Tuesday, June 28, 2011

blog එකේ හිට්ස් වැඩිකරගැනීමේ ක්‍රම සහ විධි

මේක මගේ ඔලුවට ආවේ.. අර මලින්තයාගේ කතාවක් එක්ක.. මායි සුදාරක මලයයි (අර චූටි එකා) එක්ක ටිවිටර් එකේ පොඩි සද්දයක් දාගෙන ඉන්න කොට..

වැඩේ උනේ මෙහෙමයි.. සුදාරක ගේ ටිවිට් එකකටයි මගේ ටිවිට් එකකටයි.. මලින්ත දාලා තිබ්බා..
මෙන්න මෙහෙම..
Malinthe Samarakoon

අපි 1ක ඉදන් යං...

01. බ්ලොග් එකක් අටව ගතයුතුය.. ටෙම්ප්ලට් එක බලන එකා අංඤකොරොස් වෙලා යන්න තියෙන්ටොන

02. මෙකේ ඇඩ් 100-200 දැම්මට අවුලක් නැත. (කියක් හරි එනවා නම් මොකද නේද ? ) :D

03. පොස්ට් වල නම් එච්චර ගුණාත්මක බවක් ඇවැසි නැත.. (අලුත්ම ක්‍රමේ ඔය බයිලා ගහපු බ්ලොග් එකකිං සුරුස් ගාලා හොරකම් කරලා දාන්නත් පුලුවන්..නැත්නම් google කරලා, එක්කෝ yahoo සර්ච් පාරක් දාලා මොකක් හරි සොෆ්ට්වෙයාර් කැල්ලක විස්තර එක්ක තඩී පොටො එකක් දැම්මාම මදැ.. ඔන්න පොස්ට්)

(වැදගත්ම ටික)

04. කාගේ හරි බ්ලොග් එකක් අල්ලලා හොදට බැනලා පෝස්ට් එකක් දාන්න..

05. බ්ලොග් ලියන උන්ගේ, අඩුපාඩු, සොශල් මිඩියා වල අඩුපාඩු දාලා පොස්ට් එකක් දාන්න

06. බ්ලොග් ලියන උන්ට ඇනෙන්න පොස්ට් එකක් දාන්න (මෙක නම් සුදාරකයාගේ ප්‍රර්්‍යේශණත්මක වචනයක් :D )

07. තමන්ගේ ආගමේ තියෙන අඩුපාඩුවක්.. හෝ මොකක් හරි ජනප්‍රිය කතාවක වචනයක් දෙකක් සැරට ලියලා.. දාන්න..

08. තමන්ගේ දුක කියලා ඇඩෙන පොස්ට් එකක් දාන්නත් පුලුවන්. Eg: අනේ මට ලියුකේමියාව වගේ ලු මං මැරේලු :'( (අන්න ඒ වගේ)

09. නිලියකගේ මොකක් හරි ඕප දූපයක් හොයලා දාන්න, ඔය කවුරු හරී ජනප්‍රිය නිලියක් ඔඩෙල් බැග් එකක් අරන් පාරේ ගියා කියලා කිවත් ඇති..  (උඩ කියපු සියල්ලට වැඩියෙන් හිට්ස් එනවා ඒකට)

10. වැදගත්ම දේ මාතෘකාව.. මාතෘකා වලට උදාහරණ ටිකක් දෙන්නම් එවාගෙන් ඉගෙන ගන්න

 i  ආදරය   (ඔබමයි මගේ ජීවේ දාලා යන්නැ වස්තුවේ)
 ii  බුට්      (ඔබට හොද නම් මට මොකද)
 iii  රාගය   (ගැනියෙක් සමග සංසර්ගයේ යෙදිනි) 
 iv හැකින්     (ආතල් එකේ හැක් කරමු) (හැක් කිරිල්ල හෙවත් මරාගෙන කෑම)

11. තියෙන හැම බ්ලොග් එකකම කමෙන්ට් එකකිං ඔයාගේ බ්ලොග් එකේ URL එක දාගෙන යන්න (මරා ගන්නවා බලන්න මේ පැත්තට එන්න) අන්න ඒ වගේ

12. අල්ලපු ගෙදර එකා හරි කමක් නැ සුරුට්ටුවක්, බීඩියක්, ගන්ජා etc.. බොනවා දැක්කොත්.. සුරුස් ගාලා ඔයා කැරැක්ටර් එක මාරු කර ගන්න......
ඒ කියන්නෙ           අල්ලපු ගෙදර "මිනිහා = ඔයා" වෙන්න ඔනේ... ඔන්න දාන්න පොස්ට් එකක්.. මේක බීවා.. අරක බීවා කියලා.. හිට්ස් ඒවි නාන්න...

13. මංත්‍රී මාමා කෙනෙක් හරි රටේ ලොක්කෙක් හරි කරපු හොද දෙයක් ගැන දාන්නත්

14. කුණුහරුපෙන් තමන් හරි ඇනෝනිමස් කමෙන්ට් එකක් දාගන්න..


ඉතිං මේ ටික මදැ.. මේවා කරලා බලන්න.. ආයේ කියන්න දෙයක් නැ.. අවුරුදු ගානක පලපුරුද්ද මත ලියපුවා මෙවා..  හිට්ස් ඒවි එපා කියන්න..  :D


මේවා ලිවා වගේ නෙවේ.. බනියාට මරණ තර්ජනත් එන්න තියෙන මෙව්වා එක වැඩියි.. මොකද මං දැක්කා සුදාරක මලයා අර මලින්තගේ ටීවිට් එකෙන් පස්සෙ මෙන්න මෙහෙම දාලා තිබ්බා.. :D


Supun Sudaraka
අම්මටහුඩු වෙනව. මගේ ඊළඟ පෝස්ට් 10 ඇතුළත ඒ වගේ එකකුත් ලියනව. ;)
 
 
PirateBunny..෴ 
 
.

Saturday, June 25, 2011

බනියාගේ අල වුනු හීනය..

මේක මේ නින්දෙදි දැක්ක හීනයක් නෙවේ.. හැබැහින් දැක්ක එකක්..  කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැහැ .. එත් කියලා දාන්ටොන.. පොඩි හිත් කලකිරිමක් එක්ක තමා මෙක ලියන්නෙ..

ඔන්න බනියා දැක්කා FB එකේ කොකා කොලා සමාගමෙන් කරණ තරගයක්.. ඔකේ දිනුවාම දෙනවා කිවේ සැම්සුං කම්පැණි එකේ ගැලැක්සි ටැබ් කියන අලුත්ම ෆොන් එකක්ද සාක්කු මැසිමක්ද මොකක්ද මංදා තඩි ගැජට් එකක් :D ඔවා ඉතිං බනියාට මැජික් හා හීන නිසා.. ආසාවේ බැරි උනා..

