Friday, January 28, 2011

කුමාරි නැන්දා..

හලෝව්..  (ඔව් ඔව් බනියා තමා මේ..)

කලින් පොස්ට් එකේදි බනියා ඉල්ලන්  මඩ නැමක් කරගෙන වගේ දැනුන නිසා ඒ පොස්ට් එක යටට යන්න මේක දානවා හිහ් හිහ් හිහ් :P 

         ඔන්න බනියාට මතක් උණා  කිතිකාවාගෙන සිරාවටම හිනා වෙතැහැකි කතා පිංචක්.. 
ඔන්න මෙදා පාර නම් කතාව දික් කරන්න වැල් වටාරම් ගහන්නැ, මේක පොඩි කතාවක්..

  මේක වෙලා තිබ්බෙ අපේ අයියන්ඩිට... (අයියන්ඩි = මස්සිනා) ඉතිං අයියයි අපේ අක්කයි ගියාලු පාර්ටියකට.. පාර්ටියක් කිවාට ඒක ගෙදර අයට සංවිදානය කල එකක්ලු, ඒ ඇන්ටියි ඇන්ටිගේ මහත්තයායි ඒ අයගේ පවුලේ අයටයි විතරමලු.. පිට අය කියලා ගිහින් තියෙන්නෙ අපේ අයියයි අක්කයි විතරයිලු.. ඇන්ටිගේ නම කුමාරි ලු.. නුවර ප්‍රසිද්ද ඉස්කෝලෙක ටිචැර් කෙනෙක් ලු..

ඕං ඉතිං මේ පාර්ටිය අස්සේ හිනියට පිරිමි සැට් එක මදුවිත තොල ගානවාලු (ඔව් බොල අරක්කු තමා) මේ ගෙදර අංකල්ට සතුට වැඩිකමටමද මංදන්නැලු ඩිංගක් අනික් අයට වඩා වෙරිලු..  ඔහොම ඔහොම සෙට් එක බොන අතරේ ගෑනු පරාන ටික කුස්සියට සෙට් වෙලා එළවලු කපනවාලු, උයනවාලු.. එක විකාරයක්ලු..අපෙ අක්කත් ඉතිං ගිහින් ඒ පැත්තට.. ඕං මොකක්දෝ එකකට අයියත් ගිහින් කුස්සිය පැත්තට.. මේං යන කොට කුමාරි ඇන්ටියි තව ඇන්ටි කෙනෙකුයි, ගලවලා දාපු වාහන ශීට් එකක් උඩට වෙලා කතා කර කර ඉන්නවාලු.. ඔන්න ඔතන්ට ඇවිල්ලා අර අංකලුත්.. අංකල්ට බඩ ගිනි වෙලා දැන් හම්බානෙක කනවාලු.. ඔය කන අතරේ එක වරම අර ශීට් එකේ කෙලවර උන්න ඇන්ටි නැගිට්ටාලු..

ඔය අතරේ දිඩීං ගාල කැබිනට් එකක් පෙරලෙන සද්දයක් එක්ක බුදු අම්මෝ ගාන සද්දයක් ඇහුනලු..

හුටා....

වාඩි වෙලා උන්න වාහන ශීට් එක උඩ ගිහින්, කුමාරි ඇන්ටි කැබිනට් එකත් පෙරලන් වැටිලා..අතත් වීදුරුවකට කැපිලා...

මෙන්න මේකයි රසම හරිය..

තමන්ගේ ගෑනි වැටුනාම වෙන පිරිමියෙක් නම් නැගිට්ටවන්න හරි යනවානේ.. 

අර අංකල් හැරිලා බලලා මෙහෙම කිවාලු


කුමාරි.. ! මම බිව්වෙ. ඔයා මොකද වැටෙන්නෙ ?

ඒ පාර අපේ අයියයි අක්කයි ඇන්ටිව නැගිට්ටවලා බෙහෙත් දාන්න එක්කං ගියාලු.. එතකනුත් අර අංකල් කෑම කනවාලු :-D

 ...............
හෙනම් ඔය ඔරලුසුවේ කට්ට ඩිංගක් ආපස්සට කරකවා ගන්ට..ගිය කාලය ගතැහැකිනේ :P

බොලාලාගේ කාලය කැ මම
bunny

.

Wednesday, January 26, 2011

බුදු අම්මෝ...!!

       මා දන්නා තරමින් බ්ලොග් මකුණෝ නැත.. සිටී නම් මෙලාහකට මාගේ බ්ලොග් එක මකුණු දැල් වලින් පිරී ඇත..  බොහෝ දෙනෙක් පෝස්ට් එකක් දැමීමට මත්තෙන් මකුණු දැල් කඩනවායි තෙපලන්නේ මකුණුවන්ට ආචාර කිරීමක්දැයි බනියාට සිතුනු වාර අනන්තයය..!
තමාගේ ඇවරදි අහිංසක මකුණන් කෙරිහි පැටවීම හෙන කුප්ප වැඩකි..!

එව්වයින් කාරී නැත.. අර කොහෙවත් යන වැපානිසා, නිසා මට බ්ලොග් එක මතක් විය..! ඒකා බස් එකේ තව විගඩමක් පටන් ගෙන ඇත.. එනම් බ්ලොග් සතියකි.. බස් එක යනූ මේ මහපාරේ අතුරු පාරේ දුවන CTB නොහොත් සිලෝන් ටකරන් බස් එකක් හෝ ජිවිතයේ අනියත කියා දෙන පුද්ගලික බස් එකක් නොවේය.. මොකක් හරි මගුලක් කරන්න හදන Google ලාගේ තව විගඩමකි..!  එනම් Google Buzz ය .. 

එය හරි ආතල්ය.. කාට කාටත් මඩ ගැසීමට ඒ මඩ edit කර කර ගැසීමටද එය අපූරු මෙවලමකි.. මාත් බස් සාමාජිකයෙකි.. රෑ දෙගොඩහා හරියටත් බස් පැදීමට මාත් පුරුදු විය.. තාම බරවාහන ලැයිසොම් නැතත් ඒ බස් එකට පොලිස් මාමලා අත දාන්නේ නැත..! එහෙන් මෙහෙන් Goo-gle ලා කින්ඩි දැම්මත්.. අපි සැලෙන්නේ නැත..

එව්වායින් මෙව්වායින් කතාව රෝන්ග් සයිඩ් එකට යන බව බනියාට හැගිනි.. එව්වා මෙව්වා නැතිනම් බ්ලොග් පෝස්ට් එක පුංචී වේ.. ඒකට මම කැමති නැත.. එම නිසා හෙන බොරු තොගයක් ඇදබා කතාව ලොකු කිරීමට බනියා හෙන සමත්ය..!  මොනා උනත් මේ කතාව ගල්පැලෙන ඇත්තයය..!

බනියලාට ක්‍රේන් එකක් ඇත.. ඉන්ගිරිසියෙන් කිවොත් දොඹකරයක් ය.. මෙකෙන් කරන්නෙ මිනිස්සුන්ට උස්සන්න බැරි දේවල් ඉස්සීමය.. (හොරකම් නෙවේ යකෝ) කොටන් උසුලීමට බනියලාගේ තාත්තා මෙය ගත්තේය.. 


