන්නෙ.. සීයාත් අර ගේ කඩපු එකට හුගක් අප්සට් එකේ ඉදලා තියෙන්නෙ.. කොහොම කොහොම හරි මහ මූසල දවසක අල්ලපු ගෙදර නගාගේ ගෙට අල්ලපු ගෙදරින් මහ සද්දයක් ඇහුනා.. බැලින් නම් මහතුන් සීයා ළිදට වැටිලා කියලා කෑ ගහනවා.. කොහොම කොහොම හරි අපේ තාත්තයි අර නංගිලාගෙ තාත්තයි කට්ටිය එකතු වෙලා සීයා උඩට ගත්තා.. සීයාට හොදටම වතුර පෙවිලා.. ප්‍රථමාදාර දුන්නා ඒත් කිසිම වැඩක් උනේ නැහැ.. සීයා නැති උනා..!  මං ඇඩුවත් එක්ක.. මරණේ තියෙන්නෙ අර අලුත් ගෙදර නිසා මරණේ බලන්නවත් ගියේ නැ..
   
     මගේ මතය.. සීයා නැති උනේ අර අලුත් ගෙදර හදපු එකේ දුකට.. සීයා ළිදට පැන්නා කියලයි මට නම් හිතෙන්නෙ.. මොකද අවුරුදු 80 විතර කෙනෙක් උනොත් මායි පොඩි අක්කයි අත් දෙකට වඩා ගන්න තරම් හයියක් තිබ්බා.. එහෙම කෙනෙක් ලිදට වැටෙන්නෙ කොහොමද ? ඒ වගෙම අඩි 3 ක් විතර උස ලිං ගැට්ටක් තියෙනවා.. ලිස්සලා ගියත් ඔලුව පැලිලා හරි බේරෙනවා ලිදට වැටෙන් නැහැ. ඒ වගෙම ලිදේ මැද හරියට දාපු බටේ කැඩිලත් නැහැ.. එක්කො සීයාව උස්සලා ලිදට දාලා.. එක්කෝ සීයා ලිදට පැනලා..  ඉතිං සීයා දුකෙන් උන්නෙ කියලා මටත් තෙරිච්ච එකේ ඔහොම දෙයක් කර ගන්න එක ගැන හිතන්න දෙයක් නැහැ.. ඒකට හේතුව අර නංගිලා දෙන්න යි එයාගෙ අම්මයි තාත්තයි මෙහාට ආපු එක.. කියලා තමා මගෙ පුංචි මොලේට තෙරුනේ.. ඔන්න මගේ තරහා ජනිත වෙන්නෙ ඔතැනින්.. මොන හේතුවකටද මංදා ඔය ඇන්ටියි අංකලුයි මාත් එක්ක යසට කතා කරනවා.. අර කෙල්ලො දෙන්නා විතරයි මට පේන්න බැරි :D


ඉතිං ඔහොම අපි ටික ටික ලොකු මහලු උනා..  ඉස්කොලේ ලොකු ලොකු පංති වල.. :D

පාඩම් කිරීල්ල
     අම්මියෝ උන් දෙන්නා පාඩම් කරනවා කියන්නෙ.. එක්කො කාඹරේට වෙලා පාඩම් කරහල්ලාකො.. ඔය පාඩම් කරන හැටියට අනිවා ඕකුන් දෙන්නා ලොකු පුටු දෙකකට යනවා..
ඒ වගේම මං කනේ ඇබ ගහන් උන්නෙ නැති නම්.. ඊට ආසන්න පුටුවකට යනවා.. ඒ තරමට සද්දෙ..
මේ ලගදි දවසක සැළලිහිණි සන්දේශයේ කවි වගයක් පාඩම් කලා..  ආයෙ හෝදන්න ඔනී නැ.. රාහුල හිමියි සැළලිහිණියයි දෙන්නාම නඩු දානවා..!