ඉතිං තරගෙත් හරිම ලේසි එකක් වගේ දැක්ක නිසා බනියත් එන්ටර්ද සීං... ඉතිං බනියාට ඔනේ උනේ කවුරුවත් නොකරපු දෙයක් කරන්න.. තරගෙට අනුව ඔනේ කොකාකෝලා එකක් බීවාම Brrrrr වෙන දර්ශණයක් පොඩි කාලයක් ඇතුලත.. ඉතිං හැමෝම කරලා තිබ්බෙ ඇත්ත මිනිස්සු දාලා බර්ර්ර් ගාපු එක..

මං ඉතිං තියෙන පන්ඩිත කමට කල්පනා කරලා කල්පනා කරලා හිතුවා මේක කරන්න ඔනේ ස්ටොප් මොශන් වලින් කියලා.. ඔය ගැන ලිපියක් කලින් අනුරාද අයියා දාලා තිබ්බ නිසා ඔකේ ආශාව තවත් වැඩි වෙලා තිබ්බෙ :D

ඉතිං ඔන්න ඊලගට පොඩි අවුලක්.. ස්ක්‍රිප්ට් එකක් නැ.. ඒ සිංහලෙන් කිවේ කතාවක් නැ කියන එකටමයි :P

ඉතිං අයියන්ඩිට කිවාම ඌ කිවා මෙහෙම කරමු කියලා.. කොහොමද..

ඔන්න කාන්තාරයක් වගේ පැත්තක.. මනුස්සයෙක් යනවා වාහනයක් තල්ලු කරන්.. තල්ලු කරන් යන්නෙ වාහනේ කැඩිලා නිසා නේ.. ඉතිං මැන්ස්ට හරි මහන්සියි.. දැන් මෙකාට පෙනවා ලොරියක් එනවා.. එකට අත දැම්මාට.... බ්ලා බ්ලා බ්ලා.. විඩියෝ එක තියෙනවා කියලා අමතක උනානේ :D එකෙන් බලලා කතාව තිරණය කරන්න...

මං කියන්නම් ඔය මගුල හදපු විදිය..

අවශ්‍ය ද්‍රව්‍ය :

01. කම්බී  (හොදට නැවෙන එවා වෙන්ටොන, ගෙදරට කරන්ට් එක එන වයර් එකේ ඔය කම්බි තියෙනවා.. එහෙම කියලා ඒ වයර් එක ගලවන්න යන්න එපා.. අර හැමෝම බනින "ලංවීමේ" ලොරිය අවාම කැල්ලක් ඉල්ල ගන්න.. :D

02. රෙදි සෙලෝටෙප් (ප්ලාස්ටර්)

03. කතුරක් (කම්බි කතුරෙන් කපලා ගුටි කැවාට මං නම් නැ ඔන්න)

04. අඩුවක් (උල් අඩුවක් නම් වටිනවා)

මෙවා තමා ක්ලේ කියන්නෙ ;)
05. ක්ලේ   (අර මොන්ටිසෝරි යන කාලේ අපි නයි හදන්නෙ :P අන්න එව්වා)

ක්ලේ වලට හඩැ වැඩ දාන්න කුරු කැලි (ඔක ක්ලෙ පෙට්ටියටත් ලැබෙනවා, මං ගත්තෙ ඉස්කුරුප්පු නියනක්)

මෙහෙමයි හදන්නෙ.......

        මුලින්ම කම්බී කැලි අරන් මනුස්සයාගේ ඇටසැකිල්ල හදාගන්න ඔනේ.. ඊ ලගට ඕක සෙලොටෙප් වලින් මහත් වෙන්න ඔතා ගන්නවා.. මං ගත්තෙ ඒකට අර තුවාල උනාම ගොස් තියලා අලවන සෙලොටෙප් ජාතිය.. එව්වා රෙදි නිසා ක්ලේ හොදට අහු වෙනවා.. (කතුරෙන් අර සෙලොට්ප් කැලි කපා ගන්න ;-)

දැන් කටු බොඩි එක හරි



ඊ ලගට කරන්න ඔනේ ක්ලෙ වලින් සියුම්ව අපිට ඔනි කරන මනුස්සයාව ගොඩ නගා ගන්න එක..










මගේ රූම් එක :D



චරිත ටිකේ ඔක්කොම වැඩ අවසං කල පසු..
ආලෝක පද්දතිය


ඊ ලගට අපි හොද බැග්‍රවුන්ඩ් එකක් හදාගන්න ඔනේ.. මං නම් ගත්තෙ ස්ටුල් එකක්.. ඊලගට ක්ලේ වලින්ම ගහක් හැදුවා.. අතු හොලවන්න ලේසි නිසා.. ;-)  තව වලාකුළු දෙකකුත් හැදුවා ක්ලේ වලින්ම..

ආයේ හොද ආලොකයක් ඔනේ නැත්නම් මෙලෝ රහක් නැහැනේ :P මං ඒකට ගත්තෙ පොඩි අක්කාගේ ටෙබල් ලෑම්ප් එක :D (ඔයත් සහොදරයෙක් ගෙන් ඒක දවස් කීපයකට හොරකම් කරලා බලන්න... මං වගේ ගුටි කන එකක් නම් නැහැ :P)

දැන් හරි ඔක්කොම. ඊ ලගට කරන්න තියෙන්නෙ.. අපේ  ත්‍රීපාදෙට කඩ්ඩෙන් කිවොත් ට්‍රයිපොඩ් එකට.. අපේ කැමරාව සෙට් කරගෙන.. සෙට් කරලා.. අර අපි හදා ගත්තු රූකඩ.. පොඩ්ඩ පොඩ්ඩ චලණය කරමින්.. පොටො එක බැගින් ගන්න..

දැන් හරියට කරන්න නම්, ඒ කිවේ තත්පර 30 ක විඩියොවකට නම් පොටොස් 500 ක් වත් ගන්න ඔනේ..  (මම 600 කට වඩා ගත්තා)

ඊ ලගට කරන්න තියෙන්නෙ පොටොස් ටික මැශින් එකට අරගෙන එකට එකතු කරලා විඩියොවක් විදියට හදලා.. අවශ්‍ය නම් සවුන්ඩ් කැලිත් දාලා.. එළට හදා ගන්න එක තමා.. :D
මෙකට මං ගත්තෙ ඇඩෝබී ප්‍රිමියර් කියන එක.. ඔයලාට පුලුවන් ජනෙල් වල එන වින්ඩොස් මුවි මෙකර් උනත් පාවිච්චි කරන්න.. (මට නම් එක දිරවන්නැ වැඩිය)
 නැත්නම් සිනෙරෙල්ලා කියලා නිකං දෙන එකක් තියෙනවා.. 

