Wednesday, January 9, 2013

ඉංගිරීසි

කාලෙකින් ආවා කියන්නෙ මට මගෙ බ්ලොග් එකෙ URL එක හොයා ගන්නත් මාර ගේමක් දෙන්න උනේ..
වනේ වන හතුරෙක්ටවත් වෙන්න නරක වැඩක් ඒක!! :D

බොරු ආටෝප මොකටද ආයුබොවන්ඩ
කතාව මේකයි..
ඕං මං තුමා ඉක්කොලෙ ගියාලුනෙ ඉස්සර.. ඉතිං අපි නිල් කලිසම් ගහන කාලෙ.. ඕං දවසක් අපේ පංතියට එන්න උන්න මිස් හෝ සර් ආවෙ නෑ.. ඉතිං ඒ වෙනුවට වෙන සර් කෙනෙක් ආවෙ.. ඒ සර් කරන්නෙ ඉංග්‍රීසි.. ඉතිං ඕං සර් ඇවිල්ලා මොන මොනාදෝ වගයක් කියනවා කියනවා.. අපිත් අහන් ඉන්නවා.. සර් අපෙ මුන බැලුවාම අපි හිනා වෙනවා.. ඔලුව වනනවා.. එක විකාරයයි!

ඉතිං ඕං සර් එක පාරටම වන්ස් අපෝන ටයිම් කියලා කතාවක් පටන් ගත්තා.. දැං තිං කියනවා කියනවා කියනවා.. හම්මෙ ඉංගිරීසි වැක්කෙරෙනවා.. අපිත් විරිත්තනවා හිනා වෙනවා.. හයියූ බලන්ඩ ඔනි ලග උන්නා නම්.. ඉතිං කතාව කියලා ඉවර උනා විතරයි අපෙ පංතියෙ උන්න ටිකක් බ්‍රයිට් බුවෙක් හක හක ගාලා හිනා වෙනවා..
අපිත් අංදුං කුංදුන් මේ යස අගේට උන්න එකාට මොන යකා ගැහුවද ?
මං කනට කරලා.. යකෝ තෝ මොකද මූසලයො මර ලතෝනි තියං හිනා වෙන්නෙ ඇ?
එතැකොට බුවා කියපි!
ඇයි බං, සර් කීවේ ජෝක් කතාවක්නෙ?






ගිහින් එන්නම් :D

Friday, December 14, 2012

rsinglish හී සයුර මත "අනුස්වාරය" හි දෝශය.

 බොහෝ දෙනෙක් දන්නා කියල පිස්සු මදුරයාගේ, RSinglish මෘදුකාංගය ගොඩක් අය භාවිතා කරනවා ඇති. ඔකෙ මුල් කාලෙ තිබ්බෙ මදුර කියන එකනෙ! නමුත් අපෙ ගයාන් මලයා හා මං තුමා ඇතුලුව මදුරයාට මරණ තර්ජන කලාට පස්සෙ ඕකටම තව Sayura එකකුත් ඇඩ් කර ගත්තා! සයුර කියන්නෙ ලිනක්ස් මත අනුරාධ අයියා හදපු ස්කීම් එකක් නේ! එත් ජනෙල් භාවිතා කරද්දි ලිනක්ස් උඩ පුරුදු වෙච්ච සයුර නැති උනාම වැඩියෙන් හොල්ලන අත නැති උනා වගේ තමා ;)
ඉතින් එකට විසදුම විදියට තමා RSinglish එක ඇතුලට සයුර ඔබව්වෙ!

ඉතින් කතාව මේකයි! සයුර හදලා දැම්මට පොඩි අවුලක් තිබ්බා "අනුස්වාරය" ටයිප් කරද්දි.. දැන් ගොඩක් අය බලයි මොකක්ද මේ අපි නොදන්න කුනුහරුපෙ කියලා!
අනුස්වාරය කියන්නෙ කවුරුත් සිංහලෙන් කියන බිංදුව :P (ං)

ඉතින් linux මත සයුරෙ අනුස්වාරය තිබ්බෙ "x" එකේ..
නමුත් ඔය මදුර හදපු එකෙ කොහේ තියෙනවද කියලවත් හොයාගන්ඩත් නැ..  ඉතින් ඕක හදපන් කිවාට මූ හදන්නෙත් නැ! මදුරයා තරම් කම්මැලි යකෙක් මං දැකලම නැ! එහෙව් එකේ මූ මෙහෙම මගුල් හදනවා කිවාමත් පුදුමයි :O
(ගයාන් මලයා නම් කිවෙ nG ටයිප් කලාම අනුස්වාරය එනවා කියලා. එත් ලිනක්ස් උඩ පුරුදු වෙච්ච කෙනෙක්ට ඕක මරනවා වගේ වැඩක්)

ඉතින් කරන්න තියෙන්නෙ මේකයි. මෙන්න මේක ඩවුන්ලෝඩ් කරන්න
ඊට පස්සෙ යන්ඩ C:\Program Files\rsinglish ඒක ඇතුලට ඔය ඩවුන්ලොඩ් කරපු එක රිප්ලෙස් කරන්න! ඊට පස්සෙ බලන්න වැඩද කියලා!!

අවුලක් නම් කමෙන්ට් කරන්ඩ!
හෙනම් අපි කැපුනා! !!

Saturday, October 6, 2012

නිවන් යන්න කැමතිද?

ඔන්න පංසලක හාමුදුරු නමක් උන්නලු,  මේ පංසල ලස්සනට චාම්ව තියෙන නිසා මෙකට දෙවි කෙනෙක් වැඩියලු.. ඉතිං ලොකු හාමුදුරුවන්ට කතා කරලා ඒ දෙවියෝ කිවාලු.. ඔබවහන්සේට මම නිවන් අවබෝද කරගන්න වරයක් දෙනවා කියලා, ලොකු හාමුදුරුවො ටිකක් කල්පනා කරලා කිවාලු. මට විතරක් අපරාදෙනෙ. ගමේ දායකයන්ටත් දෙමු කියලා.. ඉතිං දෙවියොත් වැඩේට සෙට්ලු.. ඔන්න ගංඨරෙ කාරිය එහෙම ගහලා ගමේ ඇත්තන්ව ගෙන්නුවාලු පංසලට,
      දෙවියො කිවාලු හා එහෙමනම් එක එක්කෙනා එන්න ඉස්සරහට නිවනට යවන්න කියලා. මුලින්ම ඔන්න සුමනදාස අවාලු..
අනෙ දෙයියෝ මං මේ සිමෙන්ති වගේකුත් ගෙනාව ගේ හදන්න තියෙනවා. එක කරලා දාලම නිවන් දකිනවා කියලා අයින් උනාලු..

ඊලගට වාරේ අවෙ අමරාට ලු.. අනේ දෙවියනෙ අපෙ ලොකු කෙලීව කසාද බදින්න කොල්ලෙක් ඉන්නවා. ඒ කාරිය ටික කරලා දාලම මං නිවන් දකිනවා කියලා අයින් උනාලු..


ඊලගට ග්‍රාම සේවක මහත්තයාට වාරය.. අනේ දෙයියෝ මේ මට අපු පැමිණිලි ටිකක් තියෙනවා.. ඒ ටික ඉවරයක් කරලම එන්නම්..

ඊලගට සියදෝරිස්.. අනේ අපේ ඉඩමෙන් කැල්ලක් අල්ලන් අර මනුස්සයෙක්. ඒකෙ නඩුවෙ තීංදුව මේ මාසෙ දෙනවා කිවෙ. ඒක බලලම මං එන්නම් දෙයියො!

ඔහොම ඔහොම ඔක්කොම එක එක එව්වා කියලා අයින් උනාලු.. දැන් ආවෙ හාමුදුරුවන්ගෙ වාරෙලු..
එහෙනම් ඉතිං ලොකුහාමුදුරුවො වත් නිවන් යවන් නම් නේද ? කියලා දෙවියො ඇහුවාලු..
අනේ දෙවියනේ පංසලෙ ආවාසගෙයි වහල කඩං වැටිලා ඒක ලබන ඉරිදා හදන්න ඉන්නෙ.. දැම්ම නම් නිවන් දකින්න බෑ මට..!!       
   දෙවියංගෙ ඇස්දෙක O_O මෙහෙම උනාලු.. ශුශ් ගාලා දුමක් ඇවිල්ලා දෙවියෝ වාශ්ප උනාලු.. !






 පලී: අපේ සමහර FB එකෙ ඉන්න උදවියත් ඔහොම්මයි.. දෙන්නෙ 1000 ටෝක්ස්.. කරන්න ගියාම .. වෙන වැඩ
"තොප්පි දමාගැනිමෙන් වලකින්න"


..





.

Thursday, August 30, 2012

සාස්තරේ..

අද හවස අපේ බාප්පා සිරා කතාවක් කිවා.. සාස්තරයක් අහන්න ගිහින් වෙච්ච සීං එකක්..
අපේ මිනිස්සුන්ට සාස්තර කියන එක හරි ලොකුයිනේ.. ඉතිං මේකයි කතාව.
මේක උනේ 1978 විතරලු.. තාත්තලාග වෙළක් තිබිලා තියෙනවා. එකෙ මැණික් ඉල්ලමක් අහු වෙලා.. ඉතිං මිනිස්සු දම්මවලා හාරලා හාරලා.. කිසිම මැණිකක් අහු වෙලා නැහැ.. ඉතිං මේකට මොකද උනෙ කියලා බලන්න ඒකාලෙ සුප්‍රසිද්දම සාස්තර කියන තැනකට ගියාලු සාස්තරේ අහන්න..
ඉතිං ඔන්න බාප්පයි. අපේ තාත්තයි.. තව වැඩ කරපු දෙන්නෙකුයි එක්ක ගිහින් සාස්තරපලට

ඔන්න දැන් ඒ සාස්තර කියන ආච්චි, එහෙනම් මං කියන එව්වා ලියාගන්න පස්සෙ මගෙන් අහන්න එපා කිවෙ මොනාද කියලා දැන් ඔන්න ආරූඩ වෙලා කියන් කියන් යනවාලු..

අච්චි: ඕ මේ අය ඇවිල්ලා ඉන්නෙ නැති වූ යමක් හොයාගෙන.. ඕ ඕ... එහෙම නේද?
තාත්තා: නැනැ එහෙම දෙයක් නෙවේ
ආච්චි: ඕ ඕං ම්ම්ම් මේ ඇවිල්ලා ඉන්නෙ භූමි දෝශයක් ගැන සොයා ගන්න නේද.. ඒ භූමියට කොඩිවිනයක් කරලා තියෙනවා කියලා පෙන්නුම් කරනවා.. ඕ ඕ.. එහෙම නේද?
තාත්තා: නැනැ එහෙම දෙයක් නෙවේ..
ආච්චි: මෙතැන කවුරු හරි මත් වතුර බීපු කෙනෙක් ඉන්නවා ඒකයි මේ හරියට පෙන්නෙ නැත්තෙ..
ඒකාලෙ බාප්පයි තාත්තයි එහෙම බොන්නෙ නැහැලු.. එත් එතැන සැකේට හිටිය කෙනෙක්ව එළියට යවලා..
ඔන්න ආයෙ දැන් අහනවාලු සාස්තරේ හරියන්නැහැමලු

ඉතිං ඔහොම ආච්චි එක එක දේවල් කියනවාලු කියනවාලු.. ඒත් මැණික් ඉල්ලම ගැන වචයනක් කිවේ නැහැලු.. 
දැන් ආච්චිට කේන්ති ගිහින් දෙවියන්ට බැන බැන අහනවාලු.. ඒත් කොහෙත්ම කියා ගන්න බැරි වෙලා.. ඊට පස්සෙ ආරුඩෙන්ම කිවාලු.. සත්‍යක් කියවුනේ නැත්නම් බුලත් පඩුරු අරන් යන්න කියලා.. ඉතිං ආරුඩෙත් ඉවර වෙලා.. තාත්තයි බාප්පයි සල්ලිත් අරන් එළියට ආවාලු..

එළියට එන්න හදද්දි අර ආච්චි ඇහුවාලු..
මුකුත්ම කියවුනේ නැතෙයි?
නැහැ කිසිම දෙයක් කියවුනේ නැහැ කියලා තාත්තා කියලා..
ආච්චි අහනවාලු එහෙනම් මොනා ගැනද අහන්න ආවේ කියලා..
තාත්තා ඒපාර විස්තරෙ කියලා.. මෙහෙම ඉඩමක මැණික් ඉල්ලමක් තියෙනවා ඒත් මැණික් නැ කියලා..

ආච්චි එක පාරටම කිවාලු ඉතිං හත් දෙයියනේ මං භූමියක් ගැන කිවානේ..??

පාලී: කතාව තේරුනේ නැත්නම් 3 වැනි පරිඡ්චේදෙ කියවලා බලන්න!!


වෙලා තියෙන්නෙ තාත්තයි බාප්පයි මැණික් හැරුවාට ඒ ගැන වැඩිය හොයලා නැහැ.. එතැන ඉන්න මැණික් ගැන දන්න එකා.. හොද මැණික් ටික අරගෙන තාත්තට සාමාන්‍ය ගානට වටින ගල් කැලි වගයක් දීලා මාරු වෙල..!!



Wednesday, August 8, 2012

ආදරය

ආදරය කියන දේ එක එක අය එක එක විදියටයි දකින්නෙ.. මේ විකාර පොස්ට් එක, ඒ ගැන කතා කරන්නයි..!