මා වැනි බිලින් දා
වර වර ළඟට කැන් දා
දුක සැප කුමන් දා
අසන නිරිඳෝ වෙන කොයින් දා


අල්ලපු ගෙදර නගාගේ තාත්තා රට යෑම

       කොහොම කොහොම හරි ඔය අංකල් රට ගියා.. අවුරුදු කීපයකට.. ඉතිං ඔන්න එක එක ජාතියේ සෙල්ලම් බඩු අනම් මනම්  ගෙනැල්ලා දීලා.. (ඉරිසියාවෙත් බෑ) :D

ඕගන් එක

       එක දවසක් අමුතු අමුතු සද්ද ඇහෙනවා ගේ ඇතුලෙන්.. හොයලා බලද්දි ඕගන් එකක් ගෙනැල්ලා දීලා.. අෆොයි.. දැන් නම් මං ඉරිසියාවෙ පැලෙනවා.. :D 
        මුන් ඕකෙන් පුරුදු වෙනවා නම් කමක් නැහැ ඒකෙ තියෙන මියුසික් කෑල්ලක් දාගෙන.. ඒකට ගැලපෙන්නැති සිංදුවක් මහ හයියෙන් කියනවා..! මට ඉතිං ඔය වෙලාවට මල විකසිත වෙනවා..!  ඕක එක්කො හෙමින් කියාපල්ලාකො.. ගෙදර තියෙන අලි කැසට් එකට මයික් එකක් ගහගෙන ඔකෙන් කියන්නෙත්..! ඒ අස්සෙ ඒක ඕගන් එකටත් අල්ලනවා.. ඒ වෙලාවට නම් මල් පාත්තියක්ම විකසිත වෙනවා..! :D

ඔක්කොම හොදයි මහ හයියෙන් සිංදු කියන එක තරම් අල්ලන් නැති වෙන මුකුත් නැ මට..! එක්කකො කියහල්ලාකො ලස්සනට.. නිකං මේ අහක ඉන්න ගැරඩි අද්දනවා..!

වයලීං එක

      ඔහොම ඉදලා ඉදලා ලොකු නංගි යනවා මියුසික් කලැසියකට.. අලි මදිවට කොටි කිවාලු.. මෙන්න ගෙනැල්ලා වයලීං එකක්.. අෆොයි.. පොඩි නංගි ඔගන් ගහනවා.. ලොකු නංගි "ස" "ප" මදිනවා.. එහෙන් "රී" ගන්නවා.. ආයේ "ග" ගන්නවා. මට එපා වෙලා ගගේ මාලු ඇගේ නටනවා..! අම්මපා.. බෝම්බ ගහලා මදිනේ..!!  කාක් රැලක් ආවා වගේ..! මොන කරුමයක්ද..


දහම් පාසල් මියුසික් ප්‍රැක්ටිස්


    ඔහොම ඉදලා ඉදලා ඔන්න තව සෙල්ලම් පටන් ගත්තා මුන් දෙන්නා.. අනේ අම්මපා පුලුවන් වැඩක් එපැයැ කරන්න.. දහම් පාසලේ තැගිප්‍රදානෝත්සවේට සිංදු කියන්න ළමයින්ට පුරුදු කරනවා..
ඒ වගේ සති 2-3 ක් නම් අනේ කිසිම හතුරෙකුට වෙන්න නාකයි..! මං පුදුම පවක් කරලා තියෙන්ට ඇති ඒ කාලේ..!!


ෆෝන් හැදිල්ල

         තව මට එපාම කරපු එකක් තමා.. ෆොන් එකේ මොකක් හරි මගුලක් කරගෙන උස්සන් එනවා.. ඒ ඇන්ටි..! එක්කො පාස්වර්ඩ් දාලා කියයි.. එක්කො කීපැඩ් ලොක්.. යකෝ කීපැඩ් ලොක් එක වත් ඇරගන්න බැරිද මංදා..! මුන්ට ගේම් ගහන්නයි.. මං ලොක් අරින්නයි..

