Friday, August 26, 2011

අයියාගෙ මල ගම..


--
එක කුසයක උපන් නැතත්
තිබ්බෙ එක උස මහතක්..
උන්නෙ අයියා මල්ලි වාගේ..
ගාල්ලෙ අපේ ගම හොල්ලං

පල්සර් බයික්කයක් අරන්
දුන්නා උඹේ මහ එකා..
හිතන් නැතිව ඉන්නට ඇති..
ඒ උඹේ අවසන් වාහනේ කියා..

කාල කන්නි දොර දෙකේ බසයේ
මැද්දෙ හිර උන පල්සරෙට
හිතක් තිබ්බෙ නැහැ හිතන්ට...
උඹ අහු වෙයි රෝදෙට කියා..

කකුල උඩිං අතක් උඩිං..
බස් එකෙ රෝදය ගියා..
දොස්තර වරු ඇදක් උඩක
පැය ගානක සටනක් කලා.

කාල කන්නි මාරයා විත්
උඹේ හුස්මත් ගෙන ගියා..
අපිට තිබ්බ එළ බොක්කක්..
නැති වී තුන් මසකුත් ගියා..

තුන් මාසේ බන තිබ්බාලු
අද හැන්දැ වරුවේ හතට..
මං ගියේ නැහැ ඒ පැත්තට..
දුක දරන්න බැරි හින්දම..

මට හැකි නම් මගේ පන කද..
දෙන්නට තිබ්බා උඹ හට..
අපේ අම්මාට මල්ලී ඇත..
ඒක හින්දා අවුලක් නැත..

උඹට උන්නෙ නංගී විතරයි..
අම්මත් දැන් ලෙඩ ගානේය..
නංගීට හැකි වේවිද හෙට..
රැක ගන්නට ඒ පිං කඳ..

මට කල හැකි එකම මගුල..
බැද ගන්නවා නුඹෙ නංගිව..
රැක ගන්නට දෙමා පියං..
මගේ ඇහැක් ලෙසට යසට..!!




තනි ඇහැට අඩන
PirateBunny


.

Sunday, August 21, 2011

Car ඩ්‍රීම්ස්..

ඔය චූටි කාලෙ ඉදන්ම මට තියෙන උණක් තමා ලොකු ලොකු වාහන හා.. අලුත් ජාතියේ කාර් එහෙම පැදලා බලන්න.. ඉතිං මෙන්න මේ ලගදි හැදුනා hybrid උණක් :D ඉතිං හෝ ගාලා වෙබ් එක හුරලා හුරලා..   විස්තර හොයන්නත්..    ස්ටේට් හිටං දැම්මා.. :D ඔය ස්ටෙට් එකක හරි අපූරු වලියක් ගියා..   එකෙදි.. හයිබ්‍රිඩ් වාහනේ අඩුපාඩුයි.. අද කාලේ හැටියට තියෙන ලාබම වාහනේ ගැනයි, එක එක අය කියපු කතා තමා මේ :D







Hybrid


වාසී:

01. තෙල් ඉතිරිය. (සාමාන්‍ය වාහනයකට වඩා යාන්තමිං)
02. දුම්පරික්ශාවක් අවශ්‍ය නොවීම.

අවාසී:

01. වහනයක ඔය කියන තරම් අඩුවෙන් petrol කරන්නෙ නැහැ.
02. ඒ පොඩි වෙනසක් නිසා ලොකු risk එකක් අරගන්න එක මෝඩ කමක්.
03. වාහනේ second hand market නැහැ.
04. කැඩුනොත් හරි හැප්පුනොත් හරි sorry ම තමා. හදන්න තියෙන තැන් අඩුයි. ගනන් ඇහුවොත් පිස්සුම හැදෙනව.
05. වාහනේ අම්බානක පාහතයි.
06. කිසිම ගතියක් නැහැ.

07. වතුරේ ගියොත් වාහනේ පිරීමට ඉඩ තියෙනවා.
08. පිට පස්සෙන් හැප්පුනත් පුපුරන්න ඉඩ තියෙනවා..
09. බට් කිරිලි අනම් මනම් බැ.. ජෙනුයින්ම කෑලි දාන්ටොන.