  • 2 වසරෙ පොඩි එකෙක් <හිතන්නෙ> අපෝ ඊයා..
  • බිස්නස් කාරයෙක් <හිතන්නෙ> සල්ලි උල්පතක්
  • දෙමාපියන් <හිතන්නෙ> මිනිමැරුමක් වගෙ
  • ඉස්කොලෙ ගුරුවරු <හිතන්නෙ> ලෝකෙ තියෙන වැරදිම වැඩේ
  • 10 වසරෙ දික්කලිසම් අදින කොල්ලො <හිතන්නෙ> කෙල්ලෙක් දාගන්න එක තමා ගේම..
  • මල්ලි <හිතන්නෙ> XXX
  • අලුත් කෆල් එකක් <හිතන්නෙ> ශහ් මෙක තමා ජිවිතෙ
  • පරන කෆල් එකක් <හිතන්නෙ> මොන කරුමක්ද මෙක 
  • බැදපු එවුන් <හිතන්නෙ> ජිවිතෙම ඉවරයි.
  • පොලිසිය <හිතන්නෙ> ස්ත්‍රී දූශණ වගේ
  • නීතීඥයො <හිතන්නෙ> නඩු නඩු
  • හාමුදුරුවො <හිතන්නෙ> කාමෙසුමිච්ඡාචාරා
  • කෙල්ලො <හිතන්නෙ> කොල්ලො අපෙ පස්සෙන් එන්න ඔනි..
  • ෆිල්ම් හදන උන් <හිතන්නෙ> පේමන්ට් එකෙ හරි විකුණ ගත්තැහැකි
  • බ්ලොගර්ස්ල <හිතන්නෙ> හිට් තියෙන්නෙ මෙව්වටනෙ.. 


ද හාවා..෴


.

Tuesday, July 17, 2012

Car Remote Controler එකකට බැටරියක් දාන්න දන්නවද?

අද මම වාහනෙට නැගලා ස්ටාර්ට් කරන්න හැදුවාම මෙන්න මෙහෙම පනිවිඩයක් පෙන්න ගත්තා ඒ විතරක් නෙවෙ warning beep එකකුත් ඇහුනා.. කල්පනා කරලා කල්පනා කරලා මම මගෙ ජපන් භාශාවි පිලිබද දැනුම භාවිතා කරලා මෙක තෙරුම රිමොට් එකේ බැටරිය බැහැලා කියලා සොයා ගත්තා :D

මෙය intelligent remote controller එකක් නිසා වාහනෙට මේක අත්‍යාවශයයි.. ඉතින් අපි බලමු බැටරිය මාරු කරගන්නෙ කොහොමද කියලා
.............................
අම්මෙ තාත්තෙ නැන්දෙ මාමේ අක්කෙ අයියෙ නංගියෙ මල්ලියෙ.. මම අද මේ ගැන ඔබලාට කියන්න හදන්නෙ රිමොට් කොන්ට්‍රොලර්යක බැටරිය මාරු කරගන්නෙ කෙසෙද කියාය.. යම් හෙයකින් මෙම සිඟිති වැඩේට ඔබ සෙවා මද්‍යස්ථාණයකට ගියහොත්. හිරි නොවට්ටා ඔබෙ දත් 2-3 ක් ගැලවිමෙ සම්භාවිතාව වැඩි හෙයින්.. ඔබට මෙය නිවසේදිම රු 80 ත් 100 ත් අතර මුදලකින් කර ගත හැක..

ඔව් පලමුව ඔබ ගන්න ඔබේ සුරතට රිමොට් එක.. බලන්න එහි හතර කොන.. එහි ඇති පිහි තුඩක් හො ඒ හා සමාන දෙයක් දැමිමට තැනක්.. එතැනට දමා රිමොට් එක දෙපලු කරගන්න.. නැත්නම් මෙම tool එක සොයා ගන්න..


(හිරෙන එකට නම් ඔන්න මං වගකියන්නැ පුතෙ..)

එසේ නොමැති නම් බලන්න චූටි ඇන තිබෙන්න පුලුවන්.. ඒවා පරිස්සමට ගලවා ඔබෙ තේ බොන කෝප්පයට දමා ගන්න.. මොකද එම ඇන එහෙ මෙහෙ විසිරෙන බැවින්..
සැයු: ඔබේ තේ කොප්පය වියලිව පිරිසිදුව තිබිය යුතුය!

දැන් ඔබට  එය මෙසෙ දිස් විය යුතුය.. මෙසේ දිස්වෙන්නෙ නැත්නම් ඔබ තවමත් පිහියක් හො අර උඩ තියෙන ටූල් එක සොයනවා විය යුතුය.. නොමැති නම් තාත්තාගෙන් හො බලදාරියෙක්ගෙන් බැනුම් අසනවා විය යුතුමය!



දැන් සිරුවෙන් මෙම බැටරිය ඉවත් කර අලුත් බැටරියක් ගෙන සවිකර (+ - මාරු කරගන්න එපා ඇ)
සිරුවෙන් ගැලවු පලු දෙක එකට තබා.. සවිකර ගන්න.. නිවැරදිව සවි ඌවේ නම් "ටක්" යන හඩක් ඇසේවි..

මෙම ඡායා රූප ලබා ගත්තෙ Honda Insight මාදිලියෙ රථයෙකිනි.. ඔබෙ රථයෙ මාදිලිය අනුව මෙය වෙනස් විය හැක.. ගැටලුවක් ඇතොත් විසේසඤ ද බනි මහතා අමතන්න :P:P 

පාලී: මෙහි කාර් එකක් ගැන සඳන් වෙන නිසා ඔබ වරදවා වටහා ගැනිමෙන් වලකින්න.. මොකද මම කාර් පෙන්නා ගැණු ළමයින් සොයනා කොල්ලෙක් නෙවේ... මට ඇත්තෙ ඔබෙ වටිනා දත හා කාලය ඉතිරි කර දිමෙ අහිංසක පරම චේතනාව පමණි.. :D




...

Tuesday, July 10, 2012

දිරච්ච ගස

 හැමදාම උදේට නැගිට්ටාම
ජනෙලෙන් පෙන්නෙ මට
දිරච්ච ගහමයි..
වෙලාවකට මහ මුස්පෙන්තුයි වගෙ හිතුනට
ඒකත් අපෙ ජීවිතේට සමයි නේද කියලත් හිතෙනවා
ඒකෙ සුන්දරත්වය මං විදින ගමන් එක එක දේ කල්පනා කරනවා
කොලයක් ඇහැට දකින්න නැතත් ඒක කුරුල්ලන්ට හෙවන ගේනවා
එයාගෙ පුංචි අත් විහිද ගෙන
කොල නැතත් සෙවන හදන්න අර අදිනවා..
හිතන්න
අපෙ ජීවිතෙත් මේ ගහම නේද..?
අපි ජිවත් වෙන්නෙ ඇයි?
වෙන කෙනෙක් පෝශණය කරන අරමුනෙන් නෙවෙද?
අපිත් ජිවත් වෙනවා තමා..
එත් අපි පිට අයව ජීවත් කරවන්න උත්සාහා ගන්නවා කියලා හිතෙන් නැද්ද?
අනිත් ගස් වලට වඩා කුරුල්ලො කැමති මේ දිරච්ච ගහට
මේ තියෙන්නෙ ඒ ගස
මේක ලියන කොටත් මේ ගහෙ කුරුල්ලො ගොඩක් ඉන්නවා..
මැරෙන්න යන ගහට සලකන කුරුල්ලො එතැන ඇත්ද?
නැත්නම්
ඔන්න උඹ මැරියන් අපිට උඹෙන් හෙවන විතරක් දියන්
කියන කුරුල්ලොත් ඇති නේද?
අපේ ජිවිතෙත් එහෙම නෙවෙද?
මකුළු අම්මා බලන්න
දරුවන්ට ආදරෙන් එයාව විනාශ වෙනකම් බලන් ඉන්නවා..
මේ ගහත් එහෙමයි..
එයා විනාශ වෙනවා..
ඒත් තාම දරුවන් රැක ගන්න හෙවන හදන්න හදනවා..

අපිත් දිරච්ච ගස් වැනිය..
අවශ්‍ය වන්නෙ දිරච්ච බව නොව.. කරන්න හැකි දේ ගැනය!!

Thursday, June 28, 2012

විවාදය..

        මේක මේ අම්බානෙක පරන කතාවක්.. මං ඉස්කොලෙ යන කාලෙ O/L කලැසියෙ ඉන්දැද්දි වෙච්චි සීං එකක්..
ඔන්න අපෙ සිංහල සර් ඇවිල්ලා කීවා
ළමායීඊඊඊ හෙට අපි විවාදයක් පවත්තනවා!! ඇගයීමක් විදියට අරන් ලකුණුත් දෙනවා..
ඒකට සූදානම් වෙලා එන්න ඔනී .. මං ගෑණු ළමයි හා පිරිමි ළමයි වෙන වෙනම කංඩායම් දෙකට දානවා.. මාතෘකාව තමා
රූපවාහිනිය හොඳයි හා රූපවාහිනිය නරකයි. කියන එක!
කොමින් කෝම හරි තුංඩු උඩ දාලා පිරිමි ළමයින්ට ලැබුනෙ රූපවාහිනිය හොදයි කියන මාතෘකාව යටතේ කතා කරන්න.. කල්ල මරේ.. ඕකට ආයෙ පාඩම් කරන්නත් ඔනියැ.. සිං සිං ගාලා වචන එනවානේ.. අනික මහ මොන්ටිසෝරි මාතෘකා දෙකක්නෙ.. ඔක 2 වසරෙ එකෙක් ගෙන් ඇහුවත් උත්තර දේවි..
3-4 දෙනෙක් බැ බැ කියලා කනුකුණු ගෑවට මං නම් උන්නෙ ෆුල් හැෆි එකෙ.. දෙන්නම් ජම්බු කියලා..
ගෙදර ඇවිල්ලා google කරලා ටිවී එක හදපු බුවා හොයා ගත්තා.. මං හිතන්නෙ මයෙ ජිවිත කාලේකට ඉස්කොලෙ වැඩකට කියලා google කරලා හොයා ගත්තෙ ඔය වචනෙ විතරමයි!!
කොච්චර පොර ටෝක්ස් දුන්නත් සාමාන්‍ය දැනීම නම් බිංදුවේ.. ඇයි දෙයියනෙ මං පන දාගෙන ඕක හොයලා මල්ලිගෙන් වීරයා වගෙ ඇහුවා..
අඩෝ උඹ දන්නවද ටීවි එක හොයාගත්තු  මැන්ස්ගෙ නම ?
මල්ලි: ජෝන් ලොගී බෙයාඩ් ද ?වස ලැජ්ජාව.. මූ සිස්සත්තෙට වැඩියෙන් පාඩම් කරලද කොහෙද..
මං එතැනින් ශේප් එකෙ මාරු උනා..
ඔන්න දවස..
ළමයි පංතියෙ දෙකට බෙදුනා.. ගැණු ළමයි එක පැත්තක.. අපි එක පැත්තක.. වැඩේ නැගලම යනවා.. එක එක අය එක එක ටෝක්ස් දෙනවා.. සමහරු තර්ක බිදිනවා..
මගෙ වාරෙත් ආවා.. මං දුන්නා අලි ටෝක්ස් නිකං තුරුම්පු එක පාර හලපු බුවා වගෙ ලුක් එකක් අරන්.. සරුත් පුල් මාන්දමිකව අහගෙන ඉන්නවා..
චූටි චූටි වලිත් යනවා..
ඔය අතරෙ කෙල්ලෙක් නැගිටලා කියාපි.. 
           අද සමාජෙ අන්තිමටම පිරිහිලා.. කෙල්ලෙක්ට පාරෙ බැහැල යන්න බැහැ.. මොකද අසභ්‍ය දර්ශණ ටීවි එකෙ පෙන්නලා.. කොල්ලො ඒක අත්හදා බලනවා.. මේ ටීවි කියන ජාතිය රටින් අතු ගාලා දාන්න ඔනේ..

ඔන්න ඔව්වා නම් මට දිරවන්නැ හරියෙ.. අහිංසක විදියට අපි සූරපප්පා හේම බලාගෙන ඉන්න කොල්ලො.. නිකං 2.50ට දාලානෙ කතාව.. මගෙ උශ්ණත්වය 200 ටත් එහා නැග්ගා.. කණ රත් වීගෙන අවා.. මූන රතු උනා..මාව නැගිටුනා..

සර්.. ඔය කීව එක හරි කියමු.. ඒත් සර්.. ඔවාගෙ ඉන්නෙ මුන්මනෙ ??

ඉතිරි කොටස සෝචනීයයි.. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ..

සිංහල සර්ගෙන් සිංහ(ලෙන්) ම අහ ගත් මම
ද හාවා..෴


..

Monday, June 11, 2012

විවාහය

ඇගේ අතින් අල්ලා මා වෙරල තීරයේ පිය නගන්නට විය.. මිනිසුන් අපදෙස ඔනැකමින් බලනවායැයි මට විටක සිතෙ.. මගේ සුරතලියගේ හුරතලය, ලස්සන, මේ සියල්ලටම මිනිසුන්ගෙ හිත මෙන්ම ඇසත් යොමුවෙනවායැයි මට හැගේ.. මට මහත් හිසරදයක් මෙන්ම ඉරිසියා ගෙන එන්න එයමය..
කාලකන්නි!!
මුංට කරන්න වැඩ නැතිවද මංදා අපි දිහා බලන්නෙ..
වාසනාවට අද බංකුවක් තියෙනවා.. අපේ රාජදාණිය අටවාගැනිමට බංකුව වෙතට විගස පියනගන්න උනෙමි..
හෝව් අයියෙ හොව් වාඩිවෙන්න එපා.. ඒ ඇගෙ කට හඩයි..
ඇයි ඇයි නංගි ?
නැ මේ කාක්බෙට්ටක්..
ඇක්කා.. මම කඩදාසිකැබැල්ලක් ගෙන පිසදමන්න විය.. මා ඉන්නෙ වෙන ලොවකමදැයි මට නැවත සිතෙන්නට විය.. ඈ මට අනතුරු නොඈගෙව්වා නම්, එම නැවුම් වසුරපිඬ මාගෙ පස්චාත්භාගයේ ගැවෙනවා නොවනුමානය!! ඇගේ දෙනෙත් තීක්ශණය, වට පිටාවෙහි අවඳාණය ඇ කිසිවිටෙක අතනොහරිති..!