තව දවසක් ෆෝන් එක උස්සන් එනවා.. පුතේ මේකට මොකදෝ මංදා අකුරු එහෙ මෙහෙ ගිහින්නෙ කියාගෙන.. බැලින් නම් චයිනිස් වලට ලැන්ග්වෙජ් එක මාරු කරගෙන..! අෆොයි ඉතිං මං පැය ගානක් කටු කාලා අන්තිමට කඩ්ඩට මාරු කරලා දුන්නා..!
ඔය ගෑනි ගැන ලියන්න නම් මට බ්ලොග් පිට 3-4 ක් වත් යයි.. අයේ

ජම්බු ගහ

තව මල පනින වැඩක් තමා මං ඉස්සර අත් පත් කරගෙන උන්න ජම්බු ගහ ලොකු නංගි අයිති කරගන්නෙ..!  අනේ අම්මපා ඕකි ජම්බු ගහෙන් වැටිලා අතක් පයක් කඩා ගත්තෙ නැනෙ.. !! (පස්සෙ නම් ජම්බු ගහෙන් වැට්ටා;-)

අම්මේ ඔය සක්කර වට්ටම් දෙක ගැන නම් කියන්න මට මේ බ්ලොග් ලිපි 3-4 ක් වත් ලියන්න වෙනවා.. ඒක නිසා මේ මදැ.. අම්මපා මට සැකයි ඕකුන් දෙන්නා මට අතවරයක් වත් කරයිදෝ කියලා.. ! :D

ඔන්න කිවා.. මට ඔය කෙල්ලො දෙන්නා පේන්න බෑ හරියේ..!!!


කෙල්ලො දෙන්නෙක්ගේ අතවරයට පත් මං
PirateBunny :D



.

Friday, September 9, 2011

සැම්සං අයියා..

අනේ මංදන්නැ.. ලියනවාට වඩා අමාරු කමෙන්ට් වලට රිප්ලයි කරන එක (කම්මැලිකම) :D

අදත් අවා ඔපයක් උස්සගෙන :DD මේක මේ නුවර අපේ අයියාලාගෙ ගමේ ඉන්න පොරක් ගැන.. අයියා කිව කතාවක් :D

අයියාගෙ වර්ක්ශොප් එක තියෙන්නෙ නුවර අහවල් ටවුන් එකේ තැනක.. ඒක ඉස්සරහාම ඉන්නවා අයියලා මල්ලිලා 3 දෙනෙක්.. කඩ කාඹර 3 ක එක එක දෙවල් විකුණනවා..

ලොකුම අයියා මොටර් ස්පෙයාර් පාට්ස්  (සිංහලෙන් කීවොත් වාහන අමතර කොටස්.)
දෙවැනියා වාහන බැට්රි..
තුන් වැන්නා ටයර්/ටියුබ්..

ඔතැන මොලෙ තියෙන එකම එකා තමා ලොකු අයියා.. ඒත් හැමදාම බයිට් වෙන්නෙත් පොරමයි :D

ඔන්න අපේ අයියයි තව යාලුවො සෙට් එකකුයි අර අංකල් එක්ක කතා කර කර ඉන්නවාලු.. ඔතැනට එනවාලු අර සැම්සං අයියා.. සැම්සං අයියා කවුද කියලා අපෙ අයියා අදුරනවාලු.. එත් අර කඩේ අංකල්ට මීටර් නෑලු මේ කවුද කියලා.. (එයා අයියලා ඉන්න ටවුමේ කඩෙ දාන උන්නාට ඉන්නෙ පිට පලාතක)

 මේ සැම්සං කියන්නෙ ලොකේ කාලා කෙල ගහපු බුවෙක්ලු.. දැන් අයියලා ටිකත් ඉන්න නිසා අංකල්ව බයිට් කරන්නත් එක්ක ගොලුවෙක් වගෙ කතා කරන්න ගත්තාලු..

අංකල්: මොනාද මහත්තයා ඔනි ?

සැම්සං: ලොලාලාලිඕලාලඕලාලා

අංකල්: මොනා ?