දැන් ඔක්කොම වැඩ අවසං.. මෙන්න ප්‍රතිඵළය.... ටරා... :D



ඉතිං මං මෙකට සති දෙකක් විතර නැහුනා.. :D කොම හරි අප්ලොඩ් කාරිය කරලා තරගයට තිබ්බා.. අෆොයි.. ජිවිතේ එපා කියවුනා.. මෙල් එකක් එනවා.. මෙක තරගයට ගන්න බැහැ කියලා, මොකද තරගයේ රුල්ස් වලට අනුව මිනිස්සු දාලා කරන්න ඔනිලු,... හෆොයි.. ගිය නුවන ක්‍රෙන් එක්ක දාලා අදින්නයැ..  :-/

මොනා කරන්නද බොම අමාරුවෙන් හිත හදාගෙන නිකං උන්නා.. ඉතිං අද තරගයේ ජයග්‍රාහකයින් තොරලා තිබ්බා.. හොද විඩියෝ එකට මුල් තැන ළැබිලා තිබ්බා.. ඒ ගැන සතුටු වෙනවා මං.. :D

මොනා උනත් කොකාකොලා එකට පිංසිද්ද වෙන්න මට මේක කරන්න ආස හිතුනානේ :D

ඉතිං මට සතුටුයි (ඔය කිවාට පොඩ්ඩක් දුකයි අර ගැජට් එක නැති උන එක ගැන) :P :D

ඉතිං ඔයාලත් කරලා බලන්න.. අමාරුනැ වැඩේ.. :D අවුලක් ගැටලුවක් නම් අමතන්න.. ජය වේවා..!!



BugsBunny..෴

..

Saturday, June 11, 2011

නුවර බස් එකෙ හිරවී ලියමි...(සෙන්චරි බාගෙයි හැපිබර්ත්ඩේ එකයි සැමරීම පිනිස ලියමි. )

පට්ට අමාරුවෙන් ගුලි ගැහී සිටිමි..ඒත් ලිවිය යුතුමය.. අද බනියාට ස්පෙසල් ඩේ එකකි..එනම් බනියා මෙලොවට ආපු දවසය..

සමහරුන්ගේ වාසනාවටත්.. සමහරුන්ගේ අවාසනාවටත්.. සමහරුන්ගේ කරුමයටත් අද වැනි දිනයක බනියා ඉපදුනේය.. මට කරන්න දෙයක් නැත..මං ඉපදී අවසානය.. අද ඉපදුනාමයැයි මට හරියකට ශුවර් එකක් නැත.. මොකද මං ඉපදෙන කොට කලේ මොනාද මතක නැත.. කෙසේ හෝ ඉපදී දැන් නාකිවෙමින් පවති.. එනම් බනියාට දැන් 20 කි.. අම්මාට නම් මං තාම පොඩි එකෙකි..

මේ ලියන අතර තුරත් FB හී වෝල් එක පිරී ඉතිරී යමින් ඇත.. එලෙසම SMS කෝල් හෝ ගාමින් පැමිනේ..  මට හෙන සතුටුය..ඒ මක්නිසාදයත්, මට යාලුවෝ රොත්තක් ඇත.. කිසි කලෙක දැක නැති උනුත් විශ් කර ඇත.. යාලුකම් වලට මූනු දැකීමක් ඇවැසි නැත.. එලෙස මං පෙම් කරද ඇත.. එව්වානම් දිග කතාය :D:D තවද ගැණු ළමයින්ගෙන් උම්මා 2-3 ක් ලැබි ඇත..එව්වා ෆේක් උම්මායැයි මට සැකය.. එත් අවුලකුත් නැත :D

ශිට් එකට අල්ලපු ශිට් එකේ එකා මට හෙත්තු වී හොද නින්දක් දා ඇත.. මට දැන් මලවිකසිත වෙමින් පවතී.. හිරවී තදවී යන එකට මට අරහංය.. ඒ අස්සේ මේ යකා මට හේත්තුවක් දමා ඇත.. කෙල්ලෙක් නම් ඉවසිය හැක.. එත් මූ මුස්ලිම් එකෙකි.. වැලමිටෙන් ඇන්නත් මූට ගානක් නැත.. ඔනිමගුලක් කියා මාත් ලියමි..
  ලියන එකත් මහ කම්මැලි වැඩකි.. බස් එකේ සිට ලියන්නෙ පළමු වතාවටය..
මේක හරියන මගුලක් නොවේය.. තවත් උන් කන්න වගේ ලැප් එක දිහා බලමින් කෙල හලති.. ලැප්ටොප් එකට ඇස්වහා කටවහා වැදී හාඩ් එකවත් පිච්චුනොත් මට ඉදලා වැඩක් නැත.. මක්නිසාදයත් ෆිල්ම් බරගානක් ඇත.. හන්ගපු ෆොල්ඩර 2-3 කුත් ඇත.. ඒ මොනාදැයි මගෙන් ඇහුවේ නැතුවාට කමක් නැත.. ;-) තව පොටොස් ටිකත් මට මාරම වටිති.. බැක්ප් ගන්න එකත් මරන්නා හා = වැඩකි..

මට දැන් එපා වී ඇත.. ඉතිරි ටික ගෙදර ගොස් ලියමි..

...............................................................................................................................
Home Sweet Home ය
මම දැන් නුවර ගෙදරට සැපැත් විය.. මොබිටෙල් එකේ මාමලා නැන්දලාගේ අම්මලා තාත්තලාද මට මතක් විය.. ඒ අයියා කිව් දෙයක් හරියකට පැහැදිලි නැති ඌ නිසාය.. අයියා ටවුමේය.. මං ගෙදරට ඇවිත් ඇත..වස කම්මැලිය.. මං ප්ව්මන්ට් එකේ සිට නැවත ලියන්න පටන් ගත්තෙමි..

නැවත කිසි දවසක බස් වල සිට බ්ලොග් නොලියමි...

..........................

ලියන්න කතා 2-3 ක් තිබ්බත් මං ඉවසන් උන්නෙ අද විශේෂ දවසක් කරගැනිමේ බලවත් ආසාව මතය.. එනම් අද මේ ලියන්නෙ 50 වැනි ලිපියයි.. බ්ලොග් ලියන්න අරන් අවුරුදු 3 ක් උනත්. තාම ලියා ඇත්තේ ලිපි 49 කි.. මෙකත් එක්ක 50 කි.. එව්වාට හේතුද මං දන්නෙ නැත.. හිතෙන විදියට කම්මැලි කමටය...
මේ අවස්තාවෙදි විශේෂ ස්තුතිය පල කරයුතු කෙනෙක් ඇත.. එනම් ඩැනී අයියාය..
බනියාව බ්ලොග් ලිවිමට යොමුකලේ ඩැනි අයියාය..  ඔහුට හෙනට ස්තුතිය මෙම අවස්තාවේ පුදකර සිටිමි..