අයියෙ මට බඩගිනී.. ගෙනාපුවා කමුද ? හා කමු.. මම බැගයෙන් ගත් රෝල්ස් එක ටිශූ එකක ඔතා ඇ වෙත දුන්නෙ පුල් ඩීසල් ලුක් එකකිනි.. ඈද සිනහවක් දමා එය උදුරා ගත්තෙ, පාරෙ ඉස්ටිකර් වෙච්ච පුසෙක් දුටු කපුටෙක් මෙනි.. සොරි කපුටියක් මෙනි.. වල් පල් දොඩමින් එය ගිල දමන්නට විය.. අවසාන කැල්ලට ලං ඌ කල කලින් තිබූ පිරිසිදු ඩීසන් බව පහව ගොස් ඌරන්ට මොන සෞඛ්‍යදැයි රොල්ස් කැබැල්ල අතට ගෙන කන්නට විය.. නැතිනම් මාගෙ සිහිවිකල් භව නිසා ටිශූ එක නොදැනුවත්ම බඩට යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිවිය හැක..

කතා කරන්න බොහෝ දේ ඇත.. ඇගෙ වතුර බෝතලයෙන් වතුර බොන ගමන්..
නංගී ඉතිං මොනා හරි කියන්නකො..
ඔයාම කියන්න අයියේ..
මට බැහැ නංගි.. ඔයා කියන්න..
ම්ම්ම්ම්.. අපි ගැන කවද්ද අයියෙ ගෙදරට කියන්නෙ..?
ම්ම්ම්ම් ඒක නම් ලොකු ප්‍රශ්ණයක් තමා නංගි.. අපි තව ටිකක් ඉවසමුද?
හා අයියෙ.. කොහොමත් තාම ශිෂ්‍යත්වෙත් ඉවර නැහැනෙ..
හ්ම්ම්..
මේ නංගි.. අපි බදිමුද?
පිස්සුද අයියෙ.. තාම මගෙ චූටි මගුල ගත්තෙත් නැහැනේ..
හ්ම්ම්ම්ම්ම්ම්...


..................................................................
හම්බානෙක මනංකල්පිතයි..!
කතා දෙකක එකතුවකි.. අන්තිම කතාවෙ කෘතු මම නොදනිති..


ද බනී...


..

Saturday, May 26, 2012

නිවන්සුව..


මේක මේ මට අමතක වෙලා තිබ්බ රසකතාවක්.. අද තාත්තා මතක් කරලා දුන්නෙ.. ඉතිං ලියන්ඩ හිතුනා..

අපෙ අත්තම්මා.. අම්මාගෙ අම්මා.. නැති වෙලා.. අපි ගියා මල ගෙදර.. මං ටිකක් විතර පුංචී.. මට ඒ හැටි ගානකුත් තිබ්බෙ නැහැ.. අපෙ අම්මා නම් අඩාගත්තු ගමන්මයි.. එත් මට නම් ඒක ට්‍රිප් එකක සතුටක් ගෙනාවේ. ඒ ඇයිද මං දන්නැ.. සමහර විට අම්මාගෙ පවුලෙ ඔක්කොම නෑ දැයො එකතු වෙන නිසායි.. ඒ අයගෙ ළමයි එක්ක හොද හැටි නටන්නයි පුලුවන් වෙන නිසා වෙන්ඩැති..

බීම බොන්න.. ගඟේ පීන පීන නටන්න. බෝට්ටු පදින්න.. මාලු අල්ලන්න. තව මං ආසම කරන වැලි පොලවේ බොරු වලවල් හාරලා.. කවුරු හරි චුටි ළමයෙක් ගෙනැල්ලා ඒ වලට දාන්න.. මැංගුස් කඩන්න.. කන්නෙලියෙ යන්න.. කැලේ ඇතුලෙ රවුන් ගහන්න.. කොච්චර සුංදර පරිසරයක්ද ඒක.. ?

අත්තම්මාගේ මරණෙ මුල් දවස් වල වැඩකටයුතු සාමකාමීව උනා.. අපේ ගමේ අයත් අත්තම්මලාගෙ ගමට ඇවිල්ලා තිබ්බා.. ඒ අපෙ තාත්තා වෙනුවෙන්..
ඉතිං ඒ අතරෙ.. වැඩි හිටි කෙනෙක් වෙන.. අපි ආදරෙට කියන රාලහාමි සීයත් ඇවිල්ලා උන්නෙ..
ඒ සීයා තමා පංසලේ දහම්පාසලේ ප්‍රදාණ ආචාර්ය..
            ඔනම වැඩකදි පැනලා දෙන්න සීයා මාර දක්ශයි.. ඉතිං ඒ වෙලා වල හීනියට කොර වෙච්ච වෙලාවලුත් නැත්තෙම නැ..

දවසක් දහම් පාසලේ සමිතිය වෙලාවේ.. සියාට කතාවක් තිබ්බා.. සීයා නොදන්නා සංගීතයක් ගැන කියලා මාර චාටර් එකක් කැවේ.. ගත්තා මයික් එක..


අකුරු මැකි නැ කොල ගැලවී නැ බොද වී නැ සිතුවම්..
ඉස්සර වාගේ.. තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්.. //

මේ ඊරී.. බිම සීරි.. කුන්ඩුමනී හිස පීරි..
දෝසිය පුරාවා දීසි දමා ලා.. හුටා!!

ඊට පස්සෙ මොනාදෝ බයිලා වගයක් කියලා ශේප් උනා..

එත් අද කතාව ඕක නෙවෙ...! මල ගෙදර.. සීයටත් ගමෙන් ගිය අයගෙන් කතා කරන්න කතාවක් දුන්නා.. ශෝකය ප්‍රකාශ කිරීම!

ඇත්තටම අද ඉතා සෝචනීය දවසක්.. අපේ මේ උපාසක මහතාගෙ (අපෙ තාත්තා) ප්‍රිය බිරිද ගේ ආදරණීය මවු තුමිය අද අප දමා යන්නට සැරසී ඇත.. මේ උපාසක මහතා (අපේ තාත්තා) ඉතා අගනා සේවයක් ගමට කරමින් නම දිනාගෙන සිටින මනුස්සයෙක්.. ඔහුට නිතැනින්ම උදව් උපකාර කරන්නෙ ඔහුගේ ප්‍රිය බිරිද.. එවන් දුවෙක් ලබන්න මේ අද අපෙන් සමුගන්න මවු තුමිය වාසනාවන්ත වී ඇත.. ඉතිං ඒ මහතාට (අපෙ තාත්තාට) අපි නිවන්සුව ප්‍රාර්ථණා කරමු..!!

මලා..! අහන් උන්න මිනිස්සු කොහොම හිනාව තදකර ගෙන හිටියද කියන එක මාර ප්‍රශ්ණයක්!!


ද බනී..෴


..

Thursday, May 10, 2012

මාමංඩී

මෙහෙම ඉදලා බැ අයියෙ.. ඉක්මනට ගෙදර ඇවිල්ලා අපෙ අප්පච්චිට කියන්නකො..
ගෙදර කවුරු හරි මෙහෙම ඉන්නවා අපිව දැක්කොත් ?

ඒ ඇගේ හැමදාම play වෙන track එක.. මට ඕක හිසරදයක් වෙලා තියෙන්නෙ.. එත් වෙලාවකට හිතෙන්නෙ මගේ නොහැකියාවදෝ කියලත්..

හරි හරි නංගි.. මං ලඟදිම ඇවිත් අහන්නම්..

ඔයා හැමදාම ඔහොම කියල මගඅරිනවා.. මොකක්ද අයියෙ.. කතා කරන්න බයද ඔයා ?

බය ? පිස්සුද මං බය නැ.. මං එන්නම්..

හරි ඔයා ඉරිදා එන්ඩ ඔනි අපෙ ගෙදර.. අප්පච්චි ගෙදර ඉන්නවා..

හ්ම්.. හරි මං එන්නම්කො..
මම ඇගේ නලල් තලය සිපගන්නට විය.. එහි පහසට ඇගේ තොරතොංචියක් නැති කට වැහෙන බව මා හොදාකාරයෙන්ම දැනන් උනිමි...
.......

සුපුරුදු පරිදි රාත්‍රියේ මා facebook හි සැරි සරමින් උන්නෙමි.. එක එක අයගේ ලයික් කමෙන්ට් බල බලා කරන්නෙ කාලය කාදැමිමක් යැයි සිතුනත්.. එයට මා ඇබ්බැහි වී ඇත.. එහෙත් රාත්‍රියට කලයුත්තක්ද නැත..

මේ අතර වාරයේ මගේ chat box එකෙන් pop සද්දය ඇසි මම බැලිය..

#.හලෝ මල්ලියා.. කොමද ජිවිතේ ??

#.ආ රීරි යකා අයියේ.. :D කොහොමද ජිවිතේ ?

#.ඔන්න ඔහේ ඉන්නවා මල්ලියේ..

#.අයියා කාලෙකින් බ්ලොග් එක ලිවෙත් නැ නේ ?

#.ඔව් මල්ලි වැඩ වැඩි.. මේ ළමයින්ගෙ වැඩයි හැම මගුල්ම..

#.හික් හික් හික්.. එහෙම තමා අයියේ හිරෙ විලංගුවේ වැටුනා වගේ තමානෙහ් ?
අර කියන්නෙ විවාහය රස අඹයකි.. එය උරන්නා අමු මෝඩයෙකි කියලත් :D

#.ඒක හෑබව.. හික් හික්.. මල්ලි මම යන්ඩ කියලා..වැඩ වගයක් තියෙනවා.. අපේ ගෙදර එක්කෙනත් කතා කරනවා.. මං ගිහින් බලලා එන්නම්..

#. හරි හරි අයියේ පස්සෙ සෙට් වෙමු.. මාත් හෙට ගමනක් යන්න ඔනි.. වැඩ වගේකට.. හෙනම් ගුඩ් නයිට් ඇ.. ටටා බායි..!!

#. හරි මලේ ටටා බායි..!!

...............
හිතෙ කවදාවත් නැති චකිතයක්.. වෙනදට ඉරිදා මෙහෙම නැහැනෙ.. ෆන් එකේ ඉන්න දවස.. හ්ම්ම් ලොකු පිම්මක් පනින දවසක්..

මම හෙමින් හෙමින් ඇගේ ගෙදරට පියනැගුවෙමි.. ඒ ඇගේ ඉල්ලිම ඉටුකිරීමටය..
අද හොද උවහොත් අපිට කිසි කරදරයක් නැතිව එක් විය හැක..!!

ගෙට්ටුව විවෘත්තව ඇති බැවින් මම දොරකොඩටම ගොස්.. ගෙදර කවුදැයි සංවරව ඇසිය..
අද ෆුල් ඩීසන් වියයුතුමය.. නැත්නම් ලකුණු කැපෙනවා ශුවර්ය..

ඉක්බිති මැදිවියේ කාන්තාවක් පැමිණ ඇයි පුතා යැයි ඇසිය..
මාගේ කකුල් දෙක මැඩ්ලින් ගහන්නට විය. දැකලා පුරුදු මුහුණකි...
මේ මේ ඇන්ටි.. අංකල් ඉන්නවද..?
ආ ඉන්නවා.. ඔහොම ඉන්න මං එන්න කියන්නම්..
හ්ම්..
ගතඌයේ ස්වල්ප මොහොතකි..
මගේ හදවත නැවතී ගොස් ඇති සේයක් දැනිනි.. විශ්වයම මා වටා කැරකැවෙමින් ඇත.. මියගොස් ඇත්දැයි බැලිමට මම අත කොනිත්ත ගත්තෙමි.. එහෙත් මම ජිවතුන් අතරය.. මේ මා දකින්නෙ සිහිනයක්ද නොවෙය..
දෙයියනේ..
රීරි යකා අංකල්... ??



පාලි: ජිවිත කතාව නම් නෙවේ ඇ :D





ද බනී..෴

..

Tuesday, April 24, 2012

සිග්නල් දාන්න දන්නවද..?

මුලින්ම කියන්න ඔනේ 22 ගෙට් එක නම් එළ.. අලුත් සෙට් එකක් අදුර ගත්තා .. ඒත් අර මගේ ශොර්ට් ටයිම් මෙමරි  ලූස් සීං එක නිසා.. ගොඩක් අය අදුර ගන්න බැරි උනා එයාලා කියන කම් :D

කතාව:
මේක අද හවස උනේ.. මගේ ලේ රත්වුන සීං එකක්..

වෙලාව හවස 5.30 විතර..  මගේ කකුලේ ඇගිල්ලට බෙහත් දාගෙන ඇවිත් වාහනේට නැගලා එන්න පිටත් වෙන්න හදද්දි.. වාහනේ නැවැත්තුවෙ දකුණු පැත්තෙ ඩොක්ටර්ගේ කාර් එකට ඉස්සරහින්.. අනික් පැත්තෙ ඉඩ නැති නිසා.. මම හොදට පාර බලලා වාහනේ පාරට ගන්න හදද්දි.. මෝටර් සයිකලයක් ඇවිත් ගෑවි නොගෑවි ගියා.. ආපු වේගෙට උන්ට කොන්ට්‍රෝල් කරගන්න බැරි උනා.. එතැන වංගුවත් එක්ක..
ඒත් මං ආවේ මෝට සයිකලයක නෙවෙ.. රෝද  4 ක වාහනේක.. ඒක ඔනි එකෙක්ට පේන්න ඔන පේන්නෙ නැත්නම් ඌ පොට්ටයෙක්.. අනික මේ එළිය තියෙන වෙලාවේ.. මං ඩක් ගාලා බ්‍රේක් කලේ නැත්නම් උං දෙන්නා අනිවා වාහනේ වැදිලා විසික් වෙනවා..