සැම්සං: ලාලලිඕලාලාලිඕ ඕ ඕ (හස්ත මෘද්‍රාවෙන් පෙන්වනවාලු ඔනි දේ)

අංකල්: ස්ටීරිං විල් එකක්ද ?

සැම්සං: ලාලාලලිඕඕලාලිඕලා..

අංකල්: ස්ටිරින් වීල් නම් නැ මහත්තයා..

සැම්සං: ලාලාලිඕඕලාලිලෝඔලා..

අංකල්: බලහල්ලාකො පුතේ මේ #### මොනවා ඉල්ලනවාද මංදා.. මට තෙරෙන්නැනේ :-/ (මේක මහ හයියෙන් කියලා.. ගොලුවන්ට ඇහෙන්නෙ නැ කියලානෙ හිතන්නෙ) :D

අපේ අයියලාට මැරෙන්න හිනාලු :D

සැම්සං: ලාලාලිලොලලාලිසලාලාලොලා..

අංකල්: ආ ස්ටිරිං වීල් කවරයක්ද ඔනි ?

සැම්සං: ලාලාලාලාලිලාලාඕඕ :D

අංකල්: ආ මෙන්න (අංකල්ට හෙන හැපීලු ඉතිං.. ගොලුවෙක් එක්කත් කතා කරනේ) :D

සැම්සං: ලාලාඕඔලාලිඕඔලා ? (අරකේ ගාන ඇහුවාලු)

අංකල්: රු:0.00/= දෙන්නකො..


සැම්සං: මොකක් ? බුදු අම්මො...!!! ගනන් වැඩි නැද්ද ?



අංකල් බනිනවාලු සැම්සංට පලු යන්න :D

............................................................................................................................................................

ඔන්න දවසක් සැම්සං ගියාලු කතරගම.. තනියෙම ගිහින් තියෙන්නෙ මොකක්ද වැඩ වගයකටත් එක්ක..

ඉතිං මූට යන ගමන් අවාලු කක්කා බරක් (කක්කා කියන්නෙ කැත කතාවක් නෙවෙනෙ :D)

ඉතිං ඔන්න මෙයාගෙ වෙලාවටම කැම කඩේක නැවැත්තුවාලු  බස් එක.. ඉතිං මේ පොර දුවලා ගිහින්
වැසිකිලියක පැලපදියම් උනාලු.. දැන් නිදහසේ වැඩෙ කරගෙන එළියට අවාලු (හෝදගෙන) :D

ආච්චි ගහයි ෆුට් බොලෙන් කිවාලු.. බස් එක ගිහින්..!!

දැන් මුට හෙන අප්ස්ට්ලු.. කක්කා බර නිසා කලබලෙට බැග් එකත් බස් එකෙ දාලා ඇවිත් තියෙන්නෙ.. දැන් අතේ සල්ලිත් නැලු.. කරකියා ගන්න දෙයක් නැතිව ඉන්න කොට පයින්ම ගිහින් බස්ටැන්ඩ් එකට.. ගිහින් කල්පනා කර කර ඉන්න කොට.. ලොකු බැග් එකක් එහෙම එල්ල ගෙන.. අවුරුදු 26 විතර කොල්ලෙක් ඉන්නවාලු..  ඔන්න මූට හෙන පොයින්ට් එකක් පැදිලා.. කොළඹට පැන ගන්න..

