කොහොමද යාලුවනේ. ඔන්න මම කාලෙකින් මේපැත්තෙ අවා. අද මට මරු වැඩක් තමා උනේ මම ගියා අද අපේ ටවුමට මූසිකයක් ගන්න කියලා හිතාගෙන. තවත් යාලුවෙක් එක්ක ගියේ උගේ පෝන් එක කැඩිලා ඒක හදා ගන්නත් එක්ක. ඉතින් මගෙ යාලුවගෙ මොටෝ බයික් එකෙන් තමා ගියේ. ඉතින් මට ලැයිසොන් ලැබිච්ච හින්දා මම තමා අරන් ගියේ ඒක. (ලයිශන් අරන් මාස 4ක් විතර උනා අද තමා බයික් එකක් ඇල්ලුවෙ) ඔන්න ඉතින් ඔක්කොම රාජකාරි ටික කරගෙන ඉවර වෙලා අපි එන්න කියලා හැරුනා. හපොයි වැඩි දුරක් යන්න උනේ නෑ නැවැත්තුවෙ නැතෑ සුදු ඉරි මාමා කෙනෙක් ;D. අපොයි මම 61 km/h ට ගිහින්. දැන් මොනා කරන්නද. ඔන් ඉතින් පුජාව පටන් ගත්තා. මෙයා මගේ ඔක්කොම වැරදි කියන්න ගත්තා.
රාල හාමී: මම බලන් හිටියෙ ඈත ඉදන්ම. මොකෑ මෙච්චර හදිස්සියක්. අනික අර බස් එකට ඉස්සර කරන කොට තොට මතක් උනාද සිග්නල් දාන්න ඔනේ කියලා ?. බලපන් තොගෙ මීටරේ කැඩිලද ? ඈබොල මොකද අර අස්ස කුලප්පුව හැදිච්ච එකා වගේ ඈ ? "
මම : ඉතින සැර් මේ පාරේ 80ට යන්ට ඇහැකි නේද ? අනික බස් එක කොට කොට නේ ගියේ !
යාලුවා : කකුලෙන් ගසයි!
රාල හාමී: ඈ බොල වල් හාවෝ තෝ හිතුවද මේක රේස් පදින තැනක් කියලා ?
මම : නෑ මාමේ මේ මම කීවේ.....
රාල හාමි: ඈ ඒපාර තොට මම මාමා උනාද ?
මම : සොරි සර් මේකයි. මට කෙනෙක් කීවා මේ පාරේ 80ට යන්න ඇහැකි කියලා මම අදුරන කෙනෙක් කීවා. ඉතින් මම 60ට අවා. අනික තාම මේ පාරේ වේග සීමා දාලා නෑනේද ? ( රාල හාමිගේ මූන ඇබුල් වේ)
රාල හාමි : හා හා ගනින් ලැයිසන් ඉන්ශුරන්ස්,
මම: ආ මෙන්න
රාල හාමි: ඈ බොලන් උබට තාම ටෙම්පරියක් නේද තියෙන්නෙ ? ඒක තියාගෙනද මේ අශ්ව රේස් යන්නෙ ?.. ( මට කියන්න හිතුනි මම හොරෙන් බයික් පැද්ද තරම) :D
මම : :D (හැරි :P)
මම : සර් අදුරනවද, ****රාල හාමිව ?
රාල හාමි: ඔව් දන්නවා.
මම: ඒ අපේ මාමා නෙ. (:O)
රාල හාමී: ඇ ඈ මේ අර අපි කැර කෙන කූඩු තරගෙදි (ඒ කුඩුව ප්‍රථම ස්තානය හිමි කරගත්තා) මොටර් එහෙම හයි කරලා අපිට උදව් කරපු පුතා නේද ?(දැන් පුතා වී ඇත) අයියෝ බන් කලින් කියන්න එපැයැ මට මතක නැති උනානේ හරි හරි පුතා. එහෙනම් පරිස්සමෙන් ගෙදර යන්න හොදේ.
යාලුවා : බොහොම ස්තුතියි අන්කල්! :) (රාල හාමි කෙනෙකුට අන්කල් කියන්න චැන්ස් එකක් අරන් දුන්නට ඌ මට හොදටම ස්තුති කලා :P )
ඉතින් අපි පරිස්සමෙන් 80km/h විතර ගෙදර ආවා :P
ඔන්න ඕකයි අන්තිමේ උනේ. මටයි යාලුවටයි හොදොටෝම හිනා..
ඉතින් ආයේ මේ වගේ කතාවකින් හම්භවෙමුකෝ එතකන් අයුබෝවන්!!