එලෙසම ගයාන් කල්හාර මල්ලීටද ස්තුතිය.. ඒ මක්නිසාදයත් බනී කියා නම දැම්මේ ඌය..! ඌට හෙන ගැහුවත් අවුලක් නැත..   :D:D:D:D
එලෙසම කමෙන්ට් කරමින් මාව දිරිමත් කල සැමටත් ස්තූතිය මෙලස පුදකරමි..!

දැනට මේ ඇතිය.. මට හෙන නිදිමතය.. මම නිදාගන්නට යමි..
මට සුභ උපංදිනයක් වේවාය..

විශ් කල හැමෝටමත් ස්තූතියි..!

..

Sunday, May 29, 2011

මූන් පුබ්බලා

අඩෝ

මොකො ඩෝ ?

(link) මේකි නිලියක් ද?

පික්සුද බං
මං වැලක නම් දැක්කා ඔය වගේ එකියක් :D:D
අපේ වයසෙවත්ද බං ?
අෆෝ ෆේක් යකෝ. පෙන්නැද්ද.. 
Interested In Women
උබටත් මොකක් හරි චීත්ත කැල්ලක් දැක්කොත් හරි.. පැණි හලන්න..!
නොදොකිං..

දන්නේ නෑ 
මාධ්යවේදී

අපෝ
චාටර් බං
පැණි හද යද්දි
කරගැටයක් කැඩුනොත් ?
ඉදලා හමාරනේ :D

හික්
:)
ඒකි නිකන් මූන් පුබ්බලා වගේ

ඒ කවුද බං ?

දන්නේ නෑ..මාද්යවේදිනියෙක්ලු

අනේ මොන මංගල්ලයක්ද
එකිගේ මූනේ ඇට පැදිලා
@#$ අරන්ද කොයිද
:D
බලපං
හක්ක හරිය
හම ඇතුලට ගිහින්
චාටර්
කම්මලුත් ඇදිලා
සකර් කරලා වගේ
:D
හාඅහහාඅහහා


හික්
එම්බාම් කොරලා වගේ යකෝ

ඒකනේ
ලෙසටම..!
මං එම්බාම් කතාවක් ලිවා
100 ට
තාම දාලා නැ
හික්
කවදා දානවා කිව්වේ

දන්නැ බං.. එකේ ඇඩ්මින්ලා බිසිලු..
මොනමගුලක්ද

බීලා ද දන්නේ නෑ

කවුද ?
උන් ටික

අනේ මංදන්නැ..
ළමයාගෙන් අහන්ටොන
උත් ගියානේ ට්‍රිප් එකට..
හික් හික්
මං දැක්කා ගලක් උඩට වෙලා
සිග්නල් අල්ල අල්ල ඉන්නවා
ජංගමෙන් :D
පූට කතා කරන්ට වෙන්නැති

හික්

කවුද ගියපු උන්
නුවර උන් ද?
ආ මං දැක්කෙ ඒක පොටො එකකින් හරියේ
ඔව්වොව්
නැ
කොළඹිනුත් ගියානේ
සෙට් එකේ සෙට් එක හෙම

උඹ මොකෝ මෙතන??
යන්න එපැයි

මං දන්නෙවත් නැනෙ බං

ලමයා ගිහිල්ලයි???
:O
ඌට ගෙදරින් යන්න දීලයි
:)

හික් හික්

කවුද දන්නැ මේ පාර සහෝදරයා උනේ
ගිය පාර උඹ මගේ අයියා උනානේ
නොදොකිං අවලමා
තෝ වගේ එකෙක් මගේ අයියා උනාම
මට මොකක්ද වෙන්නෙ ?

ඉකේ
තෝ මල්ලි මගේ
සයිස් එක
රා බඩ
චික්

පල ඩෝ
උබට ඉරිසියාව
කැහැට්ටා
අඩු නැති හැකරැල්ලා


තෝ නේ..තොගේ බඩ බස්ස ගනින් බැරල් හාවා
තෝ මෙතන
කොමා ගාවා වාඩි වෙලා කනවා බොනවා
ඉතින් තෝ අලියෙක් වගේ

මගුල
කන්න මං යනවා යකෝ එළියට,
මෙතන ඉදිං කන්නැ
උබෙනේ ඊ බේ කැලි ගෙන්න ගෙන්න ඔකට වෙලා ඉන්නෙ

පල ඩෝ
මම හොද බඩු ගෙන්නන්නේ

අනේ මගෙන් අහගන්න එපා..
උබ ගිය සතියේ ෆොන් එකක් ගෙනවානෙ නෙද ?
එකේ බැට්රිය තිබ්බද ? :D
තාම වැඩද ?
ඕකෙන් කෝල් ගන්නත් පුලුවන්ද බං ? :D

නැතුව ඩෝ
දවස් 4ක්
චාජ් එක තියේ

නිකං තිබ්බාමද බං ? හික් හික්

Saturday, May 28, 2011

Pirate Bunny ගේ චාරිකා සටහන් (episode එක)


 කාලෙකිං අවා... කලින් පොස්ට් එකේ මරණ තර්ජන විතරයි නැත්තෙ.. මං එකට කමෙන්ට් කරන්න යන්නෙත් නැ මොකද මගෙ කට හොද නැති නිසා.. :-D
ඇත්ටම එකේ අඩුපාඩු තියෙනවා..ඒක පිලිගන්නවා.. ආයේ ඒ ගැන හා එවගේ පොස්ට් දාන්නැ කියලා හිතාගත්තා..

ඉතිං අලුත් වැඩක් පටන් ගත්තා, මං ගිය ගමන් වල මතක සටහන් ටිකක් මෙකේ ලියලා දාන්න..

 මෙකයි මට මතක මගේ චාරිකාව..

මෙකේ කක්කි කොටසක් තියෙනවා.. පස්සෙ බනිනවා එහෙම නෙවේ ඕං..!

මතකද මංදා 2001 ද කොහෙද.. අලි මාමලා, සිංහ කොටි සටණ ඩිංග කාලෙකට නැවැත්තව්වා..  ඉතිං ඔකෙන් අපිට යාපනෙ බලන්න යන්න චැන්ස් එක ලැබුනා නෙවැ :D (ඔය අස්සෙ පොඩි පොඩි කුපාඩි වැඩත් සිද්ද නොවුනාම නෙවේ..!)