මේ ඉන්න අතරේ හෙන ලොකු ප්‍රෙජ්ට් කට්ටක් වැටිනි.. එනම් වහලකට කාප්ප ඉස්සීමටය.. එකල්හී මෙන් ලී දමා වහලවල් ගැසීම දැන් අඩුවී ඇත.. දැන් ගන්නෙ යකඩෙන් තැනූ කාප්පය.. ඒවා හරි බරය.. උස්සන්නට ක්‍රේන් එකක් ඇවැසිය..! මේ වැඩේ පැවරුනේ බනියාටය.. කොල්ලා වැඩ කාරයා බව තාත්තා දැන ගන්නට ඇත..! (කොලර් එක අදිමින්)

කෙසේ හෝ එම කාප්ප ඉස්සීමට ඇවැසි තැනට සැපත් විය.. හත් ඉලව්වකි..! කාප්ප ඉස්සීමට ක්‍රේන් එක දිග මදිය.. වහල හෙන උසය.. එක කාප්පයක් තිබීමට හැක.. අනික් දෙක තියන්න දිග මදිය.. එය තියන්න නම් එම ශාලාව ඇතුලට ලොරිය ගතයුතුය.. අනේ හෙනගහපිය වටේටම අඩි 2 ක් විතර උස කොන්ක්‍රීට් එකක් දමා ඇත.. ස්වීමින් පූල් එකක් සැදීමට සුදුසුයැයි බනියාට සිතිනි..

කොසේ හෝ බාස්ගේ දෙමාපියන්ට පිං දෙමින් උස අඩු තැනක් බලා කොන්ක්‍රීට් කනු දමා ලොරිය ඇතලට ගත්තෙමි.. ගත්තේ ලොරිය අඹරලාදැයි බනියාට පසෙක් ඌවේ ඇතුලට ආ පසුය.. ආයේ ගැනීම ශුවර් නැතැයි සිතිනි.. අවුලක් නැත එක කාප්පයක් තියා ගත්තේය..හෙන ගහපිය ඕන් වැස්සක් වහිනවා.. මෝඩ බාසා අඩි දෙකක් උඩට කොන්ක්‍රීට් දැම්මේ අහවල් මගුලකටදැයි කියමින් වටේ පිටේ උං නැවතත් දෙමාපියන්ට පිං දෙන්න පටන් ගත්තෝය.. බාසාගේ වරදක් නැත.. එහි අයිතිකාරයාට ඔය කලින් වැටහිය යුතුය..

වැස්ස පැවුවේය.. නැවතත් වැඩට බැස්සෙමි.. කාප්පය මම උස්සා දුන්නෙමි.. දැන් ඇත්තෙ ගානට තබා වෙල්ඩින් කිරීමටය.. වෙල්ඩින් කරන මනුස්සයා කාප්පෙට වැඳ නමස්කාර කරමින්, අපි හිනා ගස්සා එය දිගේ පාස්සන තැනට බඩගාන්නට විය.. 

අපි ඉතින් එය පාස්සන්න දී බලා සිටියෙමු.. ස්වල්ප මොහොතකින්  

බුදු අම්මෝ ගා සද්දයක් ඇසිනි..  අපි ගනන් ගත්තේ නැත..

ආයෙමත් බුදු අම්මෝ.... බුදු අම්මෝ.... ගා දෙපාරක්ම ඇසිනී.. කවුදෝ කෙනෙක් වෙල්ඩින් ප්ලාන්ට් එක ඕෆ්කරනවා දුටිමි.. හත් ඉලව්වයි අර යකාට කරන්ට් එක වැදිලා..

ඒ මනුස්සයා පෙර පිනකට බේරිණි..  වැටුනා නම් වැටෙන්නේ පහල තිබූ කම්බි 4 ක් උඩටය.. 

වැරැද්ද ඒකාගේ අතේය.. වැස්ස වේලාවන්හී වෙල්ඩින් කිරීම නුවනට හුරු නැත.. earth  වීමට බලන්නෙ ඇග හරහාය.. අනික ඒ බූරු පැටියා අතේ රෙදි අත් මේස් දෙකක් දමාගෙන ඇත.. එයද තෙතබරිතය.. දැන ගත් ආකාරයට අත ගලව ගත හැකි වී නැත.. වෙලාවට වෙල්ඩින් ප්ලාන්ට් එක ඕෆ් කල නිසා ඌ බේරිනී..

හිනා යන කෑල්ල මේකය.. (හිනා යන්නැත්නම් කරුණාකර කිතිකාව ගන්ට)

අරූ ඔක්කොම දමලා ගහලා බිමට පැමිණියේය.. අපි කටක් අරින්න පෙර. ඌ කීවේ,
              බලා පල්ලාකෝ මචං ඒකෙත් හැටි.. මොනා කලත් අම්මානේ අපිට අන්තිමට මතක් වෙන්නෙ..

ඒක නෙවේ මොන #%$@ ගේ පුතාද යකෝ මම කියන්න කලින් ප්ලාන්ට් එක ඔන් කලේ ???

..............
කෝමින් කෝම හරි වැඩ අවසන් කර ලොරිය එළියට ගත්තෙමි.. හරි මගුලකි.. ලොරිය වලක වැටී එරිනි.. හැහ්... ඒ අස්සේ ලොරියේ මා සමග පැමිණී එකාගේ කකුලේ ඇණයක් ඇනී ඇත.. කෝම කෝම හරි පැයක් පමණ දගලා ලොරිය ගත්තෙමි.. ලොරියෙම ගොස් බේත් දමාගෙන පැමිණියෙමි..
 එදානම් අම්බානෙක බනියා නැහිනි.. හෙම්බත් වී හෙම්බත් වී ගෙදරට පැමිණ ගෙට ගොඩවෙනවාත් සමගම ලිස්සා වැටිනි..

 වද දෙන කොට අහවල් උන් වද දෙන්න  මදි නොකියන්න.. දෙයියෝ suxs...!!
පා : ලී : මෙකෙන් ගන්න යමක් තියෙනවා නම් ගන්ට ඇහ් :-D

ජීවිතේම අල පාත්තියක් කරගන්න දගලන 
මම
Bunny...

.

Monday, January 3, 2011

මලින්ත පරලොව ගියොත්...?

         අපි සියල්ලෝම මැරෙන්නාහූය.. ඉපදුනොත් මරණය නියතය.. ඉස්පෙල් බයින්ඩර් කතාවේ නම් රොබෝ ලන්තයේ අය අමරණීය වෙන බෙහෙතක් සොයාගෙන තිබිනි.. ඒකත් අලය..!