පා:ලි:
මම කලින්ම දැන ගත්තා රාල හාමි මවා අදුරනවා කියලා ඒකයි පොර ටෝක් දැම්මෙ. වෙන කෙනෙකුටනම් බනියාට මෙවන් දෙයක් කියා ගත නොහැක. එහෙම උනානම් ඉතින් කලිසමේම තමා යන්නෙ :P)
bunny !!
.
Wednesday, February 24, 2010
Tuesday, February 9, 2010
Fedora හි තිරය මත සිදුකරන දේවල් රෙකෝඩ් කරගමු .!
මෙන්න බනීට තවත් එළම එළ මෘදුකාංගයක් හම්බුනා. මේකෙන් පුලුවන් ඔයාලගෙ කම්පියුටර් එකේ තිරය මත පේන දෙවල් රෙකෝඩ් කරගන්න. මේකේ විශේෂත්වය තමයි සම්පුර්ණයෙන්ම නොමිලේ ඒ කියන්නෙ මේක GPL
ඉතින් මේක පාවිච්චි කරලා ඔයාට එක එක වැඩ කරගන්න පුලුවන්. ඔන්නම් මොනව හරි මෘදුකාංගයක් ගැන පාඩමක් වගේ කරන්න පුලුවන්.
හරි හරි අපි මේක install කාරා ගාමුකෝ මුලින්ම.
ඔයා Terminal එක අරගෙන එකේ ඔය රතු පාට කල කොටස් ටයිප් කරන්න
[anushka@Bunny ~]$ su -
Password:******
[root@Bunny ~]# yum install gtk-recordmydesktop
(GPL-General Public License) ඉතින් කිසි අවුලක් නැ ඔයාට. අනික මේක බොහොම කුඩා මෘදුකාංගයක්. (463 kb ) :D ඉතින් මේක පාවිච්චි කරලා ඔයාට එක එක වැඩ කරගන්න පුලුවන්. ඔන්නම් මොනව හරි මෘදුකාංගයක් ගැන පාඩමක් වගේ කරන්න පුලුවන්.
හරි හරි අපි මේක install කාරා ගාමුකෝ මුලින්ම.
ඔයා Terminal එක අරගෙන එකේ ඔය රතු පාට කල කොටස් ටයිප් කරන්න
[anushka@Bunny ~]$ su -
Password:******
[root@Bunny ~]# yum install gtk-recordmydesktop
මම දන්න තරමින් මේක Ubuntu මත වැඩ කරනවා.
එකට මේක දෙන්න
එකට මේක දෙන්න
sudo apt-get install gtk-recordmydesktop
(Ubuntu පාවිච්චි කරන කෙනෙක් මේක කරලා බලලා කියන්න වැඩද කියලා හොදේ)
දැන් ඔක්කොම හරි ඊලගට මෙන්න මේකට යන්න..
Applications > Sound & > Video > gtk-recordMydesktop
ඉලගට මෙන්න මෙහෙම එකක් ඒවී..
මේකේන් පුලුවන් දැන් ඔයාට ඔන දෙවල් රේකෝර්ඩ් කරගන්න. එකට කරන්න ඔන මේකේ තියෙන ඔය Record කියන බොත්තම ඔබන එක විතරයි. ඊට පස්සෙ ඔය තිරය නැති වෙලා යනවා ඔන්න දැන් රෙකෝඩ් වෙනවා.. දැන් ඉතින් මේක නවත්වන්නත් ඔනනෙ. ඒකට කරන් ඔන ඔයාගේ උඩ තියෙන panel එකේ බලන්න පොඩි Button එකක් ඇති. අන්න එක උඩ click කරන්
ඊලගට මෙන්න මෙහෙම එකක් ඇවිත් නැති වෙලා යාවී..
ඊලගට එන එකෙන් කැමති තැනකට Save කරගන්න..
ඔන්න දැන් ඔක්කොම හරි.. දැන් බලන්න සේව් කරපු තැන විඩියෝ එක තියෙනවද කියලා :)
මේකේ තව වැඩක් තියෙනවා. මෙන්න මේ පහල තියෙන කොටසේ මවුස් පොයින්ටර් එක තියලා පහලට අදින්න(මෙතන නෙවේ හොදේ ඔයාගේ මෘදුකාංගයෙ) එතකොට රතු පටින් ඇදේවි.
අන්න දැන් බලන්න රෙකෝඩ් කරලා. මොකද වෙලා තියෙන්නෙ ? ඔයා අර ඇදපු කොටස විතරයි රෙකෝර්ඩ් වෙන්නෙ.