ඉතිං මේ සියල්ලම අහං ඉදලා අංතිමේ බනියා ගත්තා තීරණයක්.. ගන්නවා කියලා බරකරත්තයක් :D
අද කාලෙ හැටියට කොච්චර ලාබදායීද කියලා තීරණය කරන්න පහල බලන්න.. 


Cow Cart

අවාසී:

01. බාල යකඩෙන් ලාඩම් ගැහුවොත් ඉක්මනින් ගෙවී යාම,
02. රට තණකොල සොයා යන්න අවශ්‍ය වීම..
03. වේගය අඩු වීම.



වාසී:


01. වියදම අඩුයි (තෙල් ඔන්නැ..)
02. second hand market එකක් තියෙනවා..
03. කැඩුනත් ගෙදර උනත් හදා ගත්තැහැකි.
04. හැප්පෙන්නෙ නැ.. (හප්පන් ගියොත් මිස)
05. ලේලන්ඩ් ලොරියකටත් වඩා උසයි.. යට වදින්නැ..
06. මාරම ලස්සනයි.. 

07. වතු‍රට‍ ‍මොකුත් වෙන්නෙත් නැ
08. යට එල්ලිලා යන්ඩත් ඇහැකි.
09. පොලිස් කාරයෝ නවතන්නේ නෑ.
10. කවුරුත් උස්සන්නේ නෑ.
 
11. Voice Recognize එකකුත් තියේ. කරත්ත කවි සින්දු ශ්‍රවණ කල හැකිය.
12. පසු කාලීන ආයොජනයක් තියෙනවා.. (ගොම පොහොර ගන්න පුලුවන්) (හයිබ්‍රිඩ් එකේ සල්ලි ෆික්ස් ඩිපොසිට් එකක් දානවා බැංකුවේ)
13. අයිතිකාරයාටම එලවතෑකි
14. Alarm Service.
15. Park Anywhere for free! 
16. No Break Oil or No Gear Oil
17. ආදායම් බලපත්‍ර, ඉන්ශුවරන්ස්, ඩ්‍රයිවිං ලැයිසොං කිසිවක් ඇවැසි නැත..  
18. දුම් පරික්ශාවක් අවැසිම නැත..
19. ටයර් වල හුලං යන්නෙ නැත..
20. Facebook Status වලිත් නැත... 

  අද කාලේ හැටියට වාසී දායකම වාහනය.. කරත්තය.. :D මාත් ගන්නවා කරත්තයක්.. 

පාලි: කරත්තය ඇදගෙන යෑම සදහා ඇබැර්තු ඇත..

ඔන්න කලිංම කිවා.. මං ඩ්‍රයිවර්..!!



අපි කැපෙනවා හෙනම්.. වාහනයක් ගන්න කලිං පොඩ්ඩක් හිතලා බලන්න :D

වාහනයක් ගන්න ගිය මං
PirateBunny



.





  වීශේෂ ස්තූතිය
ශාලිත, බිංකු, ගයාන් කණිශ්ක etc etc

දානේ ගෙදරකදි කල යුතු හා නොකල යුතු දැ..

මේක මේ මං හුග කාලයක් තිස්සෙ ලියන්න උන්න එකක්.. අපි අහිංසක.. හැදියාවක් තියෙන.. තරුණ මහලු ළමයි විදියට.. දානේ ගෙයක් තුලදී.. සංවරව හා.. විනීතව හැසිරෙන්නෙ, ඒ වගේම දානෙ ගෙයක් තුලදි කල යුතු හා නොකල යුතු දේවල් තියෙනවා.. අපි බලමු ඒ මොනාද කියලා.. ..!!



කල යුතු දෑ..

01. දානෙ ගෙදරට යැමට පෙර සීනි 1kg හො ඒ වගේ දෙයක් කඩෙන් ගත යුතුය.
02. බෙර සද්දය ඇසෙන දිසාවට හො.. දානය පැවැත් වෙන තැනට යා යුතුය..
03. ගෙනාපු දේ (සීනි කිලෝ එක etc) දානේ දෙන ගෙදර කෙනෙක්ට දෙන්ටොන..
04. අනිවා දානය වැලදිය යුතුය..!
05. ඩෙසට් එකට බඩේ ඉඩ තියා ගතයුතුමය..!
06. වහාම.. ගෙදර පැමිණිය යුතුය (කාපු බීපු තැන් වල මැස්සෙක් වත් ඉන්නැ)


නොකල යුතු දෑ..