බනියාට සිතෙන පරිදි මිනිහෙක්ට සිරා දඩුවකම් දිය යුතුනම්. නියම දඩුවම ඉස්පේල් බයින්ඩර් කතාවේ දුන් අමරණීය බෙහෙතයි..! ඒ මොකද යත් ජීවත් වෙන එක නම් මහ එපා කරපු වැඩකි..! ජීවත් වෙන කොට හැම මගුලම කල යුතුය.. ඉගෙන ගත යුතුය..  රස්සාවක් කල යුතුය.. විවාහ විය යුතුය.. ළමයි හැදිය යුතුය.. ළමයින් පාසල් යැවිය යුතුය.. පෝශනය කල යුතුය.. ළමයින්ගේ ළමයි නැලවිය යුතුය.... etc... මෙහෙම ගත් කල ජීවත් වීම මල මගුලකි..! මහා...... වදයකි..............     එව්වා වැඩක් නැත.. කතාව මේකය..

මලින්තේ සමග චැට් එකක යෙදී ඉන්නා අවස්තාවක පොරට මැරෙන්න අවැසියයි කීවේය... මටද ඔය සිතුවිල්ල කීප දොහක්ම පැමිණ ඇත.. මම ගනන් ගත්තේ නැත...අපි ඉපිද ඇත්තෙ මැරෙන්නටමය.. මට ඕවා හොදට හුරුය.. එම නිසා මලින්තගේ කතාවද කනකට ගත්තේ නැත.. ඒ වෙනුවට විහිලුවක් කර චැට් එක නැවැත්විය.. ඊට පසු මාගේ සිතුවිලි පරලොව කරා ඇදී යන්නට විය.. එනම් මලින්තේ පරලොව ගිහින් කරනා කටයුතු ගැනය... එය ලිස්ට් එකක් ලෙස ගත් කල මෙසේය...

පළමුව ටී එකක් බොයි.. නැත්නම් කූල් ඩ්‍රින්ක් එකක්..

ඊ ලගට "malinthe is @ now paralova" කියලා twitt එකක් දාවී...

ඊ ලගට පරලොව internet speed test එකක් කරලා, ඒ ගැන පරලොව අන්තර්ජාල සපයන ආයතනයට බැන twitt එකක් දාවී..

ඊ ලගට
   @malinthe
         is in paralova and hah! that was unexpected :S
         Sunny day in paralova. Lovely.
         ice cream!!! bahahahaha
         Raining.
         needs coffee.
         okay, I don't like these earphones much now. Something is not right. WTF :|
         Damn she's so cute
         is in paralova. Rainy.
         ahh WordPress is so lovely...
         ඕන කෙහෙල්මලක් කියා අර ලෙන්ස් එක ගන්නටත් සිතේ.
         sleepy.
         Grrrrah... paralova is hot..
         In the paralova train. No seats.
         paralova Intercity train photo shoot :P
                         
                               වැනි ටුවිට් අපට දැක ගත හැකි වේවී..
        
පසුව යම රජුගේ දෝනියැන්දාගේ පොටෝ ගැනීමට සැරසේ.. යම රජුගේත් ගනී.. යමදූතිකාවාන්ගේත් ගනී.. බනියාට හැගෙන පරිද්දෙන් ඊලග මරණය අත් වන්නෙ යම රජුගෙන්ය.. කැමරාව කුඩු විය හැක..

සියදිවි හානිකල ගත්තොත් යන්නෙ අපායටය.. එම නිසා මේ දුක් විදින්නෙ මක්කටැ.... නැද්ද ?
ඉන්න ටිකෙ ජීවත් වෙලා දිවියලෝකේ ගිහින් ඔය උඩ තියෙන ටික කරගත්තොත් හොදා...

හැබැයි අනිවා දිවියලෝකේ ගිහින් පුතේ දිවියන්ගනාවන් ගෙන් නම් උබ  DSI  වගේ ලෝගෝ එකක් මූනේ ගහ ගන්න එක නම් සිකුරුයි..!! :P :D


මෙය ලියන අවස්තාවෙත් මට මරන තර්ජනය.. :P මෙන්න සාක්ශි..


සෑයූ. : හුදෙක් මෙය මඩ තකාම පමණි.. :P

Bunny..

.

Saturday, January 1, 2011

ඌ ගියා...මූ ආවා...හා පැරා පත්තුකිරිල්ල..

හලෝව්.. ඔන්න බනියාට හිතුනා පලවෙනිදා මොනා හරි කොටලා දාන්න...
ඇත්තම කීවොත් ආසාවට.. නැතුව මේ ලියන්න කියලා කිසිම වැදගත් දෙයක් නැ..

ලියන්නත් එපැයැ මොනා හරි... ම්ම්ම්ම්..
හරි අලුත් අවුරුද්ද ලබද්දි කරපු කුපාඩි වැඩක් කියන්නම් :D

අනේ ඉතිං මහලොකු දෙයක් නෙවෙ.. දන්නවාද දන්නැ වාහන වලට එනවා රතුපාට පොඩි ගැජට් එකක්..ඕක තියෙන්නෙ වාහනේ වම් පැත්තෙ, කැබින් එක යට.. SOS කියලත් කියනවා ඒකට.. පරණම වාහන වල ඇත්තෙත් නැ.. සාමාන්‍ය 1991 පස්සෙ වගේ හදපුවාගෙ ආවා..  හමුදාවේ මාමලා නම් කියන්නෙ පැරාද කොහෙද.. මේක ඇත්තටම පාවිච්චි කරන්නෙ ජිවිත ගලවා ගන්න.. අපි හිතමු අපි කැලේක ගියා කියලා ?

ඔන්න වාහනේ කැඩෙනවා..  අපි කොහොමද දැනුම් දෙන්නෙ ?

ඕක මොකක්ද ඇස් ඇම් ඇස් එකක් ගහමු..
ඒ මොකටද ? කෝල් එකක්ම දෙමුකෝ..
අපි 1919 ට ගහමු..
මෝඩයෝ 1919  ගහලා රාජ්‍ය තොරතුරු අංශයට කතාකරන්නද කියන්නෙ ?? 
119 ට කතා කරනවා.. 
හුටා... හැබැමයි..
ඒ මාර කේස් එක.. මේ මගුලේ සල්ලි නැනෙ..
හයියෝ...කාපං මාව..
මම හරක් මස් කන්නැනෙ බං.. හිහ් හිහ් හිහ් :P
Grrrrr.....

දැන් මොකද කරන්නෙ ? මට බඩත් ගිනිය.. 
අපෝ කනබනේමයි..
ඉන්නවාකෝ..

....
ඔය මොකක්ද ? 
පැරා එකක්..
කොහෙද තිබ්බෙ මන් දැකලාම නැනෙ මෙච්චර කාලෙකට.. 
ඇයි මෝඩයෝ වාහනේ කැබින් එක ගාවනේ තියෙන්නෙ..
ආ හෙමද.. දැන් ඕකෙන් කෝමද දැනුම් දෙන්නෙ ? 

මේක පත්තු කරනවා.. අහසට අල්ලන් ඉන්නවා.. ඔය කවුරු හරි හෙලිකොප්ටරයක් දැක්කොත් බාන්නෙ නැතැ..

