Thursday, June 28, 2012

විවාදය..

        මේක මේ අම්බානෙක පරන කතාවක්.. මං ඉස්කොලෙ යන කාලෙ O/L කලැසියෙ ඉන්දැද්දි වෙච්චි සීං එකක්..
ඔන්න අපෙ සිංහල සර් ඇවිල්ලා කීවා
ළමායීඊඊඊ හෙට අපි විවාදයක් පවත්තනවා!! ඇගයීමක් විදියට අරන් ලකුණුත් දෙනවා..
ඒකට සූදානම් වෙලා එන්න ඔනී .. මං ගෑණු ළමයි හා පිරිමි ළමයි වෙන වෙනම කංඩායම් දෙකට දානවා.. මාතෘකාව තමා
රූපවාහිනිය හොඳයි හා රූපවාහිනිය නරකයි. කියන එක!
කොමින් කෝම හරි තුංඩු උඩ දාලා පිරිමි ළමයින්ට ලැබුනෙ රූපවාහිනිය හොදයි කියන මාතෘකාව යටතේ කතා කරන්න.. කල්ල මරේ.. ඕකට ආයෙ පාඩම් කරන්නත් ඔනියැ.. සිං සිං ගාලා වචන එනවානේ.. අනික මහ මොන්ටිසෝරි මාතෘකා දෙකක්නෙ.. ඔක 2 වසරෙ එකෙක් ගෙන් ඇහුවත් උත්තර දේවි..
3-4 දෙනෙක් බැ බැ කියලා කනුකුණු ගෑවට මං නම් උන්නෙ ෆුල් හැෆි එකෙ.. දෙන්නම් ජම්බු කියලා..
ගෙදර ඇවිල්ලා google කරලා ටිවී එක හදපු බුවා හොයා ගත්තා.. මං හිතන්නෙ මයෙ ජිවිත කාලේකට ඉස්කොලෙ වැඩකට කියලා google කරලා හොයා ගත්තෙ ඔය වචනෙ විතරමයි!!
කොච්චර පොර ටෝක්ස් දුන්නත් සාමාන්‍ය දැනීම නම් බිංදුවේ.. ඇයි දෙයියනෙ මං පන දාගෙන ඕක හොයලා මල්ලිගෙන් වීරයා වගෙ ඇහුවා..
අඩෝ උඹ දන්නවද ටීවි එක හොයාගත්තු  මැන්ස්ගෙ නම ?
මල්ලි: ජෝන් ලොගී බෙයාඩ් ද ?වස ලැජ්ජාව.. මූ සිස්සත්තෙට වැඩියෙන් පාඩම් කරලද කොහෙද..
මං එතැනින් ශේප් එකෙ මාරු උනා..
ඔන්න දවස..
ළමයි පංතියෙ දෙකට බෙදුනා.. ගැණු ළමයි එක පැත්තක.. අපි එක පැත්තක.. වැඩේ නැගලම යනවා.. එක එක අය එක එක ටෝක්ස් දෙනවා.. සමහරු තර්ක බිදිනවා..
මගෙ වාරෙත් ආවා.. මං දුන්නා අලි ටෝක්ස් නිකං තුරුම්පු එක පාර හලපු බුවා වගෙ ලුක් එකක් අරන්.. සරුත් පුල් මාන්දමිකව අහගෙන ඉන්නවා..
චූටි චූටි වලිත් යනවා..
ඔය අතරෙ කෙල්ලෙක් නැගිටලා කියාපි.. 
           අද සමාජෙ අන්තිමටම පිරිහිලා.. කෙල්ලෙක්ට පාරෙ බැහැල යන්න බැහැ.. මොකද අසභ්‍ය දර්ශණ ටීවි එකෙ පෙන්නලා.. කොල්ලො ඒක අත්හදා බලනවා.. මේ ටීවි කියන ජාතිය රටින් අතු ගාලා දාන්න ඔනේ..

ඔන්න ඔව්වා නම් මට දිරවන්නැ හරියෙ.. අහිංසක විදියට අපි සූරපප්පා හේම බලාගෙන ඉන්න කොල්ලො.. නිකං 2.50ට දාලානෙ කතාව.. මගෙ උශ්ණත්වය 200 ටත් එහා නැග්ගා.. කණ රත් වීගෙන අවා.. මූන රතු උනා..මාව නැගිටුනා..