01. සීනි 500g ට වඩා අඩු ප්‍රමාණයක් ගෙන නොයා යුතුය..
02. හාමුදුරුවන් වැලදීමට ප්‍රථම දානය අපි නොවැලදිය යුතුය..!
03. සුප් කියා, හාමුදුරුවෝ අත හේදූ කොප්පයේ ඇති දෑ නොබිය යුතුය..!
04. කන්ද වගේ බත් පිගාන නැති විය යුතුය..
05. ඩෙසට් ජාති 3-4 ක් නොකා සිටිය යුතුය..
06. ශබ්ද පුජාව කරන නලා කරු ඉදිරියේ.. දෙහි වැනි දෑ නොහපා සිටිය යුතුය..!
07. ශබ්ද නගා කතා නොකර යුතුයි..
08. කුස්සිය පලාතෙවත් නොයා යුතුය..!
09. කිසිදා වාහනයකිං දානෙ ගෙදරට නොයා යුතුය.. (වෑන් වගේ)


අනේ මංදා.. ඔන්න ඔව්වා පිලිපදින්ටකො.. සමාජෙ ඉන්න වැදගත්ම පුද්ගලයෙක් වෙන්න හැකි.. :D
මං යනවා ටටා..!
Pirate Bunny

Thursday, August 18, 2011

උඹට කෙල්ලෙක් ඕනෑමනම් හොයලා දෙන්නම්කො...!

ඔන්න ඔහොමයි හිට් වැඩි කරගන්න පුලුවන් ජාතියේ මාතෘකා දාන්නෙ.. තෙරුනානේ ? :D
(තාත්තා බැන්ඩ් එකේ මං ආස කරන සිංදුවක..(අරාබිය) චූටි කොටසක් ඔය..)

මාතෘකාව වගේම.. අන්තර්ගතයත් හොල්සිම් වගේ ඉස්තරම් වෙන්ටොන.. ඒක නිසා මෙහෙම කියන්නම්.. මේක..
කෙල්ලෙක් යාලු කරගන්න කොට ඇත්තටම මේක මාර වැදගත් වෙන ටිප් එකක්.. හොදට අහගන්න..

අපි දැන් හොද ලස්සන හුරුබුහුටි.. රූමත්.. cute  කියලා හිතෙන කෙල්ලෙක් දැක්කාම.. නිකං මොකදෝ වෙනවානේ ? නේද :D සෝ එයා In a relationship නෙවේ නම්.. මෙන්න ෆෝන් නම්බර් එක දෙන්න උපක්‍රමයක්.. :D


 මුලින්ම ඔයා එයා චැට් එකට ඇදලා ගන්ටොන.. හරිද.. ඊට පස්සෙ.. බයිලා ටිකක් ගගහා ඉන්නවා.. (key කඩනවා) (not mal) ඊට පස්සෙ..  මොකක් හෝ දෙයක් ගැන වලියක් දාගන්නවා.. අපි චැට් එකක් ආකාරයෙන්ම  මේක පැහැදිලි කර ගම්මු..

කෙල්ල : හූම්...
කොල්ලා : මූකලං බස්සි..
කෙල්ල: නැනැ Eagle..
කොල්ලා: එහෙමනම් ඊගල් වගේම කැ ගහන්න..
කෙල්ල: ක්‍රැක් ක්‍රැක්..
කොල්ලා: අෆෝ කාක්කෙක් වගෙනේ.. :D
කෙල්ල: එහෙමනම් කොමද කැ ගහන්නෙ හරියටම ?
කොල්ලා: ඒක චැට් එකේ කියන්නෙ කොහොමද  ?
කෙල්ල: ඒකනේ..
කොල්ලා: හා ඔයා කැමති නම් මට කෝල් එකක් දෙන්න එහෙනම් 071 92##### (වැදගත් නම්බරයක් මේක හරී) :D
 