වැරැද්ද උංගේ අතේ තියෙද්දි පිටි පස්සෙ ආපු පොර බැහැලා ඇවිත් මට සද්දෙ දානවා.. මට වාහනේ පදින්න උගන්නන්න එනවා..
සිග්නල් දැම්මෙ නැලු.. පාරට ගද්දි බලන්න ඔනිලු.. ලයිශන් තියෙනවද අහනවා.. ගහන්න වගේ..
ටික වෙලාවක් යද්දි වටේටම මිනිස්සු ආවා.. හැම මනුස්සයෙක්ම මගෙන් අහනවා මොකද පුතා ප්‍රශ්නේ කියලා.. අරුන් මට අතක් හරි ඉස්සුවා නම් අර ඒ ගමේ මිනිස්සුන්ගෙන් ස්ටිකර් වෙන්න වදිනවා. !

මං උගෙන් අහපු ප්‍රශ්ණ.. 

01. මට නම් ලයිශන් තියෙනවා.. මහත්තයාට ලයිශන් තියෙද ?
 ඔව්
02. රෝද 4 ක වාහනයක් කලින් පැදලා තියෙනවද?
 ඔව්
03. සිග්නල් සුවිච් එක තියෙන්නෙ වමේද දකුණෙද?
  වමේ..
04. එහෙනම් මහත්තයා මට සිග්නල් ගැන උගන්වන්න එන්නෙ කොහොමද? 
  වටේ උන් හොද හූවකින් සංග්‍රහ කලා මැන්ස්ට.. අයියා පාට් ඔක්කොම ඉවරයි..

මේ මනුස්සයෝ.. සිග්නල් එක දැම්මාම වාහනේ පාරට අරන් රෝදෙ කෙලින් උන ගමන් සිග්නල් සුවිච් එක ඔටෝ ඕෆ් වෙනවා.. මේක රෑ උනා නම් වාහනේ පාර්කින් ලයිට් දාලා තියෙනවා.. රතු ලයිට් වලින් වාහනේ පේනවා.. ඔයාල පොට්ට නැනේ නේද?
වැරැද්ද කරලත් සද්ද දාන්න එන්නෙ මොකද?

සොරි සර් සොරි කියලා මිනිහා යන්න ගියා.. මෝටසයිකලේ පැද්ද පොර සද්ද දැම්මා නම් කමක් නැ.. පිට පස්සෙ හිටිය එකයි කැ ගහන්න ආවෙ.. අන්තිමේ නොන්ඩි වෙලාම ගියා..

ප්‍රශ්ණ වලදි අත පය දිග ඇරලා වැඩක් නැ.. මනුස්සයාව අදුර ගෙන වචනෙන් ගැහුවාම ඇති.. :)

පාලි: රෝද 4 ක වාහනයක් තිබ්බ කියලා මෝට බයිසිකලය හෑල්ලු කලේ නැත.. නීතිය නම් නීතිය හැමෝටම පොදු විය යුතුය.. රෝද 2- 3 -4 - 6- 10 උනත්.. හික්මීමක් හා සංවරව වාහනේ පදවන්ඩ ඔනී.. නැතිව ඕවා තියෙන්නෙ හරක් වහේ ඔහේ යන්නන් වාලේ යන්න නෙවේ..,

කතාව ඒ හැටි වැදගත් නැතිව ඇති.. එත් ඔහොම සද්ද දාන්න එන උන්ට ගහ ගන්නෙ නැතිව වචනෙන් ගහන්න පුරුදු වෙන්න ;)



ආයෙ සෙට් වෙමු..!!

..
...

Saturday, April 7, 2012

ඉරණම්කාරී


අනේ පිං අයියේ.. මාව බේර ගත්තට..
ඔයාගෙ නම මොකක්ද නංගි ?
සෙනුරි..
හරි නංගි පස්සෙ කතාකරමු.. ඔයාගෙ ගෙදර නම්බර් එක මොකක්ද?
මම ඈ දුන් නම්බර් එකට කතාකලා.. ගැහැනු කටහඩක්
හෙලෝව්?
මේ සෙනුරිගෙ කවුද?
ආ අම්මා.. ඇයි ඇයි එයාට මොකද ? කවුද මේ කතා කරන්නෙ ?
ආ අම්මෙ.. එයා මේ කලන්තෙ හැදිලා .. පාරෙ හිටියා.. පාර කියන්න මං ගෙදරට එක්ක එන්න..
අනේ දෙයියනේ..
අපේ දුරකතන ඇමතුම විනාඩි කිහිපයකින් අවසන් විය.. මම ඈගේ නිවස යැයි කී තැනට පැමිණිලා..
ගෙට්ටුව ලග කාන්තාවක් හා පිරිමියෙකු කලබලෙන් බලන් ඉන්නවා..

මේ සෙනුරිගෙ අම්මද?
ඔව් මහත්තයා.. ඔයා කවුද..? කෝ සෙනුරි..
සෙනුරි කාර් එකේ ඉන්නවා.. එයාට පොඩි කරදරයක් වෙලා..
මොකක්? ඒ කාන්තාව හඩාවැලපී කාර් එක දෙසට දුවන්නට විය.. මා ඇගේ පසු පසින් දිවගියෙමි

.................
මොකක්ද දෙයියනේ අපිට මේ උනේ..??? අනේ මගේ අහිංසක කෙල්ල..

කලබල වෙන්න එපා අම්මෙ.. ගිය දේ ගියා..
මට පාරෙ යද්දි විලාපයක් ඇහුනා.. සද්දෙ එන පැත්තට දිව්වා.. මම එනකොට පිරිමි 4 දෙනෙක් එයාව වටකරගෙන හිටියේ.. මං එනකොටත් එයාව විනාශ කරලා ඉවරයි..
සමහර විට උං මෙයා මරන්නත් හිතන් ඉන්න ඇති.. උං එක්ක මම ගහගත්තා.. උන් මටත් ගහලා පැනගත්තා..

................
මාස කිහිපයකට පසු..




අම්මෙ මං සෙනුරිව විවාහ කරගන්න කැමතී.. අම්මලා මොකද කියන්නෙ?

මොකක් ? මහත්තයෝ මේ කෙල්ලව අනාත උනා.. මහත්තයා ඒක දැන දැන ඇයි මේ අමාරුවෙ වැටෙන්න යන්න හදන්නෙ..?

ඒක අම්මා ගැටලුවක් කරගන්න එපා.. මට එයාගේ පිරිසිදු බව ගැන අදාල නැහැ.. අනික මම දැක දැක ඒ දේ සිද්ද උනේ.. මට සෙනුරි ගැන සැකයක් නැහැ.. එයා අනාත උනා.. සමාජෙන් කොන් වෙන්න දෙන්න බැහැ.. මං එයා බලා ගන්නම්..

අනේ මම දන්නැ මහත්තෝ.. මහත්තයා පුදුම මනුස්සයෙක්.. මේ පිනම ඇති බුදුබව ලබන්න..!! ඈ දෑත් එක්කර මට පිං දෙන්න විය..
...............

තවත් මාස කිහිපයකට පසු..

මචං වෙඩින් එකෙ වැඩ සිරාවට උනානේද?

ඔව් බං.. මං හිතුවට වඩා හොදට උනා..

සෙනුරි පට්ට ලස්සනයි මචං.. උඹෙ ලක් එක.. එත් බං.. ඇයි rape කරපු කෙල්ලෙක්ම බැන්දෙ උඹ ?
 මං උඹෙ හොදම යාලුවා වෙලත් ඒකට හෙතුවක් කීවේ නැනේ ???

සෙනුරිව කවුරුවත් rape කලේ නැ බං.. ඒක මමයි කලේ..
එයා මගේ GF.. :)

නිමි...෴

Thursday, April 5, 2012

බ්‍රිටිශ් කවුන්සිල්

මේක මේ මං හිච්චි එකා සංදියේ සිද්ද වෙච්ච දෙයක්.. ඒ කාලෙ මං ගියේ ගමේ ඉස්කෝලේට.. හැමදාමත් එකම ඉස්කොලෙට තමා ගියේ.. 
ඔහොම ඉතිං අර කැලේ පිපුනු මල් කැලේට පරවෙන්නා සේ අපි ඔහේ පරවෙවී පරවෙවී හිටියා.. කරදඩු උස් මහත් වෙලා.. දිග කලිසම් ගහන වයසට ආවාම.. අපේ ඉස්කොලෙට අලුතින් ටීච කෙනෙක් ආවා..
අනේ මං දන්නැ ටීචගේ රූපෙට කොල්ලො වසී වෙලා උන්නෙ.. ඒ වගේයැ නයගරා දිය ඇල්ලෙන් වැටෙනවා වගේ ටීචගේ කටෙන් හැලෙන ඉංගිරිසී .. හම්මෙ බලන් ඉන්ඩ ආසයි.. ඒ ටීච මට මතක කාලෙක සිංහලෙන් නම් කතා කරලා තිබ්බෙ නැ..
අපිත්
හ්ම් ටීච.. ඔකේ ටීච.. හරි ටීච.. යස් ටීච කිය කියා තමා උන්නෙ..

ඕම ඉතිං කාලයක් ගියා.. ටීච හා අපි එකතු වෙලා ඉස්කොලෙ ඇතුලේ ඉංග්‍රීසි ක්ලබ් එකක් හැදුවා.. ඒකෙන් එක එක දේවල් කලා.. කොරල්පර සංරක්ශණ වැඩද.. පංසල් ගැන විස්තර හොයන වැඩද.. හෆ්ෆච්චියෙ එක විකාරයයි.. කොම කොම හරි අපි බ්‍රිටිශ් කවුන්සිල් එකත් එක්ක සෙට් වෙලා වැඩ කරන තත්වෙටම ආවා.. එහෙන් අපිට තෑගි භෝගත් නොවඩුව ලැබුනා..

එකෝමත් එක මහ මූසලද දවසක.. දවල් 10 ට විතර.. එකෙක් ඇවිත්.. මචන් හාවෝ.. කියද්දිත් මට ඇඩෙන්න වගේ :(
මචන් හාවෝ.. අන්න ටීච ක්ලබ් එකට ඔක්කොටම එන්න කිවා ..
මොන මගුලක්ද?
මාත් ගියා..
ළමයි.. අපිට බ්‍රිටිශ්කවුන්සිල් එකෙන් දවස් 7 ක කෑම්ප් එකකට එන්න කියලා තියෙනවා.. මෙතැන හොදටම ඉංග්‍රිසි දන්න අයව මං තොර ගන්නවා.. කියලා අනේ මාවත් එක්ක තව කොල්ලෙකුයි කෙල්ලො 3 දෙනෙකුයි තෝර ගත්තා.. මොන කරුමයක් පලිසං දුන්නද මංදා :( මං දන්න ඉංගිරිසියකුත් නැ.. මොකට තෙරුවද මංදා.. කොහොමෙන් කොහොම හරි අපි ගියායැ කියමුකො.. දවස් 7 නම් සුපිරී ආයේ කියලා වැඩක් නැ..
කන්නද බොන්නද.. එක එක ජාතියේ සෙල්ලම්ද.. එත්.. මහ නරකම දේ.. එතැන එකෙක් වත් සිංහල දන්නැනෙ :S  අනික ඒ රටෙන් ආපු සුද්දො ටික ඉට හපන්.. මොනාදෝ අහනවා.. අපිත් හිනා වෙනවා.. :D
දවස් 2 ගියාට පස්සෙ අපි හිටපු හැමොම එක්ක හොද හැටි ෆිට් උනා.. අපරාදෙ කියන්න බැ ගාල්ලෙ කොල්ලො ටික නම් සිරා ඇ..
ඔය අතරෙ මාතර ප්‍රසිද්ද බාලිකාවකින් ආපු බාලිකාවියන් වගේකුත් උන්නා.. අනේ අම්මපා අර කොළඹ රටේ බවලත් උදවිය ගාවවත් නැ ඒ තරම් රැස්පට්..!! ෆුෆ්..

කොම හරි මහ මූසල හවසක.. අර මාතර බාලිකාවියක් උඩ තට්ටුවේ ඉදන් පහලට එබිලා..


Excuse me…
හෑ ?

hey.. you..
මොකා ?

you you...
මම ? මගුලයි.. මට කතා කරන්නෙ..

What time is it?

මේ මොන වින්නැහියක්ද වෙන්න යන්නෙ.. මට ගොනාට වගේ තෙරුනා මේ අහන්නෙ වෙලාවම තමා කියලා.. මොන කරුමයකට මං අලි ඔරලොසුවක් අතේ ගැට ගහන් උන්නද ?

දැන් මොනා කරන්නද ? දෙන්නම් ජම්බු කියලා..

ආ නංගි ... දැන් වෙලාව 2.45 යි..

fuf.. කෙල්ල ගැස්සුවා ගැස්සිල්ලක්..

කොල්ලො ටිකෙන් විසිල් ගොඩයි බල්ලටි ටිකයි.. !!

අඩො හාවා.. පට්ට මචං.. ඕකිගෙ අලි ඔලුවයි පංඩිත කමයි.. හොදම වැඩේ..