ඉතිං ඔහොම සටං විරාම ගිවිසුම ගැහුවාම අපිටත් හෙන කුතුහලයක්.. මොකක්ද මේ යාපනේ කියන රට බලං එන්න තදියම.. ඉතිං අපේ තාත්තා නුවරට ඇවිල්ලා.. එයාගේ යාලුවේ එක්ක කතා කලාම.. යාපනේ යන්න සෙට් කරගත්තා.. කොම හරි ඔන්න අපි යාපනේ එන්න පිටත් උනා..අපි නුවර අපු වාහනේ.. නුවර ගෙදරක දාලා.. එහෙන් වාහනයක් අරන් ගියේ..

ඔය වාහනේ ඩ්‍රයිවර් උන්දැටයි උන්දැගේ වාහනෙටයි බනියා එනකම් සෙත් පත පත අවේ.. නොදොකිං එහෙම වාහන නම් ඔන්නැ.. ! එකේ දුණුකොල ටික එකට තියලා පාස්සලා.. පිටි පස්ස ගල් රොල වගෙ උඩ පනිනවා..බනියා ඉතිං කිකරු කොල්ලා නිසා පිටි පස්සම ශිට් එකට ඇදලා දැම්මා.. ක්‍රැර විදියට..!

මුකුත් කියන්නත් බැ.. වාහනෙන්ම එළියට ඇදලා දැම්මොත් කාට කියන්නද කියලා කරබාගෙන උන්නා..

 ඉතිං ඔහොම ඔහොම චුට්ට චුට්ට කිට්ටු වෙන්නෙ කාන්තාරෙටයි.... නැනැනැ යාපනෙට.. ඔන්න බනියාගේ අනික් ලෙඩෙ හැදෙන්න පටන් ගන්නවා.. අවුව දැක්කාම හම දනවා.. දාඩිය බෙරෙනවා..
ඒ අස්සෙ ඉරට බනිනවා..!


කොම හරි.. නාග දීපේ, අලිමංකඩ, තව අර හසලක ගාමිණී රණවිරුවා බුල්ඩොසරෙට පැන්න තැන.. එහෙම බලා කියාගත්තා.. නාග දීප ගමන නම් කියලා වැඩක් නැ.. ටොලර් එකෙ යද්දි පුදුම බයක් දැනෙන්නෙ.. ඇයි එහාට නැවෙනවා මෙහාට නැවෙනවා..
ලංකාවෙන් එහාට කියලා මුලින්ම ගියේ ඔන්න නාග දිපෙට තමා.. :D මොකද එක දුපතක්නේ..

තව හුගක් අය යන්නෙ නැති.. (යන් නැතුවද, දන්නෙ නැතුවද දන්නැ) තැනක් තමා කොටින්ගේ සොහොන් භූමිය.. එකේ මහ කොටි හා කොටි පැටවුන්ගේ සහොන් හදලා තියෙනවා.. එ කියන්නේ යුද්දෙදි මැරිච්ච අය සිහි කරලා පොඩි පොඩි සොහොන් කොත් හදලා.. ලොකු කොටින්ගේ සොහොන් ටිකක් ලොකුවට හදලා..

 ඊං අපිට ඕකට යන්න ලැබුනේ අහම්බෙන්.. ඒක උනේ මෙහමයි.. අපි පොඩ්ඩක් අයාලේ වගේ යන කොට.. එක මනුස්සයෙක් අත දැම්මා.. අම්මියෝ බැලින් නම් කොටි කාන්තාවක්.. හා තව කොටි ළමයි දෙන්නෙක්.. දැක්කාම දුකෙ බැ එක්කෙනෙක් කෙල්ලෙක්.. අනේ තිරිසන්නු චුටි ළමයිනුත් අරන් යුද්දෙට..

කොම හරි එයාලා කිවා පුලුවන් නම් ඔය මං කලිං කීව කොටි සුසාන භුමිය ලගට ගිහින් දාන්න කියලා.. ඉතිං අපිත් හා කියල නග්ග ගත්තා.. විස්තරෙ ඇහුවාම කිවේ ඒ කොටි ගැණු ළමයාගෙ කකුල පොළගෙක් කාලා බෙහෙත් දාගන්න ගියා කියලා.. අනේ ඒ ළමයට වඩා උසයි තුවක්කුව.. පවු..!

බනියත් ඒ කෙල්ලට පැණිය දාගෙන ගියාට ඒ කෙල්ල නෙවේ ඈහක් ඇරලා බනියා දිහා බැලුවේ. මොනා උනත් ලස්සන කෙල්ලෙක්..කලුයි එත් හරිම ලස්සනයි.. බනියාගෙ හිතෙ කෙල්ලෙක් ගැන චිත්‍රයක් මැවුනා නම් ඔය කොටි කෙල්ලත් ඒ අතරෙ ඉන්නවා.. :D හික් හික් :D

ඉතිං ඒ මිනිස්සු නපුරුයි කියල කිවත් හරිම හොද විදියට අපිට සංග්‍රාහා කලා.. අපි කැවෙත් ඒ සුසානා භුමි ලග තිබ්බ ඒ කොටින්ගේ ගෙදරක ඉදිං.. අපිට පුටු තියලා, පිගන් දීලා එළිමහනේ ඉදං කන්න දුන්නා.. ආයේ හුගක්දුර ඉදන් ආඩියාමාන ලිදකිං වතුර ඇදලා ගෙනත් දුන්නා අත්හොද ගන්න හා බොන්න කියලා.. ඒ අතින් කොටි කොටි කිවාට ආගන්තුක සත්කාර හේම හොදට දන්නවා..

තවත් තැන් කීපයකම අපි ඇවිද්දා.. මට ඒ හැටි මතකයක් නැ වැඩිය.. මං කලේ අපේ හමුදාවේ අයට අත වන වන ගිය එක විතරයි.. එකත් හරි අපුරු වැඩෙ.. එයලත් අත වනනවානේ :D හරියට ගමේ අදුරන අය වගේ :D ඉතිං ඔය අස්සෙ කොටින්ටත් අත වනනවා.. ඔක්කොම එක වගෙනේ :D

    තව දෙයක් තමා කොටින්ගේ පොලිසිය.. :D හරිම සාදාරණ පොලිසියක් තමා.. පැයට කිලොමිටර 20 ක වෙගයෙන් ගියත් 100 ට ගියත්.. එකම දඩය :D අපිත් නැවැත්තුව හයිස්පීඩ් අල්ලන මිටරෙන් .. අපි 45 ට ගිහින්ලු :D කොම හරි වාහනෙන් බැහැල යන්නත් කලින් දඩකොලේ ලියලා.. රු200 ක්.. ඉතිං කොටියා කොටියාමනේ කියලා තර්ක කරන් නැතිව ඔය රු 200 දීලා අපි එන්න පිටත් උනා..