කෙල්ල: :P
..................................................
ඔන්න ඔහොමයි.. දැන් පැහැදිලිනේ ? කෙල්ල කැමති නම්.. අනිවා කෝල් එකක් දේවි.. :D අත්දුටුවයි..ප්‍රත්‍යක්ශද මංදා :D
කරලා බලලා රිසාල්ට් එක කියන්නකො :D

සෑයූ : මේක නංගිලා.. අක්කලා නම් අත්හදා බලන්න ගිහින්.. තියෙන යාලු කමුත් නැති කරගන්න එපා ඔන්න :D මොකද අද කාලේ කෙල්ලෙක් නම්බර් එක දුන්නොත්.. අනිවා ඒ කෙල්ල වල් කෙල්ලෙක්..ගානට දානවානේ..  සෝ එහෙම උනොත්.. මේ හාවා වගකීම බාරගනු නොලැබේ.. :D






















එහෙනම් අපි කැපෙනවා..
හැපි මල් ටයිම්.. :D

Piratebunny






.

Wednesday, August 17, 2011

හාවාගේ අප්සට් ආදරෙ.. x5

හලෝ ළමායිස්....!! ආවා හාවා :D 
                මේක මේ හිට් වැඩි කරගන්න ලියන කතාවක් හේම නෙවේ ඕං.. මගේ කුලුදුල් ප්‍රේමයේ ඇත්ත තතු කියන්න හදන්නෙ.. කුලුදුල් කිවාට කුලුදුල්ම නැ :D අර කටට බ්‍රේක් නැති ඔහේ දොඩවන රත්තා (aka රත්ගගමයා/ඉරුවා) කියන්න වගේ.. කොච්චර බොලද උණත් ආදරෙ මාර විදියට මාර්කට් කරන්න පුලුවන් (මාර්කට් = හිට්ස්)

සෝ  මාත්  මේ හදන්නෙ මගේ ආදර කතාව කියලා දාන්න.. :-D

ඇත්තම කිවෝත් ගැණු ළමයි 5 දෙනෙක්ට මං කැමැත්තෙන් උන්නා :D (එක වර නෙවේ)
එක්කෙනෙක් ඉන්දියං.. අනික් 4 දෙනාම ශ්‍රී ලාංකීය..
සැයූ : මේ හැමොගෙන්ම මං කැමැත්ත ඇහුවා :D

 මුලින්ම ඉන්දියං ළමයා.. යාලු වෙලා මල් කඩ කඩ ඉදලා.. එක පාරටම කැමති නැ කියලා නිකා උන්නා.. (boot නියමය)

දෙවැනි ළමයා.. මල් කඩ කඩ ඉදලා.. වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා තිබ්බා..

තුන් වෙනි කෙනා.. සිංගල්ව ඉන්න ඔනි කිවා..

හතර වෙනි කෙනා.. මොකක්දෝ හීනයක පැටලිලා.. ඇහුවා විතරයි බැ කිවා.. :D

පස් වැන්නා හා ලාස්ට් කෙනා.. එයා නම් අලුත්.. :D පොරොන්දුවක් නිසා.. එයත් බැ කිවා.. :D

සෝ...හාවා සතුටිං වාසය කලා..!!! :D


මේක කියවලා.. අහිංසක හාවාගේ හිත තැලෙන ආකාරයේ කොමෙන්ට‍ වැටිලා තිබ්බොත්.. මං නරක හාවා කියන්න එපා හරියේ..!! :D

පාලී: ඇබැර්තු ඇත..!!!


නැ:පා:ලි: මේ දවස් වල හාවා ග්‍රීස් ගාගෙන රට පුරා යනවායැයි අසත්‍ය කතාවක් පැතිරිලා යමින් පවතී.. ඒ මං නොවන බව කරුණාවෙන් සලකන්න.. මා දුටු තැන මට නොගසන්න..!

හෙනම් මං කැපුනා.. :D ටටා

හැමදාම පික්සු නටන මං
piratebunny

..