අම්මේ කමෙන්ට් ගොඩයි ලයික් ගොඩාආආඅයි.. :D

....... උන් දන්න එකක්යැ මට ඉංගිරිසියෙන් වෙලාව කියන්න බැ කියලා... අනික 2 - 3 වගේ නම් කොම හරි කියතැහැකි.. 2.45 කොම කියන්නද? :D


කොහොම උනත් වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කතාව ඔප්පු නොකර.. ජාමෙ බේරගෙන ගන්න තියෙන උපරිම ෆන් එකත් අරගෙන.. අපි ගෙවල් බලා ආවා.. අර කෙල්ල මට හිටිය සතියෙම ඔරවපු එකමයි කලේ.. :D මං මොනා කරන්නද.. දන්න සිංහලෙන් ඇහුවා නම් ඉවරනේ :D



පාලි : කොහොම උනත් අපේ ඉස්කොලෙ දකුණු පලාතෙ එකම ප්‍රදිපා පාසල විදියට නම් කෙරුනා..
ඉංග්‍රීසි මාද්‍යයෙන් උගන්වන්න හැම පහසුකමක්ම ලැබුනා.. ඒ ගැන පට්ට සංතෝසයි..




....

Thursday, March 29, 2012

නඩයකට සෙට් විය..!!

පටන් ගන්නෙ කොහෙන්ද මංදා.. දවස් 3 ක් කරපු හරිය මේකෙ ලියන්නත් බැ.. කෙටියෙන් ලියලා දාන්නම්..
        හුගක් කාලෙකට පස්සෙ අපේ ගෙදර කට්ටිය සමඟ පිට බස් එකක ට්‍රිප් එකක් යන්න දාගත්තා.. අපෙ ගෙවල් කිට්ටුව අදුරන ඇන්ටි කෙනෙක් තමා මේක සංවිදාණය කරලා තිබ්බෙ.. ඉතිං අපේ තාත්තත් යං කියලා අපිත් ලැස්තිකරව ගත්තා.. අපේ බාප්පලයි ගෙදර අයත් සෙට් උනා.. ගමන තිබ්බෙ මෙහෙම..

කන්දෙවිහාරය > කළුතර බෝධිය > කැළණිය විහාරය > මහනුවර දළදාමාලිගාව > සිරිපාදය..

ඉතිං උදේ පාන්දර 4 ට විතර ගමන පිටත් වෙලා කන්දෙවිහාරෙත් වැදගත්තා.. උදෙම්ම නැගිට්ටාම පැයක් ඇතුලත කන්න බඩගිනි වෙන ලෙඩක් මට තියෙන නිසා මං තිං කැ ගහන්න ගත්තා බඩ ගිනී කියලා :D  අනේ ඉතිං මං නිසා මුලු නඩේම උදෙපාන්දර කනවා :P
කන්දෙවිහාරෙ ඒවට පහසුකම් හදලා තියෙනවා කිසි කරදරයක් නැ..

එතැන වැඩකටයුතු ඉවර කරලා අපි ආවෙ කළුතර බෝදියට.. නමුත් එතැන නවතින්නෙ නැතිව දිගටම යන්න යෝජනා උන නිසා, පඬුරු දාලා කෙලින්ම කැළණියට ගීයා.. කෙලින්ම කීවට ඉතිං වංගුත් තිබ්බා :D
 අපේ ඩ්‍රයිවර් උන්නැහෙත් ට්‍රිප් වලට කියාපු උංදැ.. ගෝලයත් ඒ හා සමානයි.. ගෝලයා කිවට ඒ මනුස්සයාටත් ඩ්‍රයිවින් හැකි.. ඔන්න ගාල්ලෙ අය ට්‍රිප් යනවා නම් කියන්න එ බස් එක සෙට් කරලා දෙන්නම්.. ගානත් අඩුයි.. ගාල්ල මහනගර සභාවේ ඉන්ජිනෙරු ඒකකයේ බස් එක :D අපේ බාප්පාලාගෙ වර්ක්ශොප් එකෙ බස් එක නිසා තමා අරන් ආවේ ඒක..හැබැයි ඉදිරියට නම් ගනන් වැඩි කරන කතාවක් කිවා..!

එව්වා වැඩක් නැ.. ට්‍රිප් එකෙ රසමුසු තැන් හා දුක හිතෙන දේවල් තමා මට මේකෙ ලියන්න ඔනේ උනේ..

අපි 3 වැනියට ආවේ කැළණියට,  එතැන ගිහින් බාප්පත් එක්ක තර්ක කර කර වටේ ඇවිද්දා.. තර්කය තිබ්බෙ කැළනිය විහාරය වටේ තියෙන අමුතු කහපාට පාශාණය හා ඒක කරපු කාලසීමා.. ඉතිං ඇවිදලා කරලා අපි ගියා විහාරය ඇතුලට.. ඇතුලට ගියාම මගේ කැමරාව දැක්ක හාමුදුරු නමක් පැනලා කියාපි හාහා පුතා පොටොස් නම් ගන්න එපා කියලා.. මං එහෙමයි හාමුදුරුවනේ කියලා මාරු උනා.. අහන්නත් තිබ්බා පොටොස් දිය වෙනවද ෆ්ලැශර් එලියට කියලා.. එත් මයේ මොකො කියලා මං ඇතුල බලලා එලියට එන්න ආවා..
ඒත් මට ප්‍රශ්ණ කොටියයි.. විහාර ගෙයි මැද චිත්‍ර හරිම සරලයි.. වටේ ඒවා සංකීර්ණයි.. 
මං බාප්පාගෙ කනට කරලා ඇහුවා.. මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා.. බාප්පා.. මං දන්නෙ කොහොමද දරුවො ඔව්වා.. අන්න අර හාමුදුරුවන්ගෙන් අහන්න..
මල සේකයි.. අර මට ෆොටො ගන්න එපා කිව හාමුදුරුවො.. ඒත් ඉතිං ප්‍රශ්ණයක් තියාගෙන එතැනින් යන්න හොද නැති නිසා මං ගියා අහන්ඩ.. හෆ්ෆෙ කියන්න දෙයක් නැ හරිම හොද හාමුදුරු නමක්..

මහත්තයෝ මේක කොටස් දෙකකට හදලා තියෙන්නෙ.. එකක් නුවර යුගයේ චිත්‍ර.. ඒවා අවුරුදු 1800 ගානක් පරණයි.. මේ එළියෙ තියෙන ඒවා ඊට අවුරුදු 100 කට පස්සෙ කරපුවා.. ඒකයි ඒවා සංකිර්ණ හා කලාත්මක අතින් උසස්..

කිවත් වගේ කතාව ඇත්ත..
ඔන්න කොහෙන්දෝ ඉදන් අපෙ බාප්පත් පාත් වෙලා.. මගේ කතාවට බාදා කරලා..

බාප්පා: හාමුදුරුවනේ අර ටිවි එකෙ රෙඩියෝ එකේ එහෙම කිව අර අලුතින් කරපු මැණික් පුටුව කොයි?

හාමුදුරුවො: මැණික් පුටුව ? හොහ්.. ඒක හොද මැණික් පුටුව.. අනේ මහත්තයෝ මහත්තයාලත් මේ මාධ්‍යයෙන් ලොකුවට පෙන්නන දේවල් වලට රැවටෙනවානේ.. එකත් අතකින් මහත්තයා සාදාරණයි.. ඕකෙ පෙන්නන්නෙ ඇත්ත වගේනෙ.. ඒක මහත්තයෝ කොන්ක්‍රට් පුටුවක්.. මේ ඉමිටෙශන් ගල් වගයක් අල්ලලා.. මං කිවා ඒක ගෙනාපු හාමුදුරුවන්ට.. වහාම අරන් යන්න කියලා.. මහත්තයෝ මේක පූජනීය තැනක්.. බුදුන් වැඩිය තැනක්.. මෙතැන්ට ඔනි කොන්ක්‍රිට් පුටෘවක් නෙවේ.. එක්කො ඔන්න ඕක හදපං කලුවර ලීයෙන්.. එක්කො මොනා හරි වටින දේකින්.. එහෙමනෙ වෙන්න ඔනි.. කොන්ක්‍රිට් කියන්නෙ වටින දෙයක් නෙවෙ..

බාප්පා: ඒක ඇත්ත හාමුදුරුවනේ.. සමාජේ දැන් මිනිස්සුන්ව මුලා කරලා.. පුජනීය දේවල් විකුණලා.. රට මොන පැත්තට යනවද මංදා..

හාමුදුරුවො: මහත්තයෝ මේක අපේ රටේ ප්‍රදාණ උන්ගෙ වැරදි.. උන් කියන්නෙ මොකක්ද අපෙ උන් කරනවා.. දැන් මේ පුතා හැදුනේ පන්සලේ.. ගුණ ධර්ම දන්නවා.. හොදට හැදිලා තියෙනවා.. මූ දන්නවා සමාජේ ඉන්න ඔනි හැටි.. මූට පෙනවා සමාජෙ වැරදි .. ඒත් නරකට හැදිච්ච එකා නරකමයි.. ඌට බලය ලැබුනු තැන .. ඒක විනාස කරලා.. රටත් විනාස කරලා.. තමනුත් විනාස වෙනවා..

බාප්පා: එහෙයි.. එතකොට හාමුදුරුවනේ තියෙනවා කියන ඇත්ත මැණික් පුටුව ?

හාමුදුරුවෝ.. ඒක මහත්තයො බලන්න ඔන්නම් වෙහෙර වහන්සෙ කඩාගෙන ඇතුලට යන්න.. එක්කො ඒක ඉස්කැන් කරලා බලන්න..

අපි ටක් ගාලා හාමුදුරුවන්ට වැදලා එතැනින් මාරු උනා.. 

බාප්පා: එයාගෙ පුතාලා දෙන්නා පැත්තට හැරිලා ඔන්න තෙරුනානෙ.. කොමද එදා මතකද.. අම්මා ටිවි එක දාගෙන.. අපිට මැච් එක බලන්න දුන්නෙත් නැනෙ? ලොකුවට අහන් හිටියා පුටුව බලන්න.. ඔය කරලා තියෙන්නෙ.. අම්මපා මේක හාමුදුරුවො ලව්වම පැහැදිලි කරන්න ඔනි.. අන්න ගිහින් කියන්න අම්මට පුටුව පෙන්නනවා කියලා හාමුදුරුවන්ට කිවාම..

ඉතිං අපේ බාප්පාගෙ පුතා මේක කිවාම ඇඹරෙනවා.. ඌට යන්න කම්මැලි කමට.. නඩෙ ගාව ඕක කියන්නත් එපැයැ.. ඉතිං මං වැඩෙ බාර ගත්තා.. මං හෙමිට ගිහින් පුංචි අම්මටයි අපේ අම්මටයි කිවා. අන්න ගිහින් බලන්න මැණික් පුටුව පෙන්නනවා කියලා.. මේක ඇහුනා විතරයි නඩේ හිටය ඔක්කොම ගෑණු කට්ටිය .. මෙන්න යනවා පුටුව බලන්න.. මං හෙන ගේමක් දීලා හිනාව තද කර ගත්තෙ.. කට්ටියම ගිහින් මූන පුම්බගෙන ඔරව ඔරව එනවා..

මැණික් පුටුව දැක්කයි?
පැය 2-3 ක් යනකන් මාත් එක්ක කවුරුවත් කතා කලේ නම් නැ :D

සත්‍ය අවබෝද කරන්න පුජා භුමියේ ඉදන් බොරුවක් කිවට ඒක පවක් නෙවෙ කියලයි මගේ මතය නම්..!!
................
එතැනින් ඇවිල්ලා අපි නුවරත් ගිහින්.. කෙලින්ම සිරිපාදෙට ගියා..

ඔතැන ඉදන් තමා මට කලකිරෙන දේවල් ටික වෙන්න ගත්තෙ..

නඩේ කට්ටිය එකි නෙකාගෙ අදහස් වලට විරුද්ද වෙමින් හිතෙ හැටියට වැඩ කරන්න ගත්තා.. නඩේ ගුරාට කැ ගහලා කන්ඩායම සෙට් කරගන්න ඒ හැටි හැකියාවක් තිබ්බෙ නැ.. උන්දැත් වයසයි..
ඉතිං තාත්තා කිවා.. අපේ ගෙදර අයයි.. බාප්පලාගෙ ගෙදර අයයි.. එකට යමු කියලා.. එහෙම කියලා අපි 4 ට විතර නගින්න ගත්තා..
අපි එක්ක ඔය ට්‍රිප් එකට කට්ටිය එකතු කරපු අත්තම්මාගෙ පොඩි දුවයි.. එයාගෙ දුවයි ආවා.. ඉතිං අපි කට්ටිය හෙමින් හෙමින් කරුනාකරනවා.. මොකද අපේ අම්මට හා පුංචි අම්මට ඒ හැටි ඉක්මනට යන්න අමාරුනිසා... කොහොම කොහොම හරි කරුණාකරා..
ටිකක් දුර ගියාම.. පාර 2ට බෙදෙන තැනක් හම්බෙනවා.. එතැන එක මිනිහෙක් ඉදන් කියනවා.. මේ පැත්තෙන් යන්න.. සමන් දෙවියන්ගෙන් ආරක්ශාව අරගෙන යන්න කියලා.. අපේ අම්මලා තාත්තලත් යන නිසා.. මාත් ගියා ඒ පැත්තෙන්.. පාට පාට රෙදි වලින් හදාපු පොඩි පංසලක්..
හාමුදුරුවො 3 නමක්.. ඒ හාමුදුරුවෝද නැත්නම් නිකං සිවුර පෙරව ගත්ත උන්ද මංදන්නැ.. එකෙක්ගෙ මූනෙන් කපටි කම වැහෙනවා.. ඒ කතාකරපු විලාසෙට මට දෙන්න තිබ්බා දත් ඇන්ද ගැලවෙන්න..
"පිංවතුනී.. මෙතැන අපි කරන්න යන්නෙ සිරිපාදේ වාර කාලයට හා අවාර කාලය කියන දෙකටම විවෘතව තිබෙන පංසලක් හදන්න.. ඒකට ඔබලාගේ ආදාරය අවශ්‍යයි.. ඒ සඳහා මේ ජිවන් කරපු නූලක් ගැට ගසා ගන්න.."
අම්මපා ඉතිං මගේ ඇගේ මාලු නටනවා.. මුං සමන් දෙවියන්ගෙ ආරක්ශාව කියලා මොකක්දො මගුලක් ගැටගහන්න හදනවා.. ඒකත් නිකං කඩේ රු 20 නූල.. මුං ලග රු 100 යි.. 
ඒකත් හා කියමුකො තව එකෙක් නිකං කිංඩියට වගේ කියනවා.. ඔය පඩුරු දැම්මා නොදැම්මාට කා එක්කවත් අපේ අමනාපයක් නැ කියලා.. අනේ මංදා මට යක්ශ කෙන්තියි..