සර්.. ඔය කීව එක හරි කියමු.. ඒත් සර්.. ඔවාගෙ ඉන්නෙ මුන්මනෙ ??

ඉතිරි කොටස සෝචනීයයි.. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ..

සිංහල සර්ගෙන් සිංහ(ලෙන්) ම අහ ගත් මම
ද හාවා..෴


..

Monday, June 11, 2012

විවාහය

ඇගේ අතින් අල්ලා මා වෙරල තීරයේ පිය නගන්නට විය.. මිනිසුන් අපදෙස ඔනැකමින් බලනවායැයි මට විටක සිතෙ.. මගේ සුරතලියගේ හුරතලය, ලස්සන, මේ සියල්ලටම මිනිසුන්ගෙ හිත මෙන්ම ඇසත් යොමුවෙනවායැයි මට හැගේ.. මට මහත් හිසරදයක් මෙන්ම ඉරිසියා ගෙන එන්න එයමය..
කාලකන්නි!!
මුංට කරන්න වැඩ නැතිවද මංදා අපි දිහා බලන්නෙ..
වාසනාවට අද බංකුවක් තියෙනවා.. අපේ රාජදාණිය අටවාගැනිමට බංකුව වෙතට විගස පියනගන්න උනෙමි..
හෝව් අයියෙ හොව් වාඩිවෙන්න එපා.. ඒ ඇගෙ කට හඩයි..
ඇයි ඇයි නංගි ?
නැ මේ කාක්බෙට්ටක්..
ඇක්කා.. මම කඩදාසිකැබැල්ලක් ගෙන පිසදමන්න විය.. මා ඉන්නෙ වෙන ලොවකමදැයි මට නැවත සිතෙන්නට විය.. ඈ මට අනතුරු නොඈගෙව්වා නම්, එම නැවුම් වසුරපිඬ මාගෙ පස්චාත්භාගයේ ගැවෙනවා නොවනුමානය!! ඇගේ දෙනෙත් තීක්ශණය, වට පිටාවෙහි අවඳාණය ඇ කිසිවිටෙක අතනොහරිති..!

අයියෙ මට බඩගිනී.. ගෙනාපුවා කමුද ? හා කමු.. මම බැගයෙන් ගත් රෝල්ස් එක ටිශූ එකක ඔතා ඇ වෙත දුන්නෙ පුල් ඩීසල් ලුක් එකකිනි.. ඈද සිනහවක් දමා එය උදුරා ගත්තෙ, පාරෙ ඉස්ටිකර් වෙච්ච පුසෙක් දුටු කපුටෙක් මෙනි.. සොරි කපුටියක් මෙනි.. වල් පල් දොඩමින් එය ගිල දමන්නට විය.. අවසාන කැල්ලට ලං ඌ කල කලින් තිබූ පිරිසිදු ඩීසන් බව පහව ගොස් ඌරන්ට මොන සෞඛ්‍යදැයි රොල්ස් කැබැල්ල අතට ගෙන කන්නට විය.. නැතිනම් මාගෙ සිහිවිකල් භව නිසා ටිශූ එක නොදැනුවත්ම බඩට යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිවිය හැක..

කතා කරන්න බොහෝ දේ ඇත.. ඇගෙ වතුර බෝතලයෙන් වතුර බොන ගමන්..
නංගී ඉතිං මොනා හරි කියන්නකො..
ඔයාම කියන්න අයියේ..
මට බැහැ නංගි.. ඔයා කියන්න..
ම්ම්ම්ම්.. අපි ගැන කවද්ද අයියෙ ගෙදරට කියන්නෙ..?
ම්ම්ම්ම් ඒක නම් ලොකු ප්‍රශ්ණයක් තමා නංගි.. අපි තව ටිකක් ඉවසමුද?
හා අයියෙ.. කොහොමත් තාම ශිෂ්‍යත්වෙත් ඉවර නැහැනෙ..
හ්ම්ම්..
මේ නංගි.. අපි බදිමුද?
පිස්සුද අයියෙ.. තාම මගෙ චූටි මගුල ගත්තෙත් නැහැනේ..
හ්ම්ම්ම්ම්ම්ම්...


..................................................................
හම්බානෙක මනංකල්පිතයි..!
කතා දෙකක එකතුවකි.. අන්තිම කතාවෙ කෘතු මම නොදනිති..


ද බනී...


..

Saturday, May 26, 2012

නිවන්සුව..