Tuesday, August 9, 2011

හින්ඤංකිතර රස කතාවක්

එක්ස්කියුස්මි.. මාතෘකාව කියවන්න ගිහින් හක්ක පන්න ගන්න එපා...!!!

         වැඩි වල් පල් නැතිව ශොර්ට් කතාවක් කියලා දාන්න අවේ.. මෙව්වාට නම් හිනා යන්නෙ නැහැ තිං.. ඒත් පොඩී ආදර්ශ කෑල්ලක් තියෙනවා ජීවිතෙට ගන්න ඔනි..!!

මේක මට අහන්න ලැබුනේ අද දවාලේ.. කල්හාර මලයයි, ඒකා එක්ක අපු මෙමරි අප්සට් කොල්ලෙක් එක්කයි.. කතා කර කර ඉද්දි..

ඔය වල්හාරයා.. ඌප්ස් සොරි සොරි.. කල්හාර මලයා ඇදන් අපු කොල්ලා ගැන වචන දෙක තුනක් කියන්න ඔනී.. මැන්ස් පොලිසියේ පෙට්ටි කඩලා කියලා මොකක්දෝ ආන්දෝලනාත්මක කතාවක් යනවා (මොකද මං දිහා අමුතු විදියට බලන්නෙ :P) නැ මං කිවේ පොලිස් බයික් එකේ පෙට්ටිය කඩලා කියලා..
ඔක වෙලා තියෙන්නෙ පාරෙ යද්දි ට්‍රැෆික් බයික් එකක අර කිව කොල්ලයි උගේ යාලුවයි හැප්පිලා.. ඉතිං පොරගේ සිහිය විකල් වෙලා..

 පොලිසියෙදි : සර් මාව හැප්පිලාලු
 අයියට : අයියේ මාර සීං එක.. මාව හැප්පිලාලුනේ..
 ඩොක්ටර්ට : අනේ මං දන්නැ ඩොක්ටර් මාව හැප්පිලාලු..
ඔක්කොම ලු ලු ලු... :D

හොදම ආතල් එක තමා.. මුව හැප්පිලා ගෙදර ගිහින් දාපු කල්හාරයාගෙන් අහනවාලු.. මචං උඹ කවුද ?
:D :D

ඉතිං මේ ඔය කොල්ලා කීව කතාව..
මේ ඉන්නෙ කල්හාර උගේ දඩුමොණරයත් එක්ක හා
ලෝක යුද්ද කාලේ භාවිතා කරපු හෙල්මට්ටුවක් සමග..
       ඔය කොල්ලාගේ අයියා බයික් හදන මැන් කෙනෙක්ලු.. ගාල්ලෙ ප්‍රසිද්ද ආයතනයක්.. (මට නම් නම මතක නැහැ :D)  ඉතිං අපේ කල්හාරයා ගේ දඩුමොණරය වගේ තියෙන චැලියෙ (aka හැලිය)  මොකක්දෝ ලෙඩක් ඇවිල්ලා ඕක හදා ගන්න ගියාලු.. බැලින් නම් එන්ජින් එක ඇතුලේ ටයිමින් චේන් එක ඇජෙස් කරන්න තියෙන වීල් එක මිසිං ලු.. දැන් හැම තැනම හොයලා තිබිලාම නැහැ..
       මේන් එක පාරටම අර අයියා ට මල විකසිත වෙලා ශුද්ද හෝඩියේ අකුරු 75 ම කියවගෙන කියව ගෙන බයික් එක කලිං හදපු එකාට බැනන් බැනන් යනවාලු..
පස්සෙ බැනලා බැනලා ඉවර වෙලා....

 අයියා : කවුද මල්ලි මේ බයික් එක කලිං ගලවපු #බලදාරියා විසිං කපා හරින ලදි# ?

 කල්හාර : මං අයියේ...

අර අයියා කටිනුයි පස්ස පැත්තෙනුයි හැම තැනින්ම හිනා වෙනවාලු බඩ අල්ලං :D

ඉතිං ගන්න තියෙන ආදර්සෙ තෙරෙනවානේ ? තැන නොබලා කතා කිරීම තමා..


