හැමදාම උදේට නැගිට්ටාම
ජනෙලෙන් පෙන්නෙ මට
දිරච්ච ගහමයි..
වෙලාවකට මහ මුස්පෙන්තුයි වගෙ හිතුනට
ඒකත් අපෙ ජීවිතේට සමයි නේද කියලත් හිතෙනවා
ඒකෙ සුන්දරත්වය මං විදින ගමන් එක එක දේ කල්පනා කරනවා
කොලයක් ඇහැට දකින්න නැතත් ඒක කුරුල්ලන්ට හෙවන ගේනවා
එයාගෙ පුංචි අත් විහිද ගෙන
කොල නැතත් සෙවන හදන්න අර අදිනවා..
හිතන්න
අපෙ ජීවිතෙත් මේ ගහම නේද..?
අපි ජිවත් වෙන්නෙ ඇයි?
වෙන කෙනෙක් පෝශණය කරන අරමුනෙන් නෙවෙද?
අපිත් ජිවත් වෙනවා තමා..
එත් අපි පිට අයව ජීවත් කරවන්න උත්සාහා ගන්නවා කියලා හිතෙන් නැද්ද?
අනිත් ගස් වලට වඩා කුරුල්ලො කැමති මේ දිරච්ච ගහට
මේක ලියන කොටත් මේ ගහෙ කුරුල්ලො ගොඩක් ඉන්නවා..
මැරෙන්න යන ගහට සලකන කුරුල්ලො එතැන ඇත්ද?
නැත්නම්
ඔන්න උඹ මැරියන් අපිට උඹෙන් හෙවන විතරක් දියන්
කියන කුරුල්ලොත් ඇති නේද?
අපේ ජිවිතෙත් එහෙම නෙවෙද?
මකුළු අම්මා බලන්න
දරුවන්ට ආදරෙන් එයාව විනාශ වෙනකම් බලන් ඉන්නවා..
මේ ගහත් එහෙමයි..
එයා විනාශ වෙනවා..
ඒත් තාම දරුවන් රැක ගන්න හෙවන හදන්න හදනවා..
අපිත් දිරච්ච ගස් වැනිය..
අවශ්‍ය වන්නෙ දිරච්ච බව නොව.. කරන්න හැකි දේ ගැනය!!

මේ තියෙන්නෙ ඒ ගස |

කපලා දාලා රඹුටන් ගහක් හිටවපන් :ඩී
ReplyDeleteහොඳ වෙලාවට ගහ දිරලා තිවුනේ..නැත්තං ඒකත් මෙලාට... නැහ්..එක්කෝ ඕන නැහැ...:D
ReplyDeleteමකුලිච්චි පැටව් ආවම මැරෙනවද බං??????
ReplyDeleteදන්නැති හින්දා අහන්නේ
අවශ්‍ය වන්නේ තත්වය නෙවෙයි ඉන්න තත්වයෙන් කරන්න පුලුවන් දේ........ බොට ඔය ගහ දකිද්දි පහල වෙන්නේ නැද්ද මේ ගහ වට අඩි කීයද? ලෑලි කොච්චර ඉරන්න පුලුවන්ද වගේ අදහස්
ReplyDeleteබොට ලී මෝල් බිස්නස් එක ගැලපෙන්නෙ නෑ බනියො.
ReplyDeleteබොහෝම ස්තුතියි බස් රේඩියෝ බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට
ReplyDeleteමල්ලිගෙන් දැකලා නොතිබුන ආරෙක නිර්මාණයක්.......
ReplyDeleteපිස්සු බනියා ඇතුලේ සංවේදී බනියෙකුත් ඉන්නවා නේද.......
නියමයි !
ReplyDeleteඑල එල...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගස් දිරනව තමයි,
ReplyDeleteඒත් ඒවයින් අලුත් පරම්පරාවකුත් නිර්මානය වෙනව..
ගහ කපමු
ReplyDeleteමෝලට ගෙනියමු
ලී ඉරමු ...
හොඳ අදහසක් සහෝදරයා
ReplyDeleteපින්තූරේ නියමයි,කලාත්මකයි
අවශ්‍ය වන්නෙ දිරච්ච බව නොව.. කරන්න හැකි දේ ගැනය!!
ReplyDeleteසිරා කතාව