මේක මේ මට අමතක වෙලා තිබ්බ රසකතාවක්.. අද තාත්තා මතක් කරලා දුන්නෙ.. ඉතිං ලියන්ඩ හිතුනා..

අපෙ අත්තම්මා.. අම්මාගෙ අම්මා.. නැති වෙලා.. අපි ගියා මල ගෙදර.. මං ටිකක් විතර පුංචී.. මට ඒ හැටි ගානකුත් තිබ්බෙ නැහැ.. අපෙ අම්මා නම් අඩාගත්තු ගමන්මයි.. එත් මට නම් ඒක ට්‍රිප් එකක සතුටක් ගෙනාවේ. ඒ ඇයිද මං දන්නැ.. සමහර විට අම්මාගෙ පවුලෙ ඔක්කොම නෑ දැයො එකතු වෙන නිසායි.. ඒ අයගෙ ළමයි එක්ක හොද හැටි නටන්නයි පුලුවන් වෙන නිසා වෙන්ඩැති..

බීම බොන්න.. ගඟේ පීන පීන නටන්න. බෝට්ටු පදින්න.. මාලු අල්ලන්න. තව මං ආසම කරන වැලි පොලවේ බොරු වලවල් හාරලා.. කවුරු හරි චුටි ළමයෙක් ගෙනැල්ලා ඒ වලට දාන්න.. මැංගුස් කඩන්න.. කන්නෙලියෙ යන්න.. කැලේ ඇතුලෙ රවුන් ගහන්න.. කොච්චර සුංදර පරිසරයක්ද ඒක.. ?

අත්තම්මාගේ මරණෙ මුල් දවස් වල වැඩකටයුතු සාමකාමීව උනා.. අපේ ගමේ අයත් අත්තම්මලාගෙ ගමට ඇවිල්ලා තිබ්බා.. ඒ අපෙ තාත්තා වෙනුවෙන්..
ඉතිං ඒ අතරෙ.. වැඩි හිටි කෙනෙක් වෙන.. අපි ආදරෙට කියන රාලහාමි සීයත් ඇවිල්ලා උන්නෙ..
ඒ සීයා තමා පංසලේ දහම්පාසලේ ප්‍රදාණ ආචාර්ය..
            ඔනම වැඩකදි පැනලා දෙන්න සීයා මාර දක්ශයි.. ඉතිං ඒ වෙලා වල හීනියට කොර වෙච්ච වෙලාවලුත් නැත්තෙම නැ..

දවසක් දහම් පාසලේ සමිතිය වෙලාවේ.. සියාට කතාවක් තිබ්බා.. සීයා නොදන්නා සංගීතයක් ගැන කියලා මාර චාටර් එකක් කැවේ.. ගත්තා මයික් එක..


අකුරු මැකි නැ කොල ගැලවී නැ බොද වී නැ සිතුවම්..
ඉස්සර වාගේ.. තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්.. //

මේ ඊරී.. බිම සීරි.. කුන්ඩුමනී හිස පීරි..
දෝසිය පුරාවා දීසි දමා ලා.. හුටා!!

ඊට පස්සෙ මොනාදෝ බයිලා වගයක් කියලා ශේප් උනා..

එත් අද කතාව ඕක නෙවෙ...! මල ගෙදර.. සීයටත් ගමෙන් ගිය අයගෙන් කතා කරන්න කතාවක් දුන්නා.. ශෝකය ප්‍රකාශ කිරීම!

ඇත්තටම අද ඉතා සෝචනීය දවසක්.. අපේ මේ උපාසක මහතාගෙ (අපෙ තාත්තා) ප්‍රිය බිරිද ගේ ආදරණීය මවු තුමිය අද අප දමා යන්නට සැරසී ඇත.. මේ උපාසක මහතා (අපේ තාත්තා) ඉතා අගනා සේවයක් ගමට කරමින් නම දිනාගෙන සිටින මනුස්සයෙක්.. ඔහුට නිතැනින්ම උදව් උපකාර කරන්නෙ ඔහුගේ ප්‍රිය බිරිද.. එවන් දුවෙක් ලබන්න මේ අද අපෙන් සමුගන්න මවු තුමිය වාසනාවන්ත වී ඇත.. ඉතිං ඒ මහතාට (අපෙ තාත්තාට) අපි නිවන්සුව ප්‍රාර්ථණා කරමු..!!