ඇත්ටම ඒක පංසල් කඩයක්.. පංසලුත් තියෙනවා පංසල් කඩත් තියෙනවා..  මිනිස්සු සල්ලි මත්තෙ නැහෙනවා.. තමන් දෙන ආදාරයක් ගන්නවා මිස.. ඉල්ලන සිරිතක් බුදුහාමුදුරුවොවත් දේශණාකරලා නැහැ.. අනික සිරිපාදෙ කියන්නෙ ලංකාවේ උසම පූජනීය ස්ථාණය.. ඕකට  රජයෙන් ආදාර දෙන්න බැරිද පංසලක් හදන්න ?


ඉතිං එතැනටත් බැන බැන ආවා ඉස්සරහාට... සිරිපාදේ හරියටම නගින්න පටන් ගන්නෙ මකර තොරණ ගාවින්.. එතැන ටිකක් ඉස්සරහාට ගියාම සැතපෙන පිලිමෙ.. එතැනට තමා හැමෝම බාරහාර වෙලා යන්නෙ.. මෙන්න එතැනත් හාමුදුරුවො කෙනෙක්.. හැමෝටම අඩගහල වැදගන්න කිවා.. ඒ වගේම හැමොටම බිම වාඩි වෙන්නත් කිවා.. දැන් ගාතාවගයකුත් කියලා කියලා දේශණ වගේකුත් දීලා.. එක පාරට කියාපි.. මේ සමන්දෙවියන්ගෙ අඩවිය.. බාරහාර වෙලා ගියෙ නැති 11 දෙනෙක් මේ වාරෙ බිලිගත්තා.. ඒක නිසා හැමොම බාර වෙලා යන්න කියලා.. මිනිස්සුත් සූ ගානවා..
ඒක කිව විදියට හිත පොඩ්ඩක් හරි ගැස්සෙන් නැත්නම් ඒක පුදුමයක්.. මට දැන් හරිම අමාරුයි දණගහගෙන ඉදලා.. කකුල් දෙක රිදෙනවා.. ඒ අස්සෙ හාමුදුරුවො කැ ගහනවා නැගිටින්න එපා එක්කෙන්ක් වත් කියලා.. අපි බන අහන්න හරි ගාතා කියන්න හරි තමන්ට පහසු ඉරියව්වකින් ඉන්න ඔනි.. නැතිව හාමුදුරවන්ට ඔනි ඉරියව්වෙන් නෙවෙ.. එහෙම එක විදියකට ඉන්න ඔනි කියලා නීතියක් නැ කොහෙවත්.. අනික තමන්ට ඉන්න විදිය අපහසු නම් ඒ ගාතා වලට හිත යන්නෙත් නැ.. හිතන්නෙ නැගිටින්නෙ කොයි වෙලෙද කියලා.. මටත් උනේ ඒ ටකමයි.. ඔනි මගුලක් කියලා දඩස් ගාලා මං නගිට්ටා.. මිනිස්සු මගේ දිහා බලනවා.. මටත් ලැජ්ජයි.. මං එහෙන්ම නැගිටලා වැද ගත්තා.. මෙන්න 2-3 දෙනා නැගිටිනවා..
ඊට පස්සෙ හාමුදුරුවො කියාපි .ඔය හැමොම පඩුරු දාලා යන්න කියලා.. රු 20 ට වඩා පඩුරු දාන හැමොටම සමන්දෙවියන්ගෙ මුද්‍රත වර්ණ ඡායාරූපයක් නොමිලේ කියලත් මට කියනවා ඇහුනා.. අනේ ඉතිං මිනිස්සු ඒකත් අරගත්තා..
සාසනේට ගිය කලක්..!!

(අනේ දෙයියනේ කියලා මට හීරිම් තුවාලයක් වත් නැතිව මං ශ්‍රීපාදෙ වැදගෙන ගෙදර ආවා.. පලවෙනි පාර ගියා වගේ කකුල් රිදෙන්න ගත්තෙත් නෑ..)

 එතැනිනුත් ගැලවිලා
සීත ගඟුලේ කෝඩු කාරයෝ ටික බස්වලා.. එතැන කරන්න ඔනි දේවල් කරලා.. අපි උඩට එන්න ආවා.. ටිකක් දුර ඇවිත් මහන්සි නිසා කඩේකින් තේ එකක් බොන්න ගියා.. තේ බීලා ඉවර උනාම අපේ ගෙදර අයට විතරක් රු 250 තේ 5 ට.. 1ක් 50 යි..
ඒක හරිම අසාදාරණ මිලක්.. හේතුව ඇහුවාම කිවේ වතුර අදින්න අමාරුයි සීනි තේ කොල ගෙන්න අමාරුයි කියලා.. ඒත් එක කොප්පෙකට වැටෙන වතුර සීනි තේ කොල ප්‍රමාණෙ අනුව.. රු 50 කියන්නෙ අන්තිම අසාදාරණ මිලක්.. දැන් බීප දේ දෙන්න බැරි නිසා අපි සල්ලි දීලා ආවා..  ටිකක් දුර ඇවිල්ලා බලද්දි බාප්පලා කට්ටිය මිසින්.. ඒක කොහොම උනාද කියලා කියන්න අපිට තෙරෙන්නෙත් නැ..
ඒකට විද්‍යාත්මක හේතුවක් ඇති.. මිනිස්සු නම් කියන්නෙ සමන් දෙවියො තම තමන්ගෙ කට්ටිය එහෙම වෙන් කරනවා කියලා.. ඇත්තටම ඒක ගමනටත් පහසුයි.. මං හිතන විදියට නම් එතැන වෙන්නෙ අපි වැඩිපුරුම හොයන්නෙ අපේ ලඟම අය ගැන නිසා.. මට අම්මා තාත්තා යද්දි බාප්පලා එක්ක යන්න බැහැනේ.. අන්න ඒ වගේ.. මං වැඩි පුර බලන්නෙ අම්මා තාත්තා හා අක්කයි මල්ලියි ගැන.. ඉතිං අපි ඒ කට්ටිය එක්ක යනවා.. අනික් අයත් එහෙම හිතනවා.. ඉතින් කන්ඩායම 2 ට කැඩෙනවා..

ඔහොම තවත් ටිකක් දුර නැග්ගාම අර අපි එක්ක ආපු නැන්දයි එයාගෙ දූයිත් අපෙන් වෙන් වෙලා.. දැන් කොහෙන් කියලා හොයන්නද.. අපි 5 දෙනා ආවා උඩටම.. එතැනට ආවාම තව තැනක මල් විකුණනවා..
ආ ගන්න ගන්න මල්.. මෙතැන තමා අවසාන කඩේ.. මෙතැනින් අරන් යන්න.. අර මැලවිච්ච මල් වගයක් විකුණනවා.. මලක් රු 20 ද කොහෙද.. අපිත් ඉතිං අවසන් කඩේනෙ.. මල් අරගෙන ගියා.. මෙන්න තව ටිකක් උඩට යද්දි ඔනි තරම් මල් කඩ තියෙනවා.. අරු කියලා තියෙන්නෙ අමූලික බොරු..
ඔච්චර පූජනීය තැනක ඉදන්.. එහෙම කරන්න තරම් ඒ මිනිස්සු පිරිහිලා..

ඉතිං අපි මල් තියලා වැදලා කියලා ආවා.. එතැන උඩ ඉන්න දෙන්නැ මිනිස්සුන්ට බහින්න කියනවා.. සෙනග වැඩි නිසා.. අපි ශ්‍රීපාද පද්මයට නමස්කාර කරන්න ගියාම පොලිසියෙන් කිවා අනික් පැත්තෙන් යන්න කියලා.. ඒ කියන්නෙ පිට පස්ස පැත්තෙන් ගිහින් නමස්කාර කරන්න.. මාත් ඉතිං කලින් ගියෙ ඉස්සරහින් නිසා වෙනසකට කියලා අනික් පැත්තෙන් ගියා.. පිරිමි අයට විතරයි එන්න දෙන්නෙ.. මමයි මල්ලිය තාත්තයි.. එතැනින් ගිහින් වදින්න හදන කොට බහින්න තියෙන පැත්තෙන් මිනිස්සු කලබලේ ඇවිල්ලා වදිනවා.. අපිට වදින්නත් නැ බහින්නත් නැ.. ඒ අස්සෙ ගෑනු අයත් ඇවිත්.. මිනිස්සු හරිම ආර්ත්මාර්තකාමි වෙලා..
අනික් මිනිස්සු දුක් විදගෙන පෝලිමෙ ඇවිත් වදින්න හදනවා.. මේ මිනිස්සු ලෙසිවට බහින පැත්තෙන් නගිනවා..

ඒකෙන් මං බලන්නම හිටපු දෙයක් මට අමතක උනා.. ශ්‍රීපාද පද්මය ඉස්සරහින් ගිහින් එතැන බිත්තියේ තියෙනවාලු වීදුරු කැල්ලක් දාලා හදාපු පොඩි සිදුරක්.. එකෙන් ඇහැ තියලා බැලුවාම මැණික් ගල් වගයක් පේනවා.. බාප්පා නම් කීවේ ඒක තමා ඇත්ත ශ්‍රීපාදය කියලා.. මීට අවු 20 කට විතර කලින් බාප්පා එතැන බැලුවාම මැණික් ගල් 6 කට වඩා තිබිලා තියෙනවා..
නමුත් මේ පාර බලද්දි 1කම 1ක මැණිකයිලු පෙනුනේ.. ලාවට LED බල්බ් එකක් වගේ.. එළියක්..
 අපේ දේශප්‍රේමී මහත්හොරු ටික ඒ මැණික් ගල් ටිකත් අරගෙනද දන්නෙ නැහැ.. :)
ශ්‍රීපාදයේ යන්න ඉන්න කෙනෙක් නොවරදාවම එතැන බලන්න.. ඒක හරි වටිනවා.. මට 2පාරක් ගිහිල්ලත් බලා ගන්න බැරි උන එක නම් හරිම අපරාදයක් :-/

ඉතිං එතැනින් පහලට ඇවිත් අපි නැවතත් පල්ලම් බහින්න උනා.. යනවා යනවා යනවා.. හරිම හෙමින්..  එක අතකින් හෙමින් යන එකත් හොදයි.. මොකද අපෙ අම්මට පඩි බහින්න හරියට අමාරු උනා.. ටිකක් පහලට බැහැලා බලද්දි තමා වැඩෙ තෙරුනේ..
නගින පැත්තෙ එකට 3-4 දෙනා.. බහින පැත්තෙ අයට ඉඩ නැහැ.. ඉතිං උඩ මිනිස්සු බහින්න ප්‍රමාද වෙනවා කියන්නෙ අරගොල්ලා නගින්න හිටගෙන ඉන්න එපැයි..  3-4 දෙනෙක් මෝඩ වැඩ කලාම.. අනික් අයත් ඒකට පට් ගාලා අනුවර්තණය වෙනවා.. අනේ මංදා ලංකාවෙ උන්දැලාගෙ හැටිය.. කොච්චර කිවත් කවුරුවත් තෙරුම් ගත්තෙ නැ.. එත් ඔය සීතලේ ගුලිවෙලා හිටය කපල් වලට නම් ලොකු පල්ලම ඒක.. හික් හික් .. :D


තව තැනකදි අපි පඩි ටිකක් පලල් තැනක් බලලා එක්කෙනා එක්කෙනා උඩට වෙන්න පඩි පෙලෙ වාඩි උනා අමාරුම නිසා.. කාලකන්න පොලිස්කාරයො දෙන්නෙක් ඇවිල්ලා කැ ගහන්න ගත්තා.. ඔතනින් නැගිටනවා.. ඔතැන හිටියාම අනික් මිනිස්සු යන්නෙ කොහොමද කියලා.. තිරිසන්නු..!!



අපි පාංදර 5.30 ට විතර වගේ ඉරසේවයත් බලාකියා ගත්තා.. අපේ නඩේ අනික් අය උඩට නැගලා .. රෑම බැහැගෙන.. එහෙම යන ගමනේ තෙරුමක් නැ.. කොහොම හරි අපේ ගෙදර අයයි බාප්පලාගෙ ගෙදර අයයි තමා ඉරසේවය දැක්කෙ.. අනික් අය දැකලා තිබ්බෙ නැහැ...

බස් එකට ඇවිල්ලා බැලුවාම අර නැන්දයි දූයි ඉන්නවා.. ඒ නැන්දාගෙ දූට උඩදි බඩගින්නක් ඇවිල්ලා.. ඉතිං අතේ සතයක් වත් තිබිලා නැහැ.. (හරිම දුප්පත මිනිස්සු දළුකඩලා තමා ජිවත් වෙන්නෙ.. මනුස්සයත් දාලා ගිහිල්ලා)
ඉතිං අර දූ අඩනවාලු අනේ මගේ අම්මෙ මට වතුර ටිකක් හරි අරන් දෙන්න කියලා.. ඉතිං මේ නැන්දා කඩේකට ගිහින් වතුර ටිකක් ඉල්ලලා.. කඩේ උන් වතුර දෙන්න බැහැ කියලා.. ඒකටත් සල්ලි ඉල්ලලා..
මේ මිනිස්සුන්ගෙ මනුස්සකම් වලට මොනා වෙලාද?
අර නැන්දා අඩ අඩ දූවත් වඩාගෙන  පහලට බැහැලා.. බස් එකට ඇවිල්ලා තමා වතුර දීලා තියෙන්නෙ..
මට ඔය කතාව කියද්දිත් හිත මොකදෝ වෙලා ගියා.. එත් අර තිරිසන් මිනිස්සුන්ට එහෙම හැගීමක් ආපු නැති එක ගැනයි පුදුමේ.. උන්ගෙ හිත් ගල්වෙලා සීතලට..

