Monday, November 9, 2009

Maya install කරමු.

   ගොඩක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි Maya මෘදුකාංගය  install කර ගන්න එක. මේක ගොඩක් අයනම් දන්නවා ඒ උනාට Maya පලමුවෙම්ම පටන්ගන්න කට්ටියට නම් මේක ටිකක් අමාරුයි. අමාරුයි කිව්වාම බය වෙන්න එපා. පොඩි වැඩක් කරන්න තියෙන්නෙ. ඉතින් කතාව ඇති අපි බලමු කොහොමද මේක හරියට install කරගන්නෙ කියලා.



01.  පලමුව ඔයා  Maya DVD හො CD එක ආදාරයෙන් ඔයාගෙ පරිගනකයේ windows තිබෙන partition එක මතට ස්ථාපනය කරගන්න. 

(මෙම මායා මෘදුකාංගය ස්‍ථාපනය වෙන්නේ ඔබගේ C:\ එනම් වින්ඩෝස් ඇති partition එකටයි. ඔබට පරිගනකයේ ඉඩ පිලිබද ගැටලුවක් පැනනැගුනහොත් වෙනත් partition එකක් තෝරාගත හැක. මම මෙය සකසා ඇත්තේ windows ඇති partition එකට ස්ථාපනය කරන ආකාරයටය. ) 

02. ඉන්පසු එම windows partition එකේ FLEXLM යනුවෙන් Folder එකක් නිර්මාණය කරගන්. ( C:\FLEXLM )





03.   පසුව ඔයාගෙ Maya  CD හෝ DVD එක ඇතුලෙ තියෙන crack folder එක open කර ඒකෙ තියෙන  aw හා awkeygen කියන File දෙක copy කරගෙන ඔයා නිර්මාණය කරපු FLEXLM නම් Folder එකට Paste කරගන්න.








04.  ඉන්පසු ඔබ Start > Autodesk > Common Utilities > FlexLM License Utilities කියන මෘදුකාංගය open කරගන්න. (මෙය මායා සමග ස්ථාපනය වේ)


05. එහි System Settings යටතේ ඇති Ethernet Address කියන එක තුල ඇති අකුරු ටික Copy කරගන්



06.  නැවතත් ඔබ FLEXLM යනුවෙන් නිර්මාණය කරගත් Folder එක තුලට ගොස් එහි ඇති aw File එක right click කර open with ගොස් එය notepad එකකින් open කරගන්න.
 



    එවිට ඔබට මෙසේ දිස්වේවි..
 



07. මෙහි ඇති your_host කියන කොටස ඉවත් කර ඔයා copy කරගත් Ethernet Address එක past කරගන්න. පසුව එය save කර close කරන්න.
   

08. ඉන්පසු එම aw file එක awkeygen කියන file එක උඩට ඇදගෙනවිත් අතහරින්න 





එවිට ඔබට දිස්වේවි කලුපාට command line එකක් ඇවිත් නැතිවී යන ආකාරය



    දැන් ඔයා Maya  Open කරලා බලන්න එය Open විය යුතුය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Saturday, October 31, 2009

මම දැන් හාවෙක් !

ඔයාල හිතයි මට පිස්සු කියලා. ඇත්තටම මට පිස්සු හැදිලනම් නැ  ඒ උනාට මම දැන් හාවෙක් නම් වෙලා.  අපොයි...! අරමොකෝ.  මම වත් දන්නැ මම කොහොමද හාවෙක් උනේ කියලා. ආ හරි මේක උනේ මෙහෙමයි.
     අපේ මේ පිස්සා දන්නවනේ අන්න මෑන් එක්ක මම ගියා මාතර එයාගෙ වැඩ වගයකට. අනේ ඉතින් අපි එනගමන්  කතා කර කර එන කොට මෙන් මේකා මට කියාපි  Bunny කියලා.. "හික්" අනේ ඉතින් එනගමනුත් මට කතා කරන්නෙ  Bunny.. Bunny.. කියලා.. අපොයි  අනේ මම ගෙදර එනකොට නිකන්ම හාවෙක් වෙලා. ඉතින් මට හිතුනා බනී කෙනෙක් උන එක හොදයි කියලා. ඔන්න  ඉතින් මම මගේ blog අඩවිය  බනී අඩවියක් කලා  :D   ආ යේ ඉතින් මේකේ තින්ත පාරක් ගාලා අලුත් කරගත්තා. ලොකු වෙනසක් වෙලා නේ...
ඉතින් හොදයිනේ  ඔයාල මට කියන්න මම හාවෙක් උන එක හොදයිද ?