මලා..! අහන් උන්න මිනිස්සු කොහොම හිනාව තදකර ගෙන හිටියද කියන එක මාර ප්‍රශ්ණයක්!!


ද බනී..෴


..

Thursday, May 10, 2012

මාමංඩී

මෙහෙම ඉදලා බැ අයියෙ.. ඉක්මනට ගෙදර ඇවිල්ලා අපෙ අප්පච්චිට කියන්නකො..
ගෙදර කවුරු හරි මෙහෙම ඉන්නවා අපිව දැක්කොත් ?

ඒ ඇගේ හැමදාම play වෙන track එක.. මට ඕක හිසරදයක් වෙලා තියෙන්නෙ.. එත් වෙලාවකට හිතෙන්නෙ මගේ නොහැකියාවදෝ කියලත්..

හරි හරි නංගි.. මං ලඟදිම ඇවිත් අහන්නම්..

ඔයා හැමදාම ඔහොම කියල මගඅරිනවා.. මොකක්ද අයියෙ.. කතා කරන්න බයද ඔයා ?

බය ? පිස්සුද මං බය නැ.. මං එන්නම්..

හරි ඔයා ඉරිදා එන්ඩ ඔනි අපෙ ගෙදර.. අප්පච්චි ගෙදර ඉන්නවා..

හ්ම්.. හරි මං එන්නම්කො..
මම ඇගේ නලල් තලය සිපගන්නට විය.. එහි පහසට ඇගේ තොරතොංචියක් නැති කට වැහෙන බව මා හොදාකාරයෙන්ම දැනන් උනිමි...
.......

සුපුරුදු පරිදි රාත්‍රියේ මා facebook හි සැරි සරමින් උන්නෙමි.. එක එක අයගේ ලයික් කමෙන්ට් බල බලා කරන්නෙ කාලය කාදැමිමක් යැයි සිතුනත්.. එයට මා ඇබ්බැහි වී ඇත.. එහෙත් රාත්‍රියට කලයුත්තක්ද නැත..

මේ අතර වාරයේ මගේ chat box එකෙන් pop සද්දය ඇසි මම බැලිය..

#.හලෝ මල්ලියා.. කොමද ජිවිතේ ??

#.ආ රීරි යකා අයියේ.. :D කොහොමද ජිවිතේ ?

#.ඔන්න ඔහේ ඉන්නවා මල්ලියේ..

#.අයියා කාලෙකින් බ්ලොග් එක ලිවෙත් නැ නේ ?

#.ඔව් මල්ලි වැඩ වැඩි.. මේ ළමයින්ගෙ වැඩයි හැම මගුල්ම..

#.හික් හික් හික්.. එහෙම තමා අයියේ හිරෙ විලංගුවේ වැටුනා වගේ තමානෙහ් ?
අර කියන්නෙ විවාහය රස අඹයකි.. එය උරන්නා අමු මෝඩයෙකි කියලත් :D

#.ඒක හෑබව.. හික් හික්.. මල්ලි මම යන්ඩ කියලා..වැඩ වගයක් තියෙනවා.. අපේ ගෙදර එක්කෙනත් කතා කරනවා.. මං ගිහින් බලලා එන්නම්..

#. හරි හරි අයියේ පස්සෙ සෙට් වෙමු.. මාත් හෙට ගමනක් යන්න ඔනි.. වැඩ වගේකට.. හෙනම් ගුඩ් නයිට් ඇ.. ටටා බායි..!!

#. හරි මලේ ටටා බායි..!!

...............
හිතෙ කවදාවත් නැති චකිතයක්.. වෙනදට ඉරිදා මෙහෙම නැහැනෙ.. ෆන් එකේ ඉන්න දවස.. හ්ම්ම් ලොකු පිම්මක් පනින දවසක්..

මම හෙමින් හෙමින් ඇගේ ගෙදරට පියනැගුවෙමි.. ඒ ඇගේ ඉල්ලිම ඉටුකිරීමටය..
අද හොද උවහොත් අපිට කිසි කරදරයක් නැතිව එක් විය හැක..!!

ගෙට්ටුව විවෘත්තව ඇති බැවින් මම දොරකොඩටම ගොස්.. ගෙදර කවුදැයි සංවරව ඇසිය..
අද ෆුල් ඩීසන් වියයුතුමය.. නැත්නම් ලකුණු කැපෙනවා ශුවර්ය..