මේ හැම දේකින්ම මට එක දෙයයි තෙරුනේ.. චූටිම චූටි කඩදාසි කැල්ලක් පස්සෙ මිනිස්සු දුවන දිවිල්ල.. කවදාවත් හතිවැටෙන්නෙ නම් නැ.. අන්තිමේ මැරුනාම අරන් යන්න දේකුත් නැහැ.. !!

................

කතාව දිග වැඩී.. ගන්න යමක් ඇති කියලා හිතනවා...
සිරිපාදෙ ගැන කලින් පාරක් ලියලා ඒකට තාම බැනුම් අහනවා.. මේ පාර කුණුහරුප තිබ්බොත් නම් ඒවා ඩිලිට් කරනවා :)

සසර කලකිරුනු මම
ද බනී...


..

Sunday, March 25, 2012

දෙයියනේ කියලා 100 යි..


13 + 53 + 20 + 13 = 99 + මේකයි = 100 යි..

ඉහත සමීකරණය වගේ එකෙන් ඔයාලට පේනවා වෙලා තියෙන වින්නැහියක තරම.. ඒ කියන්නෙ මං මේකත් එක්ක පෝස්ට් 100 ක් ලියලා O_O

දෙයි හාමුදුරුවනේ අවුරුදු ම 4 ක් ගියානෙ මට පෝස්ට් 100 ලියා ගන්ඩ.. සෙල්ලන්ද :-D  

මුලින්ම ස්තූති කතාව.. 

බ්ලොග් කියන්නෙ මේකයි.. මේකෙන් කරන්නෙ මෙන්න මේ අහවල් වැඩේ.. හා බ්ලොග් එක අටව ගන්න උදව් කල.. ඩැනි මහතාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය මුලින්ම පුද කර සිටිනවා....!!


ඊ ලගට මෙච්චර කල් කමෙන්ට් කල, නොකල.. මාගේ ලිපි බලලා.. හිනා උන.. දුක් උන.. සතුටු උන.. 
බැන්න, නොබැන්න තර්ජන ගර්ජන කල .. සියල්ලන්ටම හිස නමා ස්තූති කරමි.. 


ඊ ලගට.. මගේ ලොකුම ශක්තිය.. "උඹ" දැන් උනත් උඹ මේක කියවන්නැත්නම් මචං. මේ බ්ලොග් එක මං කරලා වැඩක් නැ.. උඹ තමා මාව මෙතැනට ගෙනාවේ..  තැන්ක්ස් මචං..!!


ඉතිං මචං.. මට ඇඩෙනවා.. මයේ ඇහේ කදුලු.. සතුටු කදුලු.. බොලාලා හිනා වෙන්ඩෙපා.. හාවා ඇඩුවා කියලා.. :'D

දැන් තිං මං නාකි බ්ලොග් කරුවෙක්.. ඒ ගැන හම්බානෙක සතුටුයි.. :D

ඉතිං.. ආයේ කියනවා.. උදව් කරපු හැමෝටම ස්තූතියි.. මේ බ්ලොග් අවකාශෙම මට උදව් කරලා ඇති.. ඒ එක්කෙනා එක්කෙනා මෙතැන නම් කරන්න විදියක් නැ.. උඹලා හැමෝටම ස්තූතියි..!!

:D :D

නාකි වෙච්චි මං
ද බනී.෴



..

Thursday, March 22, 2012

පාවෙන රුපියල

ද බනියයි, අයියයි.. අයියා කිවේ මස්සිනා.. අපි දෙන්නා ගියා අද හවස computer බඩු තියෙන කඩේකට usb වයර් එකක් ගන්ඩ.. අර ඩොංගල් එක එහෙම ගහලා ජනෙලෙන් එළියට දාන්ඩ පුලුවන් ජාතියෙ වයර් එකක් ගන්න :D
ඉතිං ඕක අරන් එන ගමන් මං නිකමට ඇහුවා..

අයියේ.. අයියා ව්‍යාපාරිකයෙක් විදියට, අද රටේ මේ රුපියල පාවෙනවා කියන කතන්දරය ගැන මොකද හිතන්නෙ ? ඒකෙන් අයියට වෙන පාඩුව කොහොමද..?

අයියා : ඔව් ඇත්තටම මල්ලි කාලයකින් අහපු හොද ප්‍රශ්ණයක්.. ඕක පා උනා කියල මට ගැටලුවක් නැනෙ.. මොකද මං රුපියලේ කාසි වැඩි හරියක් භාවිතා කරන්නැනෙ.. අපි කොළ තමා පාවිච්චි කරන්නෙ.. ඉතිං මට ඕක පාවුනාට කිසි ගැටලුවක් නැහැ..
අනික ඔයාට කියන්න මල්ලි.. ඕක කවදාවත් වෙන්න බැරි වැඩක්නේ.. රුපියල කොහොමද පාවෙන්නෙ මල්ලි ? රුපියල කියන්නෙ බර දෙයක්නේ.. ඕක පාවෙන්නැනේ..?
නමුත් මේ රජයෙන් පොඩි මරිසි වැඩක් කලා.. රුපියලේ ඝණකම ටිකක් අඩු කලා.. අන්න ඒ කාසිය නම් ලොකු හුළගකට පාවෙන්න බැරි නැහැ..!!


මම : ඔව් ඇත්තටම අයියේ ඒ උත්තරය නිසා මට අයියාගෙ අධ්‍යාපනික මට්ටම ගැන හුගක් පැහැදීමකට ලක් උනා..

අයියා : ඒකනෙ මල්ලි.. මේ කාලින මාතෘකාව ගැන තව මොනාද දැන ගන්ඩොන ?


මම : නැ තව කිසි දෙයක් නැ අයියෙ.. ඕක තමා මට තිබ්බ ලොකුම ගැටලුව.. දැන් කිසි බයක් නැ..

අයියා: ඒකනෙ මල්ලි.. මල්ලිට කියන්නෙ මං ඒ කාලේ ෆැකලට්ටි ගියානේ..


මම : කොහෙද ?

අයියා : බලාගෙන මල්ලි ඉස්සරහා වංගුවක්...  පේරා පේරා..

මම: ආ අහ් පේරා පැකල්ටි ගියාද අයියා ?


අයියා : නැනැ මං කිවේ ෆැකල්ටිය ඇතුලට යන්න දුන්නෙ නැ මොකද ඒකෙ ගෙට්ටු දාලා තිබ්බානේ..
මං ගියේ ෆැකල්ටි ඒක ඉස්සරහා තිබ්බ කඩේට.. තේ එකක් එහෙම බොන්ඩ..

මම : ආ අහ්..

අයියා : ඉතිං මල්ලි මං කල්පනා කරන්නෙ.. ෆැකල්ටි එක ඉස්සරහාට ගිහින් ඔහොම දැනුමක් ලැබුනා නම්.. ඇතුලට ගියා නම් මොනවයින් මොනවා වෙයිද..??


ද බනී෴



පාලි : අද උදේ ලියන්න ගත්තෙ වෙන දෙයක් ගැන.. එත් කලබලේ මේක ලියලා දැම්මා.. මට මේක අහද්දි හිනා ගියා.. ඉතිං හිනා යයි කියලා හිතනවා.. හිනා ගියෙ නැතොත් කිචි කවාගන්ඩ ඇ :D


සිරිපාද ගමන හා එහි සිදුවෙන අකටයුතුකම් ගැන පොස්ට් එක බලාපොරොත්තු වන්ඩ..!!

Friday, March 9, 2012

ඇල්බට් මංත්‍රී තුමා..

ඔන්න අද හවස අපේ ගෙදරට මනුස්සයෙක් ආවා.. ව්‍යාපාර සම්බන්ද වැඩකට.. ඉතිං මේ මනුස්සයා මොනාදෝ මොනාදෝ කියවලා කියවලා අන්තිමෙ කිවා.. පුතා දන්නැ.. අහවල් මනුස්සයා මගේ යාලුවා.. තාත්තා හිටියා නම් හොදට අදුරනවා.. ඔහොම අනම් මනම් කියලා මාව අන්දන්න හැදුවෙ.. මං තිං හා අංකල් එහෙමනම් තාත්තා ඉන්න වෙලාවක එන්නකො කියලා ශෙප් එකෙ කැපුනා..
     ඉතිං උන්දැ ගියාට පස්සෙ අපේ මැණිකා.. මැණිකා කිවෙ මයේ ගෑනී නෙවෙ.. අපේ ගෙදර වැඩ කරන මනුස්සයෙක්.. (ඔය උන්දා ගැන කතා 2-3 කුත් මං ලියලා ඇති..)   ඉතිං මිනිහා මං ලගට කිට්ටු වෙලා කිවා.. පුතා දන්නැ.. අරූ අර රටබයිලා ගැහුවට ඔය ඇල්බට් කියන පොර මහ මෝඩ ගහක්.. කියලා කතාව පටන් ගත්තා..

 කතාව:-
    මේ ඇල්බට් කියන මනුස්සයා ඡංදෙ ඉල්ලන්න ගිහින්.. ඉතිං ගමේ මිනිස්සුන්ට හොදට සලකලා.. අනේ ගමේ හැම වයසක මනුස්සයෙක්ම එයාගෙ අම්මා තාත්තා වගේලු ඒ දවස් වල.. කෙල්ලො කොල්ලො තමන්ගෙ ළමයි වගේලු.. තවත් සමහරු සහෝදරියො වගේලු.. නැදැයෝ ගොඩාආආඅයි ලු..
 ඉතිං ඉතිං ඔන්න ඡංදෙ දවසත් කිට්ටු වෙලා.. හැමොම ඡංදෙ දාල ඇවිත් වෙන්ඩ මංත්‍රිතුමාගෙ ගෙදරට සෙට් උනාලු.. එදා ඉතින් රජ පාටිලු.. අනම් මනම් බයිට් ජාතිද.. ලොකු ලොකු බීම ජාතිද.. අත පය දෙකම දිග ඇරලා වියදම් කරලා.. හැටක් විතර සෙනගත් ඉන්නවාලු ගෙදර.. වෙන මොකටද ? සතුටට සතුටට..
ඉතිං ඔහොම  කකා බිබි ඉන්න කොට ඡංද ප්‍රතිෆලත් ඇවිල්ලා.. දැන් ඔන්න වෙන්ඩ මංත්‍රිතුමාගෙ කකුල වෙව්ලනවාලු.. බිම හාරනවාලු.. ලගින් ඉන්න උන් හයියෙන් මිරිකනවාලු..
         ඔව් අහවල් ආසනයේ අහවල් මංත්‍රී.. මංත්‍රී ඇල්බට් මහතා.. ඡංද 14 ක් ළබාගෙන ඇත...
වෙන්ඩ මංත්‍රීට හීන් දාඩිය දාලා.. අර කකා බිබි උන්නු සෙනගටත් මොකදෝ උනාලු..

විනාඩි පහක් විතර නිශ්ශබ්දව  හිටිය මංත්‍රි තුමා..

සිකේ.. දවල්ට කන්න දෙන්න ගෙනාපු බත් පාර්සල් 50...?


පස්සෙ ඇහිකුංඨකයා මැරිච්ච නයා වගේ ගෙදරටම වෙලා උන්නාලු මේ මනුස්සයා.. කාලයක් පිස්සු වගෙත් තිබ්බාලු.. පවු ඉතිං..


පාලි: සාමාන්‍යයෙන් මගේ පොස්ට් එකකට කමෙන්ට් වැටෙන්නෙ 20 කට අඩු සංඛ්‍යාවක්.. ඒත් විවෙචන හා ආගම වගේ දේවල් වලදි කමෙන්ට් වැඩි මොකද? කවදාවත් දැකලා නැති අයත් කමෙන්ට් කරනවා.. මරු :D

Wednesday, February 8, 2012

භවතු සබ්බ මංගලං

ලංකාවේ විවාහ චාරිත්‍ර ඇත, අනන්තවත් ඇත.. සමහරක් දැ නම් මට බලං සිටිය නොහැකි ආකාරයෙ විකාරයංය.. පෝරුවට නැග හැම මගුලම කර රටටම හෙලි කරන්නෙ.. ඔන්න අපි නිත්‍යානුකුලව සංසර්ගයෙ යෙදෙන්නට යනවා යන්න හුවාදැක්වීමටයැයි මාගෙ කුඩාමොලයට සිතේ.. උදාහරණයක් ලෙස ගත්කල තම බිරිදගේ වටෙ රෙද්දක් ඔතා ඈ පිරිසිදු තැනැත්තියක් යැයි ආ හැමෝටම පෙන්නති.. සුදු රෙද්ද යනු පිරිසිදු බව ඔප්පු කරන්න ඩොකෙක් දෙන වාර්ථාව වෙයි.. එසේ බලද්දි ලංකාවට ස්ත්‍රිංගේ පිරිසිදු බව ඔප්පු කරන ඩොකාලා අවශ්‍ය නැත.. සුදු රෙද්ද තිබ්බාම ඇතිය.. ස්ත්‍රී දූශණ නඩුවකදි නඩුකාරයා ඉදිරියෙ සුදුරෙද්දක් ඔතා පෙන්නු කල නඩුව දිනුම්ය..