ඔන්න ඔහොමයි ඕකෙන් දැනුම් දෙන්නෙ... හැබැයි පොඩි කොස්සක් තියෙනවා.. අපේ රටේ හැම විටම ආරක්ශක හෙලිකොප්ටර් ගමන් කරනවද ? බනියා දන්න විදියට නම් පිටරට වලනම් දිවිගලවාගැනිමේ අංශ තියෙනවාලූ....

ඉතිං ඕක අපිට වැඩක් වෙන එකක් නැ.. වෙන්නෙ නැ කියන්නත් බැ.. බනියාට නම් ඕක වැඩක්ම නැ.. මොකද බනියා Y පරම්පරාවේ හාවෙක් නෙ :D කැලවල් වල රින්ගන්නෙ නැ වාහන වලින්..
ඉතිං මේ ලගදි බනියා රට ගිහින් එන කොට.. රට කිවේ උඩ රට.. ;-) මගදි දැක්කා වාහන කෑලි විකුනන කඩයක්.. ඔය ලොකු ලොකු වාහන එහෙම දැක්කාම උණ ගතියක් පෙන්නුම් කරනවා කියලා ඔයාලා දන්නවා ඇතිනෙ.. :D ඉතිං ගියේ JCB එකක් දෙකක් අතගාලා බලලා එන්න :D බලනවා කිවාට තාත්තා එවලෙ කිවේ අරන් දෙන්නම් අඩන්නැතිව වරෙන් කියලා.. ඒත් තාම සෙල්ලම් JCB යක් වත් ලැබුනෙ නැ :-(

ඉතින් මෙතන තියෙන කැලි දැක්කාම එන්න හිතෙන්නෙ නැ.. තාත්තා අදිනවා යමං යමං කියලා.. කොහෙද..බනියා හෙලවෙන්නෙ නැ.. අන්තිමට මොනා හරි ගනින් කියලා තාත්තා රු 200 දුන්නා.. රු 200 ට මොනා ගන්නද ?

  මරු.. මෙන්න තියෙනවා දිලිසි දිලිසි බෝඩ් ලැල්ලක්.. 1කක් 100 යි.. කියලා.. බලන කොට අර කීව ජාතියේ පැරා පෙට්ටියක්ම.. මරු අප්පා.. දැක්කාම පෙට්ටියම උස්සන් එන්න හිතයි... ඉතිං බනියා ගත්තා එයින් ලස්සනම කවරේ තියෙන දෙකක්ම.. මෙව්වා මේ අලුත් එවා නෙවෙ.. උන් ගේන වාහන මූනු වල අර කැබින් එක යට තිබිච්චා ගලවලා වෙනම විකුණනවා.. හිහ් හිහ් ලංකාවනේ ;-) ඉතින් බනියා අරන් ගිහින් දුන්නා එකේ ඉන්න මාමා කෙන්ක්ට.. හුටා... බෝඩ් එකේ 100 ගහලා තියෙන්නෙ.. ඒ වෙන මොකක්ද එකක්ලු.. මේවා 150 ලු.. ශැක්.. රු 100 ක් එපැයි තව.. තාත්තා පේන තෙක්මානෙක නැ.. හොයාගන්නෙ කහොමද.. අරක නිකන්  ජපානේ පංචිකාවත්ත වගේ... මොනා කරන්නද.. දුක සිතින් එකක් පෙට්ටියට දාලා අනික් එක අරන් ආවා..

මීව් මීව් මීව්...

ඔන්න අලුත් අවුරුද්ද කිට්ටුයි... රතිඤඤා ගන්න යන්න උනෙත් නැ.. :-/ කොරන්න දේකුත් නැ... ඔන්න බනියාට ටිකිරි මොලේ පහල උනා.. ගත්තා අර ගෙනාව පැරා එක.. පත්තු කරම්දෝ නොකරම්දෝ.. පත්තු කරන්න ලෝබයි වගේ.. අලුත්ම එකක්නෙ ... හිහ් හිහ් හිහ්..

ඔන්න ආයෙ කල්පනා වෙච්චි කැබ් එකෙත් එකක් තිබ්බා නේද කියලා :D
මරු මෙන්න තියෙනවා.. හැබැයි පොඩි කොස්සක්.. ඒකේ ගනිපෙට්ටිය වගෙ කැල්ලක් එන්න ඔනේ.. කැබ් එකෙ එකේ ඒක නැ.. අපරාදේ,.. දැන් මොනා කරන්නද.. ඕනෙ එකක් කියලා ගත්තා බනියා ගිනිපෙට්ටියක්.. පත්තු කලා.. අල්ලන් උන්නා.. අපොයි පත්තු වෙන්නෙම නැ.. මල්ලි කැ ගහනවා ඔන්න පත්තු උනා දිඩින්.. එහෙන් තාත්තා කකුලකට ඉරට්ටකින් අනිනවා.. මම උඩ ගිහින් බිම වැටුනා..

හුරේ... මෙන්න පත්තු උනෝ....

ලස්සනේ බැ... රතුපාට එලියක් වදිනවා අහසට.. හරි ලස්සනයි.. ගමේ මිනිස්සු කලබල වෙලා ඇවිල්ලා බලනවා මේ මොනවිජ්ජුම්බරයක්ද කියලා... ඉතිං ප්‍රශ්න වැලයි.. බනියාට එපා වෙන්නම ප්‍රශ්න අහනවා.. තව පත්තු වෙන්නත් තියෙනවා.. ඊලග අවුරුද්දට කියලා බිමට තියලා නිමලා දැම්මා.. මිනිස්සුත් ගියා.. දැන් තාත්තාගෙන් ප්‍රශ්න.. කොහෙන්ද ගත්තෙ ? කාගෙන් අහලද ගත්තෙ.. අනම් මනම්.. පත්තු කරන කොට ඕවා කීවේ නැනෙ තාත්තෙ.. හිහ් හිහ්..

පසුව අසාදැනගන්නා පරිදි ඒව්වාගෙ තියෙන්නෙ මැග්නීසියම්ලූ.. ඉතින් ඉක්කෝලෙදිත් බනියා මැග්නිසියම් පත්තු කලා මතකයි.. ඉතින් ඔයාලා මේ මෝඩ වැඩෙ බලලා වාහන වල තියෙන පැරා එක ගලවන්න යනවා එහෙම නෙවේ ඕං... කාට හරි මෙයින් එකක් ඔනේ නම් 150 සමග බනියා අමතන්න ;-) මම රට ගිහින් එන කොට ගෙනැල්ලා දෙන්නම් හොද එකක්... හිහ් හිහ් හිහ්

කොහොම කොහොම හරි බනියා පලවෙනිදාට පෝස්ට‍ කැල්ලක් ලිය ගත්තා ඕං.. :D වැඩක් උනාද මන්දා.. කමක් නැ.. මට ඔනේ උනේ හැමෝටම සුභ පතන්න....


  එහෙනම් මේ ලැබුවාවූ නව වසර සෑම බ්ලොග් කරුවෙක්ටමයි එයාලාගෙ පවුලේ උදවියටයි අනික් බලන්නන්ටයි හැමෝටම සුභම සුභ නව වසරක් වේවා....