ඉක්බිති මැදිවියේ කාන්තාවක් පැමිණ ඇයි පුතා යැයි ඇසිය..
මාගේ කකුල් දෙක මැඩ්ලින් ගහන්නට විය. දැකලා පුරුදු මුහුණකි...
මේ මේ ඇන්ටි.. අංකල් ඉන්නවද..?
ආ ඉන්නවා.. ඔහොම ඉන්න මං එන්න කියන්නම්..
හ්ම්..
ගතඌයේ ස්වල්ප මොහොතකි..
මගේ හදවත නැවතී ගොස් ඇති සේයක් දැනිනි.. විශ්වයම මා වටා කැරකැවෙමින් ඇත.. මියගොස් ඇත්දැයි බැලිමට මම අත කොනිත්ත ගත්තෙමි.. එහෙත් මම ජිවතුන් අතරය.. මේ මා දකින්නෙ සිහිනයක්ද නොවෙය..
දෙයියනේ..
රීරි යකා අංකල්... ??



පාලි: ජිවිත කතාව නම් නෙවේ ඇ :D





ද බනී..෴

..

Tuesday, April 24, 2012

සිග්නල් දාන්න දන්නවද..?

මුලින්ම කියන්න ඔනේ 22 ගෙට් එක නම් එළ.. අලුත් සෙට් එකක් අදුර ගත්තා .. ඒත් අර මගේ ශොර්ට් ටයිම් මෙමරි  ලූස් සීං එක නිසා.. ගොඩක් අය අදුර ගන්න බැරි උනා එයාලා කියන කම් :D

කතාව:
මේක අද හවස උනේ.. මගේ ලේ රත්වුන සීං එකක්..

වෙලාව හවස 5.30 විතර..  මගේ කකුලේ ඇගිල්ලට බෙහත් දාගෙන ඇවිත් වාහනේට නැගලා එන්න පිටත් වෙන්න හදද්දි.. වාහනේ නැවැත්තුවෙ දකුණු පැත්තෙ ඩොක්ටර්ගේ කාර් එකට ඉස්සරහින්.. අනික් පැත්තෙ ඉඩ නැති නිසා.. මම හොදට පාර බලලා වාහනේ පාරට ගන්න හදද්දි.. මෝටර් සයිකලයක් ඇවිත් ගෑවි නොගෑවි ගියා.. ආපු වේගෙට උන්ට කොන්ට්‍රෝල් කරගන්න බැරි උනා.. එතැන වංගුවත් එක්ක..
ඒත් මං ආවේ මෝට සයිකලයක නෙවෙ.. රෝද  4 ක වාහනේක.. ඒක ඔනි එකෙක්ට පේන්න ඔන පේන්නෙ නැත්නම් ඌ පොට්ටයෙක්.. අනික මේ එළිය තියෙන වෙලාවේ.. මං ඩක් ගාලා බ්‍රේක් කලේ නැත්නම් උං දෙන්නා අනිවා වාහනේ වැදිලා විසික් වෙනවා..

වැරැද්ද උංගේ අතේ තියෙද්දි පිටි පස්සෙ ආපු පොර බැහැලා ඇවිත් මට සද්දෙ දානවා.. මට වාහනේ පදින්න උගන්නන්න එනවා..
සිග්නල් දැම්මෙ නැලු.. පාරට ගද්දි බලන්න ඔනිලු.. ලයිශන් තියෙනවද අහනවා.. ගහන්න වගේ..
ටික වෙලාවක් යද්දි වටේටම මිනිස්සු ආවා.. හැම මනුස්සයෙක්ම මගෙන් අහනවා මොකද පුතා ප්‍රශ්නේ කියලා.. අරුන් මට අතක් හරි ඉස්සුවා නම් අර ඒ ගමේ මිනිස්සුන්ගෙන් ස්ටිකර් වෙන්න වදිනවා. !

මං උගෙන් අහපු ප්‍රශ්ණ.. 

01. මට නම් ලයිශන් තියෙනවා.. මහත්තයාට ලයිශන් තියෙද ?
 ඔව්
02. රෝද 4 ක වාහනයක් කලින් පැදලා තියෙනවද?
 ඔව්
03. සිග්නල් සුවිච් එක තියෙන්නෙ වමේද දකුණෙද?
  වමේ..
04. එහෙනම් මහත්තයා මට සිග්නල් ගැන උගන්වන්න එන්නෙ කොහොමද? 
  වටේ උන් හොද හූවකින් සංග්‍රහ කලා මැන්ස්ට.. අයියා පාට් ඔක්කොම ඉවරයි..