මේකේ Advanced කියන කොටසින් වෙනස්කම් කිපයක් කරගන් පුලුවන්. ඉතින් ඔයාලම අත්හදා බලන්නකෝ...
කොහොමද මේක නියමයි නේද ?
ඉතින් මේ ගැන මොනවහරි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා හොදේ....
ගියපාරනම් කවුද හොද හාවෙක් මට බැනලා තිබ්බා මම අනුන්ගෙ ඒවා කොපි කරලා දානවා කියලා. ඉතින් මගේ මේ බලොග් එක බලන ඔයාල දන්නවනෙ මම අනුන්ගෙන් කොපිකරලද නැද්ද කියලා. ඉතින් මමනම් එවගෙන් සැලෙන්නෙ නෑ :) . හැමදාමත් ඔයාලට වටිනා දෙයක් දෙන්න තමා මම උත්සාහ කරන්නෙ. අයෙමත් මේ වගේ දෙයක් ලැබුනොත් ඔයාලට අනිවා කියනවා... :)
ඉතින් අදට අයුබෝවන්!
Bunny !
..
Tuesday, February 2, 2010
fedora මත පහසුවෙන් ඡායාරූප convert කරමු.
මෙන්න බනීට තවත් එළ මෘදුකාංගයක් හම්බඋනා. මේක ඡායාරුප අපිට කැමති කැමති ප්‍රමානයකට ලොකු පොඩි කරන්නයි,එහි දාරිතාව අඩුකරගන්නයි මේකෙන් පුලුවන්.මේකේ විශේෂත්වය මේකෙ ඔයාට ලැබෙන්නෙ සම්පුර්ණයෙන්ම නොමිලේ. (GPL-General Public License) ඉතින් කිසි කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්. අනික දාරිතාව අතින් ඉතාම කුඩා මෘදුකාංගයක් (17kb ද කොහෙද :D). මෘදුකාංගය පොඩි උනාට වැඩනම් පොඩි නෑ :) මේකෙන් එක වර පොටෝ 100ක් උනත් එක වර convert කරගන්නත් පුලුවන්.ඔය Flickr වගේ එකකට පොටෝ අප්ලෝඩ් කරනවනම් මේක බොහොම වැදගත් වෙන්න පුලුවන්. වැඩි විස්තර ඔනනම් මෙන්න මෙතන්ට යන්න. කතාව ඇති.
අපි මේක මුලින්ම install කරගමු. ඒ සදහා පහත විදානයන් terminal එකේ ලබා දෙන්න.
[anushka@Bunny ~]$ su -
Password:
[root@Bunny ~]# yum install nautilus-image-converter
මේ තද නිල් පාට කරපු ටික විතරක් ඔයා terminal එකේ type කරන්න නැත්නම් copy past කරගන්න
(terminal එක මත past කරනකොට ctrl+Shift+ v යන buttons තදකරන්න)
මේක ubuntu වගේ os තුලත් වැඩකරනවා ඇති මම නම් අත්හදා බැලුවෙ නෑ. මේ පහත විදානය Ubuntu පාවිච්චි කරන අයට
sudo aptitude install nautilus-image-converter
දැන් ඔන්න ඔක්කොම හරි. ඊලගට අපි අපේ ඡායාරූප තියෙන තැනට ගොස් ඒය මත Right click කරන්න. ඉන්පසු ඒකේ තියෙන Resize Image කියන එක Click කරන්න.
දැන් පහත අකාරයේ මෙවලම් ටිකක් දිස්වේචි.
මේකේන් අපිට කැමති ආකාරයට size එක හදාගෙන resize button එක click කරන්න එතකොට අපේ කලින් ඡායාරුපය තිබුනු තැනටම Resize වුනු ඡායාරුපයත් save වේවි.
මේකේ තියෙන Rotate Image කියන එකෙන් ඔයාට පුලුවන් ඡායාරූප Rotate කරගන්න.(පොඩි අවුලකට තියෙන්නෙ මේ Rotate Image මෘදුකාංගය Resize Image එකටම අපු එකක්ද කියලා මට මතක නැහැ :D ඉතින් කලබල වෙන්න ඔන්නැ අත්හදා බලන්න මම එකත් කොකටත් කියලම තමා දැම්මෙ.)
ඉතින් ආයේත් මේවගේ මොකක් හරි ගැජට් එකක් හම්බුනෝතින් කියන්නම්කෝ. එතකම් අයුබෝවන් !.