-------------------------------part 2----------------------------------------

මේක මේ රේඩියොවකදි ඇහිච්චි කතාවක්..

ඔන්න කොල්ලෙක් කඩේකට ගිහින් මුදලාලිට කියනවාලු.. මුදලාලි.. මට හූනු බිත්තර සත 5 දෙන්න කියලා.. ඉතිං ඔය හූනුබිත්තර තියෙන බෝතලේ රාක්කෙ උඩමලු තියෙන්නෙ.. ඔතන්ට මුදලාලි උස නැලු.. ඉතිං මුදලාලි ගේ ඇතුලට ගිහින් ස්ටුල් එකක් අරන් ඇවිල්ලා.. ඒක උඩට නැගලා බෝතලේ අරන් හූනු බිත්තර සත 5 ක දුන්නාලු.. දීලා ස්ටුල් එක තිබ්බ තැනම තියලා ඇවිත් ඉන්න කොට.. 
           ඔන්න අර වගේම ආයේ කොල්ලෙක් ඇවිල්ලා අර විදියටම හූනු බිත්තර සත 5 ක ඉල්ලුවාලු.. මුදලාලිත් ඉතිං ආයෙමත් ස්ටුල් එක ගෙනැල්ලා.. කලිං විදියටම හූනු බිත්තර සත 5ක දීලා කොල්ලාව යැව්වාලු..
         ඔන්න ආයෙත් කොල්ලෙක් ඇවිල්ලා ආයෙම ඉල්ලුවාලු.. ඉතිං අර උඩ විදියටම කරලා.. ඒ කොල්ලාව පිටත් කරලු..
ඉතිං මේක මල කරුමයක් නිසා ස්ටුල් එක තිබ්බ තැනින්ම තියෙන්න ඇරියාලු..

ඔන්න ආයේ කොල්ලෙක් ඇවිල්ලා අහන්නත් කලිං  මුදලාලි අහනවාලු.. ආ පුතාටත් හූනු බිත්තර සත 5ක ඔනිද කියලා.. කොල්ලා කියනවාලු නැ එපා මුදලාලි කියලා.. මුදලාලිටත් හරි සතුටුලු.. ඉතිං අර ස්ටුල් එක ආයෙම තිබ්බ තැනින් ගිහින් තියලා ඇවිල්ලා අහනවාලු.. පුතාට මොනවද ඔනි කියලා..
අර කොල්ලා කියනවාලු..
                මුදලාලි මට හූනු බිත්තර සත 10 ක දෙන්න කියලා..!! :D


ලියන්නට දෙයක් නැති තැන
 කාලය කාල දැම්ම මං
PirateBunny෴.

.

Wednesday, July 20, 2011

රසවිංදනය..

මේක මේ... මේ පාර A/L විභාගෙට සිංහල ලියන උදැවියට පොරයෝජනාත්මක වෙන්න කියලා තමා ලියන්ට තනන්නේ.. අපි අද රසවිංදනය ගැන කතා කරමු..!
අද මං රසවිංදනයට තෝර ගන්නෙ..
    MBBS, මැකැනික්, අති දක්ශ, වෙන්ඩ මහාචාර්ය,   ප්‍රවීන මංඤඤං කවි රචක ඒ.ඒ. අනුෂ්ක ලක්මාල් මහතාගේ මෙව්වා එකක්.. (ඔය ළමයි "මෙව්වා" කියන එකට සිංහල තෙරුම මගෙන් අහන්නැ.. එවා ගෙදර ගිහින් කාගෙන් හරි අහගන්න.!)

මේක ඒ මහතා විසිං රචනා කලේ one zero zero  කියන බ්ලොග් එක සඳහා.. ඉතිං ඒ මහතාගේ මෙන්න මේ සටන කියන මංඤඤං මෙව්වා එක තමා මං අද රසවිංදනයට උපුටා ගන්නෙ.. ඇත්ත වශයෙන්ම කිවත්.. මේ මංඤඤං මෙව්වා එක.. ඒ මහතා කොච්චර ලස්සනට හා අපූර්ත්වයෙන් හෙබිව ලියලා තියෙනවා කිවත්.. ඕක හුගක් අයට තෙරිලා නැහැ..  ඉතිං මං ඒක නිසාම අද මේ බ්ලොග් එක තුල රසවිංදනය කියන පාඩම තුලිං ඔබට පැහැදිලි කරලා දෙන්නම්..!