මේ මනුස්සයෝ.. සිග්නල් එක දැම්මාම වාහනේ පාරට අරන් රෝදෙ කෙලින් උන ගමන් සිග්නල් සුවිච් එක ඔටෝ ඕෆ් වෙනවා.. මේක රෑ උනා නම් වාහනේ පාර්කින් ලයිට් දාලා තියෙනවා.. රතු ලයිට් වලින් වාහනේ පේනවා.. ඔයාල පොට්ට නැනේ නේද?
වැරැද්ද කරලත් සද්ද දාන්න එන්නෙ මොකද?

සොරි සර් සොරි කියලා මිනිහා යන්න ගියා.. මෝටසයිකලේ පැද්ද පොර සද්ද දැම්මා නම් කමක් නැ.. පිට පස්සෙ හිටිය එකයි කැ ගහන්න ආවෙ.. අන්තිමේ නොන්ඩි වෙලාම ගියා..

ප්‍රශ්ණ වලදි අත පය දිග ඇරලා වැඩක් නැ.. මනුස්සයාව අදුර ගෙන වචනෙන් ගැහුවාම ඇති.. :)

පාලි: රෝද 4 ක වාහනයක් තිබ්බ කියලා මෝට බයිසිකලය හෑල්ලු කලේ නැත.. නීතිය නම් නීතිය හැමෝටම පොදු විය යුතුය.. රෝද 2- 3 -4 - 6- 10 උනත්.. හික්මීමක් හා සංවරව වාහනේ පදවන්ඩ ඔනී.. නැතිව ඕවා තියෙන්නෙ හරක් වහේ ඔහේ යන්නන් වාලේ යන්න නෙවේ..,

කතාව ඒ හැටි වැදගත් නැතිව ඇති.. එත් ඔහොම සද්ද දාන්න එන උන්ට ගහ ගන්නෙ නැතිව වචනෙන් ගහන්න පුරුදු වෙන්න ;)



ආයෙ සෙට් වෙමු..!!

..
...

Saturday, April 7, 2012

ඉරණම්කාරී


අනේ පිං අයියේ.. මාව බේර ගත්තට..
ඔයාගෙ නම මොකක්ද නංගි ?
සෙනුරි..
හරි නංගි පස්සෙ කතාකරමු.. ඔයාගෙ ගෙදර නම්බර් එක මොකක්ද?
මම ඈ දුන් නම්බර් එකට කතාකලා.. ගැහැනු කටහඩක්
හෙලෝව්?
මේ සෙනුරිගෙ කවුද?
ආ අම්මා.. ඇයි ඇයි එයාට මොකද ? කවුද මේ කතා කරන්නෙ ?
ආ අම්මෙ.. එයා මේ කලන්තෙ හැදිලා .. පාරෙ හිටියා.. පාර කියන්න මං ගෙදරට එක්ක එන්න..
අනේ දෙයියනේ..
අපේ දුරකතන ඇමතුම විනාඩි කිහිපයකින් අවසන් විය.. මම ඈගේ නිවස යැයි කී තැනට පැමිණිලා..
ගෙට්ටුව ලග කාන්තාවක් හා පිරිමියෙකු කලබලෙන් බලන් ඉන්නවා..

මේ සෙනුරිගෙ අම්මද?
ඔව් මහත්තයා.. ඔයා කවුද..? කෝ සෙනුරි..
සෙනුරි කාර් එකේ ඉන්නවා.. එයාට පොඩි කරදරයක් වෙලා..
මොකක්? ඒ කාන්තාව හඩාවැලපී කාර් එක දෙසට දුවන්නට විය.. මා ඇගේ පසු පසින් දිවගියෙමි

.................
මොකක්ද දෙයියනේ අපිට මේ උනේ..??? අනේ මගේ අහිංසක කෙල්ල..

කලබල වෙන්න එපා අම්මෙ.. ගිය දේ ගියා..
මට පාරෙ යද්දි විලාපයක් ඇහුනා.. සද්දෙ එන පැත්තට දිව්වා.. මම එනකොට පිරිමි 4 දෙනෙක් එයාව වටකරගෙන හිටියේ.. මං එනකොටත් එයාව විනාශ කරලා ඉවරයි..
සමහර විට උං මෙයා මරන්නත් හිතන් ඉන්න ඇති.. උං එක්ක මම ගහගත්තා.. උන් මටත් ගහලා පැනගත්තා..