BugsBunny

.

Thursday, December 30, 2010

ඇය..

   අප සැම සිත් සතන් සතුටු කරමිං SBU get together අවසං කෙරී සියල්ලෝම ගෙවල් බලා පිටත් විය.. මාත් මාගේ මිතුරු කැල සමගින් කොච්චියට නැග ගත්තේ ගෙවල් බලා පැමිනීම සඳහාය.. වාසනාවකට අප සියල්ලන්ටම වාඩිවී යැමට ඉඩ තිබිනි.. මාත් කල්ප අයියා හා ඩැනියාත් වාඩි උවේ එකලඟය...

අරුමයකි.. අප වාඩී ඌ සිටි තැනට අල්ලපු පේලියේ උන්නෙ, අම්මා කෙනෙක් හා ඇගේ ළමයිං යැයි සිතිය හැකි කෙල්ලන් දෙදෙනෙක් හා කුඩා කොලුපැටියෙකි.. තුන්දෙනාම දඟමල්ලන් යැයි බනියාට සිතිනි.. ලොකු දැරිවී අවුරුදු 18 ක් යැයි සිතිය හැක..
බනියා අසා ඇතිපරිදි තම නෝනා සමග වාහනේක ගියත් කහඉර මාරු වෙන කෙල්ලන් දිහා එම පුරුශයා බලන එක නැවැත්විය නොහැක්කක් බවය.. සුංඳර දසුං දකින කල්හී අහක බලාගන්නෙ කිනම් තුංහිතකින් දැයි බනියාට කල්පනා විය. එබැවින් එම දැරිවී දෙස බනියා බැලැවෙමි.. බැලුවෙමි නොව බැලින..
ලස්සනය.. සුදුය.. සැලලිහිනියේ හිදි තොටගමුවේ රාහුල හිමියන් 13 වැනි කවියෙන් කියන්නා පරිද්දෙන්  "සිසි වන වුවන ඉඟ සුඟ ගතහැකි මිටින". ය
(නමුත් බනියා නම් මිටින් තියා අත් දෙකෙන්  වත් අල්ලා වඩා ගත්තොත් පුදුමයකි..)

මෙදෙස බලා සිට බනියාට එම වැඩිමහල් කෙල්ල විසින් රෝන්ග් හිනාවක් දැමිනි..එය බනියාට ඇල්ලුවේ නැත.. මායම් වලට අසුවීමට බනියාට හිතක් නැත.. මම නැවතත් කවුලුව දෙස හැරනි..

මුං තිදෙනාට පුදුම දාංඟලයකි.. කොච්චිය පෙරලෙතැයි බනියාට සිතිනි.. එකෙක් සෙරෙප්පුවෙන් අදියි.. අනිකා ෆොන් එකෙන් අදියි.. නමුත් මුංගේ අම්මා නම් ගානක් වත් නැති සේයකි.. ඇය පොතක් බලමින් ගියෙමී.. ඇයට මුංගේ දාංගලය පුරුදු සේයකි..

ඕනැම කොල්ලෙක්ගේ රේඩාර් පද්දතියේ දෝශයක් නැත්නම් ඒ කෙල්ල දිහා බැලෙන එක නැවැත්විය නොහැක.. එතරම් ඇය ලස්සනය.. ලස්සන යනු පිට ඔපයකි.. ලේ පිරිසිදු ඇත්තන්ගේ මූන සුදුය.. එනම් ඇය ආඩම්බර නැතැයි බනියාට සිතිනි.. මූනේ රැදිච්චි සිහිං සිනාව සැමටම සම සමව බෙදිනි.... කොලු සිත් වසගයට පත්කිරිමට ඇය සමත්ය...

බනියාද සුසුම් හෙලමිං ගමනාන්තයට පැමිනියෙමි..

හුටාය.. කොච්චි පිවිසුම් පත්‍රය නොහොත් ටිකට් එක නැති වී ඇත.. කල්ප අයියා, වත් අක්කා, ඇගේ නංගි හා ගයාන්ට ටිකට් තිබිනි.. ටිකට් බෙදා දුන් බනියාට ටිකට් එකක් නැති විය.. ඕනැම ගැටලුවකට විසදුමක් ඇති පරිද්දෙන් ශෝර්ට් කට් එකකිං පැනීමට ගයාන් විසිං යෝජනා කෙරිනි.. ශෝර්ට් කට් එකක් උවත් එය ටිකක් දුරය..

කෙලෙසක හෝ අපි නැවතත් බස්ටැන්ඩ් එක කරා පැමිනියෙමි.. අහඹුවකි.. "ඇය" මාගේ මූන ඉදිරියේය.. sbu gtg හී දි ගත් පොටෝස් FB දැමීමේ බලවත් ආශාවක් තිබූ නිසා ඇය සමග සිනාසීමට නොහැකි විය.. ඒ ඇයගේ මව්තුමී සිටි නිසාය.. මව් තුමී අතේ කුඩයක් තියෙන ආකාරය බනියා දුටුවෙමි..

ඉක්බිති අපි නිවෙස් කරා පිටත් වී ගියෙමී..

කාලය මෙලෙස ගෙවී ගියෙමි..

    ඊයේ හැංදැවේ  බනියා උඩුමහලට වී පාර දිහා බලාසිටියෙමි.. දැකපුරුදු රුවක් පාරේ ගමන් කරනවා දුටුවෙමී..
කිරිඅප්පට බව්වෝ පැනිපී කිවාලු..

කොච්චි කෙල්ල... ඇය ඇගේ අම්මා සමඟ පාරදිගේ පැමිණ අප නිවසට ඇතුල් විය..
ඇය මාදෙස බලා ඇගේ ගමන් දිශාවට හැරී බලා නැවතත් මදෙස බලා හිනාවිය.. බනියාට හීන් දාඩිය දැමිය.. මේ මොන විනාසයක්ද වෙන්න යන්නෙ.. ? මෙන්න අපේ අම්මයි ඇගේ අම්මයි සතුටු සාමිච්චියේ ? ඇයත් එබස් අසමින් ඉන්නා ආකාරය බනියා දුටුවෙමි.. කොච්චියේදි පැනිහැලීම සම්බන්දයෙන් කම්ප්ලේන් කලාදැයි බනියාට සැකසිතිනි.. එබැවින් කතාවට ඇහුම් කන් දීමට බනියාට සිතිනි.. හිහ් හිහ් හිහ්.. එවන් මගුලක් නොවේය.. අම්මාගෙන් මැහුම් පොතක් ඉල්ලා ගැනීමට පැමිනි ගමනකි..

බනියාට ඉස්පාසුවක් නැත.. කොච්චියෙදි හමූ ඌ බව පැවසීමට බනියාට සිතිනි.. 
චටාස්... 

මොකෝ ඕයි පස්ස පැත්තට එලිය වැටෙන කම් නිදාගන්නෙ ?
නැගිටිනවා.. ඕයි... අයියේ නැගිටිනවා..