ආ කියන්න අමතක උනානේ.. එපා කරපුම වැඩේ තමා.. චෙක් කරන එක.. මට ඔය චෙක් කරන එක අල්ලන්නෙම නැ පොඩි කාලෙ ඉදින්ම.. ඔන්නැති තැනුත් අල්ලනවානේ..! ආයේ බැග් මලු අවුස්ස අවුස්ස බලනවා.. එපාම කරපු වැඩෙ..! එක තැනක නම් කමක් නැ තැන් දෙකක්නේ..
එක තැනක කොටි අත ගානවා.. අනික් තැනේ අපේ හමුදාවේ අය අතගානවා.. මට එපා වෙලා උන්නෙ. මොනා කරන්නද ඇස්දෙක පියාගෙන නිකං උන්නා.. මොකද මට ලැජ්ජ නැනෙ එතකොට..!

ඉතිං කොහොම කොහොම හරි හැම තැනක්ම බලාකියාගෙන අපි යාපනේ රටෙන් එන්න පිටත් උනා.. ඔය අවාම ආයෙමත් චෙක් කරන්න නැවැත්තුවා..
අනේ කිසි කරදරයක් නැ අපේ හමුදාවේන් නම් ආයේ අතගාන්න කියන්න ගියේ නැ වැඩිය.. ටික් ගාලා එන්න දුන්නා..

එත් කොටි ? හෆොයි වෙච්චි දෙයක්.. මගේ හැදුනුම් පත නැතිලු.. අපේ තාත්තා අහනවා මේ පොඩි එකාට මොන හැදුනුම් පත්ද කියලා.. ඒ විතරක් නෙවේ අපේ පොඩි අක්කටත් හැදුනුම් පත් නැලු.. හරි මංගල්ලයක්නේ.. 18 වෙන්න එපැයි හැදුනුම් පත් දෙන්න.. කොටියාගේ නැට්ට පාගන්න හිතුනත් මං ඉවසං උන්නා.. නැත්නම් උං ඉතිරි කරන්නැ.. මාවිල් ආරු නෙවේ..! යුද්දෙ පටන් ගන්නෙ එතැනින් තමා ආයේ..
           කොම හරි ඇතුලට ගිහින් මහ කොටියෙක්ට අපි දෙන්නව පෙන්නව්වාම.. අර කොටියාට බැනන් බැනන් ගියා.. හික් හික්.. හැබයි මට තෙරුනේ නම් නැ.. මොකද දෙමලෙන්නෙ බනින්නෙ :D
ඌ 8 පාස් නැති කොටියෙක්ද කොහෙද.. ඇයි යකො තෙරෙන් නැද්ද මං පුංචි එකෙක් කියලා.. අනේ අම්මෙ මං බය වෙච්චි තරමක්..අර කොටි ගැණු ළමයා වගේ මාවත් යුද්දෙට ගෙනිච්චා නම් ? ඒ කාලේ මං පවුලට උන්න එකම කොල්ලා වෙච්චි..(දැන් නම් වසවර්තියෙක් ඉන්නවානේ)

ඔන්න ඒ කරදරෙන් ගැලවිලා එළියට බැස්සාම 5 ට කිට්ටුයි.. 5 පහු උනොතිං  කොටින්ගෙ සිමාවෙයි.. අපේ සිමාවෙයි මැද නවතින්න ඔනි.. කොහාටවත් යන්න දෙන්නැ.. රතුකුරුසෙන්ද කොහෙද එහෙම නවතින අයට ඉන්න තැන් හදලා දීලා තිබ්බා..!
කෝම හරි පාගලා එන්න හදන කොට තමා වැඩෙ දෙල් වෙන්නෙ... ලොකේ තියෙන ලොකුම අමාරුව බනියාට වැලදුනා.. "කක්කි බරක්"..
ඉතිං 7 දෙයියනේ ඕක කුණුහරුපයක්ද හිනා වෙන්න ?
අර ගොන් වාහනේ ගැස්සිලා ගැස්සිලා ඇවිල්ලාම මාර අමාරුවක බනියා උන්නෙ..! හික් හික් මොනා කරන්නද ඉවසන්න බැරිම තැන තාත්තාට කිවා.. තාත්තේ.. මට කක්කා බරයි කියලා :D
මෙන්න ඒ පාර තාත්තා ඇගට ගොඩ වෙනවා.. පොඩ්ඩක් ඉවසං හිටුකො මේ සිමාව පැනගන්නකම් කියලා.. එත් මං නෙවේ ඇඩිල්ල නැවැත්තුවේ.. සිමාවෙන් යන එකද ලොකු මගේ කක්කා බරද ?
හා එහෙනම් යමං කියලා තාත්තා මාව හමුදාවේ ටොයිලට් එකකට ඇදන් ගියා.. හික් හික් ඉතිං ඔකෙන් මගේ අවශ්‍යතාවය කරගෙන අවාම 4.55 වෙලාව.. විනාඩි 5 යි තිබ්බෙ.. :D

තව දවසක් යාපනේ ඉන්න බැ කියාගෙන වාහනෙත් මර හඩ දීගෙන පාගලා අවා.. කොහොම හරි රැ වෙන්න කලින් අපි නුවරට ආ ගත්තා.. :D

ඔන්න ඔහොමයි බනියාගේ එක් චාරිකා episode එකක් ඉවර වෙන්නෙ..
ඉතිං තව එකක් දාන්නම් පුලුවන් වෙලාවක.. :D

හැමදාම පික්සු නටන මං
Bunny


.

Monday, May 2, 2011

ශ්‍රී පාදයේ ඇත්ත පැත්ත (මට හිතෙන හැටි)

                         දැන් සමහරු කියාවි මට පික්සු කියලා.. තවත් උං කියාවි මූ මහ පවු කාරයෙක් තමන්ගේ ආගමටත් ගරහාන එකෙක් කියලා.. ඒත් මෙව්වා නොකියා බැරි නිසා කියන්න කියලා කල්පනා කලා..

ඇත්තටම මේක මෙහෙමම උනාද කියලා මං 100% ශවර් කියන්නැ.. මේක මට හිතෙන විදිය හා මම දැකපු දෙවල් එක්ක සංකළණය කරලා කියන දෙයක්..