................
මාස කිහිපයකට පසු..




අම්මෙ මං සෙනුරිව විවාහ කරගන්න කැමතී.. අම්මලා මොකද කියන්නෙ?

මොකක් ? මහත්තයෝ මේ කෙල්ලව අනාත උනා.. මහත්තයා ඒක දැන දැන ඇයි මේ අමාරුවෙ වැටෙන්න යන්න හදන්නෙ..?

ඒක අම්මා ගැටලුවක් කරගන්න එපා.. මට එයාගේ පිරිසිදු බව ගැන අදාල නැහැ.. අනික මම දැක දැක ඒ දේ සිද්ද උනේ.. මට සෙනුරි ගැන සැකයක් නැහැ.. එයා අනාත උනා.. සමාජෙන් කොන් වෙන්න දෙන්න බැහැ.. මං එයා බලා ගන්නම්..

අනේ මම දන්නැ මහත්තෝ.. මහත්තයා පුදුම මනුස්සයෙක්.. මේ පිනම ඇති බුදුබව ලබන්න..!! ඈ දෑත් එක්කර මට පිං දෙන්න විය..
...............

තවත් මාස කිහිපයකට පසු..

මචං වෙඩින් එකෙ වැඩ සිරාවට උනානේද?

ඔව් බං.. මං හිතුවට වඩා හොදට උනා..

සෙනුරි පට්ට ලස්සනයි මචං.. උඹෙ ලක් එක.. එත් බං.. ඇයි rape කරපු කෙල්ලෙක්ම බැන්දෙ උඹ ?
 මං උඹෙ හොදම යාලුවා වෙලත් ඒකට හෙතුවක් කීවේ නැනේ ???

සෙනුරිව කවුරුවත් rape කලේ නැ බං.. ඒක මමයි කලේ..
එයා මගේ GF.. :)

නිමි...෴

Thursday, April 5, 2012

බ්‍රිටිශ් කවුන්සිල්

මේක මේ මං හිච්චි එකා සංදියේ සිද්ද වෙච්ච දෙයක්.. ඒ කාලෙ මං ගියේ ගමේ ඉස්කෝලේට.. හැමදාමත් එකම ඉස්කොලෙට තමා ගියේ.. 
ඔහොම ඉතිං අර කැලේ පිපුනු මල් කැලේට පරවෙන්නා සේ අපි ඔහේ පරවෙවී පරවෙවී හිටියා.. කරදඩු උස් මහත් වෙලා.. දිග කලිසම් ගහන වයසට ආවාම.. අපේ ඉස්කොලෙට අලුතින් ටීච කෙනෙක් ආවා..
අනේ මං දන්නැ ටීචගේ රූපෙට කොල්ලො වසී වෙලා උන්නෙ.. ඒ වගේයැ නයගරා දිය ඇල්ලෙන් වැටෙනවා වගේ ටීචගේ කටෙන් හැලෙන ඉංගිරිසී .. හම්මෙ බලන් ඉන්ඩ ආසයි.. ඒ ටීච මට මතක කාලෙක සිංහලෙන් නම් කතා කරලා තිබ්බෙ නැ..
අපිත්
හ්ම් ටීච.. ඔකේ ටීච.. හරි ටීච.. යස් ටීච කිය කියා තමා උන්නෙ..

ඕම ඉතිං කාලයක් ගියා.. ටීච හා අපි එකතු වෙලා ඉස්කොලෙ ඇතුලේ ඉංග්‍රීසි ක්ලබ් එකක් හැදුවා.. ඒකෙන් එක එක දේවල් කලා.. කොරල්පර සංරක්ශණ වැඩද.. පංසල් ගැන විස්තර හොයන වැඩද.. හෆ්ෆච්චියෙ එක විකාරයයි.. කොම කොම හරි අපි බ්‍රිටිශ් කවුන්සිල් එකත් එක්ක සෙට් වෙලා වැඩ කරන තත්වෙටම ආවා.. එහෙන් අපිට තෑගි භෝගත් නොවඩුව ලැබුනා..