 පලයංකෝ මොන මගුලක්ද මේ ? මෙච්චර ලස්සන හීනයක් කැවේ මොන හිතකිංද ? අනේ අම්මපා මෙහෙම මල්ලිලා නම් ඔනේ නැ...

සත්‍ය හා හීනයක අතරමං ඌ මම
Bugs Bunny~

.

Friday, December 24, 2010

උණ වර්ග.

    කලින් ලිපියේ සඳහන් කල, දෙවැනි පොලිස් කතා ඊලග ලිපියට ඇදදැමිනි.. හේතුව මේය මට මේ අවස්ථාවේ මතක් ඌවක් නිසාය.. නැතිනම් අමතක විය හැක..

උණ වර්ග කීපයක් ඇත.. මට සෑදී ඇති උණ වර්ග කිපයක් මෙසේ සටහන් කරමි...!

වයස අවුරුදු 10 දී පමන මට මෝටර් උණක් හැදිනි.. එනම් මෝටරයක් අරන් දෙන තුරු උණ ගෙන සිටීමයි.. එලෙස ගත් කල මම "ඒබ්‍රහම් කෝවුර්" මෙන් දක්ශය, කොවුර් මහතා කගෙදෝ ගැජමැටික් එකක් නිශ්ප්‍රභ කිරීම සදහා විනාඩී කීපයකට නාඩී වැටීම නවතා ඇත.. (උණ සැදුනේ කෙලසදැයි මම නොදනිමි)
 
    එකල්හී බනියාට දෙයක් ඔනැයැයි කී කල ඔනැමමය.. ඒ බනියාගේ හැටිය.. තාත්තාටද කරගත දෙයක් නොමැත.. බාප්පා ගෙදර පැමිණ තිබිනි.. "මල්ලි මෙන්න මූට මෝටරයක් අරන් දෙන්න කොහේ හරි ලෝකෙකින්" යැයි අපේ තාත්තා කියන්නාක් මෙන් මට මතකයක් ඇත..
මමද බාප්පාද වාහනේ නැග රට පුරා මෝටරයක් සොයා කරක් ගැහුවෙමි... එදා පෝය දවසකි.. කඩවල්ද වසා ඇත... බනියාගෙ ඉල්ලිමද ඉටුකර දියයුතුයැයි දැඩි අදිටනිකින් බාප්පා සිටියැයි සිතිය හැක.. ටවුමට කිට්ටුවෙන කල්හී කඩ කීපයක් ඇරතිබිනි.. ඒම කඩේ තිබුනේ වෙසක් කාලයට බුදුරැස්වලලු හදන්න ගන්නා වර්ගයේ කුඩා මෝටර්ය.. බනියාට මෙන්ම බාප්පාටද ඒ මෝටර් සැටිස් නැත.. සිංහලෙන්ම කීවොත් ඒවා මෙලෝ රහක් නැත.. වේගය පමණි කාර්යක්ශමතාවද මොක්දෝ මගුල ගන්න දෙයක් නැතැයි බාප්පා කඩේ මුදලාලිට විද්‍යාව පාඩමක් උගන්වනවා බනියාට යන්තමට මතකය..
 බනියාට ඕවා තෙරෙන්නෙ නැත.. ඌ පොඩි එකාය..
       ඔය මගුල් ගැන විස්තර දැනගන්න ඔනීනම් කනියා අමතන්න.. ඌද මොකක්දෝ ඇටමගුලක් අටවාගෙන ඕවාගේ RPM අගය CC හා මවුන්ට් කතා හා වෙනත් ජිල්බිරිස් ගැන කතා කරනවා මීට සති කීපයකට කලින් බනියා දුටුවෙමි.. එය දුට බනියාට තවත් උණක් සැදිනි එනම් Hovercraft උණකි.. එයටද බනියාට එන්ජිමක් ලැබිනි.. නමුත් එය වැඩකරන්නෙ නැත.. බනියා එන්ජින් ගැන හරිහැටි දන්නෙ නැත.. එය ගැලෙව්වොත් කැලී වැඩීවිය හැක.. SBU හමුවේදී කනියා මාව මුණ ගැසීමට පැමිනියේ කෝ බොල අර එන්ජිමයැයි කියාගෙනය.. මම උඩ ගියෙමි..  පසුව මතක් උන ආකාරයට කනියායි මමයි කතාකරගෙන සිටියේ SBU හමුවේදි ඒ එන්ජිම මස් කිරිමටය.. කාගේද පිනකට මට එය අමතක විය..

 බාප්පෙ මෝටරයක් යැයි බනියාට නැවතත් කියවිය..
             බනියාගේ නැත්නම් බාප්පාගේ පෙර පිනකට හෝ සෙඩ් එකේ අයිතිකාරයාගේ කරුමයකට TV හදන කඩයක් දුටිමි.. TV කීවාට එහි කැසට් හා තවත් දැ හදන බව පුවරුවක සඳහන් කර තිබිනි.. එහි අයිතිකරුට බාප්පා මාට වැලදී ඇති උණ ගැන පැවසුවෙමි.. එවිට තඩි කාඩ්බෝඩ් පෙට්ටියක් අවුස්සා මෝටර් කීපයක් එලියට ඇදගත්තෙමී.. කැමති එකක් තෝර ගන්නයැයි කඩ හිමියා පැවසුවෙමි.. බනියාට ඉවසිල්ලක් නැති විය සියල්ලම බදාගන්න සිතුනත් එකක් තෝරගන්නයැයි බාප්පාගෙන් නියෝගයක් ද ලැබිනි..!!
මෝටර තෝරාගැනිමට එතරම් දැනීමක් බනියාට නැත.. 10- 20 ගනන් කරත් තෙරෙන්නෙ පොඩී මෝටරයකි.. නැවතත් එහි තැන මාරු කර ගනන් කෙරිනි.. ඔන්න දැන් 100 එන්නෙ ලොකු මෝටරයටය.. පැනපු ගමන් එය තෝරාගතිමි..  හොදම දේ තේරීමට 10- 20 හොද ක්‍රමයකි බනියා විභාග වලදීද එය කල වාර එමට ඇත.. බොලාලා ඒවා කර මට බනිනවා හේම නෝවේ..!!!

බාප්පා විසින් කඩ හිමියාට රු100 දෙනවා බනියාට මතකය.. නැවතත් කඩහිමියා දෙස හැරී බනියා ඇසුවේ මෙම මෝටර් වැඩක් නැති ඒවාදැයි ලෙසය... කඩ හිමියා පැවසුවේ පාවිච්චියට ගතහැකි හා වැඩක් නැති ඒවාද ඇතිබවයය.. එලෙස බැලූ කල මෙකා කරන්නෙ කැසට් හදනවාට වඩා කැඩීමක් බව බනියාගෙ සූටි මොලයට කල්පනා විය..