අද ඉදන් මම හාවෙක්....(හොදටම පිස්සු)

Monday, October 5, 2009

ඔබේ පරිගණකයත් මන්දගාමීද ?

ඔයාගෙ computer එක ලගකදි ඉදල ටිකක් විතර slow වෙලා වගේ හිතෙනවනම් මෙන්න පොඩි උපක්‍රමයක් වේගෙ වැඩිකරගන්.

   ඔයා දන්නව ඇති windows වල වැඩ කරන කොට temporary file , ඒ වගේම අන්තර්ජාලයට යන කොට එන cookis වගේ දෙවල් නිකන්ම එකතු වෙනව. මේව අනවශ්‍ය විදියට එකතු උනාම  ඔයාගෙ කොම්පියුටර් එක slow වෙනව. ඉතින් මේ සියලුම අනවශ්‍ය file  එක වර මෘදුකාංගයක් නොමැතිව ඉවත්කරගන්න විදියක් අපි බලමු.

 මුලින්ම Notepad එකක මෙන්න මේ coding එක copy past කරගන්න.
---------------------------------------------------------------------------------------------------------------  
    @echo off
    del /s /q "%userprofile%\cookis\*.*

    del /f /q %windir%\prefetch\*.*

    del /f /q %windir%\temp\*.*
    del /f /q %userprofile%\local settings\temp\*.*
    del /f /q %userprofile%\local settings\temporary internet files\*.*


 --------------------------------------------------------------------------------------------------------------
ඊට පස්සෙ file name එකට කැමති නමක් දීල ".bat" file එකක් විදියට කැමති තැනක  save  කරගන්න
    e.g. :  delete all temp file.bat


එවිට ඔයා save කරගත්ත තැන මෙන්න මෙහෙම icon එකක් නිර්මණය වේවි.


ඊට පස්සෙ මේක උඩ ඩබල් click කරන්න
දැන් හරි. එවිට ඔයාට පෙනෙවි DOS වලින් ඔපන්වෙලා නැතිවෙලා යන හැටි.
ඔන්න දැන් ඔයාගෙ Computer එක වේගවත් වේවි

මෘදුකාංග නොමැතිව ‌Website එකක් Block කරමු.

     මට හිතුන පොඩ්ඩක් වින්ඩෝස්වල තියෙන පොඩි trix   එකක් ඔය ගොල්ලන්ට කියන්න.
වෙබ් අඩවියක් Block කරමු කිව්වෙ මෙහෙමයි. සමහර විට අපේ computer එක වෙන කෙනෙක් පාවිච්චි කරන කොට අනවශ්‍ය වෙබ් අඩවි වලට පවිසෙන්න පුලුවන්.  එක නවත්තන්න සරල ක්‍රමයක් තමයි මේ.
  
         වැඩේ සිම්පල්

   මුලින්ම   " C:\Windows\system32\drivers\etc "   කියන Folder එක ඇතුලට යන්න.
ඒකේ තියෙනව "hosts" කියල file එකක්. ඔයා එක notepad එකක open කරගන්න



"hosts" කියන එක notepad එකක open කරාම මේහෙම එකක් ඒවි.



ඒකෙ ඔය ඉතලය තියෙන තැනින් යටට වෙන්න අපිට Block කරන්න ඔන Website එකේ Link එක දෙන්න. එක දෙන්න ඔන මෙහෙමයි
Eg :-          

          127.0.0.2 www.youtube.com

තව එකක් Block කරන්න ඔනනම්. නැවත
           
          127.0.0.3  www.site name.com   or other

ඔය නිල්පාට කරපු ඉලක්කම මතක ඇතුව නිවැරදිව යොදන්න



දැන් ඔයා ගිහින් බලන්න ඒ website එක වැඩ කරනවද කියල.