එකෝමත් එක මහ මූසලද දවසක.. දවල් 10 ට විතර.. එකෙක් ඇවිත්.. මචන් හාවෝ.. කියද්දිත් මට ඇඩෙන්න වගේ :(
මචන් හාවෝ.. අන්න ටීච ක්ලබ් එකට ඔක්කොටම එන්න කිවා ..
මොන මගුලක්ද?
මාත් ගියා..
ළමයි.. අපිට බ්‍රිටිශ්කවුන්සිල් එකෙන් දවස් 7 ක කෑම්ප් එකකට එන්න කියලා තියෙනවා.. මෙතැන හොදටම ඉංග්‍රිසි දන්න අයව මං තොර ගන්නවා.. කියලා අනේ මාවත් එක්ක තව කොල්ලෙකුයි කෙල්ලො 3 දෙනෙකුයි තෝර ගත්තා.. මොන කරුමයක් පලිසං දුන්නද මංදා :( මං දන්න ඉංගිරිසියකුත් නැ.. මොකට තෙරුවද මංදා.. කොහොමෙන් කොහොම හරි අපි ගියායැ කියමුකො.. දවස් 7 නම් සුපිරී ආයේ කියලා වැඩක් නැ..
කන්නද බොන්නද.. එක එක ජාතියේ සෙල්ලම්ද.. එත්.. මහ නරකම දේ.. එතැන එකෙක් වත් සිංහල දන්නැනෙ :S  අනික ඒ රටෙන් ආපු සුද්දො ටික ඉට හපන්.. මොනාදෝ අහනවා.. අපිත් හිනා වෙනවා.. :D
දවස් 2 ගියාට පස්සෙ අපි හිටපු හැමොම එක්ක හොද හැටි ෆිට් උනා.. අපරාදෙ කියන්න බැ ගාල්ලෙ කොල්ලො ටික නම් සිරා ඇ..
ඔය අතරෙ මාතර ප්‍රසිද්ද බාලිකාවකින් ආපු බාලිකාවියන් වගේකුත් උන්නා.. අනේ අම්මපා අර කොළඹ රටේ බවලත් උදවිය ගාවවත් නැ ඒ තරම් රැස්පට්..!! ෆුෆ්..

කොම හරි මහ මූසල හවසක.. අර මාතර බාලිකාවියක් උඩ තට්ටුවේ ඉදන් පහලට එබිලා..


Excuse me…
හෑ ?

hey.. you..
මොකා ?

you you...
මම ? මගුලයි.. මට කතා කරන්නෙ..

What time is it?

මේ මොන වින්නැහියක්ද වෙන්න යන්නෙ.. මට ගොනාට වගේ තෙරුනා මේ අහන්නෙ වෙලාවම තමා කියලා.. මොන කරුමයකට මං අලි ඔරලොසුවක් අතේ ගැට ගහන් උන්නද ?

දැන් මොනා කරන්නද ? දෙන්නම් ජම්බු කියලා..

ආ නංගි ... දැන් වෙලාව 2.45 යි..

fuf.. කෙල්ල ගැස්සුවා ගැස්සිල්ලක්..

කොල්ලො ටිකෙන් විසිල් ගොඩයි බල්ලටි ටිකයි.. !!

අඩො හාවා.. පට්ට මචං.. ඕකිගෙ අලි ඔලුවයි පංඩිත කමයි.. හොදම වැඩේ..

අම්මේ කමෙන්ට් ගොඩයි ලයික් ගොඩාආආඅයි.. :D

....... උන් දන්න එකක්යැ මට ඉංගිරිසියෙන් වෙලාව කියන්න බැ කියලා... අනික 2 - 3 වගේ නම් කොම හරි කියතැහැකි.. 2.45 කොම කියන්නද? :D


කොහොම උනත් වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කතාව ඔප්පු නොකර.. ජාමෙ බේරගෙන ගන්න තියෙන උපරිම ෆන් එකත් අරගෙන.. අපි ගෙවල් බලා ආවා.. අර කෙල්ල මට හිටිය සතියෙම ඔරවපු එකමයි කලේ.. :D මං මොනා කරන්නද.. දන්න සිංහලෙන් ඇහුවා නම් ඉවරනේ :D



පාලි : කොහොම උනත් අපේ ඉස්කොලෙ දකුණු පලාතෙ එකම ප්‍රදිපා පාසල විදියට නම් කෙරුනා..
ඉංග්‍රීසි මාද්‍යයෙන් උගන්වන්න හැම පහසුකමක්ම ලැබුනා.. ඒ ගැන පට්ට සංතෝසයි..




....