මෝටරය ගෙන ගෙදර පැමිනියේ පුදුම සතුටකිනි.. හවස් වෙද්දීම උණ ගතියද පහලව ගොස් ඇත.. දොස්තර මාමාට රු300 - 400 දෙනවාට වඩා තාත්තා රු 100කින් බේරිනි.. පසුව එම මෝටරය වැඩ කීපයකටම යොදාගතිනි.. බනියා හා පොඩී මාමා එක්ක එකතු වී දොඹකරයක් සෑදුවෙමි.. එය නැවත ගලවා ඉස්කෝලෙ ගොස් එකලස් කර අත් වැඩ සදහා ලකුණු 100 ක්ද.. පංතියේ මැකෑනික් සම්මානයද ලබාගතිමි..! එදා තාත්තා සතුටුවෙන්න ඇතැයි බනියාට දැන් මතක් විය...
    මෙය කියවන ඔබ වැඩිහිටියෙක් නම් ඔබට අපේ බාප්පා ගේ චරිතය හෝ තාත්තාගෙ චරිතයෙන් ඔවදනක් ගත හැක.. ළමයින්ට අවශ්‍ය දේවල් ලබාදෙන්න.. ඒවාගෙන් පාඩුවක් වෙන එකක් නැතැයි බනියාටද සිතිනි.. (වැඩිහිටියා යනු පොඩිහිටියන්ට උපදෙස්දෙන්නාටය)

 අලියන්ටයි ළමයින්ටයි තියෙන්නෙ එකම දාංගලයක්ලූ.. අපේ අම්මා කියන විදියට මම තවම ළමයෙකි.. විසේය.. දගඟය.. දඟ වැඩ කරන්නෙ ලොකු ලොකු දේවල් වලින්ය..ඒවා උණ ලෙස සඳහන් කල හැක..

බනියාට තව උණක් තිබිනි එනම් වාහනය..
11 වසර සිංහල පොතේ සියදෝරිස්ටද බයිසිකල් උණක් තිබිනි.. එලෙසම මටද සැදුනේ කාර් උණකි...  ඇලියොන් හෝ කොරොල්ලා වර්ගයේ කාර් එකක් දුටු විට අතගාබැලීමට තරම් ඒ උණ දරුණුය.. තවද ප්‍රයිම්මූවර් වැනී තඩී වාහන දුටු විට කලන්ත ස්වභාවයක් හා ඉන්න තැන අමතක වීම වැනී රෝග ලක්ශනද ඇත...
            කලක සිට හයිස්පීඩ් යැමේ යම් උණක් ඇත.. (අසහණයක් ලෙසත් සැලකිය හැක) පොලීසියේ සිට අපේ තාත්තා කීවාත් අහන්නෙ නැති මේ උණ කෙලවර වන්නෙ අතක් හෝ පයක් නැතිනම් ජීවිතයම කඩා ගැනිමෙකින් යැයි බනියාට තේරී ඇත... නමුදු මේ උණ හොදවන්නේම නැත..
     මරණය බනියාට මෙන්ම ඔබටද පොදුය.. මැරෙන දවස මාරයා විසින් ඉන්ඩීකෙට් කල දවසට යා යුතුමය.. පස්ස ගසා පලක් නැත.. බනියාගෙ තියරිය නම් හෙට මලත් අද සතුටින් යන්නයි... කවදා හරි දිනක බනියා මැරිලා හෝ අන්න ඌ ඉස්පිරිතාලේ යැයි කවුරුන් හෝ ඉස්ටෙට් එකක් දමා තිබුනොත් හොල්මනක් වී ඇවිත් මැසිමේ අන්තර්ජාල සේවාවට යම් යම් බාදා ඇතිකරමි..!!  සනීප උවහොත් හොද බැනුමක් ඇසීමට සූදානම්ව සිටිනු..!!

අම්මා මම ළමයෙක්යැයි සැලකුවාද මම ඉලන්දාරියෙක්කැයි කිව හැක.. ඉලන්දාරින්ට සැදෙන උණවල් හුගක් ඇත.. ඒවා මේ බ්ලොග් අවකාශය පීරිමෙන් තොග වශයෙන් හොයා ගත හැක...

තව උණ වර්ග ඔනැ තරම් ඇත.. ඒවා ලීවොතින් ඔබට කරණ පාඩුවකි.. එනම් මෙම පිස්සු කතා අසා කා ගන්නා කාලයය.. කාලය රන් වලට වඩා මිල යැයි කියන්නෙ බොරුවක්ය ඔරලෝසුවක් හා බැටරියක් වැඩි ගානක් වන්නෙ නැත.. නමුත් කාලය නැවත ගත නොහැක.. කාලයට රිවස් ගියර් එකක් නැත.. කාලයට රිවස් ගියර් එකක් තිබ්බා නම්...... කියා හූල්ලපු අවස්තා බනියාට එමට ඇත....

අදට මේ ඇත.. මෙම කතාව හුදෙක් ඔබට අවවාද කීපයක් ගැනීමට හා මාගෙ last will එක නොහොත් අන්තිම කැමති පත්‍රයේ කොටසක් විය හැක...
 ඔබට සෑදී ඇති උණ වර්ග එක එක කමෙන්ටු වල කිව හැක..

පාලී: කමෙන්ට්ටු දැමීමේදි පට්ට, එළ මචං, මැක්සා බං අනම් මනම් තනිවචන දැම්මෙ නැතිවාට තරහා නැත.. අද සිට කමෙන්ට් කරන විට බනියාද කම්මැලි කම නැතිව බනින්න හරි දිගට කමෙන්ට්ටු ටයිප් කරමි.. ඔබද එලෙස කරන්න...

කියන්න අමතක උනානෙ... ඔබ සැමට සුභම සුභ නත්තලක් වේවා.. ඒ වගේම සුභ නව වසරකට ආසිරි වේවා.. !!

.                                                                               Bugs Bunny

Wednesday, December 15, 2010

පොලිස් කතා..

    න්නා මැල්වෙයාර්, අර වෙයාර්, මගේ වෙයාර්.. ඔක්කොම කරදර වලින් ගැලවිලා අයේ නැවුම් සිතින් සාදු කාරයක් දෙන්න පිංවතුනී...

මේ මොන මගුලක්දැ ? :S මූට විකාරද මංදා....

මේ පේනවද බනියා ඇවිල්ලා... මේ මේ ? මේ ඉන්නෙ.. අන්න ඌ තමා..

මාත්තුරුකාව දැක්ක ගමන් පේනවානේ බකට් එකක් කියලා ? ඔව්වොව් බකට් එකක් තමා..
එකක් නම් මදැ. 2-3 ක්ම... මෙන්න මේකයි සිද්දිය හරියේ..

කතා අංක 1 ක..

           බනියාලාගේ තාත්තායි බනියයි දවසක් වැඩක් කර කර ඉන්න ගමන් කෝල් එකක් ආවා...ම්ම්ම් ආවේ එසේමෙසේ කෙනෙක් ගෙන් නෙවේ... කවුද දන්නවද ? පොලිසියේ OIC මහත්තයාගෙන්... (හෝව් හෝව් දුවන්න එපා... අල්ලන්න ආවේ නැ ඔයාව :P)


තාත්තා : හෙලෝව්....