මූ දන් ගිහින් ගොලු බාසාවෙන්ම අර කොල්ලාට කියනවාලු වෙච්ච සිද්දිය..
මූ කියලා තියෙන්නෙ.. කොළඹ ඉන්න එයාගෙ නංගිගේ දූට කටයුත්තක් බලන්න ආපු ගමන් මේ අකර තැබ්බෙ උනා කියලා.. ඒ පාර කොල්ලාගෙන් විස්තර එහෙම අහලා.. මු කියනවාලු පුතා හොද කෙනෙක්.. අපෙ දූටම ගැලපෙනවා.. යංද ඇහුවාලු කොළඹ.. දූව පෙන්වන්න..
දැන් කොල්ලාට සෝ හැපිලු.. ආයෙ ඉතිං ඇවිල්ලාම අඩ ගහද්දි කවුද බැ කියන්නෙ.. අනික කොළඹ වැඩට යන්න ඉන්න එකා.. එච්චර අමාරුවකුත් නැනෙ.. ඉතිං ඔන්න දෙන්නා බස් එකකට නැග්ගාලු.. වෙන්ඩ නැයා නිසා.. නොන්ඩි වෙන්නත් බැනෙ.. කොල්ලා කොළඹට ටිකට් දෙක්ක අරං.. සැම්සං ට පට්ට හැපිලු..
දැන් ඔන්න කොළඹට එන කම්ම ගොලුවා වගේ කතා කර කර එනවාලු.. ඔන්න දැන් කොළඹටත් ඇවිත්.. දැන් සැම්සං කියනවාලු.. කොල්ලාට.. මට චූ බරයි.. මං චූ කරලා එන්නම් ඔතැනම ඉන්න කියලා.. කොල්ලත් හා කියලා කිවාලු.. සැම්සං ටොයිලට් එක පැත්තට යනවා වගේ ඇවිල්ලා.. දුවලා ගිහින් නැග්ගාලු නුවර බස් එකකට.. :D

සැම්සං කියන්නෙ හෙන ප්‍රසිද්ද පොරක්.. නුවර ඔනි එකෙක් අදුරන ඩයල් එකක්.. ඉතිං බස් එකෙ උනුත් අදුරනවාලු.. මු සිං එක කිවාම .. නිකන් එක්ක ඇවිල්ලා නුවරට :D

අනේ අර කොල්ලාට අබ සරණයි :D


ඉතිං මෙහෙම පොරවල්ලත් ඉන්නවා සමාජෙ.. සැම්සංට වැරදිලා හරි කතා කෙරුනා නම්.. අර කොල්ලාගෙන් කන්න පුලුවන් හම්බානෙක :D

ඒ වගෙම .. ඔනිම කතාවක් කියන්න පුලුවන්.. චුට්ටක්වත් හිනා වෙන් නැතිව.. ගිය පාර නුවර ගියාම අයියා පොරව මට පෙන්නුවා.. දැක්කාමත් හිනා යනවා.. මාරම ඩයල් එකක් :D

එහෙනම් අපි කැපෙනවා..
PirateBunny

Friday, August 26, 2011

අයියාගෙ මල ගම..


--
එක කුසයක උපන් නැතත්
තිබ්බෙ එක උස මහතක්..
උන්නෙ අයියා මල්ලි වාගේ..
ගාල්ලෙ අපේ ගම හොල්ලං

පල්සර් බයික්කයක් අරන්
දුන්නා උඹේ මහ එකා..
හිතන් නැතිව ඉන්නට ඇති..
ඒ උඹේ අවසන් වාහනේ කියා..

කාල කන්නි දොර දෙකේ බසයේ
මැද්දෙ හිර උන පල්සරෙට
හිතක් තිබ්බෙ නැහැ හිතන්ට...
උඹ අහු වෙයි රෝදෙට කියා..

කකුල උඩිං අතක් උඩිං..
බස් එකෙ රෝදය ගියා..
දොස්තර වරු ඇදක් උඩක
පැය ගානක සටනක් කලා.

කාල කන්නි මාරයා විත්
උඹේ හුස්මත් ගෙන ගියා..
අපිට තිබ්බ එළ බොක්කක්..
නැති වී තුන් මසකුත් ගියා..

තුන් මාසේ බන තිබ්බාලු
අද හැන්දැ වරුවේ හතට..
මං ගියේ නැහැ ඒ පැත්තට..
දුක දරන්න බැරි හින්දම..

මට හැකි නම් මගේ පන කද..
දෙන්නට තිබ්බා උඹ හට..
අපේ අම්මාට මල්ලී ඇත..
ඒක හින්දා අවුලක් නැත..