ආ මතක ඇතුව ඔයාගේ web browser එකේ history එක clear කරල දාන්න. ඔයා පාවිච්චි කරන්නෙ firefox නම්  ctrl+shift+delete යතුරු තද කරහමත් හරි.

ඇත්තටම මේක ඉස්කෝලෙකට නම් නියමයි
මේ වගේ තව website block කරන විදියක් දන්නවනම් මටත් කියන්න

Monday, September 28, 2009

සිතුල් පව්ව විනෝද චාරිකාව

 කාලෙකින් අක්කයි අයියයි අපෙ ගෙදර ආවට පස්සෙ අපි හිතුව පොඩි චාරිකාවක් යන්න. ඒකට අපි තොරගත්තෙ සිතුල් පව්ව. මේ දවස්වල එහෙට තදින් පායන නිසා හරිම දුෂ්කරයි. අපි ගියේ තිස්ස මාහාරාමය පැත්තෙන් නිසා 30km පමන දුර තාර නොදාපු පාරක් දිගේ තමයි යන්න උනේ. පාර අයිනේ තියෙන්නෙ වියලිල ගියපු ගස් විතරයි.


  මේ තියෙන්නෙ අපි ගියපු පාරේ ගත්ත Photos ටිකක්







                                                     මේ අලි වැට

                                     වතුර පාරවල් ඔක්කොම හිදිල ගිහිල්ල






 තව මම ගත්ත photos තියෙනව. මෙතනින් බලන්න  Flicker :

ආ මට කියන්න බැරි උනා. මේ ඔක්කොම photos ගත්තෙ මගේ  Nokia 6120 classic   ජන්ගමයෙන්.

Friday, September 25, 2009

මොකටද Vista Gadgets..! මෙන්න Fedora වලටත් Gadget !

මේක මට අහම්බෙන් හම්බවෙව්ව දෙයක්. ඉතින් ඔයාලටත් කියන්න ඔන කියල හිතුන.

මුලින්ම බලන්නකො මේක....


කොහොමද හොදද?. නියමයි නේ....

ම්..ම්... මුනෙ හිනාව
අපි බලමු කොහොමද මේක ඔයාගෙ Fedora තියෙන computer එකට දාගන්නෙ කියල.
මුලින්ම Terminal එකට යන්නකෝ.
ඉට පස්සෙ මෙහෙම දෙන්න

   su -

ඊලගට

  yum install google*


දැන් හරි..

ඊට පස්සෙ
         Applications > Internet > Google Gadgets (Qt)

         මෙන්න Gadget
ඔයාට ඔන්නම් මේකට වෙනත් ගැජට් දාගන්න පුලුවන්.

ඒක කරන්නෙ මෙහෙමයි
මේ රතුපාට කරපු icon එක write click කරන්න
 

එකෙන් Add Gadgets.. click කරන්න


                                              කොහොමද ගැජට් තොගේ

ඔයාට ඔන ගැජ්‍ට් එකක් add කරගන්න

ඒ වගේමයි ඔයාට ගැජට් එකක් නිර්මණය කරගන්නත් පුලුවන්. ඒක කරන්නෙ මෙහෙමයි

Application > programming > Google Gadget Designer

මරු නේද..

ඔයාලත් උත්සාහකරල බලන්න.

අපිට ගැජට් බලන්න විස්ටම ඔනිද? විස්ට දේවිද ආ පුතේ ගැජට් එකක් හදන්න පුරුදු වෙන්න කියල Design Software එකක්. ? ඒක්‍ට Google