කෙසේ නමුත් විවාහ උත්සවයකදී විවාහවන දෙපලට  "භවතු සබ්බ මංගලම්" ගාතව කියා ආශිර්වාද කරති.. එනම් නිත්‍යානුකුල සංසර්ගයෙ යෙදි, දරුවන් සඳා පවුල් ජිවිතයක් ගෙනියැමට දෙන ආශිර්වාදයකි..
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

“සුභ මංගල්‍යයක් වේවා, සියලුම දෙවියන් රකිත්වා, සියලු බුද්ධානුභාවයෙන් සියලු ධම්මානුභාවයෙන් සියලු සංඝානුභාවයෙන් ඔබට සෙත සැලසේවා”

නමුත්
එම ගාථාව සිංදුවක පසුබිමට දමා ගීතයක් ගායනා කිරිම අපේ රටේ මොලෙ ගලවා ධර්මචක්‍රය ගහ ගත් පොරවල්ලාට හෙන කැසිල්ලකට කාරනාවක් වී ඇත.. මෙම කැසිල්ල සැදි ඇත්තෙ බුදු දහමට සිද්දවෙන අපහාසයට නොව.. ගායකයා ක්‍රිස්තියානි ආගම් කාරයෙකු වීමය..!
ක්‍රිස්තියානි උං හා මුස්ලිම් උං පමනක් හම්බානෙක බුද්දාගමට ගරහති.. සිවුර පෙරවන් සිටින සමහර සංගපාලලා ගැන කවුරුවත් කතා කිරිමට කැමති නැත.. පිටිදුවෙ සිරිදම්ම නැමැත්තා කාලයක් නැටූ විගඩම් හෙලිවීය.. ඒ ගැන FB හි පොරටෝක් දීමට එකෙක් වත් ආවෙ නැත.. නමුත් මාස කිහිපයක් පැරණි සිංදුවක් අල්ලං උගුර කඩං කෑ ගසති.. ජනාදිපතිට ලියුම් යවති..
  ශ්‍රී දළදා මාලිගාවෙත් වංචා දූශණ කරන උං සිටී නම් රටෙ අනික් තැන් ගැන කතා කර වැඩක් නැත.. මෙවන් රටක ඉපදීමට අපි හෙන පිංකර ඇත..නමුත් කාලකන්නීන් ටිකක් දැක ගැනීමටද අපි පවු කර ඇත..
කෙනෙක් ඇසුවහොත් පුද්ගලිකව මම කැමතිම බැන්ඩ් එක ලෙස Daddy බෑන්ඩ් එක තෝරන්නෙ කිසි පැකිලිල්ලකිං තොරවය.. මේ වකවානුවේ යම් නිර්මාණයක් කලෙ නම් සාර්ථකව කලේ එම බැන්ඩ් එකෙ උංය.. "ටිකෙන් ටික" ගීතයත් එවැනි ගීතයකි.. මා තවමත් ප්‍රිය කරන ගීතයකි.. මට එම ගීතය කටපාඩම්ය.. එහි රැප් එකක් නැත..  රැප් එකක් තිබ්බෙ නම් මට එම ගීතය  කියාගත නොහැක..
දළදාමාලිගාවෙ පාරම්පරික හේවිසි නාදය ලංකාවෙ සිංදු කීයකට නම් යොදාගත්තද ? ඒ ගැන කවුරුන් කතා කරාද? 
මෙහි ඇති ලොකුම දේ ඉරිසියාව හා ආගම්වාදය ලෙස මට සිතේ.. මෙච්චර කාලෙකට කාටවත් මෙම අයිඩියා එක අවෙ නැත.. ඉතිං අනික් සංගීත කාරයින්ට පට්ට ජේ ය..

තවද මෙම සිංදුව ගැන විචාරය කරන උං පවසන්නෙ මෙම ගීතය තුලිං සෘංගාරාත්මක කාමුක ගතියක් එන බව පවසති.. එවන්නංගෙ මොලේ ක්‍රියාකාරිත්වය මොංටිසෝරි කුඩාදරුවන්ට වඩා ලාබාලයැයි මට හැගේ.. ඒ අමුතුම  සෘංගාරායකි.. තම බිරිදගෙ නලල් තලය සිප ගැනීම හා ඇ වඩාගෙන කරකැවීම සෘංගාරා රසය වේ..      භාගෙට ඇදගත් ගණිකාවං වටේ තියං අතපය ලෙව කන වීඩියෝ අනන්තවත් ලංකාවේ ඇත.. උං ගංජා ගහති අරක්කු බොති ඒ ගැන සිංදු කියති.. තෙරෙන්නෙ නැති රටබයිලා ගසමිං රැප් කර අඩති.. අපිත් උඩපනිති නටති.. ඒවා ටීවි වලද උඩදමාගෙන පෙන්නති.. මේවායෙ එන්නෙ සෘංගාරා රසය නොවේය..!!
නමුත් මේ ක්‍රිසිතියානි එකාගෙ ගීතයේ මේ හැමදේම ඇත.. මෙය බුද්දාගමට කල අපහාසයකි.. මෙවං උං උළතැබිය යුතුය.. මෙහි ඇත්ත නැත්ත තෙරෙන අපිත් එල්ලි සියදිවි හානි කරගත යුතුය.. එකෙක් නැගිටින විට අනිකා කකුලෙන් අදිති.. එකිනෙකාට ඉරිසියා කරති.. එය නැවැත්විය නොහැක..

මෙසේ කෑ ගහසන්න මටද පස්චාත්බාගයේ අමාරුවක් ඇත.. ඒ කුමක් නිසාද මම නොදනිති..!!

පාලී: (කොල්ලන්ට පමණි)
මෙන්න මචං අර සෘංගාරය උතුරණ සිංදුව.. බලලා සව්‍යංවිංදනයේ යෙදෙන්න පුලුවන්ද බලන්න.. :)



ඉතිං සැමට භවතු සබ්බ මංගලං..!!

..



ද බනී-

Friday, February 3, 2012

අල වුනු හීන වලට විසදුම්

පොඩි කාලෙ ඉදන්ම අපිට හීන තියෙනවා.. වැසිකිලි බරක් තරම් උසට..ගාල්ලෙ ඉදන් අනුරාදපුරෙ වගෙ දුර ගමනක් යද්ද බස් එකේදි වැසිකිලි බරක් අවොත් දැනෙන සනීපෙ ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ..ඉතිං ඔය හැම දේකටම වඩා වැසිකිලි බර උසයි..!! මහ මෙරටත් වඩා :D

මේ ලගදි දවසක මොංටිසෝරි කොන්සර්ට් එකක විඩියො එකක් බැලුවා.. බැලුවා කියන්නෙ PC එකෙ දාලා පෙන්නන්න උනා.. 
ඕක අම්මලා තාත්තලාට හරි වැදගත් උනාට මට නම් නිකං කහනවා වගෙ ඔක බලන්න.. මං ඉතිං අහක බලං උන්නා.. මෙන්න පොඩි එකෙක් කතා කරනවා.. අවසානයෙ කියනවා.. එයාගෙ හීරෝ බැට් මැන් කියලා...
මට බකස් ගාලා හිනා ගියා..  අපෙ ගෙදර ඔක්කොම මට එරෙව්වා.. මං මොනා කරන්නද හිනා ගියාට..
සමහර විට ඒ පොඩි එකා බැට් මැන් කියන්නෙ මොකාද කියලවත් දන්නවද දන්නැ..ටිච කියන දේ කරන්න එපැයැ.. මට මතකයි අපි නම් ඉස්සර මොන්ටිසොරියෙ වැඩ කරන්නෙ ටිච දෙන රයිට් එකට වඩා ටිචගෙ උම්මා එකට :D ඕං ඉතිං කියයි පොඩි කාලෙත් වල් කම කියලා.. ඔවා ඉතිං නොතෙරෙන කමටනෙ.. :D

මාතෘකාවෙ හැටියට මේක නෙවෙ කතාව.. මේක ඇවිල්ලා අපෙ ප්‍රසිඩන්ට් මාමා ලංකාවාසීංට දීපු හීන හා අලවුනු හීන වලට විකල්ප..!!
ඔය අතරින් ටිකක් වැඩිපුර කතා කරපු අපි දැකපු දේවල් ගැන කතා කරමු.


01 හම්බන්තොට වරාය
       ඕකට වරාය කිවාට.. තාම නැවු අවෙ නැනෙ හරියකට.. ඉතිං මං යෝජනා කරන්නෙ ඒ පැත්තෙ කොල්ලො කුරුට්ටන්ට.. බල්ටි ගහලා වතුරට පනින්න.. තව නානාප්‍රකාරයෙ ජල ක්‍රීඩා කරන්න, හංස බොට්ටු පදින්න.. ඔය වගෙ එක එක දෙවල් දාලා ආසියාවෙ ලොකුම ස්විමිං පූල් එක කරමු කියලා.

02 රංමිණිතැන්න ටෙලිසිනමා ගම්මානය
        ඇත්තටම මේකෙ අපෙ ලංකාවෙ නලුනිලියො ටික දැම්මොත් උංගෙ තියෙන සුදත් ගිහිල්ලා අන්තිමට කරන්න වෙන්නෙ අප්‍රිකාවෙ වගේ ගොත්‍රික ජාතින් ඉන්න ෆිල්ම් විතරයි.. ඉතිං මං යෝජනවා කරනවා ඕකෙ ෆිල්ම් කරන එක නවත්තලා.. පිට රට ඉන්න සුද්දො සුද්දියන්ට අවුව තපින්න තැන් හදලා දෙමු කියලා..! ඇයි 7 දෙයියනෙ උං මුහුදු අයිනෙ ඉදන් කොයි තරම් දුකක් විදිනවද හම කලුකරගන්න
පොඩි ටිකට් එකක් කැඩුවාම ඕකට ගිය වියදම කවර් කරගත්තැහැකිනේ..

03 වීරවිල ගුවන් තොටුපොල
       ඔය හියිවෙ එකෙ රේස් පදින ලොකු මහත්තුරුයි සාමාන්‍ය පාරෙ බෙල්ල කඩා ගන්න දගලන අපි වගේ හිච්චි කොල්ලන්ටයි තියෙන ලොකු අඩුපාඩුවක් තමා, තියෙන විසෙ ඇරගන්න කාර් ට්‍රැක් එකක් නැති වෙච්චි එක.. ඉතිං මං කියන්නෙ ප්ලේන් පාර්ක් කරන්න කටුනායක තියෙන නිසා.. ඕකෙ කාර් ට්‍රැක් එකක් හැදුවා නම් හරිනෙ පොඩි පොඩි වැඩ කැලි දාලා අතල් එකක් ගන්න.. එතැකොට පාරෙ වෙන අනතුරුත් අඩු වෙලා අනික් මිනිස්සුන්ටත් කරදරයක් නැනෙ.. ඔය නාමල් අංකල්ගෙ රෙස් වලට කොළඹ ටවුම හිරකරන්න ඔනෙත් නැනෙ..

04 ක්‍රිකට් ක්‍රීඩාංගනය
      ඕකෙ ක්‍රිකට් ගැහැව්වොත් අපෙ ක්‍රිකට් ටීම් එක එතැනම කරවල වෙනවා.. එක නිසා මම යොජනා කරන්නෙ මහා පරිමාන කරවලා වේළනා ගාරයක් හදමු කියලා.
"kingපක්ශ පිරිසිදු කරවල"

05 නොරොච්චොල් ගල් අගුරු බලාගාරය
     (මුලින්ම මේකට දෙයක් හිතුනෙ නැ.. ඔන්න ආයෙ කල්පනා කරාම හරිනේ..)
මෙකෙන් කරන්න තියෙන්නෙ රටෙ ඔක්කොම කුණු ටික ගිහින් දානවා ඔතැනට.. පස්සෙ ගල් අගුරු වෙනුවට ප්ලාස්ටික් කැලි කඩ දාසි හැම මගුලම දාලා ගිනිතියනවා. අනික් පැත්තෙන් විදුලිය ගන්නවා.. කුණුත් පිච්චෙනවා.. විදුලියත් ලැබෙනවා.. සිම්පල් ප්ලැන් එකක්

06 මිහිං ලංකා
    මේකෙන් කරන්න වෙන්නෙ ලංකාවෙ හරි පිට රට හරි උංට රටවටෙ ට්‍රිප් එකක් දාලා එන්න චැන්ස් එකක් දෙන එක තමා.. තව මේකට හෙලිකොප්ටර් 2-3 ක් අරං සුදු පාට කරලා.. සුදු වැන් වෙනුවට රෙන්ට් කරන්නත් හැකිනෙ ? නැද්ද මං අහන්නෙ?

අනේ මංදා තව එව්වා ඇති මතක් වෙන්නෙත් නැ.. ඔය කමෙන්ට් එකකිං ලියලා යන්නකො එහෙම මතක් උනොත්.. මං මේක අප්ඩෙට් කරන්නම්..

ඉතිං මං කියන්නෙ.. ජනාදිපති මාමට ආයෙ ඔහොම හීන දෙන්න කලිං.. ඕක හරියටම ප්ලැන් කරලා.. ගන්න පුලුවන් තරම් හැම තැනින්ම ආදාර අරං ඔය කරන මගුලක් කරන්න.. ඊලගට හදලා ඉවර වෙලා අපිව සර්ප්‍රයිස් කරන්න වගේ "ටරා" ගාලා ඔපන් කරන්න.. 
අපිට උනත් එතැකොට තමා කික් එකක් එන්නෙ.. නැද්ද මං අහන්නෙ ?


පාලී: මාව උස්සන්න සුදු වැන් නම් එවන්න එපා.. මැරෙන්න කලිං ආසාවක් තියෙනවා හෙලිකොප්ටරෙක යන්න.. එක නිසා අරමිහිං ලංකා සුදු හෙලිකොප්ටර් ප්‍රජෙක්ට් එක පටන් ගෙන ඒකෙ මුල්ම මගියා විදියට මාව ගන්න..

එහෙනම් ජය  වේවා..!!

 ද බනී..