උඹට උන්නෙ නංගී විතරයි..
අම්මත් දැන් ලෙඩ ගානේය..
නංගීට හැකි වේවිද හෙට..
රැක ගන්නට ඒ පිං කඳ..

මට කල හැකි එකම මගුල..
බැද ගන්නවා නුඹෙ නංගිව..
රැක ගන්නට දෙමා පියං..
මගේ ඇහැක් ලෙසට යසට..!!




තනි ඇහැට අඩන
PirateBunny


.

Sunday, August 21, 2011

Car ඩ්‍රීම්ස්..

ඔය චූටි කාලෙ ඉදන්ම මට තියෙන උණක් තමා ලොකු ලොකු වාහන හා.. අලුත් ජාතියේ කාර් එහෙම පැදලා බලන්න.. ඉතිං මෙන්න මේ ලගදි හැදුනා hybrid උණක් :D ඉතිං හෝ ගාලා වෙබ් එක හුරලා හුරලා..   විස්තර හොයන්නත්..    ස්ටේට් හිටං දැම්මා.. :D ඔය ස්ටෙට් එකක හරි අපූරු වලියක් ගියා..   එකෙදි.. හයිබ්‍රිඩ් වාහනේ අඩුපාඩුයි.. අද කාලේ හැටියට තියෙන ලාබම වාහනේ ගැනයි, එක එක අය කියපු කතා තමා මේ :D







Hybrid


වාසී:

01. තෙල් ඉතිරිය. (සාමාන්‍ය වාහනයකට වඩා යාන්තමිං)
02. දුම්පරික්ශාවක් අවශ්‍ය නොවීම.

අවාසී:

01. වහනයක ඔය කියන තරම් අඩුවෙන් petrol කරන්නෙ නැහැ.
02. ඒ පොඩි වෙනසක් නිසා ලොකු risk එකක් අරගන්න එක මෝඩ කමක්.
03. වාහනේ second hand market නැහැ.
04. කැඩුනොත් හරි හැප්පුනොත් හරි sorry ම තමා. හදන්න තියෙන තැන් අඩුයි. ගනන් ඇහුවොත් පිස්සුම හැදෙනව.
05. වාහනේ අම්බානක පාහතයි.
06. කිසිම ගතියක් නැහැ.

07. වතුරේ ගියොත් වාහනේ පිරීමට ඉඩ තියෙනවා.
08. පිට පස්සෙන් හැප්පුනත් පුපුරන්න ඉඩ තියෙනවා..
09. බට් කිරිලි අනම් මනම් බැ.. ජෙනුයින්ම කෑලි දාන්ටොන.

ඉතිං මේ සියල්ලම අහං ඉදලා අංතිමේ බනියා ගත්තා තීරණයක්.. ගන්නවා කියලා බරකරත්තයක් :D
අද කාලෙ හැටියට කොච්චර ලාබදායීද කියලා තීරණය කරන්න පහල බලන්න.. 


Cow Cart

අවාසී:

01. බාල යකඩෙන් ලාඩම් ගැහුවොත් ඉක්මනින් ගෙවී යාම,
02. රට තණකොල සොයා යන්න අවශ්‍ය වීම..
03. වේගය අඩු වීම.



වාසී:


01. වියදම අඩුයි (තෙල් ඔන්නැ..)
02. second hand market එකක් තියෙනවා..
03. කැඩුනත් ගෙදර උනත් හදා ගත්තැහැකි.
04. හැප්පෙන්නෙ නැ.. (හප්පන් ගියොත් මිස)
05. ලේලන්ඩ් ලොරියකටත් වඩා උසයි.. යට වදින්නැ..
06. මාරම ලස්සනයි.. 

07. වතු‍රට‍ ‍මොකුත් වෙන්නෙත් නැ
08. යට එල්ලිලා යන්ඩත් ඇහැකි.
09. පොලිස් කාරයෝ නවතන්නේ නෑ.
10. කවුරුත් උස්සන්නේ නෑ.
 