Friday, January 29, 2010
බේබද්දා
දිනක් බේබද්දෙකු කරටිය කැඩෙන්නම ගහලා තමන්ගේ ගෙදරට යන්න අවා. මේ යන අතර තුර ඔහුට පාලමකින් එගොඩ වෙලා තමයි යන්න තියෙන්නෙ. මෙහෙම හැමදාම බීලා යනකොට ගඟේ හිටිය කිඹුලෙක් "බේබද්දා! බේබද්දා!!" යනුවෙන් කැගසන්නට විය. මෙය මහත් හිසරදයක් ඌ අපේ කතා නායකයට හොදටම මල පැනලා. හිටපන්කො මම අද උබට හොද වැඩක් කරන්න කියා ගගට බැහැලා කිඹුලගෙ කටට අත දමා නැට්ටෙන් අල්ලා ඇද කිඹුලව කණපිට හැරෙව්වලු . ඔන්න ඒ කරදරෙත් ඉවරයි කියලා සතුටු සිතින් ගෙදර යන්න ගියාලු. ඉට පසු දින ආපසු මේ මනුස්සයා පාලම උඩින් යනකොට අර කිබුලා
"අඩෝව් බාබෙද්දා! බාබෙද්දා!!" ගාන්ට විය.
.
"අඩෝව් බාබෙද්දා! බාබෙද්දා!!" ගාන්ට විය.
.
Saturday, January 23, 2010
FireFox සමග අලුත් වෙන්න -foxtab
මේක මට අහම්බෙන් වගේ හම්බ වෙච්ච FireFox Add-ons එකක්. ඉතින් ඔයාලටත් කියලා දෙන්න ඔන නිසා මේක ලියන්න හිතුවා.
මේ Add-ons එකෙන් අපිට පුලුවන් අපි දැනට FireFox Browser එකේ open කරගෙන තියෙන tab සියල්ලම ත්‍රිමාණ අකාරයකට බලා ගන්න.
අපි බලමු කොහොමද මේකෙන් වැඩ ගන්නෙ කියලා. මුලින්ම මෙන්න මෙතනින් ගිහිල්ලා මේක install කරගන්න.
ඊටපස්සෙ browser එක restart කරගන්න.
ඔන්න දැන් හරි. දැන් බලමු අපි කොහොමද මේකෙන් වැඩ ගන්නෙ කියලා.
මුලින්ම ඔයා ctrl + tab බට්න්ස් තදකරන්න එතකොට tab ටික ඉස්සරහට ඒවී
ctrl +Shift+tab බට්න්ස් තදකරලා බලන්න එතකොට tab ටික පිටි පස්සට යාවී.
කොහොමද ලස්සනද ?
මේකේ ඔයාට වෙනස්කම් කරගන්න ඔනනම් F12 ඔබන්න.එතකොට මේකේ setting වෙනස් කරන්න එකක් ඒවී. මේකෙන් ඔයාට කැමති කැමති විදියට ටැබ් ගමන් කරන්න හදා ගන්න පුලුවන්.
ඇත්තටම මේක හරිම අපුරුයි නේද ?
ඉතින් ඔයාට වැඩි විස්තර දැන ගන්න ඔනනම් මේක හදපු අයගෙ වෙබ් අඩවියට ගිහින් බලන්න
http://www.foxtab.com/gettingstarted/
ඉතින් අයෙ මේ වගේ එකක් හම්බුනොත් කියන්නම් කෝ.... (කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා!)
එතකන් අයුබෝවේවා....!

Thursday, January 14, 2010
ජීවිතය මොන වගේද ? [මට හිතෙන හැටි]
ජීවිතය..@
මට හිතෙන විදිය
ජිවිතය කුරුසයක් වගේ..!
හැම දේටම හරස් වෙනවා..!
ඔයාලට හිතෙන්නෙ මොන වගේද ? :D
කමෙන්ට් කරන්න.
මට හිතෙන විදිය
ජිවිතය කුරුසයක් වගේ..!
හැම දේටම හරස් වෙනවා..!
ඔයාලට හිතෙන්නෙ මොන වගේද ? :D
කමෙන්ට් කරන්න.
Monday, January 11, 2010
වාහනය ඇල්ලිම සපුරා තහනම් !! ?
ඔන් හැමෝටම සුභම සුභ නව වසරක් වෙන්නට ඔන මේ ලබුවාවු 2010 නව වසර !