මේ වගේ තවත් Linux ගැජට් තියෙනවනම් මටත් කියන්න

Sunday, September 20, 2009

අහිතකර අධිශබ්ද ඔබේ මොළයත් කනත් විනාශ කරයි

මිනිසාගේ බාහිර කන,මැද කන හා අභය්‍යන්තර කන යනුවෙන් ඉතා පැහැදිලිව හදුනාගත හැකි ප්‍රධාන කොටස් තුනකි. අප බොහො විට කන යනුවෙන් හදුන් වන්නේ පිටතට නෙරා ඇති කර්ණිකාවෙන් හා ධ්වනි තරංග මැද කන වෙතට යොමු කරන බාහිර ශ්‍රවන නාලයෙනි.
ශ්‍රවන නාලයේ සිදුර මදක් ආවරණය කරන පේශිමය තැල්ල ට්‍රගසය (Tragus) නම් වේ. කර්ණිකාවේ පහත කොටසට අනුඛණ්ඩිකාව යයි කියති. බාහිර ශ්‍රවන නාලය (External Auditory Meatus ) අඟල් 1 1/4ක් පමණ දිගය. නාලයේ පිටත 1/3ක් සියුම් කෙස්වලින් අස්තරණය වී ඇත. එම කොටසේ ස්වේද ග්‍රන්ට්‍ ඉටි වැනි කලාඳුරු නම් නම් ශ්‍රරාවයක් හටගනි.මේ සියුම් කේස් හා කලඳුරු මගින් දුවිලි,ක්ෂුද්‍ර ජීවීන් වැනි දේ කන තුළට පිවිසිම වැළකේ. අධික වශයෙන් කලාඳුරු එක්රැස් වීමෙන් කන්බෙරය (Tympanic Membrance ) තෙරපෙයි. එවිට වෛද්‍යවරයකු ලවා එම කලාඳුරු ඉවත් කරවාගත යුතුය. මැද කනේ පියස්ස සෑදි ඇත්තෙ ඉතා සියුම් අස්ථි තහඩුවකිනි. මැද කන හරහා කුඩා ශ්‍රවණ අස්ථිකා (auditory Ossicles) පිහිටා ඇත.
ඒවා මුද්ගාරිකාව (Malleus ),නිඝාතිය (Incus) හා ධරණකය (Stapes) යන නම් වලින් හැදින්වේ.
මුද්ගාරිකාව කන් බෙරයේ ඇතුලු පැත්තට සවි වී තිබේ. එතැනින් පටන් ගන්නා අස්ථිකා දාමය කර්ණ පටහ කුහරය හරහා විරුද්ධ පැත්තේ බිත්තිය දෙසට යයි. මෙම බිත්තියේ කුඩා කවුළුවක් තිබෙන තිබෙන අතර එය අණ්‍ඩාකාර ගවාක්ෂයයි. මෙම කවුළුව තුළින්. අණ්ඩාකාර ගවාක්ෂයට ඇතුළතින් ආලින්දය (Vestbule) නම් වු මාධ්‍ය කුහරයක් තිබේ. මෙය උඩ පැත්තෙන් අර්ධ චක්‍රාකාර නාල තුනක් සමග සම්බන්ධ වේ.
බාහිර ශ්‍රවන නාලය ඔස්සේ ධ්‍‌වනි තරංග මැද කන වෙතට ළඟාවෙන අතර ඇතුළු කන වෙත ශබ්දය ගෙනයා හැකි ක්‍රම තුනක් තිබේ. ඉතා වැදගත් ක්‍රමය වන්නේ කන්බෙරය කම්‍පනය කිරීමයි. ජිවිත කාලය තළදි ශ්‍රවණ හැකියාව වටින් විට වෙනස් වේ. ස්නායු අන්ත උත්තේජනය (Enthusiam) වී ශ්‍රවණ ස්නායුව ඔස්සේ ස්නායු ආවේග (Neuro Impulse) මොලයට යයි. සාමාන්‍ය නීරෝගි කනකට තාරතාවේ (Pitch) වෙනස්කම් 1500ක් පමණ හදුනා ගත හැක. අධි ශබ්ද ප්‍රභේදයන්ට බලවේග (Power) යන්ත්‍ර, යානා හා ගුවන්යානා ශබ්ද, අධි සංගීත ශබ්ද යනාදිය ඇතුළත් වේ. කන් ඇසීම ආරක්ෂා කර ගනිමේ යෝග්‍යතම ක්‍රමය කන් ඇබ භාවිතා කරීමයි. සමහර සංගීත උත්සවවලදි Decibel එකක 100 ඉක්මවා යාම කර්ණ ආසාදනයට මුලික හේතුව වේ. මොළයේ සමහර කොටස්වලට හානි පැමිණිමෙන් සමතුලිකතාව නැතිවිමෙන් කෙලින් සිට ගැනිමේ හා ඇවිදීමේ හැකියා පරිහේ..