11. Voice Recognize එකකුත් තියේ. කරත්ත කවි සින්දු ශ්‍රවණ කල හැකිය.
12. පසු කාලීන ආයොජනයක් තියෙනවා.. (ගොම පොහොර ගන්න පුලුවන්) (හයිබ්‍රිඩ් එකේ සල්ලි ෆික්ස් ඩිපොසිට් එකක් දානවා බැංකුවේ)
13. අයිතිකාරයාටම එලවතෑකි
14. Alarm Service.
15. Park Anywhere for free! 
16. No Break Oil or No Gear Oil
17. ආදායම් බලපත්‍ර, ඉන්ශුවරන්ස්, ඩ්‍රයිවිං ලැයිසොං කිසිවක් ඇවැසි නැත..  
18. දුම් පරික්ශාවක් අවැසිම නැත..
19. ටයර් වල හුලං යන්නෙ නැත..
20. Facebook Status වලිත් නැත... 

  අද කාලේ හැටියට වාසී දායකම වාහනය.. කරත්තය.. :D මාත් ගන්නවා කරත්තයක්.. 

පාලි: කරත්තය ඇදගෙන යෑම සදහා ඇබැර්තු ඇත..

ඔන්න කලිංම කිවා.. මං ඩ්‍රයිවර්..!!



අපි කැපෙනවා හෙනම්.. වාහනයක් ගන්න කලිං පොඩ්ඩක් හිතලා බලන්න :D

වාහනයක් ගන්න ගිය මං
PirateBunny



.





  වීශේෂ ස්තූතිය
ශාලිත, බිංකු, ගයාන් කණිශ්ක etc etc

දානේ ගෙදරකදි කල යුතු හා නොකල යුතු දැ..

මේක මේ මං හුග කාලයක් තිස්සෙ ලියන්න උන්න එකක්.. අපි අහිංසක.. හැදියාවක් තියෙන.. තරුණ මහලු ළමයි විදියට.. දානේ ගෙයක් තුලදී.. සංවරව හා.. විනීතව හැසිරෙන්නෙ, ඒ වගේම දානෙ ගෙයක් තුලදි කල යුතු හා නොකල යුතු දේවල් තියෙනවා.. අපි බලමු ඒ මොනාද කියලා.. ..!!



කල යුතු දෑ..

01. දානෙ ගෙදරට යැමට පෙර සීනි 1kg හො ඒ වගේ දෙයක් කඩෙන් ගත යුතුය.
02. බෙර සද්දය ඇසෙන දිසාවට හො.. දානය පැවැත් වෙන තැනට යා යුතුය..
03. ගෙනාපු දේ (සීනි කිලෝ එක etc) දානේ දෙන ගෙදර කෙනෙක්ට දෙන්ටොන..
04. අනිවා දානය වැලදිය යුතුය..!
05. ඩෙසට් එකට බඩේ ඉඩ තියා ගතයුතුමය..!
06. වහාම.. ගෙදර පැමිණිය යුතුය (කාපු බීපු තැන් වල මැස්සෙක් වත් ඉන්නැ)


නොකල යුතු දෑ..

01. සීනි 500g ට වඩා අඩු ප්‍රමාණයක් ගෙන නොයා යුතුය..
02. හාමුදුරුවන් වැලදීමට ප්‍රථම දානය අපි නොවැලදිය යුතුය..!
03. සුප් කියා, හාමුදුරුවෝ අත හේදූ කොප්පයේ ඇති දෑ නොබිය යුතුය..!
04. කන්ද වගේ බත් පිගාන නැති විය යුතුය..
05. ඩෙසට් ජාති 3-4 ක් නොකා සිටිය යුතුය..
06. ශබ්ද පුජාව කරන නලා කරු ඉදිරියේ.. දෙහි වැනි දෑ නොහපා සිටිය යුතුය..!
07. ශබ්ද නගා කතා නොකර යුතුයි..
08. කුස්සිය පලාතෙවත් නොයා යුතුය..!
09. කිසිදා වාහනයකිං දානෙ ගෙදරට නොයා යුතුය.. (වෑන් වගේ)


අනේ මංදා.. ඔන්න ඔව්වා පිලිපදින්ටකො.. සමාජෙ ඉන්න වැදගත්ම පුද්ගලයෙක් වෙන්න හැකි.. :D
මං යනවා ටටා..!
Pirate Bunny

Thursday, August 18, 2011

උඹට කෙල්ලෙක් ඕනෑමනම් හොයලා දෙන්නම්කො...!