 මේකයි කතාව.. ශ්‍රිපාදස්ථාණයෙ නිර්මාතෘ කියලා කියන්නෙ සමන් දෙයියෝනේ.. ඇත්තටම සමන් දෙයියෝ කියන්නෙ මැජික් කාරයෙක් වත්.. මැවුම් කාරයෙක් වත් නෙවේ.. සාමන්‍ය මනුස්සයෙක්.. එත් මෙතුමාගේ විශෙෂත්වය තමා අනුන් ගැන හිතන ..තමන්ගේ රට ගැන හිතන .. රටට ආදරෙ කරන රජ කෙනෙක්.. ඔය දැන් කාලේ රජවරු වගේ නෙවේ ඒ කාලේ.. ප්‍රජෙක්ට් එකක් කලොත්.. ඒක අවුරුදු 100 ගානකට බලපාන්න කරණ දෙයක්

 ඉතිං ශ්‍රීපාදය කියන්නෙත් අන්න එහෙම ලොකුම ලොකු ප්‍රජෙක්ට් එකක්.. (එව්වාත් එක්ක බලද්දි දැන් කරන එව්වා මොනාද කියලත් හිතෙනවා)

ඇත්තටම දන්නවා ඇති.. සමනළ කන්දේ තියෙන වටිනා කම.. ඒකෙ 4 පැත්තට ගලා බහින ගංගා ගැන දන්නවානේ.. මහ වැලි, කැළණි, වලවේ, කලු ගඟ..  ඔය ගංඟා නැති උනා නම් මොකද වෙන්නෙ ? ලංකාව කාන්තාරයක් නේ ?
                      ඉතිං මේ ප්‍රශ්නේට එකම විසදුම බුදු හාමුදුරුවෝ.. සමන් දෙවියෝ කියන්නෙ බුදු හාමුදුරුවන්ගේ හොදම යාලුවෙක්.. ඔය මුල්ම බන දේශනාවටත් සමන් දෙවියෝ වැඩම කලානේ.. ඒ වැඩම කලේ නැවකින්ද ? නැ .. ගුවනින්.. ගුවනින් යන්න බලයක් තිබ්බෙ නැ.. දඩුමොණරෙන් තමා යන්නේ.. ඒ කාලේ ලංකාවේ ගුවන් තොටුපොලවන් 170 ගානක් තිබ්බාය කියලා කියනවා.. ඔය දඩුමොණරයක් හදන එකත් ඒ හැටි අමාරු කාරියක් නෙවේ.. මං එකක් හැදුවොත් පොටො එකක් දාන්නම්කො..!!

ඉතිං කතාව පිට ගියා..
    ඕං ඉතිං සමන් දෙයියෝ මේ ගැටලුව කිවාම බුදු හාමුදුරුවෝ වැඩම කලා ලංකාවට.. වැඩම කරලා කලේ ශ්‍රි පාදයට යන්න උනා.. ඉතිං දැන් මෙ වට පිටාව එහෙම බලලා.. ගැහුවා හොද ප්ලැන් එක්.. බුදු හාමුදුරුවෝ කලේ.. සමන් දෙවියනුයි.. එතමුගේ සෙනාවයි යැව්වා..  සමනල කන්ද වටේ පොඩ්ඩක් බලලා එන්න කියලා.. මොකක් හෝ යමකට යවන්න ඇති.. ඒ කරලා.. බුදු හාමුදුරුවෝ ගල් වඩුවෙක් ගෙන්නලා ගලක සියුම්ව කෙටුවා පා සටහණක්... ඒක කරලා අවසන් වෙත්ම, මතකය නැති කිරිමේ හො එවැනි දෙයක් කරන්න ඇති.. එක්කො ගල් වඩුවා බුදු හාමුදුරුවන්ගේ විශ්වාශණීයම කෙනෙක් වෙන්න ඇති..

දැන් මේන් එනවා සමන් දෙවියෝ.. මේන් කලු ගලක් මත බුදු හාමුදුරුවන්ගේ පා සටහනක්.. ඉතිං හරි පුදුමයි.. මේන් විශ්ව කර්ම දෙයක් කියලා මිනිස්සුන්ගේ අතේ පණිවිඩ යවලා.. මෙ ගැන රට පුරාම ආරංචිය පැතිරවෙව්වා.. දැන් එතකොට මිනිස්සුන්ගේ හිතේ සමනල කන්නද පිලිබදව ලොකූ භක්තියක් ඇති වෙනවා.. සමනල කන්දේ කොළ අත්තක් වත් කඩන්න හිතෙන්නැති ගානට භක්තිය වර්දණය වෙනවා..
උදා හරණයකට අපි කොහේ හරි ගමනක් යන කොට ශ්‍රිපාදය පේන්න ගත්තා කියමු.. ටක් ගාලා අපි නැගිටිලා.. වදින්නෙ නැද්ද ඒ දිහාට හැරිලා ? ඉතිං එදා ඒ මිනිස්සුන්ට ඇති වෙච්චි හැගීම කොච්චරක් වෙන්න ඇතිද ? ඉතිං අර ගංගා 4 නිකන්ම ආරක්ශා වෙනවා නේද ?

ඕකේ තියෙන ගස් ටික ගලවලා දාලා.. තේ හිටෙව්වොත් මොකද වෙන්නෙ ? අර ගංඟා ටික නැති වෙනවා නේද ?

ඕකයි කියන්නෙ ඔනිම දේකට මොළේ කල්පණා කලොත්.. කරන්න බැරි දෙයක් නැහැ.. අදටත් ඒ ගංගා වල් රැකෙන්නෙ ශ්‍රිපාදයට පිංසිද්ද වෙන්න..

අද කාලේ වෙන්නෙ මොකක්ද ? රටේ ඉදිරිය ගැන හිතලද මේ කරන මහා විසාල ප්‍රෙජෙක්ට් කරන්නෙ ? තියෙන දේත් විනාස කරගෙන. බඩ ගොස්තර වාදින්ගේ සාක්කු පිර වෙනෙ සමාජයක් නේද මේ ගොඩ නැගිලා තියෙන්නෙ ?

 ඉතිං මේ හිතන්න කාලයයි..!!

ගුටි කණ කමෙන්ට් බලාපොරොත්තුවෙන් මේක ලියපු මම
bunny...

පා:ලී: ක්‍රිස්තුස් වහන්සෙගේ ඇත්ත කතාව බලා පොරොත්තු වන්න.....

Tuesday, April 12, 2011

අපේ තාත්තා අම්මාව හොයාගත්ත හැටි හා දෑවැද්ද..