කාට කාටත් සුභ නව වසරක් කිව්වට මටනම් මේ වසර සුභ නෑ වගේ. මේ කියන්න යන්නෙ මට මෙතෙක් කාලයකට සිද්දනොවූ විරු කතාවක්
මේක උනේ අද උදේ 10.00 විතර (2010.01.12). ඊයේ දිනයේ මම ගිහින් අපේ අලුත ගත්ත වැන් එකට CD player එකක් හයිකරගෙන අවා. ඒකට අවශ්‍ය බපල් දෙක මම මයි හැදාගත්තෙ. ඉතින් ඔකේ එක බපල් එකක් ඊයෙම හදලා ඉවර කරලා අද උදේ අනික් එක හදන්න මැශින් තියෙන තැනට මම වැන් එක රිවස් කලා. කරුමේ කියන්නෙ අපේ ගෙදරට අපු මෝට බයික් එකක් පිටිපස්සෙ නවත්තලා තබිලා මම ඒක දැක්කෙ නෑ මම රිවස් කලා. අපොයි දෙයියනේ බයික් එකත් පෙරල ගෙන මම රිවස් කරලා තියෙන්නෙ. :( වැන් එකේ පිටි පස්සෙ දොර පොඩ්ඩක් තැලිලා. ඉතින් හත්දෙයියනේ අර බයික් එකේ අපු දෙන්නට පොඩ්ඩක් කෑගහන්න තිබුනනේ. මුන් දෙන්නා මෝඩ ජෝඩුව වගේ බලාගේන ඉදලා. උන්ට ගානක් නෑ මොකද රජයෙන් දීපු බයික් එකක් ඒක. අපෝයි ඉතින් තාත්තගෙන් හොදටම අහගත්තා කන්දෙකෙ ඇගිලි ගහගන්න තරමටම. දැන් ඉතින් බනීට වැන් එක ඇල්ලිම සපුරා තහනම් වෙලා. (තාව කාලිකව) :-)
මට තාමත් දුක එදා පිස්සා ගහලා හදාගෙන ඇවිත් වැඩි දවසක් උන නැති එක. අනික මම වාහන ගෙනියන්න මුලින්ම පුරුදු උනෙත් අපිට දැන් තියෙන වර්ගයේම කලින් තිබුනු වැන් එකෙන් ඒ මම 6 වසරෙ විතර ඉන්න කාලේදි ඉතින් මෙච්චර කල් මගේ අතින් කිසිම අනතුරක් අපේ වාහන වලට වෙලා නෑ. අපේ ලොරිය දිග අඩි 22 ක් විතර මට ඔන තැනක ගෙනියන්න පුලුවන් කිසි අවුලක් නැතුව. මට දුක මටම මේක උන එක ගැන.
මම මේ උන වැඩෙන් හොද දේවල් ටිකක් ඉගන ගත්තා
1. වහනය රිවස්කරන කොට හොදට පිටිපස්ස බලන්ට ඔන (වාහන පුරුදු වෙන කෙනෙක්නම් වාහනයෙන් පිටට ඔලුව දාලා පිටි පස්ස බලාගෙන රිවස් කරන්න බෑ. කන්ණාඩි දෙකෙන්ම පුරුදු වෙන්න.) නැත්නම් ලයිශන් ගන්න ගියාම ඔලුව දැම්මොතින් පේල් ! :)
2. වහනයක් ගමන් කරන කොට කැසට් එක උපරිම වැඩිකරන්නට හොද නෑ (මොකද මම ඒ වෙලාවේ කැසට් එකේ volume maximum (80w) කරගෙන හිටියෙ)
3. රිවස් එකකදි A/C (වායුසමීකරන) තිබුනට කමක් නෑ ග්ලාස් එක පොඩ්ඩක් පහතට දාගන්නට (මම ඒ වෙලාවේ ග්ලාස් වහගෙන හිටියේ)
4. වට පිටාව ගැන හොදටම සැලකිලිමත් වෙන්න ඔන.
තව දෙයක් මට හොදටම පැහැදිලි උනා. මම ලයිශන් ගන්න කලින් මීට වඩා සැලකිලිමත්ව වාහනේ අරගෙන යනවා (රැට එහෙම හොරෙන් තමා ගෙනියන්නෙ;-). ) අපිට ලයිශන් ලැබුනා කියලා හැම දේම ඉගන ගත්තා කියලා හිතන්න නරකයි තව දේවල් අපිට ඉගන ගන්න තියෙනවා කියලා හිතාගෙන වහනය පරිස්සමෙන් ගෙනියන්න ඔන.
ඉතින් මම හිතනවා ගොඩක් ලයිශන් ගන්න එහෙම ඉන්න අයට මේක වැදගත් වේවි කියලා ඒකයි මම මේක පෝස්ට කරන්න හිතුවෙ. ඉතින් අදට මේ ඇති. අයේ හම්බවෙමුකෝ.!
...

Subscribe to:
Posts (Atom)