OIC: #$^%$#$@%$^&*^%%&#


තාත්තා : ආ හරි හරි


OIC: %$#%*&&@%$*%@*@


තාත්තා : හරි හරි මම එවන්නම්.. 

මේ මොන මගුලක්දැ.. මට ඇහෙන්නෙ නැ කවුද කතාකරන්නෙ කියලා....

දන්නවානේ වැඩිහිටියන්ගේ කතා පොඩිහිටියෝ අහන් ඉන්නේ නැහැ නෙවැ.. (අනේ මුගේ පොඩි)

ඉතිං බනියාට මාර කුතුහලේ.. අහම්දෝ නොහාම්දෝ..

"ඉබ්බා ගඟට දාද්දි, අනේ දාපං කොල්ලො කීවාලු"..

තාත්තා කියාපි පොලීසියට ගිහින් වරෙන් කියලා.. හුටා..මේ මොන වෙඩිං එක්ද කඩා පාත් උනේ .. මම උඩ ගියා..
ඔයාලා දන්නවානේ මේ බනියා අංතෙටත් තච චුට්ටක් එහා අහිංසකයා (මම කියන්නැ)

බනී: ඒ මොකද තාත්තෙ ඒ ?

තාත්තා: අන්න පොලිස් මාමා කෙනෙක් මැරිලාලු..

බනී: නියමයිනේ :D

තාත්තා: අනේ කට වහාගනින්

බනී: කට වහගෙන කොහොමද කතාකරන්නෙ ?

තාත්තා: උබට පංඩිත කම් ඔනේ නැ.. අන්න OIC මහත්තයයි තව පොලිසියේ 2-3
දෙනෙකුයි ඒ මල ගෙදර එක්ක යන්න වාහනේ එවන්න පුලුවන්ද ඇහුවා.. මම හා කිවා

බනී: (කවදා කාපු ඇස්බැස්ටෝස් ශීට්ද) දැන් මමද යන්න ඔනේ ?

තාත්තා: එහෙනම් උබ මේ වැඩේ කරපං මම යන්නම්

බනී: හෝව් හෝව් හෝව්... එපා තාත්තේ දුර ගමනක්නේ, මම යන්නම් ;-)

තාත්තා: එහෙනම් ගිහින් වරෙන්.. පොලීසියට ගිහිල්ල අහන්න OIC මහත්තයා කොහෙද කියලා..

බනී: අනේ තාත්තෙ මම ඔය මගුල ඇතුලට වැස්සකටවත් ගිහිල්ලා නැනෙ...

තාත්තා: ඉතිං අද යනවාකෝ..

බනී: අර මෑන්ස්ට.. නෑ නෑ මේ OIC මහත්තයාට  එන්න බැරි වේද එළියට..

තාත්තා: ආ එහෙනම් මම කියන්නම් එළියට එන්න කියලා..

බනී: හරි හරි මම යන්නම්...

ඔන්න බනියා නමෝ විත්තියෙන් ගියා පොලීසියේ ගෙට්ටුව ගාවටම.. කොල්ලා නිකන් පොර වගේ නැවැත්තුවා ගෙට්ටුව ඉස්සරහාම.. (වෙනදා ඔතන අහලකිංවත් වාහනේ තියන්නැ :D )
ඔන්න එනවා බනියා විතර වගේ 3 යි කාලක් විතර ඇති මනුස්සයෙක්...

ම්ම්ම්ම් මේ බනියාද ?

බනියා: ඔව් ඔව් මම තමා බනියා..

ආ මම තමා OIC

බනියා.. ආ මාමේ මට මේ තාත්තා එන්න කිවා කොහෙද යන්න ඔනේ කියලා..         (මාමා හිහ්හ් හිහ්හ් ;-)

OIC : ඔව් ඔව් පුතේ මේ මලගෙදරකට යන්න ඕනේ බද්දෙගමට එහා..

බනියා: හුටා.. හේමද.. මම පාරවල් දන්නැනෙ ?

OIC : අවුලක් නැ පුතේ මම කියන්නම්..

බනියා: එළකිරි.. හෙනම් යං..

ඔං ඉතිං OIC මහත්තයි පොලිසියෙ දෙවනි මහත්තයයි.. ඒ මහත්තයාලාගේ සේනාවයි. සේනාව කීවෙ ඔක්කොම 4 දෙනයි ගියේ... හිහ්හිහ්හ්හිහ් :D

ඔන්න දැන් අර පාරෙන් මේ පාරෙන් අර වංගුවෙන් මේ වංගුවෙන් හැරි හැරි යනවා...

ඉතිං බනියා නෝර්මල් එකෙ 40 ට වගේ තමා පාගලා ගියේ.. කියන්න බැනේ.. නීතිගරුක මහත්තයෙක් ඉස්සරහා තියාගෙන 40 ට යන පාරේ 60 ට පාගලා නිකං අනම් මනම් අහගන්නෙ මොකටද නේ ?

අනේ මංදා OIC මහත්තයා ගේ මූණ බෙරි වෙලා.. ඉවසලා ඉවසලා බැරිම තැනද කොහෙද කියාපී සාජන් මේ පුතා එක්ක කොළඹ ගියොත් නම් දවස් 2 ක් වත් යාවී නේද ?..
(හුටා.. මේ මොන විලිලැජ්ජාවක්ද උනේ... 80-100 ට පාගන කොල්ලාට ඔහෙම කතා කියන එක වැරදියිනේවැ.)

OIC: හැබැටම පුතේ මීට වඩා වේගෙන් යන්නම බැරිදැ ?

ඊට පස්සෙ උණ දේ කියන්න ඔනේ නැනේ ?

සම්පූර්ණ ගමණට ගියේ පැය 1.30 යි... අපි ආයේ ගාල්ලෙ..

පිටි පස්සෙ ආපු සාජන් මහත්තයා නම් පොලිසිය ගාවට ගෙනැල්ලා බැස්සුවාම කීවේ..
පුතේ පරිස්සමින් යන්න හොදේ... :P

පා:ලී   හැබැටම අපි දවසක් යන්න ගන්න දුර ගමනකට OIC මහත්තයෙක්ව දාගෙන ගියොත් වරුවෙන් යන්න පුලුවන්නෙ ? ඉතිං වදේ ලංකාවේ පාරවල් දියුනු කරන්නෙ මක්කටැ ? හැම වාහනේකටම OIC මහත්තයෙක් ගානේ පත්කරානම් ඉවරනේ :P

නැ.පා.ලී: මේ ගිය ගමනේදි බනියයි OIC මහත්තයායි එක්ක වගුරු බිම් ගොඩකරගැනීම පිලිබදව පොඩි උණසුම් වලියක් යන්න ගියා.. ඒකයි... ඊලග පොලිස් කතා 2 කුයි එක්ක බනියා ආයේ එනවා හොදේ... දන්නවානේ මම පොරොන්දුවක් දුන්නොත් දුන්නා තමා :D :D (අනේ පල බොරු නොකිය, කලිනුත් ඔහොම තමා කිවේ..)


                                                    හැමදාම බකට් පෙරලගන්න 
මම 
         Bugs Bunny


.