 ඕං බනියා ආවා පරණ අවුරුද්දෙ අලුත් පොස්ට් එකක් දාලා කියලා යන්න.. ඉතිං මේ සුංදර කතාමාලාව මට අහගන්න ලැබෙන්නෙ ඊයේ අපේ අම්මලාගේ ගමේ යන්න ගියාම.. ඉතිං මගදිගේ යද්දි තාත්තා මේක කියව කියව තමා ගියේ :-D
       අපේ අම්මාගේ ගම හිනිදුම.. සිංහරාජ කැලේ හා කොට්ටව කැලෙ අතර පිහිටි ලස්සන ගමක්.. දන්නවත් ඇති ක්‍රිතියන් බැතිමත්තුන්ගේ පූජනීය තැනක් තියෙනවා කල්වාරිය කියලා.. අං ඒ කිට්ටුව තමා අපේ අම්මලාගේ ගෙදර තියෙන්නෙ..  පුදුම ලස්සන ගමක්.. සීතල දේශගුනයත් එක්ක.. ඒ වගේම අම්මාලා උන්න ගේ පිටිපස්සෙන් ලස්සන ගිංගඟ ගලා බහිනවා.. සුංදර කමනම් කියලා නිම කරන්න බැහැ.. :-)

ඉතිං අපි නෑදැයින් බලන්න යන මේ ගමනට යන්න සුදානම් උනේ

තාත්තයි
අම්මයි
මල්ලියි
මමයි 
තව ගෙවල් කිට්ටුව නැන්දා කෙනෙකුයි
එයාගේ දූයි..

ඕං තාත්තා කතාව පටන් ගන්නවා මෙහෙම

තාත්තා : බලන්න නංගී.. මාත් මෙච්චර දුරකටම අහූ උනානේ, අච්චර නුවර බෝනික්කො වගේ කෙල්ලො ඉද්දි..

නැන්දා : ඒකනේ අයියේ.. අපරාදේ නුවර ඉන්න තිබ්බෙ හික් හික්..

අම්මා : වැඩේමයි.. මාත් මෝඩ කමට රැවටුනානේ..

තාත්තා : අපේ කපුවාට හෙන ගහන්න ඔනේ මට කල අපරාදෙට.. කීවේ නම් කොහොමද ඉඩම් අක්කර ගනන් තියෙන්නෙ දැවැද්ද ඉහටත් උඩිං අනම් මනම්.. බලාන ගියාම  මුකුත්ම අරගෙන නැනේ නංගි.. ?

අම්මා : ඉල්ලන්න තිබ්බානේ නැන්දම්මාගෙන් ඔව්වා..

තාත්තා : අනේ ඉතිං ඔය කුණු කංදල් උස්සන් ඇවිල්ලා මොනාට ගොඩගහගන්නවද ? අනික හරියකට බඩුවක් මුට්ටුවක් තිබ්බ එකක්යැ.. අල්මාරී කැල්ලකුයි, කැබිනට්ටුවකුයි දුන්නා..ඒකත් මේ බාලයි..තව අයිස්ක්‍රිම් කන කප් වගයකුත් ලැබුනද කොහෙද.. ඒකට අයිස්ක්‍රිම් දැම්මොත් එක මේස හැදි පාරෙන් කතෑහැකි..

නැන්දා : ඉතිං අයියේ ඔය දැවැදි මොකටද.. මේ අක්කා ලැබුන එකම මදැයැ.. අහිංසක කම උතුරනවානේ..

තාත්තා : අනේ මං නොදන්න අහිංසක කම.. මං දවසක් මෙයාලාගේ ගෙදර ආවා වැඩවගයකට.. මෙයා චූටි ළමයෙක් වගේ අඹ ගහක ගැටගහලා තිබ්බ ඔංචිල්ලාවේ ඔංචිලිපදිනවා.. අනේ ඒ වදුරු නැටුම් දැකලා මාත් රැවටුන්නැතැ..

අම්මා : ඉතිං වැදිරියක්ව බැදගත්තෙ මොකටද ? හොද රිලවියක් හොයාගන්න තිබ්බානේ රිලවාට..

තාත්තා : මොනා කරන්නද අප්පා කරුමේ කරමේ.. මාත් හිතුවා අනේ මං කෝටිපතියෙක් තමා මේකි බැදැගත්තාම වැදිරයක් වගේ උනත් මොකද කියලා.. බලාන ගියාම මොකක් වත් නැනේ.. ?

නැන්දා : ඉතිං අයියේ අක්කා නම් කිවේ දැවැද්ද එපා කිවා කියලානේ..

තාත්තා : එහෙම තමා නංගි නැන්දාම්මා ශෙප් කරගන්න එපැයැ මොනවා කරන්නත්.. ඉතිං මං දැවැද්ද එපා දූ විතරක් දෙන්න කිවා.. ඕකනේ මේ හරහාට හිටියේ.. මොනා උනත් මාමංඩි නම් අහිංසකම මනුස්සයා.. රටක් වටිනවා ඒ උත්තමයා.. මට අර කබල් ලිබඩු ටික හරි දුන්නා..පුතේ මේවා අරන් යන්න කියලා..

අම්මා : ඉතිං මාමන්ඩිටත් කියන්න තිබ්බානේ කබල් ලී බඩු එපා, හොද ඒවා දෙන්න කියන්න කියලා..

තාත්තා : අනේ ඉතිං දූත් දීලා තව ලී බඩුත් ඉල්ලතැහැකිද ? කොහොම හරි මගේ කරුමේ පලිසං දීලා මට හොද නොනා කෙනෙක් ලැබුනානේ..
(අම්මාගේ මූණ රතුවෙලා ලැජ්ජාවෙන් ඇඹරෙනවා.. ) :D

හික් හික්.. මේ කතාවේ ගොඩක් දේවල් අඩුයි.. ඒත් ඔය මගේ මතකෙ තිබ්බ රසවත් සිදූවිම් තමා ඔය ටික.. මේවා මගේ මතකයේ හැමදාමත් රැදිලා තියේවි..

අපේ තාත්තා ලග අම්මා එවපු ලියුම් මිටියක්ම තියෙනවා..ඒවත් හරි අපුරුයි ( මං ඔන්න හොරෙන් බැලුවේ නැ එව්වා) :D :D

ඉතිං ඕක තමා අපේ අම්මාගෙයි තාත්තාගෙයි ප්‍රේමකතාව :D

ඉතිං දැන් එයාලා අවුරුදු 28 විතර වීවාහ ජීවිතයක් ගෙවලා තියෙන්නෙ.. ඒ ටිකේ ඒ දෙන්නා පොඩ්ඩක් රංඩු වෙවී යාලු වෙවී සතුටින් අපිවත් බලාකියාගෙන ජීවත් වෙනවා.. මෙතෙක් කාලෙකට කවදාවත් අපේ තාත්තා අපේ අම්මට ගහන්න අත උස්සලා නැ.. ඉස්සර ආදරේ තාමත් එහෙම්මයි..
එහෙම දෙන්නෙක්ගේ ළමයි වෙච්චි එකට බනීට වගේ බනිගේ අක්කලා දෙන්නාටයි මලයටත් හරිම සතුටුයි..

ඉතිං ඉදිරි කාලයත් ඒ සතුට රැදිලා තියේවි.. :-)
අපේ අම්මටයි තාත්තටයි බුදු සරණයි..!


bunny...