එකෙක් අත ඉඹලා දෙයි..
තව එකෙක් අතට අත දී දෙයි..
තව එකෙක් වැදලා දෙයි..
වැන්දාම නම් ලැජ්ජයි..
කවදාවත් දැකලා නැති..
එකෙක් ආ මලයා ගා දෙයි..
මාත් ආ අයියා ගායි.. අක්කා ගායි..
අතට අත දෙයි..
ගේ හරියේ කොළ පිරෙයි..
කඩදාසි, ඩේ කාඩ්, දු:ක: කාඩ්, etc
ගේ හැම තැනම..
හනික මා කෙල පිහිදාගයි..
නැත්නම් විස බීජ එයි..
ගේ හරියේ ඩෙටෝල්ද නැත..
නැත්නම් ඩිංගක් බොන්නවත් තිබිනි..
නැන්දාල ඇත.. මාමලාද ඇත.
එකෙක් එක පාටක්..
තව එකෙක් තව පාටක්..
පාට පාට ලෝකයක්..
මෙ ඔක්කොටම දෙන්නෙ කොහොමද ?
ඔක්කොටම තියෙන්නෙ XXX තුනයි...එක පාටයි..! ㋛
ඔක්කෝටම දීලා නිකා ඉන්නවා..
එතකොට හැමෝම මට හොද කියයි..
මටත් හෙන සතුටුයි..!



අපි මේක පැහැදිලි වෙන්නත් එක්කලා.. කොටස් වලට කඩාලා.. ඒ එකෙන් එකට විස්තර කරගමු..!



එකෙක් අත ඉඹලා දෙයි..
තව එකෙක් අතට අත දී දෙයි..


      ඒ කියන්නෙ අත ඉඹලා දෙනවාලු.  අතට අත දෙනවාලු.. සිංහලෙන් කියන්නෙ shake a hand කියලා  අන්න ඒක තමා මෙතැනදි කියන්නෙ..

තව එකෙක් වැදලා දෙයි..
වැන්දාම නම් ලැජ්ජයි..

     මෙතැනදි කියන්නේ වැදලත් මේ දෙනවා කියන දේ දෙනවාලු.. වැන්දාම මේ කවිය තුල ඉන්න පොරට ලැජ්ජායිලු..! 


   
කවදාවත් දැකලා නැති..
එකෙක් ආ මලයා ගා දෙයි..

     කවදාවත් දැකලා නැති පොරක්.. ගෙදරටම ඇවිල්ලා..  ආ මල්ලි..බොක්ක.. වකුගඩුව කෝමද මචං, වචන වලින් ආමංත්‍රණය කරලා.. ඔය දෙනවා කියන දේ දෙනවාලු..

මාත් ආ අයියා ගායි.. අක්කා ගායි..
අතට අත දෙයි..

     ඉතිං මේ මංඤඤං මෙව්ව එක තුල ඉන්න මනුස්සයා.. ඉහත ආකාරයටම ආමංත්‍රණය කරලා අතට අත දෙනවාලු..

ගේ හරියේ කොළ පිරෙයි..
කඩදාසි, ඩේ කාඩ්, දු:ක: කාඩ්, etc
ගේ හැම තැනම..

       මෙතැනදි ගම්‍ය වෙන්නෙ.. මේ මෙව්වා එක තුල ඉන්න පොරගේ ගෙදර, කඩදාසී වලිං පිරිලා ගිහින්ලු.. ඒ කියන්නෙ මොනවද ? අර අත පය ඉඹලා දීපු පොරවල් ලා දීපුවා..! මොනාද ? ඡංද පත්‍රිකා.. (බොරු පොරොන්දු)

හනික මා කෙල පිහිදාගයි..
නැත්නම් විස බීජ එයි..
ගේ හරියේ ඩෙටෝල්ද නැත..
නැත්නම් ඩිංගක් බොන්නවත් තිබිනි..