ඔන්න ඔහොමයි හිට් වැඩි කරගන්න පුලුවන් ජාතියේ මාතෘකා දාන්නෙ.. තෙරුනානේ ? :D
(තාත්තා බැන්ඩ් එකේ මං ආස කරන සිංදුවක..(අරාබිය) චූටි කොටසක් ඔය..)

මාතෘකාව වගේම.. අන්තර්ගතයත් හොල්සිම් වගේ ඉස්තරම් වෙන්ටොන.. ඒක නිසා මෙහෙම කියන්නම්.. මේක..
කෙල්ලෙක් යාලු කරගන්න කොට ඇත්තටම මේක මාර වැදගත් වෙන ටිප් එකක්.. හොදට අහගන්න..

අපි දැන් හොද ලස්සන හුරුබුහුටි.. රූමත්.. cute  කියලා හිතෙන කෙල්ලෙක් දැක්කාම.. නිකං මොකදෝ වෙනවානේ ? නේද :D සෝ එයා In a relationship නෙවේ නම්.. මෙන්න ෆෝන් නම්බර් එක දෙන්න උපක්‍රමයක්.. :D


 මුලින්ම ඔයා එයා චැට් එකට ඇදලා ගන්ටොන.. හරිද.. ඊට පස්සෙ.. බයිලා ටිකක් ගගහා ඉන්නවා.. (key කඩනවා) (not mal) ඊට පස්සෙ..  මොකක් හෝ දෙයක් ගැන වලියක් දාගන්නවා.. අපි චැට් එකක් ආකාරයෙන්ම  මේක පැහැදිලි කර ගම්මු..

කෙල්ල : හූම්...
කොල්ලා : මූකලං බස්සි..
කෙල්ල: නැනැ Eagle..
කොල්ලා: එහෙමනම් ඊගල් වගේම කැ ගහන්න..
කෙල්ල: ක්‍රැක් ක්‍රැක්..
කොල්ලා: අෆෝ කාක්කෙක් වගෙනේ.. :D
කෙල්ල: එහෙමනම් කොමද කැ ගහන්නෙ හරියටම ?
කොල්ලා: ඒක චැට් එකේ කියන්නෙ කොහොමද  ?
කෙල්ල: ඒකනේ..
කොල්ලා: හා ඔයා කැමති නම් මට කෝල් එකක් දෙන්න එහෙනම් 071 92##### (වැදගත් නම්බරයක් මේක හරී) :D
 

කෙල්ල: :P
..................................................
ඔන්න ඔහොමයි.. දැන් පැහැදිලිනේ ? කෙල්ල කැමති නම්.. අනිවා කෝල් එකක් දේවි.. :D අත්දුටුවයි..ප්‍රත්‍යක්ශද මංදා :D
කරලා බලලා රිසාල්ට් එක කියන්නකො :D

සෑයූ : මේක නංගිලා.. අක්කලා නම් අත්හදා බලන්න ගිහින්.. තියෙන යාලු කමුත් නැති කරගන්න එපා ඔන්න :D මොකද අද කාලේ කෙල්ලෙක් නම්බර් එක දුන්නොත්.. අනිවා ඒ කෙල්ල වල් කෙල්ලෙක්..ගානට දානවානේ..  සෝ එහෙම උනොත්.. මේ හාවා වගකීම බාරගනු නොලැබේ.. :D






















එහෙනම් අපි කැපෙනවා..
හැපි මල් ටයිම්.. :D

Piratebunny






.