      මෙතැනදි කෙලින්ම පැහැදිලි වෙන්නෙ.. මේ මෙව්වා එක තුල ඉන්න මනුස්සයා.. අති පිරිසිදු බුවෙක් බව.. මොකද ඩෙටොල් පාවිච්චි කරන පවුලක් විසබීජ වලින් තොරයිලුනේ.. ඒකයි මේ එක වරම ඩෙටොල් බොන්න හදන්නෙ.. මොකද වෙන්ඩ මංත්‍රීලා එක එකාගේ අත් ඉඹලා මොන ජරාව ගේනවද දන්නැනේ..

නැන්දාල ඇත.. මාමලාද ඇත.
එකෙක් එක පාටක්..
තව එකෙක් තව පාටක්..
පාට පාට ලෝකයක්..


    ඡංදයක් උනාම ඔනෑම කෙනෙක්ට ඉල්ලතැහැකිනේ.. මං කියන්නෙ මේ සත්තුන්ට ඉල්ලන්න නම් බැහැ.. නමුත් ඒ වගේ මිනිස්සුන්ට ඉල්ලතැහැකි නෙවැ.. ඒකට ස්ත්‍රි පුරුශ බේදයක් නැ කියලා තමා රචකයා කියන්නෙ. ඒ වගේම.. පාට කීපයක් තියෙනවා.. තැඹිලි, සුදු, කලු.. ඔය වගේ..

මෙ ඔක්කොටම දෙන්නෙ කොහොමද ?
ඔක්කොටම තියෙන්නෙ XXX තුනයි...එක පාටයි..! ㋛


     මෙතනදි කවිය තුල ගැබ්ව ඉන්න මනුස්සයා අහන්නෙ මේ අත පය ඉඹලා.. ලෙව කාලා ආදරය කරුණාව පෙන්නපු.. මිනිස්සු සෙට් එකට, හිතක් පපුවක් නැතිව එක් කෙනෙක්ට විතරක් ඡංදෙ දෙන්නෙ කොහොමද කියලා.. මොකද හැමෝටම මනාපයි මේ මෙව්වා එක තුල ඉන්න පොර..!
ඔය XXX 3 කිං සදහං වෙන්නෙ කතිර.. (නරක සමණලයා මේ වෙන මගුලක් නෙවේ ඩෝ) :D :D

ඔක්කෝටම දීලා නිකා ඉන්නවා..
එතකොට හැමෝම මට හොද කියයි..
මටත් හෙන සතුටුයි..! 
      අවසං වශයෙන් මෙම මංඤඤං මෙව්වා එක තුල ඉන්න පොර.. ඉතා අලංකාර අන්දමිං අති ප්‍රභල තීරණයකට එනවා.. ඒ තමා මෙවර අර අල වෙලා ගිය චංදයට හැමෝටම කතිර ටික දෙන්න.. ඒ කියන්නෙ චන්දය ඉල්ලන හැමෝටම මනාපය ගහනවාලු..! අවසං වශයෙන් ඌට හෙන සතුටුලු..!!

මෙතැනදි මේ මංඤඤං නිසදැස වගේ එක ලීව පොරට පොඩි වැරදීමක් සිද්ද වෙලා තියෙනවා.. "එතකොට හැමෝම මට හොද කියයි.."
මේක වෙන්න බැරි දෙයක් නේ.. මොකද ඡංදයක් තුලදී තමන්ගේ පුද්ගලිකත්වය රකිනවා කියන දෙයක්ලුනේ... (අනේ මං නම් දන්නැ ඔව්වාගේ ඇත්ත නැත්ත, කවුද දන්නෙ ඔව්වා ඒ ලෙසටම කොරනවා කියලා නේද?)  ඉතිං හැමෝම කොහොමද හොද කියන්නෙ ?
...............................................................................................................................

මං හිතනවා අද පාඩම ලෙසටම පැහැදිල උනා කියා..
සෝ
තවත් අපි යතා කාලයේදී මෙවැනි රසවිංදනයකිං මුණගැසෙමු.. එතකං ආයුබෝවං..!!!

PirateBunny෴


.